15 February 2012

කකුල් පලා ලුණු දැමීමට හේතුව

                           න්න කලකට පසුව නැවතත් පින්වත් සහෝදරයන් වෙත ලියන්නට කුඩා ඉඩක් ලැබුණා,අද ලියන්නට සිත්වූයේ පාවහන් පයලා යන ස්ථාන පිලිබදවයි,නොයෙක් විලසිතාවෙහි පාවහන් මිලදී ගන්නට අපට සිත්වෙ,එය දමන්නට ඔනෑ එපා තැන බලමින් පයලා යන්නට අප කටුයුතු කරනවා ඇත,වසර ගණනකට පෙර අප පින් බිමකට ගියකළ පාවහන් හිස්වැසුම් ඉවත් කරන්නට පැකිලෙනෙ නැත එහෙත් එකලට වඩා මෙකල අකලට සංකරගති පහලවීම තුලින් පන්සල හි තැන නොතැන බලා පාවහන්ලා යන්නට තරම් සිත් ඇත්තෝ ඇතිතරම්ය,එය කෙසෙ වුවත් අප ගෞතම බුදුරජාණන් වහන්සෙ වැඩසිටි සමයේ මෙවැන්නක් විපාක වශයෙන් සෝවාන් පලයට පත්වූ මගද රාජ්ජයේ රජකම් කල බිම්බිසාර රජතුමාද මුහුණ පෑවේය,
     එනම් පෙර බවයක දී චෛතය මලුවහි පාවහන් පයලා යාම හා වන්දනා කිරීමට එලු පැදුරක් අපිරිසිදු පයින් පෑගීම කර තිබුණි,එම නිසාවෙන් සෝවාන් පලයට පත්වුවත් මෙබවයේ තම පුතා වන අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් පලවා තෙල් ලුණු ගිල්වා ගිනිගෙන දිලෙන කිහිරි අගුරීන් පිලිස්සුවේය,මීට අමතරව නොයෙක් වද දෙන ලදී, මෙය බැව් සුමංගල විලාසිනි අටුවාවෙ සාමඤ්ඤඑල සුත්‍ර වර්ණනාවේ පෙන්වා ඇත,
      
   සෝවාන් පලයට පත්වූ පුද්ගලයකුට මෙවන් දෙයක් සිදුවුවානම් මෙකල වන දේවල් කරන කියන දේවල් මත ඔබ අප කුමන තැන්වල මතුබවයන් වල විපාක දෙයිද.     

No comments:

මාසය තුල සිත්ගත් ලිපි