10 January 2012

ගණිකාව ලෙසින් ආක්‍රෝෂ කිරිමෙ විපාකය

                                   පින්වත් ඔබ මෙම සමාජය තුල ඉතා අගන රුසපුවෙන් පිරිපුන් යුවත්තියන් දැක ඇත,මෙසෙ ලිය ඇති කියවන විට එවනි රුප සම්පත්තිය ඇති ලදුන් සිහි ගැන්වෙනු නොඅනුමානය,එසේ ම ඔවුන් කරන්නා වූ රැකියාව පහත් වුවද තවකෙකුගෙ තෘප්තිමත් බව ඇයගෙ අබිප්‍රාය වන්නේය,කෙසෙ වුවද ඔවුන්ද තම ජීවිතය විදීමක් නොකර රහසෙ කලපවකට විදවීමක් කරන්නේය,ඔවුනට එවන් වූ සිරුරකට හිමිකම් කියනුයේ පෙර ආත්මයන් වල කලකී දේවල් අනුවය,ඔබ අද කියන්නාවූ වදන තව කාලයක් ගොස් වුවද පල දිමෙ හැකියාව ඇත,ඊට නිදසුනක් ලෙසින් මෙම කතාව ඔබවෙත පල කර සිටින්නෙමි.

                                       මෙම කතා නායිකාව වන්නෙ ඉතාමත් සුරූපී කාන්තාවකි, ඇය සිටියේ රජගහ නුවරය රු සම්පත්තිය ඉතාමත් ඉහල බැවින් සියලු රජදරුවන්ට පරිබෝජනය ගැනීමට ගතහැකි ලෙසින් ගණිකාවක් ලෙසින් තබන ලදී,මෙවැන්නක් ඇයට සිදුවන්නෙ පෙර කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර ආරක්ෂා කරමින් වැඩවිසිය,දිනක් ඇය රහත් වූ  භික්ෂුනියකට "ගණිකාව " ලෙසින් ආක්‍රෝෂ කල පවින් නිරයේ පැසුනි පසුව මෙවැනි පරාදීන පහත් ජීවිතයක් ලබන්නට විය,කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර රැකි පිනින් ඉතා ඉහල රුසම්පතියක් ලැබුවේය,දුතෙන උපසම්පදාව ලැබුවෙද මෙතුමියයි අවසානයේ සසුනේ පැවිදිවී රහත් විය.
                                                         (අපදාන පාලිය අඨිඨකාසි ථෙරී අපදානය)

පින්වත් ඔබලාහට පැමිනෙන්නාවූ වචන මනාව පාලනයක් කර අමතන තරමට ඔබ අප ජීවිතය බලපාන අයුරු කෙසෙ දැයි ඔබ නුවනින් ම විමසන්න,සියල්ලෝම වචනයෙන් සංවරවෙත්වා.....! 
තෙරුවන් සරණයි....!           

1 comment:

Tiraj Adikari said...

ලිපිය අගෙයි. අක්‍රෝෂ පරිභවය බොහෝ දෙනා කරන්නකි. කට ඇරියොත් පිට වන වදනෙහි කුණු හරුප කිහිපයක් වත් නොමැති නම් පුදුමයකි.
ලංකාවේ සිංහලෙන් පලවන වෙබ් අඩවි බොහොවකට ගොස් බලන්න. ද්වේශයෙන් කරනා කුණු හරුපයෙන් සපිරි වදනින් ඒවායෙහි පාටක අදහස් දක්වන තීරයන් පිරි ඇත.
කියුවත් , ලියුවත් ඒ අක්රෝෂයට බඳුන් වන තැනැත්තා වරදක් කර තිබුනත් නැතත් කියන්නන් , ලියන්නන් වෙත මේවා හි කර්මයන් අනිවාර්යයෙන් ආපසු පැමිනේත්මය.
අසෝක මාලා රොඩී කුලයෙහි උපනේ මවට හීන කුලයෙන් ආක්‍රෝෂ කල බැවිනි.
තවත් බොහොවකට ගණිකා කුසක ඉපිද එම වෘත්තියෙහිම නියැලීමට එයම හේතු විය ....
වපුරන්නෝ ම ඵල නෙලත්. !!

මාසය තුල සිත්ගත් ලිපි