27 October 2012

අවජාතක ඉතිහාසයක නිර්මාණය

අවජාතක ඉතිහාසයක නිර්මාණය: තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන , අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතී...

දස මහා යෝධයෝ

දස මහා යෝධයෝ
1. නන්දිමිත්‍ර යෝධයා

කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.
දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.

ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.

නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.

2. සුරනිමල යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.

ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.

දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.

අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.

තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.

තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.

3. මහාසොණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.

4. ගෝඨඉම්බර යෝධයා

දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.

ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.

මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.

මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.

5. ථෙරපුත්තාභය යෝධයා

මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.

කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.

පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.

ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.

කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.

වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.

ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.

පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.

තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

6. මහා භරණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන් සරණ ගොස් නොයෙකුත් පින් දහම් කොට ඒ කුසලයෙන් බොහෝ කාලයක් දෙව් සැපත් විඳ පසුව රුහුණු රට උපන්නේය. ඔහුගේ පින් බලයෙන් උපන් දවසම මහා නිධානයක්ද පවුලට ලැබිණි. කුඩා කල පටන් මහත් ශක්තිවන්තය. පසුව රාජ සේවයට කැඳවනු ලැබීය. ලක්දිව එක් සේසත් කොට පසුව බොහෝ පින්කම් කළේය.

7. වේළුසුමන යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී.

මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී.

විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.

මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය.

ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය ).

ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ.

8. ඛඤ්ඡදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය. මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය. ඔහු ගැන අසා කාවන්තිස්ස රජතුමා ගෙන්වා ගත් අතර පසුව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.

9. ඵුස්සදේව යෝධයා

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් ජීවිතය ඇති තුරා තුණුරුවන් පුදා බොහෝ දෙව් සැපත් විඳ රුහුණු රට උපත ලැබීය. ඵුස නැකතින් උපන් නිසා ඵුස්සදේව ලෙස නම් තබන ලදී.

සත් හැවිරිදි වියේ විහාරයක පූජාවට තිබූ ශංඛයක් (හක්ගෙඩියක්) ගෙන පිම්බේය. මේ ශබ්දය ගව් ගණනක් පැතිරී ගිය අතර ඒ අසා සමීප වනයේ වසන සියළු සතුන් බියෙන් භ්‍රාන්ත වී බිම වැටුණි. අසල සිටි මිනිසුන්ද සිහි නැතිව වැටුණි. මින් පසු ඵුස්සදේව යෝධයා නමින් ප්‍රකට විය.

මොහුගේ වංශයේ බොහෝ කාලයක් තිස්සේ ධනු ශිල්පයක් පැවත එන අතර ඵුස්සදේව ගේ පියා ඔහුව මේ ශිල්පයේ ප්‍රගුණ කරවීය. දොලොස් හැවිරිදි වියේදී ධනු ශිල්පයේ ඔහු හා සමාන කෙනෙක් නැති විය. ශබ්දයට විදීම ආදී රහස් ශිල්ප ක්‍රමද හස්ති, අශ්ව ආදී ශිල්ප ගණනාවක්ද උගත්තේය.

පසුව කාවන්තිස්ස රජු විසින් ගෙන්වා ගන්නා ලදී. ගැමුණු කුමරුගේ ඉතාමත් විශ්වාසවන්තම යෝධයෙකු වූ ඔහු නිරන්තරයෙන් රජුගේ ආරක්ශාව සඳහා එතුමා අසළින්ම සිටි බව පෙනේ.

භල්ලුක සටන - එළාර රජු මරා දැමීමෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වන ධනු ශිපයට ප්‍රකට "භල්ලුක" ලංකාවට ගොඩ බැස කුළී සේනාවක් සමඟ ගැමුණු රජු හා සටනට ආවේය.

මෙහිදී කඩොලැතා බලාපොරොත්තු නොවූ ලෙස පසු බසින්නට වූ අතර (රජතුමා සිටියේ ඇතා පිට නිසා ඇතා සමඟ සියළු සේනාවම පසු බසින්නට විය ) ගැමුණු රජු ඵුස්සදේව අමතා මෙතරම් මහ සටන් වලදීත් පසු නොබැස සටන් කළ කඩොලැතා භල්ලුකගේ සේනාව හමුවේ පසු බසින්නේ ඇයිදැයි විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙන යෝධයා තමන් සිටින ස්ථානය ජය බිමක් නොවන නිසා ඇතා පසු බසින බවත් ජය බිමක් හමුවූ තැන ඔහු නතර වනු ඇති බවත් ප්‍රකාශ කළේය. පසුව මහා විහාර සීමාව අසළ ඇතු නතර විය.

මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වන අතර ඒ සිදුවීමෙන් කෝපයට පත් ඵුස්සදේව ඊතලයක් අතට ගන්නට වත් නොසිතා රජුගේ කුණ්ඩලාභරණය කඩා භල්ලුකයාගේ කටට විදිදේය.

මින් ක්ෂණිකව මරණයට පත් දෙමළ නායකයා බිම වැටෙන්නට ගියේ පිටුපසටය (එනම් ගැමුණු රජුගේ දිශාවට පය ලා ගෙනය ). මෙයද ගැමුණු රජුට අගෞරවයක් යයි සිතූ ඵුස්සදේව අනෙක් කුණ්ඩලාභරණයද කඩා භල්ලුකයාගේ පාදයකට විදිදේය. භල්ලුක බිම වැටුනේ ගැමුණු රජුගේ දිශාවට හිස ලා ගෙනය. කුලී සේනාව සටන් නොකොට පලා ගියේය.

නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්‍රියාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.

10. ලභියවසභ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන්ගෙන් බණ අසා නොයෙක් ලෙස දන් දී වසර විසි දහසක් තිස්සේ පන්සිල් රක්ෂා කළේය. පසුව බොහෝ දෙව් සැප විඳ මෙරට බොහෝ සම්පත් ඇති පවුලක උපන්නේය. පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.

යහපත් රූපයක් ඇති නිසා ලභියවසභ නම යෙදිණි. ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. කඩු හරඹයේ ප්‍රකට විය ඉතා කුඩා කළකින් වැවක් තනා නිමකළ අතර ඒ වැව කාවන්තිස්ස රජුන් විසින් ඔහුටම පවරා දෙනු ලැබීය (ලභියවසභ වැව නම් වේ). පසුව ගැමුණු රජු හා එක්ව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.



උපුටා ගැනීම අන්තර්ජාලය තුලිනි

18 October 2012

සුනියම් දේවතාවා - 02

                                  හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන්   උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල නමින් දේවියක් හිටියා, ඇය ගර්බනී වුකල බලවත් ආසාවක් ලෙස පහලවුයේ සර්පයන් ඇග පැලදීමටය (පෙර කතාවට වඩා ටිකක් වෙනස් නෙ) මෙතුලින් උපන් කුමරු රවුද්‍ර ගතිවලින් පරිපුර්ණ විය,මේ කුමරා ඔඩිඩ්ස නමින් ප්‍රකට විය, මේ කුමරු බිහිවන  දින පරිවාර දේවියන් දහසට පිරිමි දරුඋපත් ලැබිණි, ඔවුන්ටද ඔඩිඩ්ස කුමරුන්ගෙ යක්ස විලාශයන් මවා පෑවේය, ඔඩිඩ්සගෙ පරිවාර පිරිස ලෙසින් මොවුන් දහස සිටියේය,  
                                     කලක් ගතවූ පසු ඔඩිඩ්ස කුමරුන් විශාල පර්වතයක චතුවාර නමින් සතර දිසාවට දොරවල් සතරක් සහිත සතර දිසාවම පෙනෙන ලෙස මාලිගාවක් කරවා බිරියන් සතරදෙනෙකු සමග කල්යැවීය,ඔඩිඩ්ස කුමරුන් ආහාරය ලෙසින් ගත්තෙ නාගයන්ය පානය ලෙසින් නයි විසය,ඔඩිඩ්සගෙ බලය උරගා බලන්නටත් ප්‍රථමයෙන් පොඩි හුනියමක් කරන්නට හිතිල යොදුන් ගානක් දුරසිටින රජකෙනෙක් නමින් සාගල වූ රජ ගුප්ත ලෙස ලෙඩ කිරීමය, කලදෑ හරියට ම සිදුවිය,සාගල රජුගෙ ගත ඔඩිඩ්සගෙ බලයෙන් රෝගාතුර විය, එවකට සිටි නිමිති බලන බමුණන්ගෙ පිහිට පැතු සාගලරජු ඔඩිඩ්සට පුදජුජාවක් කරන්නට නියම විය,එය පලතුරු, සහල්, පස් පුළුටු(පුළුටු වර්ග පහක්),අල වර්ග හා වලස්හමක් ආදිය ජුජාවට අඩංගු ප්‍රදාන ජාති අතර විය,ඉන් පසුව සාගලරජු සුවපත්විය, මෙය මිනිසුන් අතර ප්‍රසිද්ද වන කල මිනිසුන්ද ඔඩිඩ්සට පුදජුජා කරන්නට පෙලබුණි.

තවත් පතපොතෙහි සුනියම් යකුගෙ ඇදුම වලස් හමක් ලෙසින්ද වාහනය රන්වන් ගොනෙකු ලෙසින් දැක්වෙ,තවද මොහුට දස බිසෝවරුන් සිටිබැව් සදහන්වෙ,
1.තකරි
2.මකරි
3.යමදුති
4.කාල-රාක්ෂි
5.අසේනි
6.විසේනි
7.ඉරුගල්කන්ඩි
8.නාග-රූපී
9.පුෂ්ප-රූපී
10.තිලෝක දේවි        
       ලෙසින් බිරින්දෑවරුන් නම් සදහන්වෙ තවද මෙම නම් සර්ප-වෙදකම් වලදී ඇතැම් දල පහරවල් හදුන්වන්නට යොදාගන්නවා ඇත,  
                                               බල කාමය මෙය කාලීන වදනකි බහුතරයක් මිනිසුන්ට මුදල් අත ගැවසෙන කල සොයනුයේ අසීමිත බලයකි එය මැරබලය, දේශපාලන බලය ආදී වූ නානාකරයේ බලයෙන් මත්වෙති, එවැන්නෙක් ගැන නැවත ඔබට  කියන්නට ගියකළ නැවතත් පැමිණෙනුයේ සුනියම් උපත ගැන තවත් මතයකටය.. වෙලාවකට මෙය එකම කතාවක කොටස් සේය. 
                             කෙසෙය් වුනත් මා හට දක්නට තිබුන මෙවැන්නක් එනම් මොහුගෙය් පියා ලෙස ඔඩිඩ් රජු ද මව ලෙසින් යදව්ගිරි දේවිය විය, ඔඩිඩ් කුමරු සොලොස්විය දී ලැබූ අසාමාන්‍ය මානසික හා ශාරීරික බලයෙන් මත්විය ප්‍රතිපල ලෙසින් තම පියාගෙම අසිපතින් පියාව දෙපලු කළේය, ඉන් පසු වඩිග පුරයෙන් ගොස් වඩිග රජුන් මරා එතැනින් පාඩේර නුවරට ගොසින් එහි රජුද මරා සිය පිරිවර සමගින් එරන්ද නම් වනයට වැද සිටිබවය, ඔබ අප දන්නා ලෙසින් බලයෙන් තරමක් වැඩි වනවිට අපට වැද වැඩි බලයක් තියන උදවිය ඇසුරු කරන්නට ප්‍රියවන බව නොරහසකි සමාජය තුල ඕණා තරම් පුද්ගල චරිත දක්නට ඇත, අහවලා අහවල්ලුන් ආදීලෙස දැක්වීම පලක් නැත, කෙස් වුවත් යක්ෂයන් අතර බලයේ කෙල පැමිණි යක්සයන්ට අදිපති වූ වෙසමුණි රජු මුණගැසී තමා විසින් මැරූ තුන්කට්ටුව ගැන පවසා මනුෂයන්ගෙ බිලි පුද ගන්නට අවසර ගත්තේය.. ඔන්න මෙතැන් පටන් මිනිසුන්ට ග්‍රහ බල දුර්වල පුද්ගලයන් බලා නොයෙක් ලෙඩ ඇතිකරන්නටත් අවෙලාවට හැසිරෙනවුන්ට බියකරුලෙසින් පෙනී සිටින්නට අමතක නොකළේය,තවද බිලිපුජා කරන්නවුන් ඉතාහොදින් ආරක්ස කරන බව පිළිගත් මතයකි.     

                    ඔං බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර ගම්බාර දෙවියන්ට සංස්කෘත බසින් නමස්කාර කරන ශ්ලොකවල දෙවියන්ගේ ස්වබාවය පිලිබිබුකරයි..

ශිව මස්තු නමෝ රමඃ
කන්ද සෙනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ



අග්නිඃ කන්දංච හස්තේන
හස්තෙන වඩිග කර්ගතේ
මුඛෙන විෂ සර්පේන
ශිර්ශේ පංච කේෂකේ

උදරේ නාග බන්දාම් - නිලොතතුරග වාහනා
සුනියම් දේවතා නාම - මයහන්දි පාදකේ නමෝ             

           මෙතුල ගම්බාර දෙවියන්ව නමස්කාරයට යොදාගන්නා ගාථාවකි ඇතැම් මෙ දෙවියන් පුජා කරන පිරිස මෙම ගාථාව කියා අවසානයේ දෙවියන්ට පින්දීම සිදුකරනු ලබති,තවද යන්ත්‍ර-මන්ත්‍ර වලදී බහුලව බවිතාවෙ, අදට නවතිනුයේ තවත් කොටසක් රසවින්දනයට තබමිනි එතුලින් ගම්බාර දෙවියන්ගෙ පුදා වැඩ වරද්දා ගත් අපේම මිනිසුන් ගැන කතාකරමු.. එතෙක් සියලු දෙනාට තුනුරුවන් සරණයි....!  

15 October 2012

සුනියම් දේවතාවා - 01

                                                                       මෙලොව උපන් කිසිවකු රෝගී නොවුණු අවස්ථාවක් ඔබ අසා තිබේද? තුන්දොස් (වා,පිත් හා සෙම්) කිපීමෙන් හැදෙන ලෙඩ වලට බලි තොවිල් පලක් නැත,පෙළක් බටහිර දොස්තරලා පාවාද මේවා කරනු ඇත හේතුවනම් මෙහි කිසියම් වූ හේතු බුත කරනා ඇති නිසාවෙනි,එහෙත් ඉන්නකන් අනුන්ට වල කපල,වැරදි වැඩ කරලා දිව්‍යලෝකය යන මිනිසුන් අසා නැති අතර එවැනි වුන් සමහර විට ප්‍රේත,බුත හා යක්ස ආත්ම වල උප්පතිය ලබනු ඇත.ඔන්න දැන් කියන උන්ව නොයෙක් මන්ත්‍ර වලින් බැද තවකෙකුට කරදර කරන්නට දැමිය හැක,එය තුලින් සිදුවනුයේ අපරාදයකි,මෙම වැඩ කරන කියන අයවලුන් ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පුද සත්කාර කරනු ඇත නැතිනම් වැඩ වරදින බව ඔවුන් හොදහැටි දන්නා දෙයකි මෙම දෙවියන් වටා ගෙතුණු කතා බොහොමයි, මායාදුන්නෙ රාජ්‍යය සමයෙන් පසුව මෙම ගම්බාර දෙවියන් කතා ඇතිවූ බවය,මෙම දෙවියන්ට විටෙක යකෙකු ලෙසද සලකනු ලබයි වීමට හේතුව නම් චරිත දෙකක් සතුවීමය, තවද පෙර දැක්වූ ලෙස කැබැලෑවෙයකු ලෙස ප්‍රසිද්ද වුවත් දේවත්වයට පත්වුයේ කල කි දේවල් යහපත් වු බැවිණි, පෙළක් මිනිසුන්සේම මෙම දෙවියන්ට නම් කීපයකි,පළමුව එය ගැන කතා කරමු      
1.අදත්ත කුමාර  
2.නාග ඔඩ්ඩිස කුමාර 
3.සන්නි ඔඩ්ඩිස කුමාර 
4.ගරුඩ කුමාර 
5.වෙළබ ඔඩ්ඩිස කුමාර  
6.සුනියම් දෙවියන්  
7.සුනියම් යකා   ලෙස අමතනු ඇත,

තවත් පත පොතේ මෙලෙස සදහන් වේ. 
1.සුළු ඔඩ්ඩිස  
2.නාග ඔඩ්ඩිස 
3.රාජ ඔඩ්ඩිස 
4.දේව ඔඩ්ඩිස 
5.දෙමල ඔඩ්ඩිස 
6.ගරුඩ ඔඩ්ඩිස 
7.සත්ජන්ම 
                                                                        ලෙස හදුන්වනු ලබයි තවද රාක්ෂ .බුරුනාග ,නරසිංහ , වෘක දේව, මී මැසි, කැලෑ මිණි,පොලොන්,දෙමළ,නාග කන්‍යා ආදී වූ දස අවතාර වලින් පෙනී සිටින අවස්ථා ද ඇති බව තතු දන්නෝ දනිති, තවද පත්තිනි දෙවියන් සත්වාරයක් උපන් බව දැක්වෙ එය්හ සමානව සුනියම්දෙවියන් ද යක්ස ආත්ම වල උපත ලබා ඇත, එසෙ නම් අප ගැන කුමන කතාද? සත් ජන්ම ලෙස හදුන් වන මෙම දෙවින්ගෙ ජන්ම හතකි  

1.මහකෙළ නා රජුගෙ දකුණු නාස් පුඩුවෙන් පිටවූ විස වායුවෙන් උපත ලැබූ නිසාවෙන් විෂ ඔඩ්ඩ්ස නමින් ද
2.ගරුඩ ලොව ගිරිකන්ද  නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් ගරුඩ ඔඩ්ඩ්ස නමින් ද
3.බද්දක්කාරම් නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් දෙමල ඔඩ්ඩ්ස නමින් ද             
4.උතුරු කුරු-දිවයින හනුවන්නී  නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් වෙළද ඔඩ්ඩ්ස නමින් ද
5.වජ්‍රරපානී ගොසලු නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් රාජ ඔඩ්ඩ්ස නමින් ද
6.ආයුපාල කුමරිය දැවු සොහොනින් උපන් බව දැක්වෙන අතර    
7. වන උපත මා හට සොයාගන්නට බැරිවිය(කණගාටුව පලකර සිටිමි)

                                                  මෙය තවත් පැත්තකි මේ මහා බද්‍ර කල්පය පහල වූ කකුසද,කොනගම ,කාශ්‍යප සහ ගෞතම බුදුරජුන් වැඩසිටි සමයේ විසු තුසේරින් බිසව පඩුවස් රජුගෙ අගමෙහෙසිය විය,දිනක් මගුල් පොකුණ හි ජලස්නානයට ගිය විට ඇයට එහිතිබු මනාව පිපුණු නෙලුම් මලක් දැක මහත් වෙහෙසකින් නෙලාගෙන සිපගන්නට සිතිනි, ඉන් පසුව ඇයට බලවත් ආශාවක්(දොළ - ගැබ්ගත් ස්ත්‍රියක් යම්දෙයක් වින්දනයට ඇති බලවත් කැමැත්ත) විය,එනම් නාගදී සර්පයන් සමග සිටීමය,මෙය ඉතාමත් වැඩිවිය දිනක් රජු නැවත පැමිණෙන විට දේවිය විශාල නාගයකු සමග එක්ව සිටිනු දැක පුදුමට පත්විය, එම නිසාවෙන් රජු නිමිති දන්නා බමුණන් ගෙන්වා පුද පඩුරු දී  හේතු බුත කාරණාව විමසා සිටියේය, එවිට දේවිය විසින් මනාව පිරිපුන් දෙහලක්ෂන වලින් පිරි පුත් කුමරෙක් ලබන බවත් අසාමාන්‍ය ලෙස නරක ගති ඇත්තකු බව ලබන බව සැලකර සිටියේය, මෙම කුමරා කුඩාකල පටන් නාගයන් සමග ඉතාමත් සුහද ඇසුරක් පැවැත්විය, මිතුරන් ලෙසින් නාගයින් සොළසක් අසුරුකළේය,ඔවුන් කුමරගෙය් සියලුම අවයවයන් වෙලාගෙන සිට්යහ, එක දිනක මෙම කුමරා විෂ පොලගකු අල්ලා ගෙන උගෙ ලේ හා විෂ උර බීවෙය,ඉන් කෙටි කලක් යන විට කුමරුන් හට මනසේ පැවැති තත්වය වෙනස්විය එනම් කිසියම් වූ අද්බුත බලයක් ලැබිණි,   

                                        කලක් ගත වූ පසු මෙම බලසම්පන්න කුමරුගෙ හිස සැඩපලු පසක් ගෙතී තිබුණු අතර නිල රථය ලෙසින් නිලවර්න ජව සම්පන්න අශ්වයෙකි,වමතින් ගිනි කබලක් දකුණතින් වඩිග කඩුවක් රැගෙන සිටින බවත් තවත් තැන්වල ත්රිශුලයක් අතැතිව සිටින අතර නිතර මුකයෙන් විස ලේ වැගිරේ තවද කට පැත්තකට ටිකක් හැඩවූ විලාසයක් ඇති වග පත පොතෙහි සදහන්ය,එසෙ දැක්වෙන කොට කුමරුන්ගෙ කාලසටහන මෙසෙ විය දින15 යක්ස විලාශය හා දින15 දේව විලාසයෙන් සිටින්නට විය, යක්ස විලාසය තුල දඩුවම්දෙන,පලිගන්නා හා ඉතා කෘර ගති ඇති කාර්යයන් හා මිනිස් ගාතනයන් කරන්නටද අමතක කලේ නැත, මෙම ගාතන වැඩි නිසාවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ගාතන තහනම් කලේය, ආවේනික (කෘර ගති)ගතිය අත්හරින්නට බැරිවිය එනමුදු තුනුරුවන් ගුණ ඉස් මුදුනින් පිළිගත්තෙය ඊට ගරු කරන්නටද පසුබට නොවිය, තවද තුනුරුවන් සරණ යන්නවුන් ආරක්ෂා කරන්නට ඔවන්කරන්නා වූ පුද ජූජා බාර ගන්නටත් කිසිදු දිනක අමතක නොකලේය,
                                    තවද තවත් පත පොතෙ හි ජන මතයන් වල මෙවැන්නක්ද අසන්නට තිබෙ එනම් සුනියම් දෙවිදුන් වඩින මග පෙරමන් යන්නට සිටිනුයේ මහසෝන් හා ඊරි අවතාරයන් බවය යන එනමග සුපරීක්ෂාවට රජාට PSD වගෙ සුනියම් දෙවියන්ට සිටිනුයේ මොවුන්ය,දිත්ව චරිතයක් හොබවන මෙවැනි දෙවි කෙනෙක් සදහා යක්සා වේශය දී නියම මාර්ගෝපදේශකයන් ලබාගන සිටී ඊටත් ලංකාවේ සිට්න යක්ස පිරිවර මෙම සුනියම් යක්ස අවතාරය සමග එක්ව වැඩ කරන බව ජන මතයක් පවතී, ඊට හේතුව ලෙසින් දක්නට තිබෙනුයේ කොයි මල යකත් හූනියම් යකුන්ට යටහත් පහත් බැවිනි, එබැවින් කොයි වැඩකරුත් යන්ත්‍ර මන්තර වල හදිහූනියම් වල ශිල්ප දක්වන්නට පෙර මෙම දෙවිදුන් වැද නමස්කාර කොට අවසරපතා නිසි වත් පිළිවෙත් ක්‍රමානුකුලව සිදුකල යුතු බැව් තතු දන්නෝ දනිති,එය එසේවන තරමට එහි ප්‍රතිපල අතිප්‍රබලය ගැස්සුනොත් කල එකාත් උදව් කල එකාටත් අඩු නැතිව සලකනු ඇත, 
                                                     මෙවැනි වූ කරුණු නිසාවෙන් බහුතරයක් අප සමාජයේ මිනිසුන් පළිගන්නට සුනියම් යකුන්ට බාර කරති, එසෙය් කරන මිනිසුන් ඔවුන් නොදැනුවත්ම තමන් ගතකරන මිනිසත් බවින් පිරිහෙන බව අමතකවීම ශෝකජනක දෙයකි, තව මිනිසකුට වලකපා,තව කෙකුව අපහසු තත්වයකට පත්කර ලබාගන්න දෙය කවදක්වාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැපතක් ලබනොදෙ, මෙම ගත කරන සමාජය යහපත් මිනිහටතියා දෙවි කෙනෙකුටවත් ඉන්නට නොදෙන බව මින් ඔබට වැටහෙනු ඇත,මොකද දෙවියන්ට කන්නලව් කරනුයේ අහවලාට මරපන් කොටපන් වද-දීපන් තලා-පෙලාපන් ආදී දේවල් වලනි, ලේ සෙලවීම් කරන්නට පසුබට නොවන නිසාවෙන් නොවලහා ඉටුකලත් ඔබ පිරිහෙන ප්‍රමාණය අතිමහත්ය මා එය පෙළක් ලිපිවලින් ඔබට දක්වා ඇත,

                                     මෙම දෙවිදුන් හට ආරාදන කවියක මේ ලෙස සදහන්වෙ "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක්  - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....!    " ආදී ලෙසින් දේවතා අරදානය සිදුකරනු ඇත තවද පෙළක් අයවලුන් සුනියම් දේවතාවා වෙනුවට සුනියම් යකුන් ලෙසින් බාවිතා කරනු ඇත,

තවත් කොටසකින් හමුවන අදහසින් අදට නවතිම්..

මාසය තුල සිත්ගත් ලිපි