28 December 2012

Blood Type Determine Your Personality

General personality of people who have type A blood
—Consider things carefully
—Can understand other people’s feelings easily
—Kind
—Good at hospitality
—Don’t express themselves in order to avoid possible quarrel
—Do things carefully and steadily, and don’t take the next step if they are not satisfied
—Honor student types who don’t go off the rail
—Fastidious
—Big on cleanliness
—Can be calm even when accidents happen
—Strong on taking responsibility
—Hard workers
—Safe drivers
Type A blood people’s affinity with each blood type
Partner who is type A – They have many common points; however, both of them are highly strung, so they may be irritated by each other.
Partner who is type B – Type A person envies type B’s happy-go-lucky personality. However, type A person worries about type B person’s personality.
Partner who is type AB – Type AB person is reliable for type A, someone they can turn to for good advice and help. They can have a stable love relationship.
Partner who is type O – Type O person is protective of type A. However, if type A talks about every small thing, the relationship won’t be good.
General personality of people who have type B blood
—Like to go their own way
—Do what they want without considering other people’s feelings, rules and customs
—Happy-go-lucky and masters of breaking rules
—Optimistic
—Friendly and open their heart to anybody
—Not pretentious
—Afraid of being alone
—Get lonely easily
—Quick to adapt
—Flexible thinkers
—Pragmatists
—Don’t chase a dream much
—Like to play
—Love festivals and parties
—Have been in love many times
—Don’t get heart-broken over lost love
Type B blood people’s affinity with each blood type person
Partner who is type A – Type A person is always willing to help type B person; however, they get tired of each other easily. Type A often complains to type B.
Partner who is type B – Both of them are not careful, so they may do things that are off the rail.
Partner who is type AB – They attract each other and they may quickly start a relationship. They love each other very much.
Partner who is type O – They can understand each other easily. Type O person covers for type B person’s bad points. They are a great match for friendship.
General personality of people who have type AB blood
—Chase ideals and dreams
—Don’t have secular needs such as greed and a desire to succeed
—Have strong spirituality
—Calm and rational
—Sensitive and easily hurt
—Have a complicated personality
—Private life is important
—Don’t like interference from other people
—Have various hobbies
—Vigorous in pursuit of knowledge in wide range of fields
—Are bookworms
—Have unique ideas and are creative
—Have fairy tale-like hobbies
—Calm and frank about love relationship
Type AB blood people’s affinity with each blood type person
Partner who is type A – Type AB person respects type A person, and they have a passionate love for each other. However, they may quarrel frequently.
Partner who is type B – They are a good match and connect with each other easily.
Partner who is type AB – Their relationship is always proceeding along parallel lines. They cannot open their minds to each other. It is best not to be too close to each other, nor be too far apart.
Partner who is type O – They can succeed in business and at various activities together. They can produce new things together easily.
General personality of people who have type O blood
—Realistic
—Good at developing economic concepts
—Vigorous at earning a living
—Strong in face of adversity
—Romanticists
—Dream of getting rich quick, but actually take a steady approach
—Ambitious
—Go straight toward their goal
—Have leadership ability and often take care of younger people and people below them
—Very cautious
—Don’t care about small things, taking a wider perspective instead
—Devoted, but with a strong desire to monopolize
Type O blood people’s affinity with each blood type person
Partner who is type A – Type O person always wants to take the lead for type A person. They are a good combination.
Partner who is type B – They can talk freely and openly and have a comfortable relationship. However, type O person gets confused by type B person’s moody personality sometimes.
Partner who is type AB – Their thoughts are a match. However, if they are in the same “arena,” they compete with each other strongly.
Partner who is type O – They cannot understand each other basically, and they feel alienation easily. It is best not to get too close together.
Source: Ketsuekigatabetsuseikaku (Each blood type’s personality)
Dieting methods by blood type
Erica Angyal, a Miss Universe Japan official nutritionist and health consultant, has published books on health and beauty by blood type, such as “Bijo no Ketsuekigata BOOK” (beautiful women’s blood type) and “Bijo no Ketsuekigata-bestu Obento BOOK” (beautiful women’s lunch box by each blood type).
Also, the fitness and health magazine FYTTE’s February edition introduces a dieting method by blood type directed by Angyal.
Here is brief introduction to the dieting method.
Recommended diet for type A
Recommended foods for type A people are carbohydrates such as rice and grain, vegetables, and fruits because type As originated from agricultural tribes who mainly ate foods from plants. However, type As usually don’t digest dairy products easily, so it is better to have yogurt. Also, meat is difficult to digest and turns into fat easily for type A people, so it is better to eat beans and fish for protein. Japanese traditional foods such as miso soup, natto, tofu, and so on are a good match for type A people.
Recommended exercise for type A
Stress is the main enemy for type A people, so slow exercise such as yoga is the best way to relax.
Recommended diet for type B
Type B people have the ability to digest various foods such as vegetables, fruit, fish, meats, grain and dairy products because type Bs originated from nomad tribes who ate various foods to survive in their extreme environment. It is best to have various foods, especially protein, otherwise type B people get irritated and tired easily. Lean meat with low fat, especially beef and lamb, are good because they are easy to digest and make metabolism faster for type B people. However, chicken, sesame, corn, soba noodles and wheat make type B people fat.
Recommended exercise for type B
Type B blood people have high stress, so it is best to play active sports such as tennis and golf, and also try slow exercise such as yoga to relax.
Recommended diet for type AB
Type AB people have features of both type A and type B. For example, type AB people don’t have enough stomach acids to easily digest some kinds of meat like type As. Protein from soy beans is good for type AB people, as are some dairy products. Therefore, it is best to take protein from fish and soy beans, and other various foods such as vegetables, fruit, nuts, yogurt, and so on, with a good balance. Wheat, chicken, corn, sesame and soba noodles are not good for dieting.
Recommended exercise for type AB
Type AB people have negative feelings such as anger and hostility and it is bad for their body when they get excited too much. So the best exercises for type AB people are yoga to relax their body and aerobics to let stress out.
Recommended diet for type O
Type O people can digest meat easier than other blood types. However, lack of protein tires them easily too because type O people originated from tribes that hunted animals and gathered nuts, fruit and plants. The tribes ate low fat meat, so low fat beef and lamb are good for type O people. Especially fish with omega-3 fatty acid are the best protein source for them. Eating fresh vegetables and fruit is recommended. The early tribes did not eat grains and dairy products, so those foods are difficult to digest for type O people. Wheat and dairy products make type O people get fat easily.
Recommended exercise for type O
Exercises which improve the heart rate function and muscles, such as running and boxing are good for type O people. Active exercises keep their hormone balance right.

Source: FYTTE (in February, 2012)

26 December 2012

දෙයියන්ගේ බාරය ඔප්පු කළහැටි

               පොඩියට පටන් කල දෙයක් ගැන ලෝකෙටම කියන්න හිතුන නිසා,මොකද යම් යහපත් දෙයක් කරන්න ගන්න හදන කොට කකුලෙන් අදින ජාතියක් ලොවෙත් නෑ,තව දෙයක් හොද දෙයට හොදයි කියල කියන්නවත් සිතක් පහල නොවන පවතින සිංහලයන්ට දැනගන්නට පැරණි ලිපියක් ශ්‍රී-පාද නම් පොතට ජෝන් ඇම්.සෙනවිරත්න මහතා ලියුවක් අද පින්වත් සොහොයුරන්ට දක්වනවා, ඒ දක්වනුයේ නිකමට නොව එදා නායකයා පිළිබදව කිසියම්වූ මානුෂික හැගීමක් ඔබසිතට ලංකරලීමටය, කතාවේ කතා නායකයා සර් ජෝන් කොතලාවල මහතාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නායකයෙකි,මොවුන් මෑතකාලයේ බිහිවන බහුතරයක් හිපි නායකයන්ට අගනා ආදර්ශමත් පුද්ගලයන්ය, තම විදුලි ව්‍යාපෘතිය නිමකරගැන්ම පමණක් නොව සේවකයන්ද සාර්ථකව කරගන්නට ඉඩ සලස්වාගන්නට එතුමා දෙවියන්ට වූ බාරය ඔප්පු කළ හැටි එය විදේශීය මිනිසා දැකපුහැටි ඔබට මින් දැනගන්නට හැකිවේවි,තවද එම නායකයා තම බඩ-ගොස්තරය හොයනවාට වඩා මහජයාට සේවය කරන අරමුණින් වැඩකරන බව පැහැදිලිවෙ, එය කෙසෙ වුවද ඔන්න ලැබුණු ලිපිය මහසෝන් පත්ඉවුරට එකතුවුණා,          
 
 
                      ඉතිහාස පුවත වසර 59ක් තරම් ඈතකට සෘජුව ද වසර 85ක් තරම් ඈතකට වක‍්‍රව ද දිව යයි. 1924 වසරයි. නෝටන් බි‍්‍රජ් විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ඒ වසරේදී ය. එසේ වුව ද නොයෙක් බාධා ඇති වූයෙන් එහි වැඩ ඇන හිටිණි. නැවත, 1938 දී ඊට අදාළ ටෙන්ඩර් කැඳවුණෙන් ටෙන්ඩරය ලබා ගත් ඉන්දියා සමාගමක් 1939 දී වැඩ ඇරඹුවේ ය. එහෙත් දෙවන ලෝක යුද්ධය ඇරැඹීම නිසා සමාගම වැඩ අතහැර ගියේය. 1942 දී විදුලිබල දෙපාර්තමේන්තුව මේ කටයුත්ත සියතට ගත්තේය. එහෙත් සිදුවූයේ වැඩ අත-පත ගෑමකි. 1947 දී ඇද හැළුණු මෝසම් වැස්සෙන් ජල ගැලීම් ද, නායයෑම් ද ඇති විය. සේවකයන් 22කුගේ ජීවිත හානි ද ඇතුළු සුවිශාල පාඩුවක් මේ නිසා දෙපාර්තමේන්තුවට සිදුවිය.

                               විදුලි ව්‍යාපෘතිය අඩාල වන පරිදි හූනියම් කර ඇතැයි යන විශ්වාසය තහවුරු වූයේ මේ සමඟය. ඉන් මිදීමට නම් ශ‍්‍රී පාද අඩවියට අධිපති සමන් දෙවිඳුනට බාරයක් විය යුතු ය යන අදහස වගකිවයුතු සිත්හි ඇති විය.1947 නොවැම්බර් දෙවැනි දා නෝටන්බි‍්‍රජ්හි සුධර්මාරාමයට රැස්වූ ව්‍යාපෘති භාර ඇමැති සර් ජෝන් කොතලාවල මහතා ප‍්‍රමුඛ වගකිවයුත්තෝ මහා සංඝයා හා දහස් සංඛ්‍යාත ජනයා මධ්‍යයේ සමන් දෙවියනට බාරයක් වූහ.ජාතික වස්තුවක් වන නෝටන්බි‍්‍රජ් ව්‍යාපෘතිය බාධාවලින්, අතුරු ආන්තරාවලින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දුන මැන! ඊට අදාළ කාර්යයන්හි නියැළෙන අය රැක දුන මැන! මේ කර්මාන්තය ආපදා රහිතව පූර්ණත්වයට පත් වූ විට ශ‍්‍රී සුමන දිව්‍ය රාජයාණන් අරක්ගත් ශ‍්‍රී පාද චෛත්‍ය ස්ථානයත්, එහි ගමනාගමනය පිණිස වූ මහා මාර්ගයත් මහජන ආධාර ඇතිව විදුලියෙන් ආලෝකවත් කිරීමට මෙයින් පොරොන්දු වෙමු; බාර වෙමු.

                          ඒ ඓතිහාසික බාරය එබඳු විය.වැඩ ඇරැඹිණි. පුදුමයකි. සියලු වැඩ කටයුතු බාධාවකින් තොර ව සිදු කැරිණි.ව්‍යාපෘතිය නිමවිණි. 1950 මාර්තු 4 වැනි දින පුන් පෝ දින - සිරිපා මලුව සහ එහි යන මඟ විදුලියෙන් ඒකාලෝක කොට බාරය ඔප්පු කැරිණි.එවක අග‍්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ද, අග‍්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතා ද අසනීප ව සිටි බැවින් විදුලි ව්‍යාපෘතිය භාර අමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා විසින් ශ‍්‍රී පාදයට පිවිසෙන මඟෙහි මකර තොරණ විවෘත කරන ලද්දේ සතර දිග් භාගයෙන් වැඩම කරවන ලද සියලු නිකායන්ට අයත් භික්ෂු සංඝයා විසින් සිදු කරන ලද පිරිත් සජ්ඣායනය මධ්‍යයේ ය. ඒ සමඟ ම, නැගී ආයේ පිළිරැව් නැගෙන සාධුකාරයකි.

                                      ඉන්පසු, සම්භාවනීය පිරිස ඇතුළු මහ ජන ගඟ සිරිපා මලුව දක්වා ඇදී ගියේ මහ පෙරහරිනි.මේ සිද්ධිය ඇසින් දුටු ඉංගිරිසි ජාතික මාග‍්‍රට් ග‍්‍රිෆික්ස් මෙනෙවිය සිරිපා කඳු මුදුන විදුලියෙන් ඒකාලෝක කැරුණු ඒ ඓතිහාසික අවස්ථාව ගැන විස්තරයක් හඳේ හාස්කම්නමින් පුවත්පතකට ලීවාය.

                                  ඇය ඒ ලිපියේ මෙසේ ලියා තිබේ.රාති‍්‍ර 8.30ට පමණ ඇත. හිස ඩිංගක් ඇලකර ගන්නට පෙර වටපිටාව දැක ගනු රිසින් අපි කුඩා ගිමන්හලින් පිටතට ආවෙමු. හැමදෙනාම පාහේ අහසට එබී බලමින් හඳ මඬල දෙස අත දිගු කරමින් සිටියහ. එහි වූයේ අසාමාන්‍ය දර්ශනයකි. එය නන් පැහැ එළි වළලු හතරකින් වට වී තිබිණි.
ඊළඟට අපි සිරිපා කඳු මුදුනින් විහිදී යන මීදුමක් බඳු ආලෝක පටලයක් දුටිමු. අප පුදුමයට පත් වග දැනගත් අප ළඟ සිටි සමහරු මොහොතකට පෙර දක්වන ලද නන් පැහැ විදුලි පහන් එළි වැටෙන් බුදුරැස් මාලා විහිද යන බව පැහැදිලි කර දුන්හ.
                                    විස්මයට කරුණක් වූයේ සඳ වටා වූ එළි වළලු සිරිපා ගිරි හිසෙන් නික්මුණු එළි පැහැ ගැන්වී තිබීමය. එසේ වූයේ ඇයි දැයි අපට සිතාගත නොහැකි විය. අපට කරුණු කාරණා කියාදෙන්නාට ද ඒ ගැන යමක් නොකිව හැකි විය.

                                  මේ සිද්ධිය වූයේ මීට වසර 59කට පෙර දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ගේ ඇස්පනාපිටය.අද නොයෙක් පහසුකම් මැද සිරිපා කරුණා කරන කවුරුත් සිත තබාගත යුතු දෙයක් ඇත. සිරිපා මලුව ද, එහි යන මඟ ද ඔබේ වන්දනාවට පහසු වන පරිදි ආලෝකමත් කිරීම සඳහා මෙන්ම ඊට මඟ පෑදූ නෝටන් බි‍්‍රජ් ව්‍යාපෘතිය උදෙසා අපේ ම සහෝදර පිරිසක් ලේ, කඳුළු, දහදියෙන් සේ ම ජීවිත පරිත්‍යාගයෙන් ද කටයුතු කර ඇති බවයි, ඒ නයිවල ශ‍්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හිස්සැල්ලේ රතනසීහ හිමියන් විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

මේ ලිපියට තව දෙයක් එකතු කරනවා
            මෙවැනි වූ තැනකට යනඑන ඔබලා මත්ද්‍රව්‍ය රැගෙන යාමෙන් හා බාවිතා කිරීමෙන් වලකින ලෙසද තරුණ තරුණියන් මනා හැසිරීම වැදගත් වන්නෙය්ය තවද යන මග අපිරිසිදු නොකර යන ලෙස මතක්කරන්නට දැන් දැන් සිදුවෙ,ගොඩක් මිනිසුන් මානබලන තැනක් ලෙසින් ශ්‍රීපාද අඩවිය පරසිද්දය,අපේ දෑ අපේම උන් වෙනුවෙන් රැකගන්න ලෙස සියල්ලටම මතක්කර සිටිමි,   

සත්‍යය දකින්නට සිත්පහල වේවා......! සියලු දෙනාට තෙරුවන් සරණයි...!

17 December 2012

දුටුගැමුණු රජුගේ මරණ සහතිකය


                                 සිංහල රජවරු කිව්වම මුලින්ම සිතට එනුයේ වීරකම් වල කෙල පැමිණියවුන් ප්රදාන සෙන්පතිවරු ලෙස තබාගෙන සිටි තම රටගැන කුඩාකළ පටන් සිතපු කාවන්තිස්ස රජු හා විහාරමහ දේවියට උපන් ගැමුණු කුමාරයාය, එනම් දුටුගැමුණු රජුය,පෙර ලිපියක එතුමගෙ බෂ්මවශේෂ පිළිබද කතාකලා එය ඔබට මතක ඇති එයට තව දෙයක් එක කරන්නටය අප එතුමා ගැන උපත ගැන දන්නවා හැදුන පරිසරය,රජකම හා යුද්ද කල හැටි වෙහෙර විහාර කල හැටි ආදිය මීට මරණය එක්කලා නම් හොදයි කියල හිතනවා ඔන්න නිසා මරණය ගැන බලමු ඉතිහාසය හා රට්ටුන් කියන කතා


                   "වීරත්වය" මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත් ඉතිහාසය තුළ ප්‍රබලත්වයක්‌ හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි. ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක්‌ වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක්‌ ඔස්‌සේ දීර්ඝතම ගමනක්‌ යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක්‌ දුරට ගමන් කිරීමේ වගකීම ද අප සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්‌සේ පියමන් කිරීමේදී හමුවන ප්‍රබලතම සංධිස්‌ථානයක්‌ ලෙස ක්‍රි.පූ. 161-137 යන කාලපරාසය හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය පරිච්ඡේද ගණනාවක්‌ පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු 24 ක පරිපූර්ණ රාජ්‍ය කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක්‌ ක්‍රි.පූ. 161-137 කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.
ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්‌සේසත් කළ නිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක්‌ වේ. ඒ අතරින් දුටුගැමුණු රජුට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන්නේ
"පාරගගං ගමිසසාමි
ජොතෙතුං සාසනං අහං"
(මහාවංශය, පරි. 24, ගාථා 02)

යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන් පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා යුද්ධය මෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේ යුද්ධය, ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේ හේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨ වීරයෙක්‌ වන බවට තර්කයක්‌ නොවේ. ඒ එතුමාණන් යුද වැදී රට එක්‌සේසත් කළ නිසාම පමණක්‌ නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑම බෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුද ජයග්‍රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක්‌ ඉදිකරමින් ශාසනික උන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක්‌ කරා ද රට මෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක්‌ ලංකාව තුළ ස්‌ථාපිත කිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශය තුළ පරිච්ඡේද 11 ක ඉඩක්‌ වෙන්කර දීමේ වරදක්‌ නැත. එය ඉතිහාසය තුළින් එතුමාට ලැබිය යුතු වරප්‍රසාදයකි. මෙම සුවිශේෂී වරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවී ඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක්‌ මතුවේ. එනම්,

මේ හා සුවිශේෂී යුග මෙහෙවරක්‌ ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණය සිදුවූයේ කෙසේද? යන්නයි.
දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාර සමය, යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක්‌ පිළිබඳවම සවිස්‌තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුග මෙහෙවරක්‌ ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූ මරණාසන්න සාධකය.

අනිට්‌ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො
මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො
(මහාවංශය, පරි. 32. ගාථා 01)
ලෙසින් එක්‌ ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූ බවත්, එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්‌වයි. එමෙන්ම එම වාර්තාව තුළ රික්‌තයක්‌ ගොඩනැඟීමට හෝ සැකයක්‌ ඇතිවීම වළක්‌වනු පිණිස අලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිත දිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින් "ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතින මහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්‌ස කුමරු සද්ධාතිස්‌ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නා සේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්‌ම දුටුගැමුණු රජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්‌ස රජුටම පවරා දෙනු ලැබේ.
මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විට ඊට නොදෙවෙනි වූ ලි ත ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ථූපවංශ රචකයා ද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව
".... දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහ රජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන් තිස්‌ස කුමාරයන් ගෙන්වා..."(- ථූපවංශය)
යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්, රජුට වැළඳුණා වූ මාරාන්තික රෝගය කුමක්‌ද? යන්න හෝ ඊට හේතු වූ ප්‍රස්‌තූතය කුමක්‌ද? යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත් දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින් උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිත දෙව්ලොව යවා තිස්‌ස රජුට රජකම භාරකොට එම රජුට ප්‍රශස්‌ති ගායනා කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කර ඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධව ගැටලු රාශියක්‌ පැනනගියි. ඒ අතරින්

රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්‌ද? එය සුවකළ නොහැකි වූයේ මන්ද? යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ "ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවා තැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද?"  යන සුවිශේෂී ප්‍රස්‌තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්‌මතු වෙයි. ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි ත වංශ කතා වාර්තා තුළින් සැක සංකාවන් ඉස්‌මතු වෙද්දී, එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකා ඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක්‌ ඔස්‌සේ ගමන් කළ යුතු වේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක්‌ නොව ලෝක ඉතිහාසයම වාර්තා වී ඇති ප්‍රබල මූලාශ්‍රයක්‌ ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ ජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණු රජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනු ලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණය සම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්‍රැතිය විවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක්‌ මගින් සාක්‍ෂි සැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධ ප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්‍රැති 06 විශේෂිත වේ.

01. දුටුගැමුණු රජු ජයසේන නම් නාග රාජයාගේ නැගණිය සමඟ සබඳතාවක්‌ ගොඩනඟා ගැනීම හේතුවෙන් රජු සමඟ බද්ධ වෛරයෙන් පසු වූ නාගයන් රජු මැරීමේ අදහසින් කිහිපවරක්‌ රජුට දෂ්ට කළ නමුත් "කපුරුනාත" නම් වූ රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා රජු සුවපත් කළ බැවින් පළමුව වෛද්‍යවරයාට දෂ්ට කර ඔහු මරා දමා පසුව දුටුගැමුණු රජුට ද දෂ්ට කොට මරා දැමූ බව.
(- කේ. සුනිල් (අවු. 54) බෙලිඅත්ත, ගලගම)

02. රුවන්වැලි සෑය වන්දනා කිරීම සඳහා නාග විමනේ සිට පැමිණි නාග රජුගේ දියණියක වන රූමත් නාග කන්‍යාවක පිළිබඳ සිත් ඇතිකර ගත් රජු ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙන ගොස්‌ තම මෙහෙසියක්‌ ලෙසින් සරණපාවා ගැනීම නිසා දුටුගැමුණු රජු කෙරෙහි වෛර බැඳගත් නාග රජු දුටුගැමුණු රජුගෙන් පළි ගැනීමට සිතා ප්‍රථමයෙන් රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා සමඟ මිතුරු වී නාගයන් දෂ්ට කළ විට නියත ලෙස මරණයට පත්කළ හැකි අයුරින් නාගයකු ලවා දෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන හදාරා ප්‍රථමයෙන් රාජකීය විෂ වෛද්‍යවරයාහට විෂඝෝර නාගයෙකු ලවා දෂ්ට කරවා මරා දමා ඔහු මියගිය පසු ගැමුණු රජුට දෂ්ට කිරීමට සැලැස්‌වීම.
(- සුසිලා ගුණරත්න, (අවු. 60,) නීලබැම්ම -)

03. කැලණි ගඟ අසබඩ ජීවත් වූ ජයසේන නම් නාග කුමාරයාගේ රූමත් බිරිඳ දැක ඇය පිළිබඳ සිතක්‌ ඇතිකරගත් දුටුගැමුණු රජතුමා ඇය සමඟ ප්‍රේම සබඳතාවක්‌ ගොඩනගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන් පසුව ජයසේන කුමරු සමඟ යුදවැදී ඔහු පරදවා ජය ලැබීමෙන් පසු යුද්ධය වූ ස්‌ථානය අසලින් ගලා ගිය කැලණි ගංගාවට ජයසේන කුමරු තල්ලු කොට දමා ඔහුගේ රූමත් බිරිඳ සරණපාවා ගෙන ඇත. කැලණි ගඟට වැටෙන අවස්‌ථාවේදී තමා විෂ නාගයකුව පැමිණ, රජතුමාට දෂ්ට කර මරා දමන බවට ජයසේන කුමරු කළ ශාපය සපථ කරමින් නාගයකුව පැමිණ සුදුසු වේලාව බලා රජතුමාට දෂ්ට කොට මරා දැමූ බව.
(- රත්නාවලී ඉඩම්ගොඩගේ (අවු. 48) කැලණිය)

04. රුවන්වැලිසෑය වැඳීම සඳහා රජුගේ උයනෙන් රහසේ මල් නෙලීමට පැමිණි නාග කන්‍යාවක දුටු රජතුමා, ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙනවිත් රජුගේ මෙහෙසි තනතුරට පත්කරගැනීම නිසා කුපිත වූ එම නාග කන්‍යාවගේ මව, නාග වේශයෙන් පැමිණ පළමුව රජුගේ විෂ වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා පසුව දුටුගැමුණු රජුට දෂ්ට කිරීම.
(- කොට්‌ටාව සිරිසේන මහතා, (අවු. 70) ගාල්ල)

05. දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එහි ධාතුගර්භය තුළ නිධන් කර තැන්පත් කිරීම සඳහා ධාතූන්වහන්සේලා වඩම්මවා ගැනීමේදී නාග ලොවෙහි වැඩ සිටි ධාතූන් වහන්සේලා ද වඩම්මවා තිබේ. "සෝනුත්තර" නම් වූ සෘධිමත් තෙරනමකගේ ආධාර ඇතිව සම්‍යප්‍රයෝගයකින් එම ධාතූන් වහන්සේලා නාගවිමානයේ සිට අනුරාධපුරයට වැඩමවා රුවන්වැලිසෑයේ නිධන් කිරීම නිසා ධාතූන් වහන්සේලා අහිමි වූ නාග රජු ඇතුළු නාග පිරිස දුටුගැමුණු රජු කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ බවත් සුදුසු අවස්‌ථාවක්‌ බලා රජුගෙන් පළිගැනීමේ අදහසින් නාගයකු ලවා පළමුව රජුගේ විෂ වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා ඔහු මියගිය පසු රජුට දෂ්ට කොට රජු මරා දැමීමට සැලැස්‌වීම.
(- කුසුමාවතී රත්නවීර, (අවු. 80), රඹුක්‌කැටිය)

06. දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කරන සමයේදී චෛත්‍යය මළුව තුළ කඩුපුල් මල් පූජා කර තිබෙන ආකාරයක්‌ දැක එය කවුරුන් විසින් පූජා කරන්නේදැයි සොයා බැලීමට සැඟවී සිටි දුටුගැමුණු රජුට නාග කන්‍යාවන් දෙදෙනෙක්‌ එසේ කරන බව දැකගන්නට ලැබිණි. සැඟවී සිටි ස්‌ථානයෙන් පිටතට පැමිණි ගැමුණු රජු එක්‌ නාග කන්‍යාවකගේ අත අල්ලා තිබේ. රජුගෙන් ගැලවී පලාගිය එම නාග කන්‍යාව ඒ බව නා රජුට දැන්වීමෙන් පසු කෝප වූ නා රජු නාග සෙන්පතියකු යොදවා පළමුව රජුගේ වෛද්‍යවරයා ඝාතනය කොට පසුව රජුට දෂ්ට කිරීමට සැලැස්‌වීම.
(- සීතා ප්‍රනාන්දු, (අවු. 73), දංකොටුව)

ලංකාවේ දකුණ, වයඹ, බස්‌නාහිර සහ රජරට යන ප්‍රදේශ තුළින් එකතු කරගනු ලැබූ එම ජනතාවන් විවිධ ප්‍රදේශ තුළ විසිරී පැවතීම හේතුවෙන් සහ මුඛපරම්පරාගත ප්‍රේරණය නිසා එකිනෙකට වෙනස්‌ වූ කරුණු අඩු වැඩි වශයෙන් ඒ තුළට එකතු වී පැවැතිය ද ඒවායෙහි අන්තර්ගතය සියුම්ව විශ්ලේෂණය කිරීම මගින් වංශකතා කියවීම තුළින් පැනනැගෙන ගැටලු සඳහා පවතින්නේ එකම පිළිතුරක්‌ බව නිගමනය කළ හැකිය. ඒ අනුව, දුටුගැමුණු රජුට වැළඳී තිබූ මාරාන්තික රෝගය කුමක්‌ද? යන පැනයට පිළිතුරු ලෙසින්
"නාග විෂ ශරීරයට ඇතුළත් වී රජු රෝගාතුර වීම"

යන්නත් රෝගය සුවකළ නොහැකි වූයේ මන්ද? යන පැනයට පිළිතුරු ලෙසින් "රජු රෝගාතුර වීමට පෙර රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා (කපුරුනාථ) ද නාගයකු දෂ්ට කොට මියයැම" යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළිවේ. එමෙන්ම රජට නාගයකු දෂ්ට කොට මියයැම"යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළි වේ. එමෙන්ම රජුට නාගයකු දෂ්ට කොට බලාපොරොත්තු විරහිත ලෙස රෝගාතුර වන්නේ රුවන්වැලි සෑයෙහි නිර්මාණ කටයුතු කරන අතරතුරදී, එම වැඩබිම තුළදී බව ද මෙම ජනශ්‍රැතීන් තුළින් දැක්‌වේ. එබැවින් දුටුගැමුණු රජුගේ මරණය ජනශ්‍රැතියට අනුව සහ වංශ කතාවන්ට අනුව එකම කාල පරාසයකදීම සිදුවී ඇති බව පැහැදිලිය. එබැවිsන් වංශ කතා තුළ වන ඌණ පූර්ණය ජනශ්‍රැතියෙන් සපුරාගැනීම සාධාරණ වන බව සනාථ කළ හැකිය. මීට අමතරව මෙම ජනශ්‍රැතීන් තුළින් ලබාගත හැකි සාධක රාශියකි. ඒවා අතර  


 01. දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තුළදී නාග නමින් හැඳින්වූ කිසියම් කණ්‌ඩායමක්‌ ජීවත් වී ඇති බව සහ රජු ඔවුන් සමඟ සමීප සබඳතාවක්‌ දක්‌වා ඇති බව.
02. රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජු විසින් මෙම නාග නමින් හැඳින්වූ කණ්‌ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් ආධාර උපකාර ලබා තිබීම.
03. පසු කාලයේදී රජු සහ නාගයන් අතර ගැටුමක්‌ නිර්මාණය වීම.
04. එය රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීමට තරම් ප්‍රබල වූ සාධකයක්‌ වීම.
05. කුමන්ත්‍රණ සැලැස්‌මේ ප්‍රබල භූමිකාවක්‌ රජුගේ මෙහෙසි තනතුරේ සිටි රූමත් නාග කන්‍යාවක්‌ විසින් මෙහෙයවීම.
06. දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්‍රණයේ මූලික අදියර ලෙස රජුට ප්‍රථම රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා නාගයන් විසින් ඝාතනය කිරීම යන සාධක පෙන්වා දිය හැකිය.

මෙම ජනශ්‍රැතික සාධකයන්ට අනුව දුටුගැමුණු රජුගේ මරණයට වගඋත්තරකරුවන් ඉතිහාසය ඉදිරියට රැගෙන ඒමට ජනශ්‍රැතිය සමත් වී තිබේ. ඒ අනුව ඉහත සෑම ජනශ්‍රැතියකම සඳහන් වන නාග කුමාරිකාව කවර අයුරකින් හෝ දුටුගැමුණු රජුගේ මරණයට සෘජු ලෙසම වගකිවයුතු ප්‍රධාන සැකකාරියක්‌ වන බව ඉතා පැහැදිලිය. ජනශ්‍රැති විශ්ලේෂණයේදී ඇතැම් තැනක ඇය කැලණිපුර ජයසේන නම් හා රජුගේ බිසව ලෙසත්, තවත් තැනක කැලණිපුර ජයසේන නම් නාග කුමරුගේ නැගණිය ලෙසත් සඳහන් වී තිබීම තුළින් ඇය කැලණිපුරයට සබඳතාවක්‌ තිබූ තැනැත්තියක බව හඳුනාගත හැකිය. දුටුගැමුණු රජුගේ මව වන විහාරමහාදේවිය ද කැලණිපුරයේ විසූ කැලණිතිස්‌ස රජුගේ එකම දියණිය වූ රාජකීය කාන්තාවකි. බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයේ සිටම කැලණිපුරය නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක්‌ ලෙසින් ප්‍රසිද්ධව පැවතුණි. මේ හේතුවෙන් විහාරමහා දේවියගේ පියා වන කැලණිතිස්‌ස රජු මනියක්‌ ත නාගරජුගේ රජ පෙළපතින් පැවතෙන රජ කෙනෙකු වන්නේදැයි යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතිහාසඥයන්ගේ සහ පුරාවිද්‍යාඥයන්ගේ යුතුකමක්‌ බව සිහිකැඳවනු කැමැත්තෙමි. එය එසේ නම්, දුටුගැමුණු රජු සිය මෙහෙසියක බවට පත්කර ගත් නාග කන්‍යාව රජුගේ මව් පාර්ශ්වයෙන් ඥතිත්වයක්‌ ඇති තැනැත්තියක ලෙස හඳුනාගත හැකිය. එම මෙහෙසියට දරුවන් සිටි බවට හෝ ඇය රජුගේ අගමෙහෙසිය වූ බවට හෝ කිසිදු සටහනක්‌ ජනශ්‍රැතිය තුළ සඳහන් නොවේ. ඒ මගින් පැහැදිලි කරගත හැකි එකම කරුණ වන්නේ, එම නාග කන්‍යාව රජු හා සරණ පැමිණ ඇත්තේ සිය අකමැත්තෙන් බව සහ ඇය හා විවාහ අපේක්‍ෂාවෙන් නාග කුමාරයකු ඇයට ප්‍රේම කර ඇති බව පමණකි. එබැවින් දුටුගැමුණු රජුගේ මරණය ලාංකේය සිහසුන අපේක්‍ෂාවෙන් සිදුකළ ඝාතනයක්‌ නොවන බව පැහැදිලි වන්නා සේම එය, හුදෙක්‌ම රජු සමඟ වූ බද්ධ වෛරය පිරිමසා ගැනීම සඳහා සිදුකළ කුමන්ත්‍රණකාරී ඝාතනයක්‌ බව පැහැදිලිය.
බුදු සසුනට සහ ශ්‍රී ලාංකේය ජාතියට උදාර සේවයක්‌ කළ දුටුගැමුණු රජුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව රාජකීය ඉතිහාස පුවත් ප්‍රේරණය වූ වංශකතා මුණිවත රකිනු ලබද්දී, ලාංකේය ජනයා අතර හැදී වැඩී පෝෂණය වූ ජන හදගැස්‌ම බඳු ජනශ්‍රැතිය මගින් රජුගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව පුන පුනා පවසයි. සාමාන්‍ය ගැමි ජනයා, අසහාය වූ දුටුගැමුණු රජුට සිය හදවත් තුළ පවතින ලෙංගතුබවේ නිශ්චලතාවය පරම්පරා ගණනාවක්‌ ඔස්‌සේ විදහාපාමින් ජනශ්‍රැතියෙහි බහා රැකගෙන පැමිණි දුටුගැමුණු රජු කුමන්ත්‍රණකාරීව ඝාතනය කිරීම පිළිබඳව වන රාජකීය රහසට ලාංකේය ඉතිහාස වංශ කතාව තුළ පිළිගත් සාධාරණත්වයක්‌ ඉටුවිය යුතුමය. නමුත් වංශකතා ඉතිහාසය සහ ජනශ්‍රැතික ඉතිහාසය අතර නොවිසඳුණු නඩු තීන්දුවක්‌ බඳුව අද දක්‌වාම දෝලනය වන මෙම ප්‍රස්‌තූතය සඳහා ලංකා ඉතිහාසය තුළ සැබෑ සාධාරණත්වයක්‌ ඉටුවන තෙක්‌ තැබිය හැකි අවසන් සටහන වන්නේ "ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීරයා වූ දුටුගැමුණු රජු ක්‍රි.පූ. 137 දී ලංකා පොළොවට බැතිසිතින් සමු දී තුසිත දෙව් ලොවට වාසය සඳහා නික්‌ම ගිය බවම පමණකි." එහෙත් එම නිමාව කොතරම් දුරට සාධාරණ වන්නේද යන්න ලංකාවේ සියලු ඉතිහාස සහ පුරාවිද්‍යාත්මක විද්වතුන් මඳකට සිතා බැලිය යුතු නොවේද?

                 සිදුකල යුතුවන්නේ ඉතිහාසය දන්නා අයවලුන් රජ පුතුනුවන් කිහිලිගන්වා ගෙන ගොස් නිදන් පෙන්වීම නොව තම දේශය අරක්සකරන්නට ප්රියවර ගන්න ලෙස පැවසීම නොවේද..? සිතන්නට දෙයක් තියනවා නේද 

මාසය තුල සිත්ගත් ලිපි