27 October 2011

අපට අතීතයෙන් ලැබුණු චරිත සහතිකය


                         අවුරුදු විස්සක් මෙහි වාසය කළ පාලක පක්‍ෂයෙන් නොයෙක් ගැහැට වින්ද රොබට් නොක්ස් තුමා එම පාලනයට නිග්රහ කළ අතර සිංහල බෞද්ධයන්ගේ ගති පැවතුම් වර්ණනා කළේ මෙසේ ය: 
           “සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්යසම්පන්න වෙති, මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්යයෝ .
                       සිංහලයන්ගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතහොත් මෙසේ ය: ඔවුන්ගේ ගමන් ලීලාව හැසිරීම ඉතා උදාර . යම්කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ . ඔවුහු ස්වභාවයෙන් මස් කෑමත් මත්පැන් බීමත් අප්රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව වහා එය සංසිදුවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු . ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති . වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්රීන්ගේ හැසිරීම සුවිනීත . ගමන් ලීලාව ද ඉතා සංවර . සිංහල ස්ත්රීහු අරපරෙස්සමෙහි ඉතා දක්‍ෂ . ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේශාක්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින්ම ගෙදර සියලු කටයුතු කෙරෙයි.
            සිංහලයෝ උදය සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පුජා කෙරෙති. නවගුණවැල් අතින් ගෙන භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් පිළිකුල් කෙරෙති. කිසි සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙ‍රෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණධර්ම ඇති බව අත්දැකීමෙන් දනිමි.
සිංහලයන්ගේ භාෂාව සිංහලයන් මෙන් ම පොහොසත් . එය මටසිලුටු , සුමධුර , අලංකාර . සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහලද්වීපයේ එක සිංහල හිඟන්නෙක් වත් නැත.

              අපට අතීතයෙන් ලැබුණු චරිත සහතිකය මෙය වීනම් අද ඒ දුන් චරිත සහතිකයට කුමක් උනිද? ඔබ අපට හිතෙන්නට යමක් තියේද? අතීතයේ සිංහලය එසේ නම් අප දැන් සිංහලය කියන්නෙ කිනම් ජනවර්ගයකටද?

No comments:

මාසය තුල සිත්ගත් ලිපි