07 June 2012

වැරදි කල දෙවියන්

                     ද දිනයේ පින්වත් ඔබ වෙනුවෙන් කළකම් පලදීම ගැන තවත් ලිපියක් පළකරන්නට සිත්විය, මා නිතරම කියන දෙයක් ඇත ඔබත් මෙය අස ඇති කියා සිතමි එනම් "රජකම් කලත් කළකම් පල දේ" එ වගේ ම " තමා කල කීදේවල් තමා පසුපසමය  " මෙය ඔබ හොදින් දන්නා දෙයකි,එසේ නම් පව හා පින ලොව ජීවය ලැබූ හැම කෙනාම සතුව ඇති දෙයක්ම වන්නේය,  මෙය ලොව සත්වයන් අතරින් මනුසත් බව ලැබීම ඔබගෙ පින්වත් බවක ලකුණුය පිලිවෙලින් අනෙකුත් කාරණාවන් පෙළගැසෙනු ඇත, එසෙ ලැබූ පින්වත් ජීවිතය යහපත් ලෙස ගත කරන්නෙ නම් කෙතරම් අගනෙ ද..

                    මෙදින කතාවට මුල්වනුයේ කුන්ඩදාන තෙරුන්ය,මෙම තෙරුන් මහන වූදා පටන් මහ මග වඩින කල ජනීජනයගෙන් නොමනා බස් අසන්නට විය,එසේ ම  මෙය දක්නා අනෙක් හිමිවරුන්ද බනින්නට විය,මෙය ඉතා ප්‍රසිද්ද සිදුවුමක් වූ බැවින් කොසොල් රජතුමාට ආරංචි විය සොයා බැලුකල තෙරුන් පසුපස කාන්තාවක් නැති බවත් එය කාර්ම බලයෙන් සිදුවන්නක් බව සොයාගෙන,බුදුරජාණන් වහන්සේ  සොයාගොස් මීට හේතුව විමසා සිටියේය එවිට බුදුරජාණන් වහන්සේ අතීත කර්මය වදාළ සේක..

                     පෙර කාශ්‍යප බුදුසමයේ සමගිව බික්ෂුන් දෙනමක් වැඩ සිටියේය.දිනක් මෙම දෙනම මග වඩින අතරතුර එක නමකට කැසිකිලි කිස කිරිමට ඔනවිය,එම නිසාවෙන් අසල කැලෑවට ගොස් කැසිකිලි කිස කොට පැමිණෙන්නට විය,මෙය දුටු දෙවිකෙනෙකු කාන්තා වේශයක් ගෙන රෙද්ද හදම්න් අත්වල වැලි ගසදමමින් කෙස් බිදමින් වටපිට බලමින් වනයට පිවිසි හිමි පසුපසින් එන්නට විය,මෙය දුටු අනෙක් හිමිනමට දුශ්ෂිල වාදයෙන් චෝදනා කරන්නට විය බහින් බස්විය..පෝය වතාවත් පවා නොකරන්නට විරුද්ද වූ කල එම දෙවියන් පැමිණ කළවරද කියා සමාවගත්තේය එසෙ වුවද පෙර තිබු සමගිකම නැවත ගොඩනංවන්නට බැරිවිය,මෙසෙ සඟ භේදය සිදුකල නිසාවෙන් අවීචියේ ඉපිද දුක්විද අවසානයේ එම දෙවියන් කුන්ඩදාන තෙරුන් ලෙසින් මහන වුකලද කර්මය පලදෙන ආකාරය වදාළ සේක,
(මනෝරත පුරණි නම් වූ අං අට්ටකත 146 පිට)                                 


  

No comments:

මාසය තුල සිත්ගත් ලිපි