30 June 2012

සීවලීත් අප සමග ආයේද

                                     පින්වත් ඔබල දැක ඇති රුවක් ගැන කතාකරමු, එනම් පාත්‍රයක දන්වලදන හිමිනමකගෙ රුව ඔබලගෙ නෙත් ගැටී ඇත නමින් සීවලී මහ රහතන් වහන්සෙ වන සම්බුදු සසුනෙ අසූ මහා ශ්‍රාවකයන් අතර අග්‍රලාභීයා විය,සීවලී මහ රහතන් වහන්සේගේ කථාව පටන් ගන්නේ මෙහෙමයි. අප ගෞතම බුදුරදුන් දවස උන්වහන්සේගේ ඥාතීන් වූ කෝලිය වංශයෙහි මහා ලිච්ඡවී රජුට දාව සුප්පාවාසා නම් බිසවගේ කුස තුල පුත් රුවණක් පිළිසිඳ ගත්තා. සත් හවුරුදු සත් මසක් යනතුරු දරුවා මෙලොවට බිහි වුනේ නෑ. එහෙයින් මව පමණක් නොව  දරුවාත් එපමණ කලක්ම මහත් දුක් වින්දා.අන්තිම සතිය වනවිට බිසව වඩාත් දුකට පැමිණ සිටියා.ඒ සෑම මොහොතකම ඇය බුදු රදුන් සිහි කරමින් උන් වහන්සේගේ ගුණ සිතමින් තමයි දවස් ගෙවුවේ.
                                      එම වේදනාවෙන් තමා මියයතැයි සිතූ ඇය මියයාමට පෙර බුදුරජාණන් වහන්සේ වැඩමවා දනක් පිරිනැමීමට කල්පනා කොට විහාරයට ගොස් බුදුරදුන්ට දානයට ආරාධනා කරන්නැයි ඇය ඇගේ ස්වාමියා ගෙන් ඉල්වා සිටියා. තමන් ප්‍රසූතිය නිසා අපහසුවෙන් මහත් වේදනාවෙන් පසුවන බව බුදුරදුන්ට පවසා ආශිර්වාද ලබාගෙන එනමෙන්ද ඇය කියා සිටියා. ඇගේ ස්වාමියා විහාරයට ගො‍ස් සුප්පාවාසා පිළිබඳ විස්තරය බුදුරජාණන් වහන්සේට කියා සිටියා. මහමෙරක් මෙන් කුළුණු ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේ ඇයට ද දරුවාටද ආශිර්වාද කලා. මහා පුදුමයකි, ඒ ආශිර්වාදයත් සමගම සුප්පවාසාව නිවසේදී නිදුකින් පිරි පින්බර පුතෙකු බිහි කිරීමට හැකි උනා. සියල්ලන්ගේ සිත් සතන් සිසිල් කරමින් උපත ලැබූ හෙයින් කුමරැට "සීවලී" යන නම තැබුනා.ආශිර්වාදයයෙන් ලත් මේ අසිරිමත් සිදුවීම නිසා සුප්පවාසාවගේ සිත දැඩියෙන් බැඳී ගියා.එහෙයින් ඇය සත්දිනක් බුදුපාමොක් මහ සඟරුවනට දන් දුන්නා.

                                                සියලු කටයුතු ඉතා දක්ෂව කරමින් වැඩුණු කුමරු තමන් කුස තුල සිටියදී මවත් තමනුත් ඉතා දුක් ගැහැට විඳි බව නොයෙක් දෙනාගෙන් අසා දැනගත්තා.එම දුක නැවත විඳිය යුතු නැතැයි ඔහු සිතුවා. ඔහු කුඩා කලම දෙමාපියන්ගේ කැමැත්ත ගෙන සැරියුත් තෙරුන් සමීපයෙහි පැවිදි වුනා. පැවිද්ද ලබා ටික කලකින්ම විදසුන් වඩා රහත්ඵලයට පත් උනා.පුණ්‍ය බලයෙන් සීවලී මහ රහතන් වහන්සේට කිසි දිනෙක දානයෙන් නම් හිඟයක් නොවීය. මේ එයට කදිම නිදසුනක්. සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරු තමාගේ විවාහ මංගල උත්සවය අවසන්වී ආපසු යමින් සිටිය දී පැවිදි වන්නට කල්පනා කර අතරමග වනන්තරයේදී සිරුරු කිස සඳහා යාමට උවමනා බව කියා රථයෙන් බැස පලාගොස් වන වාසි භික්ෂුන් සිටින ආරාමයකට ගොස් තමන් සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරා බව පවසා කිහිරි වනයනම් ස්ථානයට ගොස් එහි වස් වසා ධෛර්ය උපදවාගෙන වස් අවසන්වත්ම රහත් බවට පත්වුනා. තම සොහොයුරා පැවිදි වු බව අසා දැනගත් සැරියුත් තෙරුන් ඔහු දැක ගැනීමට යාමට සූදානම් වුනා. ඒ බව ඇසු බුදුන් වහන්සේ ද එහි වැඩමවීමට සතුටුව භික්ෂු  සංඝයාද පිරිවරාගෙන ගමනට එක්වුනා.එහි යාමට තිස් යොදුනක් පමන මග ගෙවා වනාන්තරයක් මැදින් ඉතා කටුක වූ ගමනක් යාමට ඇතිනිසා භික්ෂුන් වහන්සේලාට සිවුපසය පිළිබඳ ප්‍රශ්නයක් මතු උනා.

මෙහිදී බුදුරජාණන් වහන්සේ
සීවලීත් අප සමග ආයේදැයි විමසුවා. සීවලී මහරහතන් වහන්සේත් ඒ සමග වඩින බව දැන' එසේ  නම් දන් නොවරදින්නේයැයි වද්‍රරා එම වනය මැදින් වැඩම කලා. මුළු තිස් යොදුන් ගමන පුරාම බුදුරදුන් ප්‍රමුඛ සංඝ්‍යාට සීවලී තෙරුන්ට ලැබුන නොයෙක් දානමාන  ගෞරවයෙන් වැළඳු බව සඳහන් වෙනවා.

                                බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය ලද්දේ සීවලි මහරහතන් වහන්සේය. එය විදර්ශී බුදුරදුන් කල ලද ප්‍රාර්ථනයක් සමෘද්ධිවීමක් ලෙසයි විස්තර වෙන්නේ.අතීතයේ විදර්ශී බුදුන් ලොව පහළ වු සමයේ දඹදිව බන්ධුමති නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර රැස්කොට බුදු පාමෙ‍ාක් මහසඟනට මහ දන් පවත්වන්නට වුනා.ඔවුනට එක් දිනෙක කිරි හා මී පැණි සොයා ගැනීම මහත් අසීරු උනා.       
                             එදින එක් ගම්වැසියෙක්
  මුදවන ලද දී කිරි පැසක් ගෙන 'විකුණාගෙන එන්නෙමි' යි නගරයට යන අතරමඟ දඬුවල් බෑ මීයක පැණිද රැගෙන යන්නට විය. වාසනාවකට මෙන් මගදී මී හා දී සොයමින් යන පිරිසට ඔහු හමුවුනා. ඔවුන්ට අවශ්‍ය දේ මගදීම ලැබීම නිසා මහත් සතුටට පත් ඔවුන් කහවනුවක්  දී මී පැනි විකුනන ලෙස මගියාගෙන් ඉල්ලා සිටියා. තමා අතවු මී පැනි එතරම් නොවටනා බව දත් ඔහු වැඩි මුදලකට මෙය ඉල්ලන්නේ යම්කිසි වැදගත් වැදකට යයි සිතා ඒවා දිය නොහැකි බව කිව්වා. ක්‍රමයෙන් මිල වැඩි කොට අවසානයේ  කහවනු දහසකව ද ඉල්ලු පසු මෙතරම් වැඩි මුදලකට මෙය ඔබ ගන්නේ කුමකටදැයි  විමසුවා. එය බුදුරදුන්ට පුදන්නට යැයි ඔවුන් කී විට ඉතා සතුටට පත් ඔහු තමන්ම ගොස් සැදැහැ සිතින් බුදුනට මී හා දී සියතින්ම පිදුවා. බුදුන් වහන්සේ බොහෝ භික්ෂුණ් වහන්සේ සමග එක්ව එම දන වළඳනු දැක බොහෝ සතුටට පත්ව මේ කුසලයෙන් මට යසසින් අගතැන් ලබන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කලා. ඒ පින් බලෙන් බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය සීවලි මහරහතන් වහන්සේ හට හිමිඋනා.


ඔබට වෙනත් යම් ගැටලුවක්‌ පැමිණියද මේ ආකාරයට එම ගැටලුවට පිහිට වන ලෙසට ඉල්ලා සිටින්න. ඔබට යම් සහනයක්‌ ලැබෙනු ඇත.


සීවලී මහ රහතන් වහන්සේට වැඳීම

1. පියං දේව මනුස්‌සානං -
බ්‍රහ්මණඤ්ච පියං තථා

පියං නාගසුපණ්‌ණතං - කත කිච්චං අනාසවං


2.
ලාභිං ලාභන්තං සබ්බත්ථ -
වනෙගාමෙ ජලෙ ඵලේ

ලාභීන මග්ගතං පත්තං - කත්වාන කුසලං බහු


3.
ජලඤ්ඤං මහාතෙරං - නමාමි සිරසාදරං
සුසීලං සීවලී ථෙරං - නමාමි සිරසාදරං


පහන් පිදීම
4. පියං දේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - දීපෙන පූජයම" හං


මල් පිදීම
5. පිංයදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - පූඡේමි කුසුමේන" හං


සුවඳ පිදීම

6. පියං දේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - ධූපෙන පූජයාම" හං


ගිලන් පස පිදීම

7. පියංදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - ගිලාන පච්චයං ඉමං


ආහාර පූජාව

8. පියංදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - පූඡේමි භෝජනං ඉමං



                                                                  
සීවලී පිරිත
1. පූරෙත්වා පාරමී සබ්බේ, සබ්බේ පච්ෙච්කනායකා, සීවලී ගුණතේජෙන, පරිත්තං තං භණාමහෙ
න ජාලිතීති ජාලිතාවි
, ආ ඊ ඌ ආම ඉ සවාහා
බුද්ධසාමි බුද්ධසත්‍යම්


2. නාසාසීමෙචමොසීසං, නානජාලිතී සංජලීථ
සදේවමනුස්‌ස පූජිතං
, සබ්බලාභා භවන්තු මෙ

3. සීවලී ච මහාථෙරෝ, සො" රහො පච්චයාදිනං
පියෝ දේව මනුස්‌සානං
, පියෝ බ්‍රහ්මාණමුත්තමො
පියෝ නාගසුපණ්‌නානං
, පීණින්ද්‍රියං නමාම"හං

4.
පදුමුත්තරෝ නාම ජිනෝ, සබ්බධම්මේසු චක්‌ඛුමා,
ඉතො සතසහස්‌සමහි
, කප්පෙ උප්පඡ්ජි නායකො

5. සත්තාහං ද්වාරමූළෙහා"හං, මහා දුක්‌ඛ සමප්පිනො,
මාතා මෙ ඡන්දදානෙන. එවමාපි සුදික්‌
තා

6.
කෙසෙසු ජිඡ්ජමානෙසු, අරහත්තමපාපුණිං,
දේවා නාගා මනුස්‌සා ච
, පච්චයානු පන්නෙති මෙ

7.
පදුමුත්තරනාමඤ්ච, විපස්‌සීං ච විනායකං,
සමපූජංසිං පමුදිතො
, පච්චයෙහි විසෙසතො

8.
නතො තෙසං විසෙසෙන, කම්මානං විපුලුත්තමං,
ලාභං ලභාමි සබ්බත්ථ
, වනෙ ගාමෙ ජලෙ ථලෙ

9.
තදා දෙවොපනීතෙහි, මමත්ථාය මහාමති,
පච්චයෙහි මහාවීරා
, සසංඝො ලොකනායකො

10. උපට්‌ඨිතො මයා බුද්ධෝ, ගනත්වා රේවතමද්දස,
නතෝ ඡේතවනං ගනත්වා
, ඒතදග්ගේ ඨපෙස මං

11.
රේවතං දස්‌සනත්වාය, යදායාති විනායකෝ,
තිංසභික්‌ඛුසහස්‌සේහි
, සහ ලෝකග්ගනායකෝ

12.
ලාභීනං සීවලී අග්ගෝ, මම සිස්‌සේසු භික්‌ඛවෝ,
සබ්බලෝක හිතෝ සත්ථා
, කිත්තයි පරිසායු මං

13.
කිලෙසා Cධපිතං මය්හං, භවා සබ්බේ සමුහතො,
නාගො ච බන්ධනං ඡේත්වා
, විහරාමි අනාසවො

14.
ස්‌වාගතං වත මේ ආසි, බුද්ධසෙට්‌ඨස්‌ස සන්තිකං,
තිස්‌සෝ විඡ්ජා අනුප්පත්තා
, කතං බුද්ධස්‌ස සාසනං

15.
පටිසම්භිදා වාස්‌සෝ ච, විමොක්‌ඛාපි ච අට්‌ඨ මේ,
ජලභිඤ්
Æ සච්äකතා, කතං බුද්ධස්‌ස සාසනං

16.
බුද්ධපුත්තො මහාථෙරෝ, සීවලී ජින සාවකො,
උග්ගතේජෝ මහාවීරෝ
, තේජසා ජිනසාසනං

17.
රක්‌ඛන්තො සීලතේජෙන, ධනවන්තෝ යසස්‌සිනෝ,
ඒවං තේජානුභාවෙන
, සදා රක්‌ඛන්තු සීවලී

18.
කප්පට්‌ඨායි ති බුද්දස්‌ස, බෝධිමූලේ නිසිදිය,
මාරසේනප්පමද්දන්තො
, සදා රක්‌ඛන්තු සීවලී

19.
සදපාරමිතං පත්තො, පබ්බජී ජිනසාසනේ,
ගෝතම සාක්‍ය පුත්තෝසී ථෙරේන මම සීවලී


20.
මහා සාවකා අසීතිංසු, පුණ්‌ණථෙරෝ යසස්‌සිනො,
භවභොග්ගලාභිසු
, උත්තමෝ තේන සීවලී

21.
ඒවං අචින්තියා බුද්ධා, බුද්ධම්මා අචින්තියා,
අචින්තියේසු පසන්නානං
, විපාකෝ හෝති අචින්තියෝ

22.
තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,
තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බභයවිනාසනං


24.
තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,
තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බදුරෝගවිනාසනං


(
මේ පිරිත භාවිතා කිරීමෙන් වෙළ¹ම ආදියෙන් ලාභයද, අහාරපානාදිය සුලභද වේ. රජ සොර සතුරු භය තුන් දොරින් හටගන්නා අනතුරුද දුරුවෙත්, මෙහි "මෙ" යන තැනට "තෙ" කියාද, ඞ "මං" යන තැනට "ත්වං" කියාද අනුන්ට කියන විට යෙදිය යුතු.)

උදේ හවස දෙකෙහි භාවිත කළ යුතු සීවලී දැහැන


නමො සිද්ධ සීවලීරාජා පඨවියා සබබතොමෙව ආකාසෙ උදකෙන
නෙවිසං සං හසසං තමපිසාරෙමි සබ්බලාභං උපෙනතු මෙ.

නමාමහං මහාලාභිං සීවලීනාම අරහන්තං තසස තේඡේන

සබ්බලාභ උපෙන්තු මෙ.


නමෝ ථෙරසස යතෝ හෝති යසස යනතා පියායති යසස යනති නමො නමඃ

නමෝ ථෙරසසනතියො නාමකිං මෙ සුතං එතං ගබ්භනෙති සීවලී තෙජානං එවං සීවලී නමඃ නවිසසනති නමඃ


නමෝ තෙජං ලොකේන සෙටඨං නරාසභං එතං තෙජෙනෙ සෙටඨං නරාහතිං තේජ නමඃ

නමෝ සොභිස දිසසනති තෙජි පිය දසසති නමඃ

නමො ජාති ජාලා ගාර විසඳන ආකාස අහනතීච ඊවදා හනිති යසස ථෙරස්‌ස තෙ ජයතේ නමඃ

බුද්ධං සිං සං සිද්ධං නමො මුනි මුනි ශ්‍රී මුනි මුනි සවභාඃ

සියලුදෙනාට තෙරුවන් සරණයි....!
අන්තර්ජාලයෙන් උපුටා ගැනුනි
         

29 June 2012

කෝ තොපේ බුද්ධා...


                                     අද ටිකක් පරණ කතාවක් මට ලැබුන හිතුන පින්වත් සහෝදරයන්ට දෙන්න,මෙය නිකම්ම පරණ කතාවක් නොවෙයි පරණ කතාවක් වුවත් සිදුවීම සත්‍යයි..මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.

                                            වකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්‌" මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර "ක්‌වීන්ස්‌" හෝටලයේය.එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව "චාමස්‌" උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.

                             ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු..... අනේ සාදු... අනේ සාදු.... කවුරුත් හඬනගන්නට වූහ.අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය..... ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

                               කෝ තොපේ බුද්ධා... හොයා පියව්..... නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. "වැස්‌ස නවතීවි" යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.

                          මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද "නුවරවැව" බැමි පුපුරා කඩාගෙන යන්නට "ඔන්න මෙන්න" කියා තිබිණි.අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.දැන් දැන්... මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ."පරයි...... දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්" අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.

කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු.... ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.

                            අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ. ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය."ශ්‍රී දළදා හිමිපාණන්...... ඉස්‌සුවොත්........ හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා" යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.අමාරුවෙන් තතන තතනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.


එප්පාවල - රත්න බී. ඒකනායක
දහම් නදින් සිත් සනසන දහම් ගගන රේඩියෝව - උපුටා ගනීමකි...


මාසය තුල සිත්ගත් ලිපි