13 December 2012

ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියන් (I)

                                      මෙදින පින්වත් සහෝදරයන් වෙනුවෙන් අගසව් දෙනම ගැන ලියවුණු ලිපියක් පල කරන්නට අවස්ථාවක් ලැබුන,මේ ලිපිය පූජ් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද්දකි,අගසව් දෙනම ගැන කියනවා මිස ගිහි ජීවිතය කෙසෙය් ගතකළ උදවියද ගිහි කළ ගෙවුන හැටි මනාව පැහැදිලිකර ඇත,එසේ නම් කියවමු බලන්න   

නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු දෙය හිමි කරගනියි.”



පතිස්ස කෝලිත කියන්නේ කවුද කියලා ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩසිටියා. තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේගේ පැවිදි වෙන්න කලින් තිබුණු නමයි. මුගලන් මහ රහතන් වහන්සේගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියලා කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ රඥාවෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. වරක් කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ගෞතම බුද්ධ රාජ්යයේ සෙන්පතියා කවුද කියා. එවිට බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදුසසුනේ සෙන්පතියා වශයෙන් හඳුන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේවයි. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. උතුම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත හරිම පුදුමයි. හරිම ආශ්චර්යයයි.


උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සනයි. රත්තරන් පාටින් ඔහුගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණායා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්, ඕනම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනාගේ යහළුකම වුනත් හරිම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකටමයි හැදුණේ වැඩුනේ. දෙදෙනාම අඹ යහළුවෝ. කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි දෙන්නාම උපන්නේ. උපතිස්ස තරුණයාගේ උපන් ගම වුනේ රජාගහ නුවර නාලක නම් වූ බමුණු ගමයි. කෝලිත තරුණයාත් රජගහ නුවරම උපන් කෙනෙක්.

දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳු මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේගිරග්ගසමජ්ජකියලයි. මේ උත්සවයේ තිබුනේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණයි. නොයෙක් රසමසවුළු වලින් පිරි ආහාර පානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුනා. හැමෝම සතුටු වුනා. එකම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුනා. කා බී විනෝද වුනා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක්ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තිබෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. ”ඇත්තෙන්ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නෙ කන බොන එකයි, සිංදු අහන එකයි, නටන එකයි විතරද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේදී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක්ම අවසන් වෙලා යනවා. නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙලක් සොයා ගෙන යමු. මොකක්ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවටම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත් තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේද? කියලා කතාබස් කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණු කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පවා ආගමික පරිසරයේ වෙනසක් තිබුනේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුණු හිතුණු දේවල් කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. දිනවලම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා රසිද්ධයි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, සංජය පිරිවැජියාගේ ආශරමය කරා පසුවදාම පිටත් වුනා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුනා. කෝලිත දෙදෙනා සමඟම සංජයගේ ආශරමයට පැමිණියා.

                                          සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නොවෙයි. නමුත් බෙහොම රසිද්ධ කෙනෙක්. නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහුගේ අතවැසි තවුසන් බවට පත්වුනේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජයගේ ධර්මය ඉක්මනින් ඉගෙන ගත්තා. ඉතා සුළු කලකින්ම ධර්මයෙන් රයෝජනයක් නැතිවග මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුනා. දිනක් දෙදෙනාම කතිකා කරගත්තා.පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඬේ අපි නිදහසේ පිටත් වෙලා යන එකයි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුනොත් නොවැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි.මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා.


                                      පින්වතුනේ, පින්වත් දරුවනේ, ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනේ චතුරාර්ය සත්යය ධර්මය ලෝකයට හෙළි කරදීම පිණිසමයි. බව උනවහන්සේ වදාළ පළමු දේශනාව වන දම්සක් පැවතුම් සූත දේශනාවෙන් හොඳින්ම ඔප්පු වෙනවා. දේශනාව වදාළේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන මිගදාය මේ සුන්දර වනයකයි. දෙසුම අහගෙන හිටියේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන ස්වමීන් වහන්සේලයි. ඊට පස්සෙ භික්ෂුන් වහන්සේලා පිරිස ඉතා ඉක්මනින් වැඩි වුනා. හොඳ බුද්ධිමත් තරුණ පිරිස හරිම ආශාවෙන් පැවිදි වුනා. සිල් රැක්කා. භාවනා කළා. ධර්මය අවබෝධ කළා. සුන්දර සිත් ඇති රහතන් වහන්සේලා බවට පත් වුනා. උන්වහන්සේලා හරිම නිදහස් සිතින් මංමාවත් පුරා වැඩම කළා. නුවණැති මිනිසුන්ට මේ ධර්මය කියලා දුන්නා. හරිම වාසනාවන්ත යුගයක් බිහි වුනා. ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, දිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියෙත් රජගහ නුවරමයි. රජගහ නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමේ වාසනාව බිම්බිසාර රජතුමාටත් උදාවුනා. ඔහු සෝවාන් වූ ගිහි රාවකයෙක් බවට පත් වුනා. රජතුමාට හරි සතුටුයි. ධර්මාවබෝධයෙන් ලැබුණු පීරතිය නිසා රජකම ලැබුණු දවසටත් වඩා සතුටු වුනා. බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීමට අවසර දුන් බව දැනගෙන රජතුමා තවත් සතුටු වුනා. ඔහුට තිබුනා ලස්සන උද්යානයක්. හැමතැනම වවලා තිබුනේ සිහින් කොළ තිබෙන ලස්සන උණ පඳුරුයි. ලස්සනට මල් වවලා තිබුනා. හැම තැනම ලේනුන් පිරිලා සිටියා. උද්යානය නම් කරල තිබුනේ ලේනුන්ගේ අභයභූමිය කියලයි. රජතුමා එය වේළුවනාරාමය නමින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජාව තමයි පළමුවෙන්ම ලැබුණු රධාන ආරාමය වුනේවේළු කියන්නේ උණ ගසටයි. උණගස්වලින් පිරුණු නිසා ලස්සන උද්යානය වේළුවනාරාමය නමින් හැඳින්වුනා. වගේම ගිජ්ඣකූට පර්වත මුදුනේත් නිස්කලංක පරිසරයක කුටි තනවා පූජා කළා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩින ඉතා සුන්දර යුගයක් රජගහ නුවර බිහි වුනා.

                                  
                                    එදා අස්සජි මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින මාවතේ තරුණ උපතිස්ස තවුසාද ගමන් කරමින් සිටියා. රහතන් වහන්සේගේ සුන්දර ඉරියව් දුටු සැණින් තරුණ උපතිස්සයන් ඇස පිය නොහෙළා බලා සිටියාම්අමුතුම කෙනෙක්. අමුතුම සංවරයක්. ශාන්ත ගමනක්. නිවී ගිය පෙනුමක්. හරි පුදුමයි! මං බොහෝම තවුසන් දැක තිබෙනවා. පිරිවැජියන් දැක තියෙනවා. විවිධාකාර විමුක්ති ගවේෂකයන් දැක තිබෙනවා. නමුත් මේ රමණයන් වහන්සේ තුළින් කිසිවෙක් තුළ නොතිබූ වෙනසක් මට පේනවා. නිසැකවම මේ රමණයන් වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක්මයි.” උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේ පසුපසින් ගමන් කළා. උන්වහන්සේ ඉතා සංසුන් ලෙස පිඬුසිඟා වැඞීමෙන් ලබාගත් දානය රැුගෙන වළදන්නට තැනැක් සොයා ගෙන පිටත් වුනා. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසුපසින්ම ගමන් කළා. උන්වහන්සේට පැන් පිළිගැන්වූවා. දන් වැළදීමෙන් පසුව අස්සජි මහරහතන් වහන්සේ සමඟ උපතිස්ස පිරිවැජියා කතාවට වැටුනා. අස්සජි මහරහතන් වහන්සේ දෙස ඇස පියා නොහෙළා බලා සිටියා. ඉතා දීප්තිමත් නෙත් යුග තුළින් අසාමාන් කාන්තියක් විහිදුනා. මඳ සිනහවෙන් අහිංසක පිවිතුරු බවක් දිස් වුනා. උන්වහන්සේ කතා කරන හැම වචනයකම අවංකකමත්, සත්යයත් දිළිසෙන්න වුනාපින්වත් උපතිස්ස, ඇත්තෙන්ම මේ පැවිදි ජීවිතයට මං අලූත් කෙනෙක්. මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ඇති ජීවිතාවබෝධය මහා සාගරය වගේ පළල් එකක්. අහස වගේ අනන්ත එකක්. හිරු එළිය වගේ දීප්තිමත් එකක්. එනිසා පින්වත් උපතිස්ස ඔබට විස්තර වශයෙන් කියන්න තරම් මා තුළ දැනුමක් නැහැ. නිසා මා සිතන්නේ වඩාත්ම හොඳ දෙය නම් මාගේ ශාස්තෘන් වහන්සේ මුණගැසෙන එකයි.”

                                   ”පින්වත් ස්වාමීනී, එකෙ ඇත්තක් තියෙනවා. නමුත් ඔබවහන්සේ ගැන මගේ සිතේ ඇති වුන පැහැදීම අනන්තයි. ඇත්තෙන්ම ස්වාමීනි, මගේ ජීවිතයේ රථම වතාවටයි මෙතරම් සුන්දර චරිතයක් මුණ ගැසුනේ. ඔබ වහන්සේගේ හැම ඉරියව්වක්ම මාව වසඟයට පත් කළා. අනේ ස්වාමීනී, ඉතා ස්වල්පයක් වුනත් කමත් නැහැ. ඔබවහන්සේ දන්නා දෙය මට පවසා වදාළ මැනව. තේරුම් ගැනීම මා සතු දෙයක්. ගැන මට විශ්වාසයි.”අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා දෙස බලා ඉතා අහිංසක ලෙස ගාථාවකින් උන්වහන්සේ තේරුම් ගත් ධර්මය මෙසේ පැවසුවා.

යේ ධම්මා හේතුප්පභවාතේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්චයෝ නිරෝධෝඒවං වාදී මහාසමණෝ

හේතුන්ගෙන් උපදිනයම්තාක් දෙය ඇද්ද මෙලොවේ
හේතුන් පිළිබඳවදහළ සේක තථාගතයාණෝ
යම් තැනක සියලූ හේතුන්සදහටම නැති වේ නම්
එබඳු දහමකි අපගේමහාසමණිඳු වදාරන්නේ

                              

2 comments:

රතීගේ දිනපොත said...

බොහොම අලංකාර කතා වස්තුවක් කදිමට පැහැදිලි කරලා තියෙනවා යාලුවා. බොහාම අගේ ඇති වැඩක්. එක හුස්මට කියෙව්වා..

Unknown said...

අකුරු ටිකක් ලොකු කරලා පොස්ට් කරනවනම් කියවන්න ලේසී. අනික බැක්ග්‍රවුන්ඩ් එක එලිය කලොතුත් හොදවෙයි කියලා හිතෙනවා.

මාසය තුල සිත්ගත් ලිපි