25 August 2012

බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?-පිළිතුර

                     මෙම ලිපිය මුල බීජය වන්නෙ අප සොහොයුරකුගෙ ලිපියක්,   බහුතරයක් පිරිස මෙන බුදුනෙ මල්,පහන් හා හදුන්කුරු තියල ගිරවකුසේ ගාථ ටික මුමුනල වට්ටිය වනවන ගෙදර එන එක එතන ඊට වැඩ වැඩියමක් ඔබට සිදුකරන්න තිබුන, කලකීදෙවල් සියල්ල සිහියෙන් හා අවබෝදයෙන් යුතුව කලානම් අගනා කුසල කර්මයකි,එය ගැන කතාකරමු වෙලාවක,එ වගෙම වැඩිදුර සෙවීමක් කලා දන්නා නොදන්නා සියලු දෙනාටම තමන් කළ කීදේවල් එය අනුවද සිදුවන්නෙ කියල,මෙය ආරම්බ කරන්නට මුල්වූ මගෙ පිළිතුර  "මාගේ මිතුර පවසන දෑ සත්‍ය බැවින් ලිපිය කියවා ඊට යමක් එක්කරන්නට සිතුන, කියන්නට පෙර දන්නදෙයක් මතක් කරමි     “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” -”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”  (නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය)  පහනක් පුජා කරන්නම්වාලෙ නොකර කාටද පුජා කරන්නෙ කොහොමද පුජා කල යුතුවන්නෙ යනවග සිහියට ගෙන යහපත් සීලයක පිහිටා පහන් පුජා කල යුතුය,එසෙ නම් පහනක් පුජා කරන විට පහන දල්වා ගථා කියන්නට පෙර පහන දල්වන විට ඔබ මෙසෙ කියන්න " මෙම පහන තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුජා වේවා..! " එවිට එම පහනට කිසිවෙකුගෙය් ඇල්මක් බැල්මක් නොවැටෙනු ඇත, තවද පහන් දල්වන්නට පෙර ඊට කපුරු පෙති කීපයක් දමන්නෙ නම් පහන ගිනි ගැනීමෙන් ඇතිවන දුර්ගන්දය නැති කර ගත හැකිය එවිට " ඝනසරාප්ප දිපෙන ..." ගාථාව කියමින් පහන් පුජා කරන්න,පහනෙ කපුරු දැල්වෙන විට දුර්ගන්දයක් ඇති නොවී දැවීයනු ලබයි,මින් පිටවන දුර්ගන්දයට අමුනුෂයන් ආදී කට්ට්යට ඇදීම එම සිදුවනවා.සෑම දිනකම මෙය සිදුවන විට ඔවුන් මෙය දිනපතා බලාපොරොත්තුවෙන් සිටියි.ඔබ එසෙය් පහන පත්තු නොකළ විට ඔබට මතක් කිරීමක් වශයෙන් නොයෙක් කරදර සිදුකරනු ඇත, පහනක් දල්වන්නෙ නම් එය තිලෝගුරු බුදුරජාණන් වහන්සේටම පමණි එය නිවාස තුල හද පිරි බක්තියෙන් යුතුව දල්වන්න, පන්සලක බෝදීන් වහන්සෙ අසල පහන් දැල්වීම සිතට මහත් සැනසිල්ලක් ඇතිකරයි,දෙවියන් සදහා පහන් පුජා කරන්නෙය් නම් පුජා කරන දෙවියන්ගේ නම යොදා පුජා වේවා..! යයි පවසන්න,"
     මගේ දැනුමෙ හැටියට මෙවැන්නක් තමා මෙම පිළිතුරෙන් තව ඉදිරියට යන්නට "චේතනාව කර්මය උනාට , කර්මය වෙන්නේ චේතනාව විතරක්ම නෙමේ."   
                                           බුදුන් දෙසු දේශනය අනුව  “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි. ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත හෝ රහිත  ක්‍රියාවක් බවට පත්වෙන්න පුළුවන්. බුදුදහම අනුව මිනිසා කරන සෑම ක්‍රියාකාරකමක් ම කර්මයක්, සරල උදාහරණයක් මේසයක් උඩ තබා ඇති වීදුරුවක් අත් වැදීමෙන් වැටි බිඳීයන්න පුළුවන්.එලෙසම කිසිවෙකු හිතාමතා වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ දෙකක්.මෙහි වෙනසට මුල වන්නෙ සිතිවිල්ල මම තව හොද උදාහරණයක් දෙන්නම් මදුරුවෙක් ඔබට විදින විට ඔබගෙ සිතිවිලි මෙවැනි වූ කොටස් 5ක් නිරායාසයෙන් සම්පුර්ණවෙ එනම් පණ ඇති සතකු වීම,පණ ඇති සතකු බව දැනීම,මරණ චේතනාව,මරණ උපක්‍රමය හා එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම සිතන්න මොහොතක් ගතවූ ක්ෂ්නිකයකින් පවකට එක්වන්නට ඔබ ආමග, යම්කිසි වැඩක් කරනවිට ඒ කරන ක්‍රියාව පිළිබඳව මනසේ නැගෙන්නා වූ සිතිවිලි සමුදාය තමයි කර්මය

            තවදුර යනවනම් බුදුහාමුදුරුවො කවදාවත්, කාවවත් රවටලා, බොරු කරලා, වංචාවක් කරලා තිබෙනවා කියා ප්‍රශ්නයක් නැගුවොත් අපි කාටත් නැගෙන පිළිතුර නෑ කියන එකයි. එහෙනම් නන්ද කුමාරයාට ජනපද කල්‍යාණිය සම්බන්ධයෙන් කීවේ ඇත්තද? එය රැවටීමක් නෙමෙයිද? රැවටීමක් නෙමෙයි නම් මොකක්ද? ඒ බොරුවක් නෙමෙයිද? බොරුවක් නෙමේ නම් ඒක ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙමේනම් මොකක්ද? කියලා බොහෝ අන්තගාමී,මුලදර්මවාදී අය තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයත් එක්කම සමහරවිට බුදුහාමුදුරුවො පුංචි පහේ රැවටීමක් තමයි නන්ද කුමාරයාට කරලා තිබෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්.එය වුනාට එතන සිදුවූ කාරනය ආදරයෙන් අන්ද වූ මිනිසාට සත්‍යය පෙන්වීමක් මිස විජ්ජාවක් නොවන බව සිහියට ගත යුතුය,                 

                       චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒකෙදි චේතනාව කර්මය කියලා කියන්න අපට පුළුවන්. චේතනාව කර්මය වෙන්නේ කරන වැඩේ අනුව නෙමෙයි සිතිවිල්ල අනුවයි.එසේ නම්  පුංචි දරුවෙකුට බත්ටික කවාගන්න අම්මා නොයෙක් බොරු කියනවා. අම්ම කියන බොරු පව් නම් දරුවගෙ බඩ පිරෙන වේගයටම අම්මටත් පව් පිරෙන්නෙ ඕනෑ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අම්මා සද්භාවයෙන් බොරු කියන්නෙ.මොකද දරුවට බත් කවාගන්න,සද්භාවයෙන් හොරකම කරන්නත් පුළුවන්.පවුලක ස්වාමියා පමණ ඉක්මවා කේන්තියට පත්වන්නෙක් නම් අසල්වැසියන් සමඟ රංඩු සරුවල්වල පැටලෙනවා නම් ස්වාමියා සතුව පවතින දරුණු ආයුධයක් හොරකම් කරමින් සඟවාලන බිරිඳ සිදුකරන්නේ ස්වාමියාටත් සමාජයටත් යහපතක්,එය එසෙ වන විට මෙය කියවන කඩප්පුලි මිතුරකුට මෙවැන්නක් සිතට එන්න පුළුවන් හොරකම් කරලා දරුවන්ට කන්න දෙනඒක,එසෙය් සිතන එකාට  ඔලමොට්ටලකම කියා කියන්නට මා පැකිලෙන්නෙ  නැත

         එසෙ නම් පුජාකරන පහන,මල් හා සුවද දුම් ආදී දෑ පුජාකරන අවස්ථාවෙ දී වල් පල් සිතනවාට වඩා එම පුජාව කාටද? යනවග සිතෙය් රදවා බැතියෙන් යුතුව පුජාව කරන්නෙ නම් මහත්පල ලැබෙනු ඇත    
කියවන්න මේවා:  පංච සීලය  ,විහිලුවට කළවරද,ඛුද්දක නිකාය කීපයක්, නැවත කතා කරමු, අඩුවක් ගෙනහැර දැක්වුවට පවක් නෑ..!

සියලු දෙනාට තුනුරුවන් සරණයි.......!        
  


  

3 comments:

Tiraj Adikari said...

හොඳ ලිපියක් , මඳක් තව එකතු කිරීමට අවසර...
චේතනාව හැර තවත් කර්ම රැස්වෙන ධර්ම 21 ක් තිබේ. මේ ආකාර වලින් කර්ම රැස්වීමේදී චේතනාව අප්‍රධාන වේ. ඒවා නම් බෝජ්ජංග හත , ආර්ය අෂ්ටාංගික මාර්ග අංග අට , අභිජ්ජා , ව්‍යාපාද , මිත්‍යාදෘෂ්ටි හා අනභිජ්ජා , අව්‍යාපාද , හා සම්මා දෘෂ්ටි යන ඒවාය. අවස්ථාවේ හැටියට චේතනාවත් , ඇතැම් විට චෙයිතිසිකයත් කර්මය වේ.

උදාහරනයක් ලෙස අනුන්ගේ සම්පත් තමන්ගේ වේවා යයි ප්‍රර්ථනා කරන අභිජ්ජා අකුසල කර්මයේදී චේතනාව අප්‍රධාන වේ. එහි කර්මය වන්නේ ලෝභ චයිතිසිකයයි.

Mahason brothood said...

වඩාත් ගැබුරින් ගෙනහැර දක්වන්නට සිත්වීම අගය කරමි, ඔබට තුනුරුරුවන් සරණයි..!

Kushan said...

වටිනා අදහසක්... මම නම් බුදු පහන දල්වන්නේ බුද්ධත්වයට ගෞරවයක් වෙනුවෙන් සහ සසර අනිත්‍යබව මෙනහි කිරිමට යි....

මාසය තුල සිත්ගත් ලිපි