08 March 2013

රහත් වුනත් වෙනස් නොවන පුරුද්ද

                                     දිනක් එක් දිළිඳු මිනිසෙක් තම නිවසෙහි දානයක් දෙනු පිණිස බුදුරදුන් වෙතින් එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග නිවස කරා වඩමවාගෙන ගියේය. උන් වහන්සේ කුඩා හිමිනමකි. මෙසේ යන අතරමගදී, පාරේ තිබූ මඩ වළකින් බේරීම සඳහා උන් වහන්සේ වළට උඩින් පැන්නාහ.
                        මෙයින් කලකිරුණු දායකයාගේ සිත ඊළඟ මොහොතේ වෙනස් කිරීමට මේ හිමියන් සමත් වුවද දායකයා මේ පුවත බුදුරදුන්ටද සැළකළේය. එවිට බුදුරදුන් දෙසුවේ අද රහත් භික්ෂුවක් වුවද මේ තැනැත්තා පෙර ආත්මභාවයන් 500ක් (පන්සියයක් පමණ) වඳුරකු ලෙස උපත ලබා සිටි බවයි. ඒ අනුව පැනීමේ පුරුද්ද රහත්වීමෙන් හෝ අවසන් නොවූ බවත් පෙන්වා දුන් සේක.

                                    මේ කතා පුවත රුපවාහිනිය තුල ඉතා අගන ලෙස කලකදී මා දුටුවා,එය නිර්මාණය වී තිබුනේ පන්සලක වැඩසිටින සාමණේර හිමියන් දෙනමක් හා නායක හිමියන් අතරත් ඇතිවන සිදුවීම ලෙසය,පෙර ආත්මයේ වදුරු ව ඉපදුනු බව හොදින් පෙනෙන්නට තිබුණි,සාමණේර හිමියන් නිතර ගස් උඩ නැග බණ පොත් පාඩම් කරන දසුන් ඇතුලත් වී තිබුන,දිනක් දනකට වඩම්මා ගෙන යන අතරතුර මඩවලකින් පැනීම නිසා දායකයා හාමුදුරුවන්ට පුජා කරන පිරිකර නොදෙන්නට තීරණය කලා, නැවතත් මඩවලක් දුටුවිට මඩවල හරහා ඇවිදින්නට විය දායකයා පුදුම විය,පුදුම වෙලා ඇහුවා ඇයි කියලා එතකොට හිමියන් කියනවා එක වලකින් පැනලා පිරිකර නැතිකර ගත්තා මේකෙන් පැනලා දවල් දානයත් නැතිවෙයි කියලා,එම හිමියනට පරසිත් කියවීමට හැකියාව තියනවා තියන නිසාවෙන් වෙන්නට තියන දෙයක් කලින් දැන ගන්නටත් පරසිත් කියවන්නට හැකියාව තිබිල තියනවා,එය පුර්ව ආත්මවල කරන ලද පින්පව් මත පිහිටන්නකි,
                     මෙය දැන පවින් මිදෙත්වා..........!   

මාසය තුල සිත්ගත් ලිපි