පොඩියට පටන් කල දෙයක් ගැන ලෝකෙටම කියන්න හිතුන නිසා,මොකද යම් යහපත් දෙයක්
කරන්න ගන්න හදන කොට කකුලෙන් අදින ජාතියක් ලොවෙත් නෑ,තව දෙයක් හොද දෙයට
හොදයි කියල කියන්නවත් සිතක් පහල නොවන පවතින සිංහලයන්ට දැනගන්නට පැරණි
ලිපියක් ශ්රී-පාද නම් පොතට ජෝන් ඇම්.සෙනවිරත්න මහතා ලියුවක් අද පින්වත්
සොහොයුරන්ට දක්වනවා, ඒ දක්වනුයේ නිකමට නොව එදා නායකයා පිළිබදව කිසියම්වූ
මානුෂික හැගීමක් ඔබසිතට ලංකරලීමටය, කතාවේ කතා නායකයා සර් ජෝන්
කොතලාවල මහතාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නායකයෙකි,මොවුන් මෑතකාලයේ
බිහිවන බහුතරයක් හිපි නායකයන්ට අගනා ආදර්ශමත් පුද්ගලයන්ය, තම විදුලි ව්යාපෘතිය නිමකරගැන්ම පමණක් නොව සේවකයන්ද සාර්ථකව කරගන්නට ඉඩ සලස්වාගන්නට එතුමා දෙවියන්ට වූ බාරය ඔප්පු කළ හැටි එය විදේශීය මිනිසා දැකපුහැටි ඔබට මින් දැනගන්නට හැකිවේවි,තවද එම නායකයා තම බඩ-ගොස්තරය හොයනවාට වඩා මහජයාට සේවය කරන අරමුණින් වැඩකරන බව පැහැදිලිවෙ, එය කෙසෙ වුවද ඔන්න ලැබුණු ලිපිය මහසෝන් පත්ඉවුරට එකතුවුණා,
ඉතිහාස
පුවත වසර 59ක් තරම් ඈතකට සෘජුව ද වසර 85ක් තරම් ඈතකට වක්රව
ද දිව යයි.ඒ 1924 වසරයි. නෝටන් බි්රජ් විදුලි
ව්යාපෘතිය ආරම්භ කරන ලද්දේ ඒ වසරේදී ය. එසේ වුව ද නොයෙක් බාධා ඇති වූයෙන් එහි වැඩ
ඇන හිටිණි. නැවත, 1938 දී ඊට අදාළ ටෙන්ඩර් කැඳවුණෙන්
ටෙන්ඩරය ලබා ගත් ඉන්දියා සමාගමක් 1939 දී වැඩ ඇරඹුවේ ය.
එහෙත් දෙවන ලෝක යුද්ධය ඇරැඹීම නිසා සමාගම වැඩ අතහැර ගියේය. 1942 දී විදුලිබල දෙපාර්තමේන්තුව මේ කටයුත්ත සියතට ගත්තේය. එහෙත් සිදුවූයේ
වැඩ අත-පත ගෑමකි. 1947 දී ඇද හැළුණු මෝසම් වැස්සෙන් ජල
ගැලීම් ද, නායයෑම් ද ඇති විය. සේවකයන් 22කුගේ ජීවිත හානි ද ඇතුළු සුවිශාල පාඩුවක් මේ නිසා දෙපාර්තමේන්තුවට
සිදුවිය.
විදුලි ව්යාපෘතිය අඩාල වන පරිදි හූනියම් කර ඇතැයි යන විශ්වාසය තහවුරු වූයේ මේ සමඟය. ඉන් මිදීමට නම් ශ්රී පාද අඩවියට අධිපති සමන් දෙවිඳුනට බාරයක් විය යුතු ය යන අදහස වගකිවයුතු සිත්හි ඇති විය.1947 නොවැම්බර් දෙවැනි දා නෝටන්බි්රජ්හි සුධර්මාරාමයට රැස්වූ ව්යාපෘති භාර ඇමැති සර් ජෝන් කොතලාවල මහතා ප්රමුඛ වගකිවයුත්තෝ මහා සංඝයා හා දහස් සංඛ්යාත ජනයා මධ්යයේ සමන් දෙවියනට බාරයක් වූහ.”ජාතික වස්තුවක් වන නෝටන්බි්රජ් ව්යාපෘතිය බාධාවලින්, අතුරු ආන්තරාවලින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දුන මැන! ඊට අදාළ කාර්යයන්හි නියැළෙන අය රැක දුන මැන! මේ කර්මාන්තය ආපදා රහිතව පූර්ණත්වයට පත් වූ විට ශ්රී සුමන දිව්ය රාජයාණන් අරක්ගත් ශ්රී පාද චෛත්ය ස්ථානයත්, එහි ගමනාගමනය පිණිස වූ මහා මාර්ගයත් මහජන ආධාර ඇතිව විදුලියෙන් ආලෝකවත් කිරීමට මෙයින් පොරොන්දු වෙමු; බාර වෙමු.”
ඒ ඓතිහාසික බාරය එබඳු විය.වැඩ ඇරැඹිණි. පුදුමයකි. සියලු වැඩ කටයුතු බාධාවකින් තොර ව සිදු කැරිණි.ව්යාපෘතිය නිමවිණි. 1950 මාර්තු 4 වැනි දින පුන් පෝ දින - සිරිපා මලුව සහ එහි යන මඟ විදුලියෙන් ඒකාලෝක කොට බාරය ඔප්පු කැරිණි.එවක අග්රාණ්ඩුකාර සෝල්බරි සාමි ද, අග්රාමාත්ය ඩී.ඇස්.සේනානායක මහතා ද අසනීප ව සිටි බැවින් විදුලි ව්යාපෘතිය භාර අමාත්ය සර් ජෝන් කොතලාවල මහතා විසින් ශ්රී පාදයට පිවිසෙන මඟෙහි මකර තොරණ විවෘත කරන ලද්දේ සතර දිග් භාගයෙන් වැඩම කරවන ලද සියලු නිකායන්ට අයත් භික්ෂු සංඝයා විසින් සිදු කරන ලද පිරිත් සජ්ඣායනය මධ්යයේ ය. ඒ සමඟ ම, නැගී ආයේ පිළිරැව් නැගෙන සාධුකාරයකි.
ඉන්පසු, සම්භාවනීය පිරිස ඇතුළු මහ ජන ගඟ සිරිපා මලුව දක්වා ඇදී ගියේ මහ පෙරහරිනි.මේ සිද්ධිය ඇසින් දුටු ඉංගිරිසි ජාතික මාග්රට් ග්රිෆික්ස් මෙනෙවිය සිරිපා කඳු මුදුන විදුලියෙන් ඒකාලෝක කැරුණු ඒ ඓතිහාසික අවස්ථාව ගැන විස්තරයක් ‘හඳේ හාස්කම්’ නමින් පුවත්පතකට ලීවාය.
ඇය ඒ ලිපියේ මෙසේ ලියා තිබේ.”රාති්ර 8.30ට පමණ ඇත. හිස ඩිංගක් ඇලකර ගන්නට පෙර වටපිටාව දැක ගනු රිසින් අපි කුඩා ගිමන්හලින් පිටතට ආවෙමු. හැමදෙනාම පාහේ අහසට එබී බලමින් හඳ මඬල දෙස අත දිගු කරමින් සිටියහ. එහි වූයේ අසාමාන්ය දර්ශනයකි. එය නන් පැහැ එළි වළලු හතරකින් වට වී තිබිණි.”
”ඊළඟට අපි සිරිපා කඳු මුදුනින් විහිදී යන මීදුමක් බඳු ආලෝක පටලයක් දුටිමු. අප පුදුමයට පත් වග දැනගත් අප ළඟ සිටි සමහරු මොහොතකට පෙර දක්වන ලද නන් පැහැ විදුලි පහන් එළි වැටෙන් බුදුරැස් මාලා විහිද යන බව පැහැදිලි කර දුන්හ.

විස්මයට කරුණක් වූයේ සඳ වටා වූ එළි වළලු සිරිපා ගිරි හිසෙන්
නික්මුණු එළි පැහැ ගැන්වී තිබීමය. එසේ වූයේ ඇයි දැයි අපට සිතාගත නොහැකි විය. අපට
කරුණු කාරණා කියාදෙන්නාට ද ඒ ගැන යමක් නොකිව හැකි විය.”
මේ සිද්ධිය වූයේ මීට වසර 59කට පෙර දහස් සංඛ්යාත සැදැහැවතුන් ගේ ඇස්පනාපිටය.අද නොයෙක් පහසුකම් මැද සිරිපා කරුණා කරන කවුරුත් සිත තබාගත යුතු දෙයක් ඇත. සිරිපා මලුව ද, එහි යන මඟ ද ඔබේ වන්දනාවට පහසු වන පරිදි ආලෝකමත් කිරීම සඳහා මෙන්ම ඊට මඟ පෑදූ නෝටන් බි්රජ් ව්යාපෘතිය උදෙසා අපේ ම සහෝදර පිරිසක් ලේ, කඳුළු, දහදියෙන් සේ ම ජීවිත පරිත්යාගයෙන් ද කටයුතු කර ඇති බවයි, ඒ නයිවල ශ්රී ධම්මරතන බෞද්ධ මධ්යස්ථානාධිපති, මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හිස්සැල්ලේ රතනසීහ හිමියන් විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

මේ ලිපියට තව දෙයක් එකතු කරනවා
මෙවැනි වූ තැනකට යනඑන ඔබලා මත්ද්රව්ය රැගෙන යාමෙන් හා බාවිතා කිරීමෙන් වලකින ලෙසද තරුණ තරුණියන් මනා හැසිරීම වැදගත් වන්නෙය්ය තවද යන මග අපිරිසිදු නොකර යන ලෙස මතක්කරන්නට දැන් දැන් සිදුවෙ,ගොඩක් මිනිසුන් මානබලන තැනක් ලෙසින් ශ්රීපාද අඩවිය පරසිද්දය,අපේ දෑ අපේම උන් වෙනුවෙන් රැකගන්න ලෙස සියල්ලටම මතක්කර සිටිමි,

සත්යය දකින්නට සිත්පහල වේවා......! සියලු දෙනාට තෙරුවන් සරණයි...!