02 January 2012

දරුවන් නැති හේතුව


                   ගෞතම බුදු වැඩ සිටි සමයේ බෝදිරාජ නමින් කුමාරයෙක් විසීය,මෙතුමා කෝකන්ද නමින් මාලිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට අප ගෞතම බුදුරජාණන් වහන්සේට ආරාදනා   කළේය,එම කුමරුන් මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම ඇතිරිල්ලක් යොදා මෙසෙ ප්‍රාර්ථනාවක් කළේය " මට දරුවන් ලබෙනම් බුදුපියාණන් වහන්සෙය් මෙය පාගා වඩින සේක්වා " ලෙසිනි, සුළු මොහොතකින් ගෞතම බුදුරජාණන් වහන්සේ මාලිගයට වඩින්න සැරසුණි මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම එලා ඇති ඇතිරිල්ල දුටු තථාගතයන් වහන්සෙ ආනන්ද හිමි ලවා එය ඉවත් කරවා වැඩි සේක,අවසානයේ කුමරුන් ඊට හේතුව කිනම් දැයි ඇසු කල  තථාගතයන් වහන්සෙ ඔබට දරුසම්පත් අහිමි බව වදාළ ඊට හේතුව වූ පෙරකළ කර්මය මෙලෙස පෙන්වාදිනි,

                           මෙම දෙපල පෙර ආත්මයක නැව් නැග යනවිට නැව මුහුදුබත් විය,පසුව මෙය දෙපල අසල වූ දුපතකට ගොඩවිය,එම දුපත තුල බොහෝ පක්ෂීන් සිටිඅතර ඔවුන්ගෙ බිත්තර ද විය,මේ දෙපලට ජීවත් විය යුතු බැවින් කුඩුවල තිබු බිත්තරද පැටවුන්ද මරා අනුබව කරමින් ජීවත් විය,එම ගත කල ජීවිතය තුල කල කර්මයන් පලදීම මෙවන් ආකාරයකට සිදුවූ බව වදාල සේක,

          එබැවින් තම කරන කියන දෙය ගැන මදක් සිතාබලා කටයුතු  කරන්නට සිත් ඇතිවේවා..!
මෑත කාලයේ දරුවන් නොමැතිව දොස්තරලා හොයමින් යන්නට වන්නෙ ඔබ පෙරකළ කෙරුම්කාරකම් දැන් දැන් විපාක දෙන බැවිනි,යහපත් සිතිවිලි වර්දනය කරගන්න තරමට ඔබ සිත පවට බර නොවන්නේය            

2 comments:

ට්‍රැ said...

මම දන්නා යුවලකට මොන තරම් උත්සාහ කළත් දරුවකු හදාගන්නට බැරි වුනා.
ඒ පුරුෂයා තරුණ කාලේ විශාල ලෙස කාමමිථ්‍යාචාරයේ යෙදුනෙක්. පෙර භවයේ තතු කෙසේ වෙතත්, ඔහු පසුතැවිලි වුනා තමන්ගේ මුල් කාලයේ ජීවිතය ගත කළ ආකාරය නිසා මේ ප්‍රතිපලය ලැබෙන්නට ඇතැයි කියමින්. කාම මිථ්‍යාචාරය දිට්ඨ ධම්ම වේදනීය පාප කර්මයක් ලෙස නොගැනුණත් ඔහුගේ පව්කම් පල දෙනවා යැයි මටත් සිතුනා.

Mahason brothood said...

Sudath කාමමිථ්‍යාචාරය තුලින් කර්මය තව විදිහකට පළදෙනවා ඇත,පස්පව් වල විපාක දෙන ආකාරය මෙහි පෙර කතාකර ඇත,මීට ආනන්ද තෙරුන් හොදම නිදසුනය ඉදිරියදී පල කරන්න බලාපොරොත්තු වෙමි, තෙරුවන් සරණයි

මාසය තුල සිත්ගත් ලිපි