නොතමෙන නිවසක් හිතට සහනයක්,එවැනි තැනක් හදන්නට
පටන් ගන්නට ආරම්බයක්
ජීවත් වීම සඳහා අප
විවිධ වූ තාලවලට නිවාස ඉදි කරනවා. ඇතැම් අය නිවසේ වහල සඳහා ශක්තිමත්
සෙවිලි යොදා වැස්සෙන් ගේ ඇතුළත තෙමීම වළක්වා ගන්නවා. අපේ බුදුහාමුදුරුවෝ
මෙම නිර්මාණය ශ්රාවකයාට ධර්මය දෙසීමට යොදාගෙන තිබෙනවා.මෙහිදී අපට
පැහැදිලි කරන්නේ මනා ලෙස සෙවිළි කළ නිවාසය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් තම
සිත රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් නොතෙමෙන ලෙස සකස් කර ගන්නා ලෙසයි.මෙලෙස
රාගාදි කෙලෙස් ධර්ම යටපත් කිරීමට හැකිවන්නේ නිවැරැදි ශ්රාවකත්වය ලබාගත්
තැනැත්තාටය. උපතින් අප බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වන බව ඇතැම් අය ප්‍රකාශ
කරති. නිවැරැදි ශ්රාවකත්වය ලැබෙන්නේ ධර්මය දුටු තැනැත්තාටය. ‘ධර්මය’ යනු උතුම් චතුරාර්ය
සත්‍යයි. එනම් උතුම් සත්‍යය හතරයි.
1. දුක
2. දුක හට ගැනීම
3. දුක නැති කිරීම
4. දුක නැති කිරීමේ මාර්ගය
2. දුක හට ගැනීම
3. දුක නැති කිරීම
4. දුක නැති කිරීමේ මාර්ගය
යනුවෙනි. එම සත්‍යය
හතරයි. මෙම සත්‍ය කරුණු පිළිබඳ අධ්‍යයනය කර අවසන් අරමුණ වූ නිවන ලබා
ගැනීම බුද්ධ ශ්‍රාවකයාගේ උතුම් බලාපොරොත්තුවයි. ඒ සඳහා ගමන් කළයුතු ප්‍රතිපදාව
වන්නේ් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එසේ නම් යාඥා කිරීමෙන්
පුද පූජා පැවැත්වීමෙන්, දෙවියන්
සතුටු කිරීමෙන් නිවන් කරා ගමන් කළ ;නාහැකිය. ක්‍රියාශීලි
ප්‍රායෝගික ප්‍රතිපදාවක් තුළින් අරමුණ කරා ළඟාවිය හැකි බව බුද්ධ
දේශනාවයි. ඒ සඳහා අප සමාජයෙන් පලාගොස් වනගත වීමටද අවශ්‍ය නැත. සමාජයේ ම
සිට තම අරමුණ
සාක්ෂාත් කරගත හැකිය. එලෙස හැකිවන්නේ තම සිතට ඇතුල්වන කෙලෙස් ධර්ම
හෙවත් පාප සිතිවිලි බැහැර කිරීමෙනි.
ප්‍රායෝගික ජීවිතයේ
ඇතිවන පාපී සිතිවිලි තුරන් කර ගැනීමට ප්‍රයෝජනවත් වන උපමා කතා බොහොමයක්
ධර්මයේ සඳහන් වේ. මා අද දින පැහැදිලි කර දීමට බලාපොරාත්තු වන්නේ
ජාතක පොතෙහි සඳහන් කතාවන් දෙකක් ය. මෙහි දැක්වෙන පළමු කතාවෙන් පෙන්වා
දෙන්නේ ආසාව නිසා ජීවිතය විනාශයට පත්වන ආකාරයයි. බුදුරජාණන් වහන්සේ
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක. එකල ආහාරයෙහි ලොල් වූ එක්තරා
භික්ෂුවක් අරභයා මේ ජාතකය දේශනා කළ සේක.
එම භික්ෂුව ඉතා ලොල්
කෙනෙක් බව අනිකුත් භික්ෂූන් වහන්සේ බුදුරදුන්ට දැනුම් දුන්හ. පසු ව
බුදුරදුන් එම භික්ෂුව කැඳවා ඔබ ආහාරයෙහි ලොල් වූ කෙනෙක් දැයි විමසා
වදාළහ. එවිට එසේය ස්වාමිනි! යැයි එම භික්ෂුව බුදුරදුන්ට පිළිතුරු
දුන්හ. භික්ෂුව
ඔබ අද පමණක් නොව පෙරත් මෙලෙස ආහාරෙහි ලොල් වී ජීවිතක්ෂයට පත්වූයේ යැයි දේශනා
කළ සේක. පසුව භික්ෂූන්ගේ් ආරාධනයෙන් එම අතීත කතාව ගෙන හැර දැක් වූ සේක.අප
කුඩා කළ දෙමාපියන් යටතේ ද පසුව ගුරුවරුන් යටතේ ද ජීවිතය සකස් කර ගනී.
ඇතැම් අය දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ අවවාද නොපිළිගනිමින් ඉතා අකීකරු ලෙස
ජීවත් වන පිරිස් ද සමාජයේ සිටිති. එබඳු අයගේ ජීවිත ද
අකාලයේ විවිධ අනතුරුවලට පත්වන්නේ ය. එබඳු අකීකරු භික්ෂුවක් පිළිබඳ
තොරතුරු ජාතක පොතෙහි සඳහන් වේ. ‘වේළුක’
යනු එම ජාතක කතාව
ය.
බුදුරජාණන් වහන්සේ
ජේතවනාරාමයේ වැඩ වසන කළ අකීකරු භික්ෂුවක් සිටින බවට තොරතුරු ලැබුණි.පසුව
එම භික්ෂුව කැඳවා ඔබ අකීකරු භික්ෂුවක් දැයි බුදුරදුන් විචාලහ. එසේය,
ස්වාමිනි! යැයි මෙම
භික්ෂුව පිළිතුරු දුන්නේ ය. මහණ ඔබ අකීකරු වූයේ දැන් පමණක් නොව
අතීතයේද මෙලෙස අකීකරුකම නිසා ජීවිත හානියක් සිදු වූ බව දේශනා කළහ. බොහෝ
භික්ෂූන්ගේ ඉල්ලීම පරිදි එම අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.අතීතයේ බරණැස් නුවර
බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළේය. අප මහ බෝසතාණෝ මහා සම්පත්
ඇති රාජ්‍ය කළේය. අප මහ බෝසතාණෝ මහා සම්පත් ඇති කුලයක ඉපිද පංච
කාමයෙහි ආදීනව හැඳින
ගිහි ගෙයින් නික්ම වනයට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව
උසස් ඤාණ ලබා ගත්තේ ය. එකල සර්පයෙක් ආහාර සොයමින් ඇවිදගෙන
තාපසතුමාගේ අසපුවට ගියේය. තාපසතුමා එම සර්පයා උණ පුරුකක
දමා ආරක්ෂා කළේය. උණ පුරුකේ වාසය කරන නිසා සර්පයා ‘වේළුක්’ නමින් ප්‍රසිද්ධ විය.
මෙම කරුණ
බෝසතාණන්ට ආරංචි විය. පසුව එම තාපසයා කැඳවා තාපසයා, සර්පයන් විශ්වාස
නොකරන්න. මෙසේ රක්ෂා නොකරන ලෙස අවවාද කළහ. ඇදුරුතුමනි,
මේ සර්පයා මාගේ පුත්‍රයෙකු
වන්නේ ය. මට පුතාගෙන් වෙන් ව වාසය කිරීමට නොහැකි බව කීවේය.
එසේ නම් මේ සර්පයා
ඔබගේ ජීවිතයට අනතුරක් වන්නේ යැයි කීය. බෝසතාණන් එසේ අවවාද කළද තාපසයා එය
නොපිළිගත්තේ ය.දිනක් පලතුරු ගෙන ඒම පිණිස වනයට යන තාපසයා සර්පයා උණ පුරුකෙහි දමා
ගියේ ය.
ගිය තැන පලතුරු බහුල නිසා දින කිහිපයක් එහි වැස පසුව පැමිණ වේළුක නම්
සර්පයාට ගොදුරු දෙමියි සිතිය. ‘පුත වේළුක’ යැයි කියා ඉතා ආදරයෙන් අත දිගු කළේය.
නිරාහාරව සිටි සර්පයා කිපී තාපසයාගේ අතට දෂ්ඨ කළේය. පසුව
අනික් තාපසවරු එක්ව මියගිය තාපසයාගේ් අවසන් කටයුතු සිදු කළහ. එසේ
අකීකරු වීමෙන් තමාගේ් ජීවිතයද විනාශයට පත් වන්නේ ය. යනුවෙන් අවවාද කළහ.
මෙලෙස අතීත කතාව
ගෙනහැර දැක් වූ බුදුරජාණන් වහන්සේ අකීකරු ව ජීවත්වන තැනැත්තා වේළුක නම්
සර්පයාගේ පියා සේ විනාශයට පත්වන්නේ යැයි දැක්වූහ. බුදුරදුන්ගේ නිවැරදි
ශ්‍රාවකයන් ලෙස කටයුතු කිරීමේදී අප ආහාරයෙහි ගිජු වීමෙන් තොරවිය යුතුය.
එසේ ම අකීකරු නොවිය යුතුය. අන්‍ය මතවලට සවන් දිය යුතු ය. අනුන්
දෙන අවවාද පිළිගත යුතුය. සිත, කය,
වචනය සංවරය ඇතිකරගත
යුතු ය. එලෙස සිදුකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගික ව පුහුණු කළ
යුතුය. එවිට
බුදු දහමෙන් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැකිය. අවසානයේ තමන් බලාපොරොත්තු වන
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට ද හේතු වන්නේ ය.
මෙය පූඩලුගස්යායේ ධම්මදස්සි හිමි
හිමියන්විසින් ලියන ලද බුදුසරණ පත්‍රයට පළවූ ලිපියක උපුටා ගැනීමක්,