05 June 2012

උල තැබීමට හේතුව..?

                 හම් සෙනවි ලෙස හදුන්වන සැරියුත් මහරහතන් වහන්සෙ දිනක් අසනීප විය මීට බෙහෙත් සෙවීම සදහා උන්වහන්සෙය් ගෙය් ශිෂ්‍ය නමක් පිටත්කර යවන ලදී, ඕනකරන බෙහෙත් සොයන අතරතුර දිය කඩිත්තක් දැක මුව දෝවනය කරන කල අසල ගම්වැසියන් හොරුපිරිසක් ලුහුබන්දේය, එම හොරු රැගෙන යන මුදල් පොදියක් මෙම හිමිනමගෙය් පාත්‍රයට දමා දුවන්නට විය,එවිට ගම්වැසියන් ඇවිත් සාමනේරයන් වහන්සේය්ට පහර දී බමුණාට පෙන්වීය,ඔහුගෙය් අණපරිදි උලතියන්නට නියම විය,තවද මෙමෙ වයස්කාර බමුනාගෙ දුව විවාහ කරගන්නට කියද්දී විවාහ කරනොගත් බැවින් මෙසෙ නොවිමසා උල තබෙමට නියම කල බව දත යුතුය,
                දුෂිත නිතිය තුලින් උල තැබුවද මෙම සාමනේරයන් වහන්සෙ සොයාගත් බෙහෙත් කෙසෙය් ගෙනයන්නේදයි සිතමින් සිටියේය,මෙය නුවනින් දුටු සැරියුත් මහරහතන් වහන්සෙ වහාම බුදුරජාණන් වහන්සේට සැලකර මහා සගරුවන එතනට වැඩිසේක.එතනදී විපාක දීමට හේතු වූ මුලය සෙවීය එනම් පෙර බවයක  මෙම සාමනේරයන් වහන්සෙ කුඩා දරුවකුව සිටියදී කොහොබ කුරක් ගෙන මැස්සෙකුව උල තැබූ කර්මයද තම මෑණියන් හා තරහවී තවත් ආත්මයකදී "ඔබව දවසක උලතබනවා" ලෙස කල ශාපයද හේතුකොට ගෙන ආත්මවාර 500 තුල උල තැබීමට ලක්විය,මෙසෙය් උල තබන්නට වුයේ උත්තර නම් වන සාමනේරයන් වහන්සෙය, දේශනාව අවසානයේ දී මෙම සාමනේරයන් වහන්සෙ රහත්වන්නට තරම් වාසනාව තිබුණි, (සද්දර්මලංකාරය 197 පිට)

                   දුෂිත සිතින් තම දෙමාපියනට බැනවැදීමෙ පල විපාක ලෙසින්ද දැක්විය හැකිය..මෙය කියව පවින් මිදෙත්වා..! 
                            

No comments:

මාසය තුල සිත්ගත් ලිපි