මතක්වන්නට පොඩියමක්



“මාගේ ධර්‍මය රුචි කරන්නා වූ යම් ගිහියෙක් වේද? හෙතෙමේ මද්‍යපානය නො කරන්නේ ය. 
එහි නො හැසිරෙන්නේ ය.බොන්නන්හට අනුබල ද නො දෙන්නේ ය.”
 
(බුදුරජාණන් වහන්සේ)





 “මිනිසා පරිහානියට පත් කොට මුළු රට පංච දුශ්චරිතයෙන් දුරාචාරයෙන් පුරවා මිනිසා ගේ අධ්‍යාත්මය විනාශ කොට රටක් සංවර්ධනය කළ නොහැකි යි. අහස උසට ගොඩනැගිලි හැදුවත් පාර පුරා නවීන යාන වාහන ධාවනය වුවත් අභ්‍යන්තරික සංවර්ධනයෙන් තොර ව රට සංවර්ධනය කළ නොහැකි යි”


අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් 
 මහනුවර පැවැත්වුණු බෞද්ධ තොරතුරු විමර්ශන කමිටුවේ මහජන සමුළුවෙක
දීවයින 1982.03.24





බුද්ධශාසනයේ දියුණුව රඳාපවත්නේ වෙහෙර විහාරවල හෝ උත්සව පෙරහර ආදියේ හෝ නො ව පුද්ගලයන් තුල ය. බාහිර දියුණුව කොපමණ ඉහළින් තිබුණත් බුද්ධාගම අදහන පුද්ගලයන් ගේ ආභ්‍යන්තරික දියුණුවක් තැන් නම් බුද්ධශාසනයේ දියුණුවක් නොවන්නේ ය
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන්   1956/01/23













බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි
ලූ ලුණු මෙන් පුපුරන්නෙ ය කෝප විකාරෙන්
ඈ සනසන්නට 
සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙ ම නැද්ද?
උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා.
( ටිබැට් ජාතික මහින්ද හිමියන්)








"මාගේ වෑයම රජ සැප පිණිස නොව, බුදුදහමේ චිරස්ථිතිය සඳහාය"
(දුටුගැමුණු රජතුමා)




ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තුබුණි.
                                           (අනගාරික ධර්මපාල තුමා)









මාසය තුල සිත්ගත් ලිපි