11 November 2011

තිකණිකාර පුච්චිය රහතන් වහන්සේ

               පින්වත් ඔබලා අනේක වාරයක් මල් පුජා කරලා ඇති ඔබ දන්නවද ඒ කරපු මල්ජුජවක බලය එය ශාද්‍රව මත අඩුවැඩි වියහැක,කෙසෙ වෙතත් බුද්දලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ කරන්නාවූ මල් පුජාව මෙවැනි වූ අනිසන්සයන් පෙරකළ සිටි අයවලුන්ට විපාක දුනි,එසේ නම් ඔබට මටද ඒම දෙයම සිදුවිය හැක,මෙය අනිසන්සය ඔබට යහපතටම සිදුවන්නකි එමනිසාවෙන් අනිසන්සය බලා කටයුතු නොකරන මෙන් ඉල්ලාසිටිමි,

        තිකණිකාර පුච්චිය හිමි සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරිය මල් තුනක් බුදුන්කෙරෙ පැහැදී සිතින් නුවන යොදා පුජාකළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය,පන්සීය වතාවක් සක්දෙව් තනතුරද ලබන්නාවූ සෑම ජීවිතයකම පහතසදහන් විපාක ලැබිණි
1. මහත් බෝගසම්පත් ඇත්තෙකු විය
2.උසස් කුල වලම උප්පත්තිය ලැබීය
3.සිතට සරිලන ඕනෑම යානවාහන ලැබීය
4.බොහෝ දැසිදස්සන් ලැබීය
5.බොහෝ වස්ත්‍රාබරණ ලැබිණි 
6.සැමවිටම සියලන්ගේම ගෞරවයනට පාත්‍රවිය
7. සැමකල් හි බොහොපිරිවර ජනයා ඇත්තෙක් විය
8.කිසිවෙකුට තම පිරිස බේද කල නොහැකිවිය
9.උසස් කීර්තියක් ඇත්තෙක් විය
10 හිතවතුන් අතර උතුම් පුද්ගලයෙක් විය
11.ශීත උෂ්ණ වලින් පීඩා නැත
12 කායික හා මානසික දහය නැත්තෙක් විය
අවසා ලෙසින් නිවන අවබෝදය සදහා එම පින් උපකාරවිය.
(අපදාන පාලි :501 අපදානය) 

No comments:

මාසය තුල සිත්ගත් ලිපි