14 December 2012

ඇස් හා පටක දන්දීම



ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
”
ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.”
  • දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත, කොළඹ 07.
  • ඕනෑම ඇස් හා පටක දන්දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගිය පසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමටපහසුවක්වේ.
  • ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනුඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.

                            පින්වත් සියලු දෙනාට සත්‍ය දකින්නට සිත්පහලවේවා..තුනුරුවන් සරණයි...!

ඇටසැකිල්ලක් නම් ගියා

                      අද දින අරමුණ නම් ලොව තිබෙන සියලුම දෙයට විනාශය ලගා කරන රාග, ද්වේෂ, මෝහ ආදිය සිතින් ඉවත් කරන්නට භාවනාව තුලින් ඔබට හැකිබව පෙන්වා දෙන්නටය, තවද ඔබ අප අසාතිබෙන භාවනා ක්‍රම වලට තවත් එක් භාවනා ක්‍රමයක් එකතු කරන්නටය,එය අට්ඨික සඤ්ඤාව නම් වේ මෙම ක්‍රමය පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීම තුල කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් සිත් පහල වීම හීනවීයි, මෙම ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්  ලියන ලද ලිපිය මහසෝන් පත්ඉවුර තුල සටහන් වන වගයි...


                                    පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය. ටික මොහොතකට පසු ඇයගේ ස්වාමි පුරුෂයා ඒ මගින් පැමිණ ස්වාමීන් වහන්සේ දැක ”මේ පාරෙන් කාන්තාවක් ගියේ දැයි” විචාළේය. ” ස්ත්‍රීයක් ද, පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් ගියා දැක්කෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්නේය. අට්ඨික සඤ්ඤාව බහුල වශයෙන් වැඞීම නිසා ඇස සංවර වූ ආකාරය සිතා බලන්න.

                                          බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු   ප්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

- අට්ඨික සඤ්ඤා භාවනාව කරන්නට ආරම්බයක් -

                                 සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න.
දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.
සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..
උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.
සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..
කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.
සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..
මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.
සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..




මාසය තුල සිත්ගත් ලිපි