14 February 2013

පන්සල් කොයි බටද?

පන්සල් කොයි බටද?                                සිංහල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා නම් දානය හා මළ ගෙදරය මින් එහා ගිය බැදීම් පන්සල වටා ඇතිවිය,ගමේ සිටන ගුණවත් පුද්ගලයා,වෙදැදුරා,ගුරු හාමුදුරුවන්, මහා පුස්තකාලය,පාසල හා උසාවිය ආදී දෑ වෙනුවෙන් පෙනී සිටි තවද සිංහලයාගේ සශ්‍රීකත්වයේ මංගල්‍යය ලෙස දක්වන සිංහල අලුත් අවුරුද්දට පෙර දින නොනගතය ලබන්නට පෙර තම පවුලට හැකි ලෙස සකස් කරගත් කැවිලි වල අග්‍ර කොටස මුලින්ම පිලිගන්වනුයේ ගමේ පන්සලටය,

                      කොල්ල කුරුට්ටනට මහත් කෙළිදෙලෙන් ගතකරන්නට හැකි තැනකි පෙළක් දඩබ්බර අයට විහාරය දං ගෙය ආදී තැන්වල මැරෑටි කම් කරන උන් නායක හාමුදුරුවන්ගෙන් බැට කන දසුන් දරුවන්ගේ කෙළිලොල් දඩබ්බර ගති අඩු නැතිව පෙන්වන තැන්ය, ගල්ලෑල් ලේ ලියන්නට පෙර අකුරේ ඉරක හැඩතලයක දකින්නට ඉඩ දුන්නේ නිසලව සිසිල්සෙවන දෙමින් වැඩසිටිනා බෝධීන් වහන්සෙගේ බෝමලුව හා චෛත්‍ය අවට වැලිමලුවය,ඔය අතරේ දෙමාපියන් සමග ඉන්නවිට වැලි වැඩකරන විට එපා,පව් කියන වචනය ඉවරයක් නැතිව අසන්නට ලැබෙ,තව දෙයක් ඔය ගමේ පන්සලේ තිබුනනෙ දේවාල ඒවා පන්සලේ කොනකට වෙන්න තමා තිබුනේ තව දෙයක් බය ම තැන තමා ඒ අවට තියන නා ගස, පෙළක් පන්සල් වල විහාර තුල දේවාල තියනවා දැකල තියනවා,පඩික්කම සමග හාන්සි පුටුව ලග ඇති කනප්පුව මෙය අප ග්‍රාමීය පන්සලක දකින සුලබ දසුන් අප බ්ලොග් අඩවිය සමග එක්වූ බොහෝ පින්වත් සොහොයුරන් මෙතෙක් දැක්වූ දෑ අත්විදින්නට ඇති කියල හිතනවා, දැන් වුවත් මතක් වෙනකොට සතුටක් සිතට එනවා දුකක්ත් හිතෙනවා එදා වැඩසිටි හිමිවරුන් නැති නිසා,ඔය විදිහට තමා ගමේ පන්සල තිබුනේ, 

                              ඔන්න දවසක් අපේ එකෙකු පන්සලට ගිහිං මම දැන් කියපු කෙනා නමෙයි වෙන එකකට,එකා කියනවා ගියාම ඉන්න හිතනවා,වශී වෙනවා ඔයවගෙ සීන්,ඔන්‍න‍ මටත් පහළවුනා වාරයක් යන්න කොහොම හරි ගියා කියමු,බුදුන්ට පුජාකරන මලත් සිතත් වෙනසක් උනෙ නෑ,පිලිමවහන්සේ මෙතරම් පින්බරනම් සැබෑ බුදුන් කෙතරම් සුපින්බරද කියල හිතුන වාර අනන්තයි,එහි දකුණු පස භාවනා යෝගීන් පිරිසකි මැද හිස්බිමකි එතනම මහා යකඩ කටිං එන බැතිමතුන් පාලනය කරන්නකි, විශාල විහාරයක් සමග තැන තැන ඉදිකළ පිළිම වහන්සේලා,මෙය මේ පන්සල විසින් මහා භුමිභාගයක විසිර තිබෙන්නකි, අවසානයේ එහි ගිය ගමන මෙන්න බුදුනේ  මල් කියා මල් තියල එන්න කියනවා වගේ පන්සල් යන එක මෝස්තරයක් කරගත්ත වුන්ට නම් අගයක් තිබුනට එහි දකින්නට තරම් දෙයක් නෑ මෙවැනි කාලයක මේ වගේ තැන් ඉදිවීම සතුටු වුවත් ඉන් ඉලිප්පි පෙනෙන කාරණය සිත කලකිරවන්නකි, 
                                                                               රත්‍රන් පැහැය ඇති අනෙක් පිළිම දිහා බලන් ලස්සන පිළිම කියනවා ඇරෙන්න සිතට දැනෙන්න දෙයක් නැත, ගමේ පන්සලේ විහාරයට ගියාම ඉන් දැනෙන සිසිලස නහයට දැනෙන දොරණ තෙල් සුවද (මොකද දොරණ තෙල් බොහෝ විට පාවිච්චි කරනවා විහාර චිත්‍ර වලට) ඇයි අපේ බුදුදහම මොකද වෙලා තියෙන්නේ..පන්සල් වල තියන කලා නිර්මාණවලට මොකද ඒවා කැත ද මහනුවර යුගවල කල  චිත්‍ර ගොඩක් පන්සල්වල තියනවා, මට බුදුපිළිමය දුටුතැන සිතුනු දේවල් සියල්ල එලියට ආ විගස මසිතින් තුරන්වන්නට තරම් එහි කිරියාවන් සමත්විය(අවසනාවක මහත) අනෙක් තැන අත්තනගල්ල මහා විහාරය ගිහින් බලන්න පන්සලක හැටි පන්සල දියුණුවෙනවා කියන්නේ ථෙරවාද බුදු දහමේ මලගමද,මා පෙර ගෙන දැක්වුයේ මා කුඩාකළ සිට මේ වනතෙක් දුටු ග්‍රාමීය පන්සල්වල සිදුවන දේවල්ය අනෙක ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න එම හිමියන්ගේ ඉගැන්වීමයි එම හිමියන් "ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට"කියනවදන අමතක කර ක්‍රියාකරන්නෙක් වුවද එම පන්සල තුල කෙලෙස්වාර්දනය වීමක් හා නොදැන පව්කර ගැනීමකි, මා සිතනුයේ මගේ සතුරෙකුවත් එතැනට නොගොස් කැළණි විහාරය ආදී තැනකට යන ලෙසය,
                     ගමේ පන්සලට යන්න එහි හිමියන් බැහැදකින්න එය වටිනවා අසපුවකට වඩා.. බෝමළුවක් වැලිමළුවක් අතුගාන්න මල් අසුනක් පිරිසිදුකරන්න ඔබ විසින් පන්සලට යමක් කරන්න,පල්ලි යන්න වගේ වාහනයෙන් බැහැල පාරේ තියන මල් අරන් පොලිමේ ගොස් රටේම තියන විච්චුරන බලන් බුදුන් වැදලා එන්න ඒවා Ready Made බුදුන් වැදීමේ Package, සාමාන්‍ය පන්සලකට ගොස් මලක් පහනක් තම අතින් පුජාකර හෝ බෝදි පුජාවක් කරනවා වගේ ඔය තැන්වල කරන්න පුලුවන්ද ඕව රත්‍රන් පැහැය ගැ හිස් කලගෙඩි නුබලට පිනක් පින් සිතක් පහළවන්නට ඉඩක් දෙන්නෙ නැ.. බුද්ධාගම තුලින් කෙලෙස් වැපිරීමක් සිදුකරන්නෙ නෑ..
එක මේ උන්නාන්සේලා ගිහියන්ට දෙන්නෙ නෑ,කෙලෙස් වැපිරීම රන්වන් දෙයක් පෙන්වල සිත රවටල ගෙදර යවනවා,, අසපු නිර්මාණ කරන මිනිසුන් බුදුදහම කෙසේ වැළද ගත්ත උන්ද යනවග ගැටළුවක්,මා දන්නාලෙස තිබුයේ අරණ්‍ය සේනාසන හා පන්සල් පමණි දැන් පෙනෙන ලෙස මෙය හරියට (අසපු)පන්සලුත් පුද්ගලීකරණය වෙලාද මන්දා.. මම තවත් තැනකට ගියා හොදට හදල තියනවා පන්සල මතක නෑ කෙරන වැඩ මතකයි එහි කියනවා ත්‍රිපිටකය ශිලලේකන ගත කරනව කියනවා.. පහනක් මලක් අරන් යන්න නෑ.. මිනිසුන් එනවා පන්සලට ආධාර අරන් එන මිනිහව හූරන් කන්න හදනවා ඔන්න බුධගමිකයගේ ශ්ද්රාව පෙරටු කොටගත් වංචනික වැඩ ඕකට කියනවා වංචක ධර්මයෙන් ක්‍රියා කිරීම කියලා,ඔන්න ඔහොම තමා දැන් කාලේ පන්සල් ගියේ..අපේ පන්සල් කොයි බටද? කියල හිතනවා,හැබැයි මෙය ලොකු (වංචක ධර්ම) මාතෘකාවක් වෙලාවක අරන් එන්නම් දැනට ඇති,මේ ගැන ඔබ අදහස දක්වන්න     

1 comment:

samakayawate said...

අදයි නෙත ගැටුණේ මේ සොඳුරුම අඩවිය... එන්නං දිගටම මේ පැත්තටත්..මේ සංවාද ශීලි ලිපිය මගේ හිතට තදින්ම කා වැදුණා.
මම සමකය වටේ ලියන නලීන්

මාසය තුල සිත්ගත් ලිපි