22 June 2012

අමුලික චෝදනාව

                                                  මෑත කාලයේද බොරු චෝදනා වලට නිවැරදි කරුවන් වැරදිකරුවන් වීම සුලබ සිදුවීමකි, මෙය කොයි තැනත් සිදුවන ක්‍රියාදාමයකි කාර්යාලයේදී,යන එන මගතොටදී මිතුරන් හා අසල්වාසීන් දී සමග කටුයුතු කරන විට මෙවැනි චෝදනා ලක් වීම එතරම් ලොකු දෙයක් නොවෙ, තවකෙකුට චෝදනා කරන කල කරුණු කාරණා පිලිවෙලින් නොවිමසා තම වැරදි වසාගන්නට තවකෙකුට ඇගිල්ල දික්කිරිම මෑත කාලින දේශපාලනය ආදී තැන වල නොඅඩුව අසන්නට දකින්නට ඇත,සමහර විට ඔබ අත්විදින්නට සිදුවන්නට පුළුවන එය එසෙය් වුවද නිවැරදි බව දැනදැන චෝදනා කිරීමෙ විපාක පින්වත් ඔබට අද දිනයේ ගෙනෙන්නට සිත් විය,

                                                    පෙර විපස්සි බුදු සමයේ මෙවැන්නක් සිදුවිය,දිනක් සිල්වත් භික්ෂුවක් බව දැනදැන තවත් භික්ෂුවක් විසින් අමුලික චෝදනාවක් එල්ල කොට නින්දා කළේය,එම කාලයෙන් පසුව තිලෝගුරු බුදුන් හමුවෙ එවකට සිල්වත් භික්ෂුවට චෝදනා කල  භික්ෂුව සත් අවුරුදු වියේදී පැවිදිවිය එසේය්ම රහත් බව ලබන්නට තරම් පින්වන්ත විය,එසේ ම උපන්දා සිට මෙථුන ධර්මය යෙදී නැත,දිනක් මෙත්තිය නම් වූ මෙහෙනක් තම දුෂණය කලේ යයි පවසමින් බුදුරජාණන් හමුවෙ බොරු චෝදනාවකට ලක්කළේය තවද භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නොයෙක් ලාමක චෝදනා වලට ලක්වන්නට සිදුවිය එම තත්වයට මුහුණ පැවේ දබ්බ-මල්ල පුත්ත හිමිගෙ පෙර කර්මවල ප්‍රති විපාක ලෙසිනි මෙය අපදාන පාලියේහි දක්වා තිබෙ.    

No comments:

මාසය තුල සිත්ගත් ලිපි