02 January 2012

උක්ගස් දඩුවම් දුන් කතාව

                   යම් දෙයක අවසානය තව දෙයක අරම්බයමය එනම් වසරක් ගෙවී වසරක් ලැබුවා,පසුගිය වසරතුල ඔබතුමන් හට දැන් දීම තුලින් සිතුම් පැතුම් තුලින් සිදුවන්නා වූ ආනිසංසයන් වරින් වර පල කරන්නට බලාපොරොත්තුවෙන් සිටිමි, එතුලින් සියල්ලන්ගේම කරන්නා වූ පිංකම දැනගෙන කරන්නට ඔබට හැකියාවක් ලැබෙනු ඇත, සියලු දෙනාට ම සුබවසරක් පතන අතර  සියලුම දෙනාම නිදුක්,නිරෝගී සුවපත් වේවා..!
      එසෙ නම් කිසියම් දෙයක් දනට පිනට දෙන්නෙ නම් එකසිතින් ලබාදෙන්න එපින වඩා බලවත් වේවි..පාපයක් කලද එසේමය පව් කරන සිත් පාපයට මැලිවෙත්වා..! 
                                                                                               පෙරදවසක් එක්තරා මිනිසකු උක් දඩු මිටියක් කර පින්නාගෙන උක් දඬුවක් සපමින් පාරෙ යන්නට විය,මෙය දුටු සරණ මිනිසකු උක් දඩුවක් ඉල්ලමින් ඔහු පසුපස ගියේය,එවිට මොහු කෝපයෙන් අසරණ මිනිසා දෙස නොබලාම උක් දඩුවක් ගෙන ඔහුදෙසට විසිකලේය, එම උක් දඩුව සතුටු සිතින් අසරණ මිනිසා බුක්ති වින්දේය,
                                             
කල් ගොසින් උක් දඩු දුන් මිනිසා මිය ගොස් ප්‍රේත ලොව උපන්නේය,පෙර පිනට ප්‍රේතයට හොදින් වැඩුණු උක් වනයක් ද පහල විය,දිනක් මෙම ප්‍රේතයා සා පිපාසෙන් පෙලෙන විට උක්දඩුවක් අනුබව කරන්නට සිත්විය සිතමින් උක්වනයට පිවිසෙන්නට විය,එවිට මනාව වැඩුණු උක් ගසක් අබැරිවිත් ප්‍රේතයට පහර දුනි අවසානයේ ප්‍රේතයා විලාප දෙමින් දුවන්නට විය, ප්‍රේතයට උක්දන්ඩක් කපාගන්නටවත් නොහැකිවිය,ප්‍රේතයා සා පිපාසෙන් පෙලෙමින් විසදුම් සොයන්නට විය කල් ගතවිය දිනක් එතනින් වැඩිහිමි නමකට මොහුගෙය් විලාපය දිවකනට ඇසී කරුණු විමසා උක්දදු කපන්න්නට කරමයක් කියාදිනි එනම් උක් ගසට පිටුපා ගස කපන්නටය,එවිට ප්‍රේතයා උක්දඩු තුලින් සාපිපාසාව නිවාගත්තේය,මෙසේ වීමට හේතුව පෙර ආත්මයේ කල කර්මය පලදීමක් සිදුවී ඇතිවග වටහා දුනි,දුන් නිසා ලැබුනත් දුන් අයුරු නිසා මුහුණලා උක්දඩු ලබා ගන්නට පින නැති බැව් ලෙස කර්මය වදාළේය.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි