16 November 2011

තෙරුවන් සරණ ගිය උපාසක

                     තෙරුවන් සරණගිය බුද්දාගමිකයට නිත්‍ය ශිලය පන්සිල් බව දනෝ හොදින් දනිති,මෙය අංග පහකින් සමන්විත වන අතර එම අංග පහ සම්පුර්ණවන්නට තවත් කරුණු සම්පුර්න වියයුතුය,පංච දුශ්චරිතයන්ගෙ යෙදෙන්නට අවස්ථානුකුලව කල කි දේවල් පලදෙනුලබයි.එම නිසාවෙන් ලෝකෝත්තර සැපකැමති   සත්පුරුෂයන් පංච දුශ්චරිතයන්දුරුකොට සිල්වත් ජීවතයක් ගතකල යුතුය,අසන්වරකමින් තොරවුවන් අද සමාජය තුල ඔබ දක්නට ඇති බැවින් එම මිනිසුන් පිළිකුලට පත්වනවා ඇත, පංචසීලය තුල ඔබ හැසිරෙන්නෙ නම් ඔබ මෙලොවට අගනා පුද්ගලයක් වන්නේය               

පරපණ නැසීම සිදුවන අයුරු

පණ ඇති සතකු වීම 
පණ ඇති සතකු බව දැනීම
මරණ චේතනාව
මරණ උපක්‍රමය
එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම

සොරකම සිදුවන අයුරු
අන්සතු වස්තුවක්වීම
අන්සතු වස්තුවක් බව දැනීම
එය තමාසතු කරගනීමෙ චේතනාව
සොරකම් කිරීමෙ උපක්‍රමය
තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම   

කාමයන් හි වරදවා හැසිරීම සිදුවන අයුරු
සේවනය නොකලයුත්තකු වීම
 වරදවා හැසිරීමෙ චේතනාව
 වරදවා හැසිරීමෙ උත්සාහය
ආස්වාසය ඉවසීම හෙවත් සේවනය 

බොරු කීම සිදුවන අයුරු
කරුණු අසත්‍යයක් වීම
එතුලින් අනුන් රැවටිම   චේතනාව   
අසත්‍යයකීමට ගන්නා උත්සාහය
එතුලින් අනුන් මුලාවීම

සුරාපානය සිදුවන අයුරු
මතට හේතුවන ද්‍රවයක්වීම
එතුලින් මත්වීමෙ චේතනාව   
මත්වීමට ගන්නා උත්සාහය
මත්ද්‍රවය ශරීරගත වීම

ඉහත කරුණු එක්වීම තුලින් එ ඒ අකුසලය සිදුවීමට හැකියාව ඇතිබැවින් ඉන් වැළකීසිටින්නට අදිෂ්ටාන කරගනිත්වා,මා ඉහත දක්වා ඇති දුශ්චරිතයන්ගෙන් මිදුන තැනැත්තා තෙරුවන් සරණ ගිය උපාසක නැතිනම් ඔහු හෝ ඇය සිල්වතකුවෙ මෙසෙ කල්ගෙවන සිල්වතකුට මෙවැනි දෑ අත්විදින්නට සිදුවෙ.
1.නොපමා බව නිසාවෙන් බොහොබෝග ලබයි
2.සිල්වත් බැවින් මහත් කීර්තියක් අත්වෙ
3.සිල්වත් පුද්ගලයා යම් තැනක යන්නේද පිරිස අතර මහත්දෙ දන්නෙක් වෙයි
4.සිල්වත් පුද්ගලයා මුලාවීමකින් තොරව කලුරිය කරනු ලබයි
5.එසේම මරණින් මතු සුගතිගාමී වෙයි
මෙලෙස දීගනිකායෙ මහාපරිනිබ්බාන සුත්‍රයේ සදහන්වන අතර පන්සිල් රකින සිල්වතුන්ට ලැබෙන ආනිසංස පිළිබද පරමත්ථජෝතිකා නම් වූ බුද්දකපාට අට්ටකතාවෙහි සදහන්වෙ.                           


 

No comments:

මාසය තුල සිත්ගත් ලිපි