18 October 2012

සුනියම් දේවතාවා - 02

                                  හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන්   උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල නමින් දේවියක් හිටියා, ඇය ගර්බනී වුකල බලවත් ආසාවක් ලෙස පහලවුයේ සර්පයන් ඇග පැලදීමටය (පෙර කතාවට වඩා ටිකක් වෙනස් නෙ) මෙතුලින් උපන් කුමරු රවුද්‍ර ගතිවලින් පරිපුර්ණ විය,මේ කුමරා ඔඩිඩ්ස නමින් ප්‍රකට විය, මේ කුමරු බිහිවන  දින පරිවාර දේවියන් දහසට පිරිමි දරුඋපත් ලැබිණි, ඔවුන්ටද ඔඩිඩ්ස කුමරුන්ගෙ යක්ස විලාශයන් මවා පෑවේය, ඔඩිඩ්සගෙ පරිවාර පිරිස ලෙසින් මොවුන් දහස සිටියේය,  
                                     කලක් ගතවූ පසු ඔඩිඩ්ස කුමරුන් විශාල පර්වතයක චතුවාර නමින් සතර දිසාවට දොරවල් සතරක් සහිත සතර දිසාවම පෙනෙන ලෙස මාලිගාවක් කරවා බිරියන් සතරදෙනෙකු සමග කල්යැවීය,ඔඩිඩ්ස කුමරුන් ආහාරය ලෙසින් ගත්තෙ නාගයන්ය පානය ලෙසින් නයි විසය,ඔඩිඩ්සගෙ බලය උරගා බලන්නටත් ප්‍රථමයෙන් පොඩි හුනියමක් කරන්නට හිතිල යොදුන් ගානක් දුරසිටින රජකෙනෙක් නමින් සාගල වූ රජ ගුප්ත ලෙස ලෙඩ කිරීමය, කලදෑ හරියට ම සිදුවිය,සාගල රජුගෙ ගත ඔඩිඩ්සගෙ බලයෙන් රෝගාතුර විය, එවකට සිටි නිමිති බලන බමුණන්ගෙ පිහිට පැතු සාගලරජු ඔඩිඩ්සට පුදජුජාවක් කරන්නට නියම විය,එය පලතුරු, සහල්, පස් පුළුටු(පුළුටු වර්ග පහක්),අල වර්ග හා වලස්හමක් ආදිය ජුජාවට අඩංගු ප්‍රදාන ජාති අතර විය,ඉන් පසුව සාගලරජු සුවපත්විය, මෙය මිනිසුන් අතර ප්‍රසිද්ද වන කල මිනිසුන්ද ඔඩිඩ්සට පුදජුජා කරන්නට පෙලබුණි.

තවත් පතපොතෙහි සුනියම් යකුගෙ ඇදුම වලස් හමක් ලෙසින්ද වාහනය රන්වන් ගොනෙකු ලෙසින් දැක්වෙ,තවද මොහුට දස බිසෝවරුන් සිටිබැව් සදහන්වෙ,
1.තකරි
2.මකරි
3.යමදුති
4.කාල-රාක්ෂි
5.අසේනි
6.විසේනි
7.ඉරුගල්කන්ඩි
8.නාග-රූපී
9.පුෂ්ප-රූපී
10.තිලෝක දේවි        
       ලෙසින් බිරින්දෑවරුන් නම් සදහන්වෙ තවද මෙම නම් සර්ප-වෙදකම් වලදී ඇතැම් දල පහරවල් හදුන්වන්නට යොදාගන්නවා ඇත,  
                                               බල කාමය මෙය කාලීන වදනකි බහුතරයක් මිනිසුන්ට මුදල් අත ගැවසෙන කල සොයනුයේ අසීමිත බලයකි එය මැරබලය, දේශපාලන බලය ආදී වූ නානාකරයේ බලයෙන් මත්වෙති, එවැන්නෙක් ගැන නැවත ඔබට  කියන්නට ගියකළ නැවතත් පැමිණෙනුයේ සුනියම් උපත ගැන තවත් මතයකටය.. වෙලාවකට මෙය එකම කතාවක කොටස් සේය. 
                             කෙසෙය් වුනත් මා හට දක්නට තිබුන මෙවැන්නක් එනම් මොහුගෙය් පියා ලෙස ඔඩිඩ් රජු ද මව ලෙසින් යදව්ගිරි දේවිය විය, ඔඩිඩ් කුමරු සොලොස්විය දී ලැබූ අසාමාන්‍ය මානසික හා ශාරීරික බලයෙන් මත්විය ප්‍රතිපල ලෙසින් තම පියාගෙම අසිපතින් පියාව දෙපලු කළේය, ඉන් පසු වඩිග පුරයෙන් ගොස් වඩිග රජුන් මරා එතැනින් පාඩේර නුවරට ගොසින් එහි රජුද මරා සිය පිරිවර සමගින් එරන්ද නම් වනයට වැද සිටිබවය, ඔබ අප දන්නා ලෙසින් බලයෙන් තරමක් වැඩි වනවිට අපට වැද වැඩි බලයක් තියන උදවිය ඇසුරු කරන්නට ප්‍රියවන බව නොරහසකි සමාජය තුල ඕණා තරම් පුද්ගල චරිත දක්නට ඇත, අහවලා අහවල්ලුන් ආදීලෙස දැක්වීම පලක් නැත, කෙස් වුවත් යක්ෂයන් අතර බලයේ කෙල පැමිණි යක්සයන්ට අදිපති වූ වෙසමුණි රජු මුණගැසී තමා විසින් මැරූ තුන්කට්ටුව ගැන පවසා මනුෂයන්ගෙ බිලි පුද ගන්නට අවසර ගත්තේය.. ඔන්න මෙතැන් පටන් මිනිසුන්ට ග්‍රහ බල දුර්වල පුද්ගලයන් බලා නොයෙක් ලෙඩ ඇතිකරන්නටත් අවෙලාවට හැසිරෙනවුන්ට බියකරුලෙසින් පෙනී සිටින්නට අමතක නොකළේය,තවද බිලිපුජා කරන්නවුන් ඉතාහොදින් ආරක්ස කරන බව පිළිගත් මතයකි.     

                    ඔං බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර ගම්බාර දෙවියන්ට සංස්කෘත බසින් නමස්කාර කරන ශ්ලොකවල දෙවියන්ගේ ස්වබාවය පිලිබිබුකරයි..

ශිව මස්තු නමෝ රමඃ
කන්ද සෙනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ



අග්නිඃ කන්දංච හස්තේන
හස්තෙන වඩිග කර්ගතේ
මුඛෙන විෂ සර්පේන
ශිර්ශේ පංච කේෂකේ

උදරේ නාග බන්දාම් - නිලොතතුරග වාහනා
සුනියම් දේවතා නාම - මයහන්දි පාදකේ නමෝ             

           මෙතුල ගම්බාර දෙවියන්ව නමස්කාරයට යොදාගන්නා ගාථාවකි ඇතැම් මෙ දෙවියන් පුජා කරන පිරිස මෙම ගාථාව කියා අවසානයේ දෙවියන්ට පින්දීම සිදුකරනු ලබති,තවද යන්ත්‍ර-මන්ත්‍ර වලදී බහුලව බවිතාවෙ, අදට නවතිනුයේ තවත් කොටසක් රසවින්දනයට තබමිනි එතුලින් ගම්බාර දෙවියන්ගෙ පුදා වැඩ වරද්දා ගත් අපේම මිනිසුන් ගැන කතාකරමු.. එතෙක් සියලු දෙනාට තුනුරුවන් සරණයි....!  

12 comments:

Tiraj Adikari said...

අගෙයි අගෙයි , ඉතින් කොහොමද ඔය ඉන්දියාවේ හිටපු දෙයියෝ ලංකාවට වැඩියේ ?
:)

Arachchi Ralahami said...

මා දන්නා පරිදි ගම්බිම් වලට අධිපතිව සිටි (ගම්පති වෑනි ) නිලධාරීන් මරණින් පසු ගම්බාර දෙවිලෙස උප්පත්ති ලබනා බවයි. ඒත් මේ පිලිබද 100%ක් නොදනිමි. නමුත් මෙවෑනි සංකාර සම්බන්ධයක් තිබිය හෑකියී නේද.....

Arachchi Ralahami said...

මා දන්නා පරිදි ගම්බිම් වලට අධිපතිව සිටි (ගම්පති වෑනි ) නිලධාරීන් මරණින් පසු ගම්බාර දෙවිලෙස උප්පත්ති ලබනා බවයි. ඒත් මේ පිලිබද 100%ක් නොදනිමි. නමුත් මෙවෑනි සංකාර සම්බන්ධයක් තිබිය හෑකියී නේද.....

Mahason brothood said...

එය කල කර්මයන් මත පිහිටනවා ඇත,තව දෙයක් එකල සිටි ගම්පතින් කල කීදෑ අප නොදන්නා මුත් මෑත කාලීනව සිටින වුන් ගැන කිසිදු පැහැදීමක් නැත, ඇත කාලයේ සිටි මහසෙන් රජුන් එවැනි දේවත්වයට පත්වූ රජකෙනෙක් හා සෙනවි කෙනෙක් (මිගාර), පෙර පින්වල බල මහිමය බලපානවා ඇත මා මෙහි පෙර කල අකුසල් විපාක දෙන අයුරු පෙන්වා ඇත එය කියවුවොත් කිසියම් අදහසක් ඔබ දැනෙනු ඇති සිතමි,

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

එල... ඒත් ශිව මස්තු ශ්ලෝකෙ පොඩ්ඩක් අවුල්............

Mahason brothood said...

ස්තුතියි වැරැද්ද කියල දැන්වුවට, වැරැද්ද පෙන්වුවනම් හොදයි නේ

Arachchi Ralahami said...

මෙලොව ප්‍රගුන කරනු ලබන සංකාර වලට අනුවයි උප්පත්ති ජාතිය සකස්වන්නේ, එයයි ධර්ම නියාමය.

මෑත කාලයේ වුවද බොහෝ සේවාවක් කල ගම්පතීන් සිටියහ. ඒ අතර පරසුද්දන්ට ගෑතිකම් කරපු පිරිස්ද සිටියහ. එනමුත් සෑම ගම්පතිකෙනෙක්ම ඒ දෘශ්ඨියෙන් මෑනීන යෝග්‍ය නොවේ. අද සිංහල ජාතියේ සුරක්ෂිතතාවයට ගම්පතීන් සෘජුවම දායක විය. ඒ පිරිස නොවන්නට අද කලු සුද්දන් මීට බහුල වනු ඈත.

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර ) said...

ආ...
සමාවෙන්න එන්න පරක්කු උනාට.බ්ලොග් පැත්තේ එන්න බැරි උනා.

ශිව මස්තු නමෝ රමඃ
කන්ද සෙනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

Mahason brothood said...

වැරැද්ද හදාගන්න උදව් කලාට ස්තුතියි. තෙරුවන් සරණයි..!

sahan sankalpa said...
This comment has been removed by the author.
sahan sankalpa said...

මං දන්න විදිහට ශ්ලෝකෙ මෙහෙමයි වෙන්න ඕනේ.

ශිව නමස්‌තු නමෝ රාමඃ

කන්ද සේනා සමාගමඃ

වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ

ඔඩ්ඩි මංගල නමෝ නමඃ

අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන

වඩිග කර්ගතේ

මුඛෙන විෂ සර්පේන - ශිර්ෂේ පංච කේෂකේ



උදරේ නාග බන්දාමී - නීලෝත් තුරඟ වාහනං



සූනියන් දේවතා නාම - මයිහං පාදතේ නමෝ නමඃ

Unknown said...

Nā nā vaņņa mahā tejo odāta haya vāhano
grāma sañcārako devo idam pujnjnānu modatu

Siyalu duk duralana
dev teda balaya sasobana
vihiduvana apamana
Sūniyam devi mepin ganu mena

Dā vemin nuvara Panďuvas niridunța
tejasin turaga vāhana veďa ința
mā tuțin kiyana deya ițukara dența
Sūniyam devatāveni me pin ganța

මාසය තුල සිත්ගත් ලිපි