30 December 2011

මෛත්‍රිය වැඩිම 1


                                              දින් පළමුකොට ම මෛත්‍රිය වැඩිය යුත්තේ කවුරුන් කෙරෙහි ද යතහොත්, තමා කෙරෙහි ම ය. “මම නිදුක් වෙම්වා! සුවපත් වෙම්වා! යි අවුරුදු සියයක් දහසක් මුළුල්ලේ වුවත් තමන් කෙරෙහි ම මෛත්‍රිය වැඩීමෙන් කිසිසේත් මෛත්‍රිය අපර්ණාවට නොපැමිනෙතත් එසේ වඩන තැනැත්තාට යම් සේ මම සැප විඳිනු කැමැත්තෙම් ද? දුකට ‍නොකැමැත්තෙම් ද? අනෙකුත් සියලු ම සත්වයෝ ද තම තමන් ගැන එසේ ම වෙත්” යයි තමා ම සාක්‍ෂියක් කොට තබාගෙන අනුන් කෙරෙහි ද හිත කැමති බව ඇතිවේ. එබැවින් සාක්‍ෂියක් වශයෙන් තබා ගැනීම පිණිස පළමු කොට තමන් කෙරෙහි ම මෛත්‍රිය පතුරුවා ඊළඟට තමාට ප්‍රිය වූ තම ගුරුවරයෙක් හෝ වෙන උතුමෙක් හෝ ඇත්නම් ඒ ප්‍රියයාගේ දන්දීම්, ප්‍රියවචන කීම් ආදී ප්‍රිය ඉපදීමට හේතු වු කාරණයන් ද, ශීලාදී ගුණාංගයන් ද, මෙනෙහි කොට “මේ මාගේ ප්‍රියයා මා සේ ම නිදුක්‍ වේවා යි” යනාදී වශයෙන් මෛත්‍රී වැඩිය යුතු ය. එසේ වැඩීමෙන් “අපර්ණා සමාධිය” ඇතිවිය හැක. නමුත් එපමණකින් නොනැවතී ඊලඟට ඉතා ප්‍රිය වූ යහළුවා කෙරෙහි ද, ඊලඟට මැදහත් තැනැත්තා කෙරෙහි ද, ඊලඟට සතුරා කෙරෙහි ද මෛත්‍රිය වැඩිය යුතු ය. මෙසේ වඩන්නහු විසිනුත් මෙකී එක එක තැනැත්තාගේ කොටසෙහි සිත මොළාක් කොටගෙන “අර්පණාසමාධියට” සුදුසු වුවාට පසුව ඒ ඒ ළඟ කොටස්වල තැනැත්තන් කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය. යම් කෙනෙකුට සතුරන් නැත්නම් හෝ හතුරු කරන්නන් කෙරෙහි “හතුරු ය” යන හැඟීමක් නැත්නම් හෝ එසේ වු හතුරන් නැති තැනැත්තා විසින් මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රි සිත මොළොක් කොට ගෙන “ඉදින් මේ ළඟ ම හතුරා කෙරෙහි මෛත්‍රිය වඩම්හ” යි උත්සාහ නොකට යුතු ය. මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රිය වඩා ඊළඟට සතුරා කෙරෙහි මෛත්‍රිය වඩන්න යයි කීවේ සතුරන් ඇති තැනැත්තා සඳහා ම පමණකි.
                                                          ඉදින් මෙසේ සතුරන් ඇති කෙනෙක් නම් පිළිවෙලින් තමාය, ප්‍රියයා ය, ඉතා ප්‍රිය යහළුවා ය, මැදහත් තැනැත්තා ය යන කවුරුත් කෙරෙහිත් මෛත්‍රිය වඩා ඊළඟට හතුරාට මෛත්‍රිය කරන්නට පටන් ගත් විට ඒ හතුරා විසින් තමාට කරපු අපරාධය (වැරදි නපුරු) මතක් වීමෙන් මෛත්‍රිය වෙනුවට ක්‍රෝධය ම උපදී නම් නැවත නැවතත් මෛත්‍රිය වඩා පුරුදු වූ යටකී ප්‍රියයා ආදීන් අතුරින් යම් කෙනෙකුට මෛත්‍රි කොට සිත මොළොක් වූ පසු නැවත නැවතත් සතුරාට මෛත්‍රී කරන්නට උත්සාහ කරමින් ඒ ක්‍රෝධය නැති කර ගත යුතු ය.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි