14 December 2012

ඇස් හා පටක දන්දීම



ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.
  • දායකත්ව පොරොන්දු පත්රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත, කොළඹ 07.
  • ඕනෑම ඇස් හා පටක දන්දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගිය පසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්රමාදව කටයුතු නිම කර ගැනීමටපහසුවක්වේ.
  • ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ් කටයුතු කරනුඇත.
  • පොරොන්දු පත්රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.

                            පින්වත් සියලු දෙනාට සත්‍ය දකින්නට සිත්පහලවේවා..තුනුරුවන් සරණයි...!

5 comments:

Nishan de siva said...

ගුඩ් පෝස්ට්

Anonymous said...

හොද ලිපියක් කාලෙකට
කලින් මම එය ගැන ලිපි දෙකක් ලියුවා
කැමතිනං බලන්න
"අපරාදේ තරුණ අවයව (ඇස්, හිස්, මස්, ලේ, ඇයි කටු දැන් මොනවද නොගන්නේ අනේ" සහ "ඇස්, හිස්, මස්, ලේ, ඇයි කටු දැන් මොනවද නොගන්නේ (අංක 1)"

රතීගේ දිනපොත said...

ඇත්තටම වටින ලිපියක්. මමත් කැමතියි මේ වැඩේට. ඒනිසා ලිපිනය ගත්තා ඉදිරි කටයුත් වලට...

Unknown said...

බොහොම වටිනා දෙයක්....

CHINTHAKA TIKIRIBANDARA said...

බොහෝම වැදගත් පෝස්ටුවක්. මේ සම්බන්ධතාවයන් ලබා දුන්නු එක හරිම පිනක්.

මාසය තුල සිත්ගත් ලිපි