11 January 2013

සුනියම් දේවතාවා - 04



                                       න්න එනම් අත්හැරුණු වැඩකරන්නට ඉඩක්ලැබුණ තවදෙයක් හොයාගත් දේවල් ලගතියන්වැඩක් නෑ මොකද තව කෙනෙක්ටදැනගන්නටදෙනඑකත්පිනක්නේ, මා මෙ ලිපිය කරන්නට සිතුවේ පෙර ලිපි වලින් අහවර කරන්නට බැරි උනා කවුරුත් දන්නා
තෙදබල වරම් ලද - සක්වල භාර හිමිසද
සමන්කුළු පව්වද   - කුජලාට සත් මුහුදුමැද
ලදවිවරණ තෙදින්- මුරබාරවූ නියතින්
මතු බුදුවනඋතුම්   - වදිමි තෙද සුනියම්දෙවිදුන්
එක්ලක්ෂඅටසැට - දහසක් දෙවොල්  ඝනකඩ
බුද්ධාලබෝමැඩ - සදරකිමින් රකින
සෑම අණවිනයට - යන්ත්‍රමන්ත්‍ර අදුනට
බැල්මලුහැමවිට -  වඩින් ඔඩ්ඩ්ස කුමරු හැමවිට             
                          මේ කවි වලින් මා පෙර කී දෑ නොඅඩුව දක්වා ඇත,පෙර ගම්වල ඇති පන්සල්වලදේවාලනොතිබුණානොවේ,මොකදමේකාලයවගෙ දෙවියන් බහුලව හිටියේනෑ දැන්හරි සුලබ දසුනක් බැවින්මිනිසුන්තුළ ඇති භක්තියක්‍රමයෙන් හිනවෙලා, කල පන්සල් වල ආරක්ෂාවට වැඩ සිටියේ මේ දෙවීවරුන්ය, සුනියම්දෙවියන් සතු බලය කවියෙන් මේසේය.
තෙද අසුර ඔඩ්ඩ්ස - සදෙව්නා බඔතලය අසදිස
නරකය යතිස්රැස  -සැනෙන් වඩිනා බලය ඇතියස
තෙද හස්ති පාලය -යම දේවතා ඔබය
පසකුරුහිමි ඔබය - එමෙන් යමපිම්ම ඔබේමය                
                        මෙවැනි බල සහිත දෙවියනට පුජාකරන අයවලුන් දන්නා දෙයකි කිලි අපි දැන් බලමු මොනාද මෙය කිල්ලකියලා
1.කොටහළු කිල්ල- මෙය ප්‍රධාන කිල්ලකි එනම් දැරිවියක් වැඩිවියටපත්වුකළඑයමාසතුනක්යනතෙක්එම නිවසෙහිපවතී
2.දරුකිල්ල-පෙර කාලයේ ඉස්පිරිතාල චැනල් වෙද්දු හිටියෙ නැ,තම ගෙදරම තමාතම දරුවන් ප්‍රසුතකලේ එය කිල්ලක්වේ
3.මරණකිල්ල- තම පවූලේ ලේ නෑයකු මියගිය විටත් කිල්ලක් ඇතිවේ
                
ඉහත සදහන් කිල්ලක් ඇති වුන කල තුන් මසක් ගතවෙන තුරු දෙවියන් වෙත පහන් තබෙ මෙන් වලකිනු ලබයි, ලංකාවටම සක්රජු ලෙස සීතාවක රාජ්‍යසමයේ වැඩසිටියේය එම රාජ්‍යසමයේ පරිහානිය සමගින් මෙම දෙවියනට කුඩම්මගෙ සැළකිලිද වලට බාජනය විය,එය ක්‍රමයෙන් නුවර සමයේ සුනියම් දෙවියන් ලෙස පෙරට පැමිණ මහනුවර වඩිගරජුගේකාලයේ සුනියම් දෙවියනට දැඩිවිස්වාසයකින් මිනිස් සිත ඇදබැද ගත්තා, රජ පවුලේ අසනීපයක් වු කල මහනුවර රජගෙදර “ සුනියම් ශාන්තිය ” අනිවාර්යය පිළියමකි,එවකට තිබු යාග ශාන්ති ක්‍රම අතර ඉතා ඉහල තැනක් හෙබවීය එය කබලෑ පටුනෙහිමෙසේ සදහන් වේ,

ඇතුන් හලට ගිය - සිහ රජ වාගේ
යකුන්හැමට බල - විජලිදු වාගේ
කුසුම් හැමට වන්  - දනමල වාගේ
මේසිහළට ඔබ - සක් රජ වාගේ

පුරවටකර සක් මනේ වඩින්නේ
හිරකර බන්දන වින පිපිරෙන්නේ
දුරුකර හැමවිට දෝස හැරෙන්නේ
කරවිට සිට වැව් එළිය බලන්නේ
          තව දෙයකි  විටෙක කබලෑ දෙවියන් සුනියම් දෙවියන් හා සැසදීම ගැටළු සහගත් වුවද පසුබිම් පුරාවුර්ත මත අවසාන වශයෙන්මා මෙවැනි වූ නිගමනයකට පැමිණියා එනම් මහනුවර සමය අවසානය තෙක් සුනියම් ශාන්තිය පැමිණියේ කබලෑ දෙවියන් මුසු කැරගෙන හූනියම් කැපීම ආදී යාග පැවත්වින එය ක්‍රමයෙන් සුනියම් දෙවියන්ගෙ බලය හාපසුබිම් සමාන වු නිසාවෙන් කබලෑ දෙවියන්ට සුනියම් දෙවි ආදේශ කිරීමක් සිදුවුවා කියා සිතට එනවා, කෙසෙ  වුවද මෙම දෙවියන් දෙපල තවමත් සිරිලක ඔබට අපට පිහිටවනවා ඇත.එනම් රාහු අපලවලට පිළියම් ලෙස ශාන්ති කර්මලෙස පුජ පවත්වනවා ඇත මින් බලපුලුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර ශ්‍රී සිද්ධසුනියම් දෙවි වෙළුම අවසානය දකිනවා ඇත,

        මෙය මහසෝන් පත්ඉවූරේ සටහනටඋදව්කල කතරගම ශ්‍රී සිද්ධසුනියම් දේවාල තේවා භාරකපු ධුරන්ධර කේ.ඩි. දේවප්‍රිය මහතා හා සටහනට එක්වූ සංජය කළුපහන ඇතුළු මෙම ලිපි පෙළ සමග සිටි 
ඔබ ඇතුළු සියලූ දෙනාට තෙරුවන් සරණයි....ගම්බාර දෙවි පිහිටයි..!      

අදහස්/යෝජනා මට යොමු කරන්න

2 comments:

Tiraj Adikari said...

ස්තුතියි මචන් . හොඳ ලිපි පෙළක්. ඔක්කොම ටික කියෙව්වා :)

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

දේව පාදේට අහුවෙච්ච ගෙවල්වලට සුනියම් දෙවියන්ගේ බැල්ම අනිවාර්යෙන්ම තියෙනවා.ඒ වගේ ගෙවල්වල බල්ලන් ඇතිකරන්න බෑ.රාත්‍රී 9 30න් පස්සේ සුනියම් දෙවියෝ කොයි මොහොතක හරි ඒ ගෙදර මිදුලට වඩිනවා.බල්ලට දෙවියෝ අමනුස්සයෝ පේනවා කියල තමා කියන්නේ.බල්ල බැරිවෙලාවත් දෙවියන්ගේ ගමනට භාදා කරලා බුරන්න ගත්තොත් සුනියම් දෙවියන්ගේ අතේ තියෙන මා වේවැලෙන් ගහනවා.එතකොට බල්ලා මැරෙනවා.මේක මමත් අහලා තිබ්බ කතාවක්.මෙහෙම බල්ලෝ මැරෙන ගෙවල් කීපයකුත් මට දැනගන්න ලැබිලා තියෙනවා.

මාසය තුල සිත්ගත් ලිපි