මීට හැට හතර වසරකට ඉහත දී නම් දුටුගැමුණු රජුට සම්බන්ධ වටිනා වස්තුවක් අනුරාධපුර පොළොවෙන් ගොඩගැනුණි. ඒ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂය. එක් දහස් නවසිය හතළිස් අට වූ කලි ලංකාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ වසරය. ඊට වසර දහස් ගණනකට පෙර ලංකාව සොලීන්ගෙන් මුදා ගන්නේ දුටු ගැමුණු රජුය. දුසිම් ගණනක සිංහල රජ පෙළපතක් තිබුණද සිංහල බෞද්ධයාගේ සදාතනික වීරයා දුටුගැමුණුය. එනමුත් අපේ මේ කථාව දුටුගැමුණු රජුට ප්‍රශස්ති ලිවීමට නොව ඔහුගේ භෂ්මාවශේෂ ලැබුණූ ආකාරය ගැන කීමටය. දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර ගොඩනැගූ චෛත්‍ය අතීතයේ සිටි ජනතාව එළාර සොහන යැයි වරදවා තේරුම් ගෙන තිබුණි. අනුරාධපුර ඉසුරුමුණි විහාරයට යන මාර්ගයේ පිහිටි මේ ස්මාරකය ඉදිකළේ සටනින් පැරදුණු එළාර මරු දුටු තැනේ බව පැරැන්නෝ විශ්වාස කළෝය.
එක් දහස් අටසිය අසූව දශකයේ මේ බිම මුලින්ම කැන්නේ ලංකාවේ මුල්ම පුරා විද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල්ය. ඒ පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ පුරාවිදු පර්යේශණ කෘතියේ මෙසේ දැක්වේ.
පසුගිය ශත වර්ෂයේ අවසාන හරියේ දී බෙල් මහතා මෙම ස්ථානය පරීක්ෂා කර බැලුවේය. ඒ සඳහා ඔහු විසින් කඳු ගැටයේ නැගෙනහිර හා උතුරු බෑවුම්වල අඟල් තුනක මුදුණද සමතලා කරන ලදී. ඔහු කළ දේ සිද්ධස්ථානයක් කෙලෙසීම වැනි ඉතා දරුණු ක්‍රියාවක් ලෙස එකල සාමාන්‍ය මිනිසුන් සැලකූ බවට සැක නැත. හැකියාවක් තිබිණි නම් ඔවුන්ට බෙල් මහතාට අවහිර කිරීමට වුවද ඉඩ තිබුණි. ඔවුන්ට කළ නොහැකි වූ දේ අන්තිමේ දී දෙවියන් අතින් සිදු විණැයි යනු ඔවුන්ගේ විශ්වාසයයි. ඔවුන්ගේ විරෝධය ගැන සලකා බැලීමෙන් හා සමහරවිට දෙවියන් තමන්ම උරන වීමෙන් හා කුපිත වීමෙන් මෙසේ සිදු වුණු බවක් ගැන ඇදහීමක් ජනයා අතර ඇත්තේය. බෙල් මහතා කඳුගැටයට ළංවන විට දෙබරපොදියක් කඩා වැටුණේ ඒ නිසි ගරු සරුකමක් නොදන්නා පුරාවිද්‍යාඥයාට යස පාඩමක් ඉගැන්වීමට දෙවියන් යෙදූ උපායක් විලසිනි. බෙල් මහතාත් ස්වකීය සේවකයෝත් දිවි ගලවා ගැනීමට පැන දිවූහ. ඔවුහු යළි කිසිදු දිනක එතැනට නාවෝය. පුරාවිද්‍යාඥයන්ට සිදු වූ මේ ඇබැද්දිය අනුරාධපුරයේ හා ඒ අවට වාසය කළ ගම්මුන්ට දුටුගැමුණු - එළාර සටන තරමට සැබෑ ඉතිහාස කතාවක් විය. මීට වඩා දැනුම් තේරුම් ඇති පුද්ගලයෝ පවා මේ සිද්ධිය මෙලෙසින් විශ්වාස කළහ.
දෙබර පොදිය කඩා වැටීමෙන් පසු බෙල් දක්ඛිණ ථූපය කැණීම අතහැරියේය. එතැන් සිට දශක හය හතක් යනතුරා මේ බිමට පුරා-විද්‍යාඥයෝ අත නොතැබූහ. මහ විසල් ගස් දක්ඛිණ ථූපය වසාගෙන අහසට නැගුණේය. බෙල් දක්ඛිණ ථූපයේ කළ කැණීම් අගල් පොසොන් කාලයට අනුරාධපුරයට එන වන්දනාකරුවන්ට පොදු වැසිකිළි බවට පත් විය. තමන් මේ ශරීර කෘත්‍ය කරන්නේ සිංහලයේ මහා රජු දුටුගැමුණු රජුගේ සොහොන මත බව ඔවුහු දැනගෙන නොසිටියහ.
කෙසේ නමුදු එක්දහස් නවසිය හතළිස් හයේ දී මේ බිමට සෙනරත් පරණවිතාන සූරීහු පැමිණියහ. දක්ඛිණ ථූපය නමින් හඳුන්වනු ලැබූ මේ බිමේ එකල තිබුණේ කඳු ගැටයකි. පරණවිතාන සූරීහු ඒ කඳු ගැටයේ සරුවට වැවී තිබූ ගස් වැල් කපා හෙළි කර කැණීම් ආරම්භ කළහ. පුරා-විද්‍යාඥයන්ට අමතරව ඒ බිම කිසිවෙකු විසින් හාරා විනාශ කරනු ලැබ තිබෙන බව මේ කැණීම්වලදී හෙළි විය. ඒ පුද්ගලයන්ගේ අරමුණ වන්නට ඇත්තේ ථූපයේ තැන්පත් කර තිබූ වටිනා වස්තූන් විය හැකිය. අද මෙන්ම ඈත අතීතයේ දිත් නිදන් හොරු මේ බිමේ සිටි බව මේ සිද්ධියෙන් පැහැදිලිය. ඔවුහු දුටු ගැමුණු රජුගේ සොහොන් ගැබ කඩා බිඳ දමා සුණු විසුණු කළහ.
සෙනරත් පරණවිතාන සූරින් කළ කැණීම් වලදී මේ බිමේ තිබි සියවස් ගණනාවක් පැරණි සිංහ, හස්ති, අශ්ව හා වෘෂභ රූපද හමුවිය. ඒ සියල්ල නිදන් හොරුන්ගේ හෑරීමෙන් විනාශයට පත්ව තිබුණි. ඔවුන් ධාතු ගර්භයද බිඳ ධාතු කරඬුවද පැහැරගෙන තිබුණි.පුරා දෙවසරක් සෙනරත් පරණවිතානයෝ මේ බිම කැන්නහ. එක් දහස් නවසිය හතළිස් අටේ මාර්තු මාසයේදී මේ චෛත්‍යයේ සලපතළ මළුව පාදා ගැනීමට පරණවිතාන සූරීහු සමත් වූහ. මේ කැණීම්වලදී ඔහුට ගල්පුවරු කීපයකම කොටා තිබූ පැරැණි ලිපියක් හමුවිය. ඒ ගල් පුවරුවේ බ්‍රාහ්මි අක්ෂරවලින් දකිණි-විහර යනුවෙන් සඳහන් වී තිබුණි. ජනප්‍රවාදයේ සඳහන් වූ ආකාරයට මේ බිම එළාරගේ සොහන නොව දක්ඛිණ වෙහෙර බව හෙළි වූයේ මේ ගල් පුවරුවෙනි. පුරාවිද්‍යාවෙන් හඳුනාගත්ත ද දක්ඛිණ චෛත්‍යය පිළිබඳ මහාවංසය හා සද්ධර්මාලංකාරයේද සඳහන් වේ. මහාවංසයේ සඳහන් වන ආකාරයට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණි පොසොන් පෝ දින රාත්‍රිය පහන් කළේ අනුරාධපුරයේ මහා මේඝ උයනේ රාජමන්දිරයේය. පසුදින උදේ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ බැහැදැකීමට ගියේ මල් රැගෙනය. උන්වහන්සේ රජු සමග පිචුල ගසක් ළඟට ගොස් ඒ ගසට මල් දොහොත් අටක් පූජා කළහ. එවිට මහ පොළොව සසල විය. තැතිගත් රජතුමා මහ පොළොව කම්පා වීමට හේතුව විචාළේය. එවිට උන්වහන්සේ කීවේ මෙම කල්පයේ මින් පෙර ලොව පහළ වූ බුදුවරුන් තුන් නමකගේ කාලයේ මෙම පිචුල ගස ඇති ස්ථානයේ මාලකයක් පිහිටි බවත් සංඝකර්ම සඳහා එම ස්ථානය වෙන්ව තිබූ බවත්ය.
අප බුදුන් වහන්සේගේ ශාසනයෙහි එවැනි සිද්ධස්ථානයක් එහි මතුවටද ඉදිකරවනු ලබන බවත් මිහිඳු හිමියන් ප්‍රකාශ කළ බවට මහාවංසයේ සඳහන් වේ. මේ පිළිබඳ සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතය වූයේ මිහිඳු හිමියන්ගේ කාලයට පසු මෙම ස්ථානයේ කම්මමාළකයක් පැවැති බවත් මහාවංස කතුවරයා එම කම්මමාළකය ගැන දැන සිටි බවත්ය.මහාවංසයේ සඳහන් කම්මමාළකය හා දුටුගැමුණු රජුගේ අවසාන මොහොත අතර තිබෙන සම්බන්ධය ගොඩනැගෙන්නේ රජතුමාගේ අවසාන ඉල්ලීමත් සමගය. මහාවංසයට අනුව සිය අවසාන මොහොත ළඟා වී ඇති බව දැනගෙන හුන් දුටුගැමුණු රජතුමා මරණ මඤ්චකයේ සැතපී සිටියදී ස්වකීය අවසාන ඉල්ලීම කළේ මෙසේය.
සූවිසි වසක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මේ කයද සංඝයාට උපකාර වේවා. මහ සෑයට පෙනෙන්නා වූ සංඝයාගේ කම්මාළකයෙහි සංඝදාස වූ මාගේ සිරුර ආදාහනය කළ මැනව.
මේ කතා තහවුරු කර ගැනීමේ අරමුණින් සෙනරත් පරණවිතානයෝ තවදුරටත් දක්ඛිණ ථූපයේ කැණීම් කළහ. එනමුත් පුරාවිද්‍යාව ගැන අද මෙන් එදා හුන් රට්ටුන්ට තේරුමක් නොතිබුණු බැවින් ඔවුහු පරණවිතානයන්ට එරෙහිව නොයෙකුත් විරෝධතා දැක්වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිද්ධස්ථානයක් කෙළසන බවට චෝදනා කළ එම සංවිධානාත්මක පිරිස ආණ්ඩුවට පෙත්සම් යැවූහ. ඉන් ඵලක් නොවූ කල පොසොන් සමයට අනුරාධපුරයට පැමිණෙන මහා ජන ගංගාව දක්ඛිණ ථූපයේ කැණීම්වලට එරෙහිව හරවන්නට යන බව දැනගන්නට ලැබුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ අවස්ථාවේදී ක්ෂණික පියවරක් ගෙන වන්දනාකරුවන් දැනුවත් කිරීමට පත්‍රිකා අච්චු ගැසුවේය. කෙසේ නමුදු මේ මොන බාධක එල්ල වුණිද සෙනරත් පරණවිතානයෝ බෙල් මෙන් කැණීම් අතහැර යාමට අකැමැති වූහ. මේ කැණීම්වලදී සෙනරත් පරණවිතාන සූරීන්ට අපූරු ද්‍රව්‍යයක් හමු විය. ඒ ගැන ඔහු සිය පුරාවිදු පර්යේසණ කෘතියේ සඳහන් කරන්නේ මෙසේය.
පුරාණයේ සොරුන් හෑරූ වළ පතුලේ තිබුණු ගල්ලෑලි ඉවත් කර ඊට යටින් වූ පස්තට්ටුද සැලකිල්ලෙන් හාරා ඉවත් කළ පසු වළේ ගැඹුර හතරැස්මළුවෙන් අඩි 13 හෙවත් ගොඩැල්ල මුදුනින් අඩි 51 ක් විය. මෙහිදී අපූරු දෙයක් සොයාගන්නට ලැබිණි. සොරුන් හෑරූ වළේ පතුලද මෙයම බව ඔප්පු වූ අතර එහි තද වූ අඟුරුතට්ටුවක සෑහෙන තරම් ලකුණු දක්නට ලැබිණි. මේ අඟුරු තට්ටුව පවා අඟල් කීපයක් හාරා බලන්නට පුරාණ සොරුන් අමතක කර නැති බවත් ඊට යටින් අත්තේ පිහිටිපස බව දුටු විට ඒ හෑරීම අත්හැරදමා ඇති බවත් පෙනිණි. පිලිස්සී කර වී ගිය ගඩොල්කැට මෙන් දැවී අඟුරු වී ගිය මැටි ගුළි ද එහි විය.
මෙකී මට්ටමේ අඟුරු තිබිමට හේතු දෙකක් දැක්විය හැකිය. නිදන් සොරුන් වළ හෑරූ පසු හා එය තුළට ගල් සහ පස් වැටීමට පෙර එහි මහා ගින්නක් ඇවිළීම එක් හේතුවකි. වළ හාරා නිම වූ පසු මෙතරම් ගැඹුරක ගින්නක් ඇවිළීමෙන් කිසි ඵලක් ඇද්දැයි සැක සහිතය. හැරත් සොරුන්ගෙන් ආපදාවක් නොවූ ගඩොල් ඇතුරුණු අඩිය තුළටද අඟුරුතට්ටුව විනිවිද තිබිණි. පහළම තට්ටුවට අඩි කීපයක් උඩින් අපි සොරුන් හෑරූ නැගෙනහිර බිත්ති කණ්ඩියද එලෙසින්ම හාරා බැලුවෙමු. එවිට ඔවුන් කැපූ තැන අපට දක්නට හැකි විය. වළ හෑරූ පසු මෙතරම් විශාල ගින්නක් පතුලේ අවුලන ලද නම් එහි ගඩොල්පැති පවා පිලිස්සිය යුතුව තිබිණි. එහෙත් එවැනි පිලිස්සීමක ලකුණක් පෙනෙන්නට තිබුණේ නැත. විය හැකි අනික් හේතුව නම් ෙචෙත්‍යය ඉදිකිරීමට පළමු අඟුරුතට්ටුව එහි තිබි චෛත්‍යය වුවමනාවෙන්ම අඟුරු තට්ටුව මත ඉදි කිරීමය.
පතුලට සෑහෙන තරම් ඉහළින් අඟුරු කෑලි සහ අළුකුට්ටි විටින් විට හමු වූ බවත් මෙහිදී සඳහන් කළ යුතුය. ස්තූපය කොල්ලකෑ අය මේ අඟුරු හා අළු සෑහෙන ප්‍රමාණයක් ඉහළ විසි කර ඇති බවද පසුව වළ පුරවන විට ඒවා ඒ ඒ තැන විසිර යට වී ගිය බවද පැහැදිලිය. මෙයින් එළැඹිය හැක්කේ එකම නිගමනයකටයි. එනම් මෙම ෙචෙත්‍යය මුලදීම භෂ්මාවශේෂ මත ඉදිකරන ලද්දක් බවයි. කිසිවකුගේ භෂ්මාවශේෂ මත මෙවැනි චෛත්‍යයක් ඉදි කරවීමට නම් ඒ තැනැත්තා රජකු නැතිනම් රහත් කෙනකු වැනි කිසියම් උතුමකු විය යුතුය. ඉහත සඳහන් කළ සාහිත්‍ය සාක්කිවලට මෙය සපුරා අනුකූල වන බැවින් දක්ඛිණ ථූපය පුලිලමළුවේ ඉදි කරන ලදැයි සද්ධර්මාලංකාරයේ සඳහන් විස්තරයක් ද එයින් සනාථ වෙයි. තවද මෙම පුලිලමළුව දුට්ඨගාමණි රජතුමාගේ දේහය ආදාහනය කළ කම්මමාළකයම මිස අනෙකක් නොවේ.
කෙසේ නමුදු මේ ථූපයේ තිබි හමු වූ අළු කොටස සෙනරත් පරණවිතාන සූරීන් විසින් සුරක්ෂිතව එකතු කර අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තබන ලදී. එනමුත් ඇතැම් වියත්හු මේ දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ යැයි පිළිගැනීමට අකැමැති වූහ. මේ නයින් එක් දහස් නවසිය හැත්තෑ අටේ නොවැම්බර් 3 වැනිදා එකල සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ඊ.ඇල්.බි. හුරුල්‍ලේගේ උපදෙසින් මේ අළු පිළිබඳ ස්ථිර නිගමනයක් ගැනීමට කමිටුවක් පත් කැරුණි.
මහාවංස සම්පාදන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන කර්තෘ ආචාර්ය නන්දදේව විජේසේකරගේ සභාපතිත්වයෙන් යුතු මෙම විශේෂ කමිටුවට ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ වියත්හු දොළොස් දෙනෙක් අයත් වූහ. අනුරාධපුරයේ තැන්පත් කර ඇති දුටුගැමුණු රජතුමාගේ යැයි සැලකෙන අළු කොළඹට ගෙන්වා ඒවා මිනී අළු දැයි රජයේ රස පරීක්ෂක ලවා පරීක්ෂා කර වාර්තාවක් ගැනීමටද මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි අනුව වැඩිදුර සොයා බැලීමටද කමිටුව තීරණය කළේය.
ඉක්බිතිව මේ කමිටුවේ සාමාජිකයෝ අනුරාධපුරයට ගොස් දක්ඛිණ ථූපය පරීක්ෂා කර බැලුවෝය. ඒ අතර අළු බඳුන රජයේ රස පරීක්ෂක වෙත ද යාවා තිබුණි. රස පරීක්ෂකවරයාගේ තීරණය වූයේ අළු බඳුනේ මිනී අළු තිබේද නැද්ද යනු ස්ථීර ලෙස කිව නොහැකි බවත් ඒවා වැඩිදුර පරීක්ෂණයට භාජනය කිරීමට එක්සත් රාජධානියේ මෙටේරොපොලිටන් පොලිස්ෆොරෙන්සික් විද්‍යා රසායනාගාරයටත් අළුවල කාල නිර්ණය කිරීමට ප්‍රංශයේ පරමාණු විද්‍යා මධ්‍යස්ථානයටත් යවා ඇති බවය. මෙම වාර්තා දෙක ලැබෙන්නට පෙර කමිටුවේ නිගමනය එක් දහස් නවසිය හැත්තෑ නවයේ අගෝස්තු විසි හත්වැනිදා ප්‍රකාශයට පත්විය. එහි බහුතර සාමාජිකයන්ගේ මතය වූයේ ලැබි ඇති ඓතිහාසික සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව කම්මමාළකය (පුලිල මළුව) එකල රාජයරයට දකුණෙන් රුවන්වැලි සෑයට පෙනෙන මානයේ පිහිටි බවත්, එහි දුටුගැමුණු රජතුමාගේ දේහය ආදාහන කළ බවත්, එය භෂ්මාවශේෂ මත එතුමාගේ මළණු තිස්ස (පසුව සද්ධාතිස්ස) විසින් දක්ෂිණ ථූපය ගොඩනැගූ බැවින් එහි ථූපය කැණීමේ දී හමු වූ අළු දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ විය හැකි බවත්ය.
මේ අතර විදෙස් රසායනාගාරයෙන් කළ කාබන් පරීක්ෂණයට අනුව දුටු ගැමුණු රජුගේ මරණය වූ කාලය සමග අළු බදුණේ ඉපැරණි බව සැසඳුණි. මේ නයින් විද්වතුන් බහුතරයකගේ මතය ලෙස අදටත් පිළිගැනෙන්නේ සෙනරත් පරණවිතාන සූරීන් සොයා ගත්තේ දුටු ගැමුණු රජුගේ භෂ්මාවශේෂ බවය.
මේ භෂ්මාවශේෂවල දැන් අයිතිකරුවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. අවාසනාවක මහත. සිංහල බෞද්ධයන්ගේ අසහාය රණ ශූරයාගේ භෂ්මාවශේෂ දැන් උත්සව හා සැණකෙළිවලට සෙනඟ අද්දවා ගැනීමට 'හයර්' කිරීමට ඉඩ දී තිබේ. ඇතැම් සැණකෙළිවලදී දුටු ගැමුණු රජුගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය සමග සන්ෆලවර්ලාගේ ෆ්ලෑෂ්බැක්ලාගේ සංගීත සංදර්ශන ද පැවැත්වේ. ඇතැම්මුන් මේ භෂ්මාවශේෂ බලන්න එන්නේ නිසි ගරු සරුවක් නැතිවය. මේ නිසා දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ සැණකෙළි හා උත්සවවල ප්‍රදර්ශන භාණ්ඩයක් නොකොට ඊට නිසි ගෞරවයක් දිය හැකි වැඩ පිළිවෙළක් සැකසීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය දැන්වත් පියවර ගන්නේ නම් මැනවි.
(ඊ තැපෑලක් ඇසුරින් උපුටා ගැනීමකි )තොරතුරු සැපවුයේ Dulanjali Gamage. ඔබට ස්තූතියි !

2 comments:
වැදගත් ලිපියක්.... හැමෝම ස්තුපෙ බල බල යනව විතරයි, නිතම්ම ගඩොල් ගොඩක් නිසා කවුරුත් රුවන්වැලිසැය, ථූපාරාමය වදින්න එනව වගේ ළගට එන්නෙ නැ. හරි කනගාටුයි ඒ ගැන.
අපි මෙහි කැණීමක් කළා. ඒ මෙහි කළ අවසන් කැණීම
අරමුණ වුනේ සලපතල මළුව සොයා ගැනිම
එහිදී අවුල් වු ස්ථර ලැබුණා. ජේතවන ස්ථූපයේ මෙන් පැහැදිලි මළුවක් ලැබුණෙ නෑ.
කැණීමෙ විශේෂ සාධක ලෙස පූර්ව බ්‍රාහ්මී " අ " අක්ෂරය සහිත ගඩොලක්, ඇගේට්, මැටි පබලු සහ විදුරු පබලුවක් ලැබුණෘ.
archaeology.lk වෙබ් අඩවියේ මෙහි විස්තර ඇති. නූතන තොරතුරු සදහා බලන්න.
ඉතා වැදගත් ලිපියක්...
බොහෝ පින් මෙය පළ කළාට...
නමුත් දුටුගැමුණු යන නම අප භාවිතයෙන් අත් හළ යුතුයි...
මේ ලිපිය ටිකක් කියවා බලන්න : http://welusumana.blogspot.com.au/2012/08/blog-post.html
Post a Comment