Showing posts with label යකා. Show all posts
Showing posts with label යකා. Show all posts

13 November 2012

සුනියම් දේවතාවා - 03

                                                                    මාජය තුල කැපීපෙනෙන චරිතවලට නොයෙක් කතා නිර්මාණය වීම අමුතුදෙයක් නොවන බව ගම්බාර දෙවියන් වටා ගෙතුණු කතාවලින් ඔබට වැටහෙනු ඇත, මේ ගැන කරුණු කාරනා සොයන කල මා තවත්  සුනියම් දෙවියන් යනු කවරෙක්ද යන්න තව දුරට සොයා ගියා එතකොට මට ලැබුන විදිහට එය කෙටියෙන් කියනවනම් කතරගම දෙවියන්ට බාර වෙනවනෙ මිනිසුන් අහවල් අහවල්කාරිය කියල ඕව උනාම ඉටුකරන්න එපැයි, අපෙය් හැත්ත වැඩක් කරගන්නකන් විතරනෙ එට පස්සෙ උන්ට මතක නෑ වැඩෙ කරන්නට කලින් කියපු දේවල් ඔන්න ඕව මතක් කරන්නට ගම්බාර දෙවියන් තමා මුන්ට මතක් කොරන්නෙ,එම නිසා එම දෙවියන් කතරගම දෙවියන්ට සිදුවන බාරහාර සම්බන්දව වගකියන්නෙ,එවගෙ ම කතරගම දෙවියන් සතු තවත් එක් බලවත් දෙවි කෙනෙකි, ඊලග තැන නම් ලංකාවෙ විසු බලවත් යක්ස ගෝත්‍රික හැඩිදැඩි පුද්ගලයෙකි, දරුණු ලෙස දඩුවම් දෙන තමුන්ට පුද පුජ කරන මිනිසුන් රකින්නෙකි, මෙය දැනගත් දැඩිමුන්ඩ දෙවියන් දිව්‍ය වරයන් සමග යහපත් ලෙස ජීවත්වන්නට අණ දුනි, දිව්‍යවර තුල යන්ත්‍රමන්ත්‍ර බලය, යහපත් මිනිසුන් අරක්ෂාකරන්නට සමග දිව්‍ය බලය ඇතුලත්විය, මොන දෙය තිබුනත් ආවේනික ගති විටින් විට මතුවිණි, යහපත් ක්‍රියා වැඩිවන තරමට  මේ නිසාවෙන් මොහු දේවත්වයට පත්වන්නට විය, අප මිනිසුන් කන්නට ඕනනම් කබරත් තලගොයා කරගන්නවා කියල අහල ඇති, රටේම තියන දහදුරා වැඩ කරලා ඇවිත් අහවල් අහවල්කාරිය කරලා දෙන්න ලෙස දනින් වැටෙනවා නොවැ, තව පලිගහනවා මේවා නිසා යහපත් මිනිසකුටවත් ඉන්න බැරි සමාජයක එක අතකින්දෙවියන් යක්ෂයන් වන එක අහන්න දෙයක් ද
                                        

                                මිනිස් සිත බණ භාවනාවකට සිත යොමුකරනවට වඩා තවකෙකු සමග  කේලමක් කුනුහරුපයක් හෝ පස්පවක් කරන්නට සිත වේගයෙන් යොමුවනවා ඇත, පෘතග්ජනයන් ලෙසින් තැන තැන දුවන සිත පවට ලෝල්ය, දහමට සිත යොමුවනුයේ ඔබ අප පෙර කලාවූ කුසලයන් වල විපාක ලෙසිනි නැතිනම් කරකියා ගන්නට බැරි උනාම පංසලට රින්ගීමය නැතිනම් පන්සලෙ සිටින හිමියන්ට කැතකතා කියමින් නන්නත්තරෙය් යෑමය,පෙර ලිපිය මා සදහනක් කලා සුනියම් දෙවියන් සමග වැඩකර වැඩ වරද්දාගත් අය ඉන්නව කියලා මතක ඇති, ගම්බාර දෙවියන් හා  මෑතකාලයේ ප්රසිද්ද පුද්ගලයෙකුට වුන වැඩක් තැන කළුතර දිස්තිරික්කයේ පානදුර පරදේශයේ ඇතිනෙ මීට වඩා කියන්නෙ නෑ  ගම්බාර දෙවියන් සමග මෙත්රී බුදුන් දැක නිවන් දකින්නට එක්ව පින්කරන බව පවසමින් යහපත්ලෙස කල්යවා එන මිනිසුන්ට වැහෙන අමුනුෂයන් මා කල පින් අනුමෝදන් වී සිටින්න ලෙසින් අමුනුෂයන් බැද ඔවුන්ගෙන් නොයෙක් වැඩ කලේ ,ඒවා හරියටම හරි ගියේය ක්රමයෙන් ප්රසිද්දවිය, කල්යත්ම පවට ගිජුවිය තමා සතුව තිබු යහ ගතිගුණ ක්රමයෙන් මැකීයන්නට විය, තමා සමග සිටි අමුනුශ්යන් දැන් දැන් පවට බරය එසේ සියලු දෙය ලග කර දුන් කෙනාම එය විනාශ කරන්නට මිනිසාගේ සිත යොමුකරවන බව එය දුටු විට සිතුන, පින්වත් කපුමහතා ක්රමයෙන් බීමට පවා ඇබ්බැහි වුවෙකි, කලෙක මාද එම ස්ථානයට ගියා බැවින් එම කාරනය ගැන හොදින් සොයාබලන්නට හැකිවිය,

                                                   දෙවියන් ගැන නොයෙක් අදහස් ඇත,හැබැයි එක් වැරදි මතයක්  එනම් දැඩිමුණ්ඩ හා සුනියම් දෙවියන් යන දෙදෙනාම එක් බවය,නිළ රථය ලෙස සුනකයකු පිට වැඩසිටින බවත්ය,මෙය කිසිසේත් සිදුනොවන්නකි පැරැණි  මන්ත් ශාස්ත්රය හදාරපු උදවියගෙන් ඇසුකල එය මනාව පැහැදිළි විය, තවත් දෙයක් ගිහිපිරිතක් හෝ මොනයම් ආරක්සා පිළිවෙතක් සිදුකරන කල ගම්බාර දෙවියන්ගෙන් අවසර ගන්නෙ ඇයි? මීටහේතු බුත කරනා  ලෙසින් කරන කීපයක් ලැබුණි, යන්ත්-මන්ත් වල කෙල පැමිණියකු ලෙසින් සිටියත් සුනියම් දෙවියන් එම කෙලපැමිණි පුද්ගලයට බලවත් බැවින් එම කරන කටයුතු ඇතුළු නිසිලෙස කරගන්නට නම් අවසර ගත යුතුමය,නැතහොත්  හෝ අඩුවක් අතපසුවීමක් අතලග බව දන්නා බැවිනි තවද දිව් ලෝකවල වැඩවසන දෙවියනට කිසියම් වු පාලන ක්රමයක් ඇත,සාදාරණ  කොන්දේසි මත පදනම් වූ නිතිමලාවක් ඔවුන්ද යටත්ය,එය කොයි 1දේවියටත් 1මය, දෙයක් ලන්කවෙ නිතිවගෙ නොවෙයි, සියලුම ගම්මානවල වගකීම හා ආදීපත් පවර දි තිබෙනුයේ සුනියම් දේවත්වයේ ගම්බාර හෙවත් ගම්පරවෙනි නාමයෙන් ප්රසිද්දව සිටින දිව් ශක්තියටය එය සුනියම් දෙවියන් සතුවන නිසාවෙන් ගම්බාර දෙවියන් ලෙස හදුන්වනු ඇත,තවද ඒම ගම වැසියන් ආරක්ස කරන්නට පුර්ණ බලතල ලබා දී තිබෙන නිසාත් ඉහල පෙළ දෙවියන් ගම්මානවලට  බලපෑමක් සිදුකරන්නට පෙර සුනියම් දෙවි අවසරය ගත යුතුය,තවද  උසස් දේව අරාදනාවක් හෝ ප්රබල රාජගණයේ දිශ්ටියක් ජපකරන්නට අවසර ලබා ගත යුතු බව අත්දැකීම ඇති ගුරුන්නාන්සේලා දන්නවා ඇත, මෙවැනි කරුණු කරන නිසාවෙන් 
සුනියම් දෙවියන් - " බලපුළුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර සිද්ද සුනියම් දෙවියන්" ලෙස හදුන්වනුයේ එම නිසාවෙනි  

     
 
පුසැරි නම් බිසව
            කුසෙන් උපන් යකා 
විසිතුරු නයි  බරණින්
          සැරසෙයි නොයෙකා
දොස පිරිපත හැර
           මේ ආතුරන් දැකා
බැස සව්මෙනං වර
            මේ පුදට ඔඩ්ඩි යකා

                

18 October 2012

සුනියම් දේවතාවා - 02

                                  හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන්   උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල නමින් දේවියක් හිටියා, ඇය ගර්බනී වුකල බලවත් ආසාවක් ලෙස පහලවුයේ සර්පයන් ඇග පැලදීමටය (පෙර කතාවට වඩා ටිකක් වෙනස් නෙ) මෙතුලින් උපන් කුමරු රවුද්‍ර ගතිවලින් පරිපුර්ණ විය,මේ කුමරා ඔඩිඩ්ස නමින් ප්‍රකට විය, මේ කුමරු බිහිවන  දින පරිවාර දේවියන් දහසට පිරිමි දරුඋපත් ලැබිණි, ඔවුන්ටද ඔඩිඩ්ස කුමරුන්ගෙ යක්ස විලාශයන් මවා පෑවේය, ඔඩිඩ්සගෙ පරිවාර පිරිස ලෙසින් මොවුන් දහස සිටියේය,  
                                     කලක් ගතවූ පසු ඔඩිඩ්ස කුමරුන් විශාල පර්වතයක චතුවාර නමින් සතර දිසාවට දොරවල් සතරක් සහිත සතර දිසාවම පෙනෙන ලෙස මාලිගාවක් කරවා බිරියන් සතරදෙනෙකු සමග කල්යැවීය,ඔඩිඩ්ස කුමරුන් ආහාරය ලෙසින් ගත්තෙ නාගයන්ය පානය ලෙසින් නයි විසය,ඔඩිඩ්සගෙ බලය උරගා බලන්නටත් ප්‍රථමයෙන් පොඩි හුනියමක් කරන්නට හිතිල යොදුන් ගානක් දුරසිටින රජකෙනෙක් නමින් සාගල වූ රජ ගුප්ත ලෙස ලෙඩ කිරීමය, කලදෑ හරියට ම සිදුවිය,සාගල රජුගෙ ගත ඔඩිඩ්සගෙ බලයෙන් රෝගාතුර විය, එවකට සිටි නිමිති බලන බමුණන්ගෙ පිහිට පැතු සාගලරජු ඔඩිඩ්සට පුදජුජාවක් කරන්නට නියම විය,එය පලතුරු, සහල්, පස් පුළුටු(පුළුටු වර්ග පහක්),අල වර්ග හා වලස්හමක් ආදිය ජුජාවට අඩංගු ප්‍රදාන ජාති අතර විය,ඉන් පසුව සාගලරජු සුවපත්විය, මෙය මිනිසුන් අතර ප්‍රසිද්ද වන කල මිනිසුන්ද ඔඩිඩ්සට පුදජුජා කරන්නට පෙලබුණි.

තවත් පතපොතෙහි සුනියම් යකුගෙ ඇදුම වලස් හමක් ලෙසින්ද වාහනය රන්වන් ගොනෙකු ලෙසින් දැක්වෙ,තවද මොහුට දස බිසෝවරුන් සිටිබැව් සදහන්වෙ,
1.තකරි
2.මකරි
3.යමදුති
4.කාල-රාක්ෂි
5.අසේනි
6.විසේනි
7.ඉරුගල්කන්ඩි
8.නාග-රූපී
9.පුෂ්ප-රූපී
10.තිලෝක දේවි        
       ලෙසින් බිරින්දෑවරුන් නම් සදහන්වෙ තවද මෙම නම් සර්ප-වෙදකම් වලදී ඇතැම් දල පහරවල් හදුන්වන්නට යොදාගන්නවා ඇත,  
                                               බල කාමය මෙය කාලීන වදනකි බහුතරයක් මිනිසුන්ට මුදල් අත ගැවසෙන කල සොයනුයේ අසීමිත බලයකි එය මැරබලය, දේශපාලන බලය ආදී වූ නානාකරයේ බලයෙන් මත්වෙති, එවැන්නෙක් ගැන නැවත ඔබට  කියන්නට ගියකළ නැවතත් පැමිණෙනුයේ සුනියම් උපත ගැන තවත් මතයකටය.. වෙලාවකට මෙය එකම කතාවක කොටස් සේය. 
                             කෙසෙය් වුනත් මා හට දක්නට තිබුන මෙවැන්නක් එනම් මොහුගෙය් පියා ලෙස ඔඩිඩ් රජු ද මව ලෙසින් යදව්ගිරි දේවිය විය, ඔඩිඩ් කුමරු සොලොස්විය දී ලැබූ අසාමාන්‍ය මානසික හා ශාරීරික බලයෙන් මත්විය ප්‍රතිපල ලෙසින් තම පියාගෙම අසිපතින් පියාව දෙපලු කළේය, ඉන් පසු වඩිග පුරයෙන් ගොස් වඩිග රජුන් මරා එතැනින් පාඩේර නුවරට ගොසින් එහි රජුද මරා සිය පිරිවර සමගින් එරන්ද නම් වනයට වැද සිටිබවය, ඔබ අප දන්නා ලෙසින් බලයෙන් තරමක් වැඩි වනවිට අපට වැද වැඩි බලයක් තියන උදවිය ඇසුරු කරන්නට ප්‍රියවන බව නොරහසකි සමාජය තුල ඕණා තරම් පුද්ගල චරිත දක්නට ඇත, අහවලා අහවල්ලුන් ආදීලෙස දැක්වීම පලක් නැත, කෙස් වුවත් යක්ෂයන් අතර බලයේ කෙල පැමිණි යක්සයන්ට අදිපති වූ වෙසමුණි රජු මුණගැසී තමා විසින් මැරූ තුන්කට්ටුව ගැන පවසා මනුෂයන්ගෙ බිලි පුද ගන්නට අවසර ගත්තේය.. ඔන්න මෙතැන් පටන් මිනිසුන්ට ග්‍රහ බල දුර්වල පුද්ගලයන් බලා නොයෙක් ලෙඩ ඇතිකරන්නටත් අවෙලාවට හැසිරෙනවුන්ට බියකරුලෙසින් පෙනී සිටින්නට අමතක නොකළේය,තවද බිලිපුජා කරන්නවුන් ඉතාහොදින් ආරක්ස කරන බව පිළිගත් මතයකි.     

                    ඔං බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර ගම්බාර දෙවියන්ට සංස්කෘත බසින් නමස්කාර කරන ශ්ලොකවල දෙවියන්ගේ ස්වබාවය පිලිබිබුකරයි..

ශිව මස්තු නමෝ රමඃ
කන්ද සෙනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ



අග්නිඃ කන්දංච හස්තේන
හස්තෙන වඩිග කර්ගතේ
මුඛෙන විෂ සර්පේන
ශිර්ශේ පංච කේෂකේ

උදරේ නාග බන්දාම් - නිලොතතුරග වාහනා
සුනියම් දේවතා නාම - මයහන්දි පාදකේ නමෝ             

           මෙතුල ගම්බාර දෙවියන්ව නමස්කාරයට යොදාගන්නා ගාථාවකි ඇතැම් මෙ දෙවියන් පුජා කරන පිරිස මෙම ගාථාව කියා අවසානයේ දෙවියන්ට පින්දීම සිදුකරනු ලබති,තවද යන්ත්‍ර-මන්ත්‍ර වලදී බහුලව බවිතාවෙ, අදට නවතිනුයේ තවත් කොටසක් රසවින්දනයට තබමිනි එතුලින් ගම්බාර දෙවියන්ගෙ පුදා වැඩ වරද්දා ගත් අපේම මිනිසුන් ගැන කතාකරමු.. එතෙක් සියලු දෙනාට තුනුරුවන් සරණයි....!  

15 October 2012

සුනියම් දේවතාවා - 01

                                                                       මෙලොව උපන් කිසිවකු රෝගී නොවුණු අවස්ථාවක් ඔබ අසා තිබේද? තුන්දොස් (වා,පිත් හා සෙම්) කිපීමෙන් හැදෙන ලෙඩ වලට බලි තොවිල් පලක් නැත,පෙළක් බටහිර දොස්තරලා පාවාද මේවා කරනු ඇත හේතුවනම් මෙහි කිසියම් වූ හේතු බුත කරනා ඇති නිසාවෙනි,එහෙත් ඉන්නකන් අනුන්ට වල කපල,වැරදි වැඩ කරලා දිව්‍යලෝකය යන මිනිසුන් අසා නැති අතර එවැනි වුන් සමහර විට ප්‍රේත,බුත හා යක්ස ආත්ම වල උප්පතිය ලබනු ඇත.ඔන්න දැන් කියන උන්ව නොයෙක් මන්ත්‍ර වලින් බැද තවකෙකුට කරදර කරන්නට දැමිය හැක,එය තුලින් සිදුවනුයේ අපරාදයකි,මෙම වැඩ කරන කියන අයවලුන් ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පුද සත්කාර කරනු ඇත නැතිනම් වැඩ වරදින බව ඔවුන් හොදහැටි දන්නා දෙයකි මෙම දෙවියන් වටා ගෙතුණු කතා බොහොමයි, මායාදුන්නෙ රාජ්‍යය සමයෙන් පසුව මෙම ගම්බාර දෙවියන් කතා ඇතිවූ බවය,මෙම දෙවියන්ට විටෙක යකෙකු ලෙසද සලකනු ලබයි වීමට හේතුව නම් චරිත දෙකක් සතුවීමය, තවද පෙර දැක්වූ ලෙස කැබැලෑවෙයකු ලෙස ප්‍රසිද්ද වුවත් දේවත්වයට පත්වුයේ කල කි දේවල් යහපත් වු බැවිණි, පෙළක් මිනිසුන්සේම මෙම දෙවියන්ට නම් කීපයකි,පළමුව එය ගැන කතා කරමු      
1.අදත්ත කුමාර  
2.නාග ඔඩ්ඩිස කුමාර 
3.සන්නි ඔඩ්ඩිස කුමාර 
4.ගරුඩ කුමාර 
5.වෙළබ ඔඩ්ඩිස කුමාර  
6.සුනියම් දෙවියන්  
7.සුනියම් යකා   ලෙස අමතනු ඇත,

තවත් පත පොතේ මෙලෙස සදහන් වේ. 
1.සුළු ඔඩ්ඩිස  
2.නාග ඔඩ්ඩිස 
3.රාජ ඔඩ්ඩිස 
4.දේව ඔඩ්ඩිස 
5.දෙමල ඔඩ්ඩිස 
6.ගරුඩ ඔඩ්ඩිස 
7.සත්ජන්ම 
                                                                        ලෙස හදුන්වනු ලබයි තවද රාක්ෂ .බුරුනාග ,නරසිංහ , වෘක දේව, මී මැසි, කැලෑ මිණි,පොලොන්,දෙමළ,නාග කන්‍යා ආදී වූ දස අවතාර වලින් පෙනී සිටින අවස්ථා ද ඇති බව තතු දන්නෝ දනිති, තවද පත්තිනි දෙවියන් සත්වාරයක් උපන් බව දැක්වෙ එය්හ සමානව සුනියම්දෙවියන් ද යක්ස ආත්ම වල උපත ලබා ඇත, එසෙ නම් අප ගැන කුමන කතාද? සත් ජන්ම ලෙස හදුන් වන මෙම දෙවින්ගෙ ජන්ම හතකි  

1.මහකෙළ නා රජුගෙ දකුණු නාස් පුඩුවෙන් පිටවූ විස වායුවෙන් උපත ලැබූ නිසාවෙන් විෂ ඔඩ්ඩ්ස නමින් ද
2.ගරුඩ ලොව ගිරිකන්ද  නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් ගරුඩ ඔඩ්ඩ්ස නමින් ද
3.බද්දක්කාරම් නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් දෙමල ඔඩ්ඩ්ස නමින් ද             
4.උතුරු කුරු-දිවයින හනුවන්නී  නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් වෙළද ඔඩ්ඩ්ස නමින් ද
5.වජ්‍රරපානී ගොසලු නම් යක්සනියගෙ කුසින් උපන් බැවින් රාජ ඔඩ්ඩ්ස නමින් ද
6.ආයුපාල කුමරිය දැවු සොහොනින් උපන් බව දැක්වෙන අතර    
7. වන උපත මා හට සොයාගන්නට බැරිවිය(කණගාටුව පලකර සිටිමි)

                                                  මෙය තවත් පැත්තකි මේ මහා බද්‍ර කල්පය පහල වූ කකුසද,කොනගම ,කාශ්‍යප සහ ගෞතම බුදුරජුන් වැඩසිටි සමයේ විසු තුසේරින් බිසව පඩුවස් රජුගෙ අගමෙහෙසිය විය,දිනක් මගුල් පොකුණ හි ජලස්නානයට ගිය විට ඇයට එහිතිබු මනාව පිපුණු නෙලුම් මලක් දැක මහත් වෙහෙසකින් නෙලාගෙන සිපගන්නට සිතිනි, ඉන් පසුව ඇයට බලවත් ආශාවක්(දොළ - ගැබ්ගත් ස්ත්‍රියක් යම්දෙයක් වින්දනයට ඇති බලවත් කැමැත්ත) විය,එනම් නාගදී සර්පයන් සමග සිටීමය,මෙය ඉතාමත් වැඩිවිය දිනක් රජු නැවත පැමිණෙන විට දේවිය විශාල නාගයකු සමග එක්ව සිටිනු දැක පුදුමට පත්විය, එම නිසාවෙන් රජු නිමිති දන්නා බමුණන් ගෙන්වා පුද පඩුරු දී  හේතු බුත කාරණාව විමසා සිටියේය, එවිට දේවිය විසින් මනාව පිරිපුන් දෙහලක්ෂන වලින් පිරි පුත් කුමරෙක් ලබන බවත් අසාමාන්‍ය ලෙස නරක ගති ඇත්තකු බව ලබන බව සැලකර සිටියේය, මෙම කුමරා කුඩාකල පටන් නාගයන් සමග ඉතාමත් සුහද ඇසුරක් පැවැත්විය, මිතුරන් ලෙසින් නාගයින් සොළසක් අසුරුකළේය,ඔවුන් කුමරගෙය් සියලුම අවයවයන් වෙලාගෙන සිට්යහ, එක දිනක මෙම කුමරා විෂ පොලගකු අල්ලා ගෙන උගෙ ලේ හා විෂ උර බීවෙය,ඉන් කෙටි කලක් යන විට කුමරුන් හට මනසේ පැවැති තත්වය වෙනස්විය එනම් කිසියම් වූ අද්බුත බලයක් ලැබිණි,   

                                        කලක් ගත වූ පසු මෙම බලසම්පන්න කුමරුගෙ හිස සැඩපලු පසක් ගෙතී තිබුණු අතර නිල රථය ලෙසින් නිලවර්න ජව සම්පන්න අශ්වයෙකි,වමතින් ගිනි කබලක් දකුණතින් වඩිග කඩුවක් රැගෙන සිටින බවත් තවත් තැන්වල ත්රිශුලයක් අතැතිව සිටින අතර නිතර මුකයෙන් විස ලේ වැගිරේ තවද කට පැත්තකට ටිකක් හැඩවූ විලාසයක් ඇති වග පත පොතෙහි සදහන්ය,එසෙ දැක්වෙන කොට කුමරුන්ගෙ කාලසටහන මෙසෙ විය දින15 යක්ස විලාශය හා දින15 දේව විලාසයෙන් සිටින්නට විය, යක්ස විලාසය තුල දඩුවම්දෙන,පලිගන්නා හා ඉතා කෘර ගති ඇති කාර්යයන් හා මිනිස් ගාතනයන් කරන්නටද අමතක කලේ නැත, මෙම ගාතන වැඩි නිසාවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ගාතන තහනම් කලේය, ආවේනික (කෘර ගති)ගතිය අත්හරින්නට බැරිවිය එනමුදු තුනුරුවන් ගුණ ඉස් මුදුනින් පිළිගත්තෙය ඊට ගරු කරන්නටද පසුබට නොවිය, තවද තුනුරුවන් සරණ යන්නවුන් ආරක්ෂා කරන්නට ඔවන්කරන්නා වූ පුද ජූජා බාර ගන්නටත් කිසිදු දිනක අමතක නොකලේය,
                                    තවද තවත් පත පොතෙ හි ජන මතයන් වල මෙවැන්නක්ද අසන්නට තිබෙ එනම් සුනියම් දෙවිදුන් වඩින මග පෙරමන් යන්නට සිටිනුයේ මහසෝන් හා ඊරි අවතාරයන් බවය යන එනමග සුපරීක්ෂාවට රජාට PSD වගෙ සුනියම් දෙවියන්ට සිටිනුයේ මොවුන්ය,දිත්ව චරිතයක් හොබවන මෙවැනි දෙවි කෙනෙක් සදහා යක්සා වේශය දී නියම මාර්ගෝපදේශකයන් ලබාගන සිටී ඊටත් ලංකාවේ සිට්න යක්ස පිරිවර මෙම සුනියම් යක්ස අවතාරය සමග එක්ව වැඩ කරන බව ජන මතයක් පවතී, ඊට හේතුව ලෙසින් දක්නට තිබෙනුයේ කොයි මල යකත් හූනියම් යකුන්ට යටහත් පහත් බැවිනි, එබැවින් කොයි වැඩකරුත් යන්ත්‍ර මන්තර වල හදිහූනියම් වල ශිල්ප දක්වන්නට පෙර මෙම දෙවිදුන් වැද නමස්කාර කොට අවසරපතා නිසි වත් පිළිවෙත් ක්‍රමානුකුලව සිදුකල යුතු බැව් තතු දන්නෝ දනිති,එය එසේවන තරමට එහි ප්‍රතිපල අතිප්‍රබලය ගැස්සුනොත් කල එකාත් උදව් කල එකාටත් අඩු නැතිව සලකනු ඇත, 
                                                     මෙවැනි වූ කරුණු නිසාවෙන් බහුතරයක් අප සමාජයේ මිනිසුන් පළිගන්නට සුනියම් යකුන්ට බාර කරති, එසෙය් කරන මිනිසුන් ඔවුන් නොදැනුවත්ම තමන් ගතකරන මිනිසත් බවින් පිරිහෙන බව අමතකවීම ශෝකජනක දෙයකි, තව මිනිසකුට වලකපා,තව කෙකුව අපහසු තත්වයකට පත්කර ලබාගන්න දෙය කවදක්වාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැපතක් ලබනොදෙ, මෙම ගත කරන සමාජය යහපත් මිනිහටතියා දෙවි කෙනෙකුටවත් ඉන්නට නොදෙන බව මින් ඔබට වැටහෙනු ඇත,මොකද දෙවියන්ට කන්නලව් කරනුයේ අහවලාට මරපන් කොටපන් වද-දීපන් තලා-පෙලාපන් ආදී දේවල් වලනි, ලේ සෙලවීම් කරන්නට පසුබට නොවන නිසාවෙන් නොවලහා ඉටුකලත් ඔබ පිරිහෙන ප්‍රමාණය අතිමහත්ය මා එය පෙළක් ලිපිවලින් ඔබට දක්වා ඇත,

                                     මෙම දෙවිදුන් හට ආරාදන කවියක මේ ලෙස සදහන්වෙ "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක්  - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....!    " ආදී ලෙසින් දේවතා අරදානය සිදුකරනු ඇත තවද පෙළක් අයවලුන් සුනියම් දේවතාවා වෙනුවට සුනියම් යකුන් ලෙසින් බාවිතා කරනු ඇත,

තවත් කොටසකින් හමුවන අදහසින් අදට නවතිම්..

24 September 2012

කැබැලෑවේ යකා 1

                                ලකට පසුව මා සොයමින් සිටි දෙයක් දැනගන්නට ලැබුන එය වගෙම මට කතරගම පැත්තෙ  කරක් ගහන්න ලැබුන, යකා/ අමුනුෂ්‍යය  වගෙ කෙන්තිගියාම මෙවැනි ද අප අසා ඇත, මේවා මොක උනත් චරිත දෙකක් ඇති විටෙක දෙවිකෙනෙක් වන අතර තවත් විටක දැඩි දඩුවම් දෙන රවුද්‍ර යුක්ති සහගත හැඩි-දැඩි පුද්ගලයෙකි, මා හට දැන ගන්නට ඕන වුනෙ හරි කතාව මා තැන් කීපයක දැකල තියනවා, ඒ උනත් මටත් ලැබුන කතාවක් කතා දැන ගන්නත් එක්කල දානවා      

                               ඉන්දියවෙ මැද ප්‍රදේශයේ ජනපදයක යක්සයන් ගෙන් දැඩි ලෙස කරදර ඇතිවිය එම නිසාවෙන් එහි සිටි දක්ෂ මන්ත්‍ර සාස්තරයේ කෙල පැමිණියවුන් එක්ව රන් හුයක බැද රන් කටු ගසා රන් මන්තර පොතක හිර කර එම මන්ත්‍ර පොත රැගෙන ඔවුන් ලංකාවට පැමිණ ඇත,මෙම මන්ත්‍ර පොත දෙමල හා නගාක්ශ්‍ර වලින් සමන්විතය,එය රාජ දුතයන් බාරගෙන රැගෙන එන අතරතුර මොවුන් එය ලිහා බලන්නට සිත්විය, ඉන් පිටවූ යක්සයකු දුතයන්ට කරදර කරන්නට විය මින් ගැලවීමට කුබල්වල නමැති ගමෙ සිටින නායක කුබල්කරුට බාර කර දුතයන් තම ජීවිත් නිදහස් කර ගෙන ගියේය,පසුව කුබල් කරු එය රැගෙන විත් නුග ගසක තැන් පත් කර පුදපුජා පැවැත්විය කාලය ගතවෙත්ම පොත ගසට දිරාපත්විය, ඉන් මිදුණු යක්ෂයින් පළාතම බියවද්දමින් හිරිහැර කරන්නට විය,මෙම හිරිහැර වල විශේෂයක් තිබිණි එනම් සියලුම කරදර පිරිමි පුද්ගලයන්ට සිදුවීමය,එසෙය් වීමට හේතුව නම් පොතෙහි ඇති මන්ත්‍ර පිරිමින් ඉගෙන ගෙන තමාට(යක්සයට) කරදර කරන යන සිතුවිල්ල නිසාවෙන් පිරිමි දරුවන් පවා මරා දමන්නට විය,පසුකලෙක "කැබැලෑවේ යකා" " හූනියම් යකා" ලෙස හැදින්විය,

                      ඇබව ගම් හි සිටි "සිල්වත්රාළ"හට මෙම යක්සයව මෙල්ල කරන්නට බාර විය, ඉතාමත් විශිෂ්ට අන්දමින් එය සිදුකළේය, නවගුණ මන්ත්‍රය නවගුණ වැලකට හොදින් මතුරා යක්සයගෙ ගෙලට වැටෙන්නට සැලැස්විය. පොටවල් නමයක් සහිත මෙම නවගුණ වැල මෙම යක්සය කඩන්නට විය,යක්ස බලය පොටවල් හයකට(6) පමණක් සිමාවිය, මින්
කැබැලෑවේ යකා දමනය වීමෙ ප්‍රතිපලයක් ලෙස මිනිසාට පිහිට විය, එම පිහිටවීමෙ තරම ඔහුව දේවත්වයෙන් සලකන්නට මිනිසුන්ට සිත්විය එම නිසා කුබල්වල ඇබව ගම්වල දේවාල තනා පුද සත්කාර කරන්නට විය, තවත් දෑ සමග එන්නම්

මාසය තුල සිත්ගත් ලිපි