02 April 2015

සුන්නන්ගල හා ජෝතිෂ්‍ය

කුමාර ජනක යුතුකම සංවාද කවය
 
2015.03.12 වනදා ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වූ සත්‍යාගාරය නම් වැඩ සටහන මගින් ජ්‍යෙතිෂය සම්බන්දව සුමනදාස අබේගුණවර්ධන නම් පුද්ගලයා සම්බන්ද කරගනිමින් උපුල් සාන්ත සන්නස්ගල විසින් පැවැත්වූ සාකච්චාමය වැඩසටහන මගින් ජ්‍යෙතිෂ සාස්ත්‍රය අපහාසයට උපහාසයට ලක්කිරීමක් සිදුවිය.එහිදී සන්නස්ගල විසින් ඉදිරිපත්කරන ලද ප්‍රශ්න සදහා නිසි පිලිතුරක් ලබාදීමට ජ්‍යෙතිෂ වේදියෙකු ලෙසින් හදුන්වා ගනු ලබන සුමනදාස අබේගුණවර්ධනට නොහැකිවිය.මෙම ලිපිය ඒ හා සම්බන්දව වේ.
ජ්‍යෙතිෂය විද්‍යාවක්ද ?
ජ්‍යෙතිෂය විද්‍යාවක් නොවේ.සාස්ත්‍රයකි.ඉගැන්වීමකි.මගපෙන්වීමකි.සමහරුන් මෙය විද්‍යාවක් ලෙස හැදින්වූවත් එය විද්‍යාවක් නොවේ.සන්නස්ගලගේ මෙම ප්‍රශ්නයට නිසි පිලිතුරක් දීමට සුමනදාසට නොහැකිවෙයි.සන්නස්ගලද උපක්‍රමික වශයෙන් සිය වචන භාවිතා කරනු ලබයි.විද්‍යාව යනු පරීක්ෂනාගාරයක් තුල පරීක්ෂණයකට ලක්කල හැකි දෙයක් ලෙස හදුන්වයි.විද්‍යාවක් නොවන දෙයක් එලෙස පරීක්ෂණයට ලක්කරන්නේ කෙසේද ? එසේනම් සන්නස්ගල නම් ගුරුවරයා මෙම ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුය.” දෙශපාලන විද්‍යාව ” උසස්පෙල හදාරන දරුවන්ගේ විශයකි.දේශපාලනය විද්‍යාවක්ද ? එය පරීක්ෂණාගාරයක පරීක්ෂාවකට ලක්කර ප්‍රතිපලය මෙය යැයි කිව හැකිද ? නැත සිදුව ඇත්තේ ඒ ඒ විෂය සම්බන්දව භාවිතාවන වචනයන්හි නිවැරදි නොවන බවයි.සන්නස්ගල මෙය දනී.නමුත් ඔහුගේ පරමාර්තය එම වැඩසටහන මගින් මහින්ද රාජපක්ෂ මහතාටත් ජ්‍යෙතිෂයටත් පහරගැසීමයි.
ග්‍රහයන් කී දෙනෙකු සිටීද ?
ජ්‍යෙතිෂයේ ග්‍රහයන් නවදෙනෙකි.එනම් රවි ,සදු , බුධ , කුජ , සිකුරු , ගුරු , ශනි , රාහු සහ කේතු.මෙයින් රාහු කේතු යනු අපගේ දෘශ්ටියට ගොචරවන ග්‍රහයන් නොවේ.නක්‍ෂත්‍ර දුරේක්‍ෂය භාවිත කර අහස දෙස ඕනෑකමින් බලන්නකුට පවා ජේ‍යාතිෂ්ශාස්ත්‍රයේදී හඳුන්වාදී තිබෙන රාහු සහ කේතු යන ග්‍රහයන් කිසි දිනක දැක ගත නොහැකිය. තාරකා විද්‍යාවේදීත් රාහු ග්‍රහයා සහ කේතු ග්‍රහයා ගැන සඳහනක් නොමැත. එසේ නම් මෙම රාහු සහ කේතු යනු කවුරුන්ද? කවරෙක් විසින් මොවුන් දකිනා ලද්දේද ? මෙම බලවේග දෙක නිර්මාණය වන්නේ සූර්යයා වටා පෘථිවියේ ගමනත් පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමනත් පදනම් කර ගෙනය. පෘථිවි කක්‍ෂයත් එනම් සූර්යයා වටා පෘථිවියේ ගමන් මඟ) චන්ද්‍ර කක්‍ෂයත් (එනම් පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමන් මඟ) එකිනෙක කැපෙන ස්ථාන දෙක රාහු සහ කේතු වශයෙන් නම් කර ඇත.
ඒ අනුව රාහු කේතු හැර ප්‍රධාන ග්‍රහයන් හතකි.රාහු කේතු සමග නවයකි.ප්ලූටෝ නෙප්චූන් සහ යුරේනස් මෑතක සොයාගන්න ලද ග්‍රහයන් වන අතර එම ග්‍රහයන් සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහයන්වේ.එම ග්‍රහයන්ට පෘතුවියට බලවත් බලපෑමක් ඇතිකල නොහැක.
මෙම ග්‍රහයන්ට පෘතුවියටත් මිනිසාටත් කිසියම් බලපෑමක් කල හැකිද ?
මෙම ප්‍රශ්ණයට ලබාදිය හැකි පිලිතුර වන්නේ ” ඔව්.කලහැකියි “
මෙය සම්පූර්ණයෙන් විග්‍රහකල හැකිය.නමුත් එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් හෝ දැනුමක් සන්නස්ගල සතුව නැත.සන්නස්ගල මෙවැනි ප්‍රශ්ණ ඇසීමට පෙර ,පලමුව ජ්‍යෙතිෂ සාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත හෝ ඉගෙනෙගෙන සිටිය යුතුය.ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් සම්බන්දව ප්‍රශ්නකල හැකි නමුත් අභියෝගාත්මකව සම්ච්චලයට ලක්කිරීම සදහා ප්‍රශ්න කරන්නේ නම් ඒ අසන ප්‍රශ්නය පිලිබ්දව දැනුමක් ලබාතිබිය යුතුය.කොහෙන් හෝ අහුලාගත් වචන කිහිපයක් සහ උදාහරණ කිහිපයක් සමග ප්‍රශ්න කිරීම බුද්ධිගෝචර නොවේ.

බුදුරජාණන් වහන්සේ ජ්‍යෙතිෂය ප්‍රතික්ෂේප කලා.ඇයි එහෙනම් බෞද්ධයො ලෙස ජ්‍යෙතිෂය පිලිගන්නේ ?
”නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්තො අත්ථස්ස නක්කත්ථං
කිං කරිස්සන්ති තාරකා”
නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?:
සන්නස්ගල ඔබ මෙවැනි ප්‍රශ්ණයක් ඇසීමට පෙර බුදුදහම සහ බුදුදහමේ හරය තේරුම්ගෙන සිටිය යුතුය.ඔබ ඒ සම්බන්දව කිසිවක් දන්නේ නැතිබව පෙනේ.බුදුදහම ලෞඛික සුඛ විහරනය සදහා මගපෙන්වන දර්ශනයක් නොවේ.සියල්ල අනිත්‍ය බව මෙනෙහිකරමින් ලොකෝත්තර සුවයක් ලබන්නට හෙවත් නිර්වාණය අවසාන ප්‍රතිපලය ලෙස ලැබීමට මගපෙන්වන දහමක්.එහිදී මමය මාගේ සංකල්පයක් නැත.සියල්ල නැසෙන සුලුය.බෞද්ධයා සහ බෞද්ධ දර්ශනය අතර විශාල පරතරයක් පවතී.බුදුරජානන් වහන්සේ ලෞඛික ජීවිත යහපත්ව පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් උගන්වා ඇත.නමුත් බුදුදහමේ ඒ සම්බන්දව කියවෙන්නේ ඉතා අඩු වශයෙනි.
බුදුරදුන්ගේ ඉගැන්වීම් නවීන විද්‍යාවෙන් පවා පිලිගත් අවස්තා පවතී.නමුත් බුදුරජානන් වහන්සේ විශ්වය ගැන විශ්වයේ පිහිටීම ග්‍රහතාරුකා සම්බන්දව දේශනාකර තිබෙන්නේ ඉතා අවම වශයෙනි.ඒ බුදුරජානන් වහන්සේ ඒවා සම්බන්දව නොදැන සිටීම නොව,එවැනි දෙයකින් නිර්වාණාවබෝධය සොයන පුද්ගලයාට පිහිටක් ලැබිය නොහැකි නිසාවෙනි.එසේ නිර්වාණය පරම අධිශ්ටානය කරගත් භික්ෂුවට හෝ පුද්ගලයාට ග්‍රහ තාරිකාවෙන් ඇති වැඩක් නැත.නොපමාව කුසල් රැස්කිරීම එකම අරමුණවේ.ඒ නිසාවෙන් බුදුරදුන් ජ්‍යෙතිශය මේ ආකාරයට ප්‍රතික්ශේපකලා යැයි සිතිය හැකිය.මේ සම්බන්දව නිසි පිලිතුරක් ලබාගැනීමට එක්කෝ බුදුරදුන් ජීවමානව සිටිය යුතුය.නැතිනම් රහත්ඵලය ලැබූ භික්ෂුවක් හමුවිය යුතුය.එසේ නොමැතිව මෙවැනි ප්‍රශ්නයක් සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් අසා එයට සම්පූර්ණ පිලිතුරක් බලාපොරොත්තු වීමත් එසේ නොවූවිට බුදුදහම මූලිකකොටගෙන ජ්‍යෙතිෂය අපහාසයට උපහාසයට ලක්කිරීම නොකල යුතුය.
ජ්‍යෙතිෂයෙන් 100% නිවැරදි අනාවැකි කිවහැකිද ?
පුලුවන්.නමුත් එවැනි අය දැනට නැත.මානසික තත්වයන් දියුණුකරගත් සෘෂිවරුන් වැනි උගතුන් උතුමන් අද නැත.වර්ථමානයේ සිටිනුයේ පොතපත භාවිතා කරමින් ගුරුවරුන් ඇතිව හෝ නැතිව ජ්‍යෙතිෂය හැදෑරූ සාමන්‍ය මිනිසුන්ය.පොතපතේ සියල්ල නැත.වර්තමානයේ ජ්‍යෙතිෂ කරුවෙකුගෙන් 100% ක අනාවැකියක් බලාපොරොත්ත්තු වන්නේ නම් එය මෝඩකමකි.ඒ ආකාරයෙන් අනාවැකි කිවහැකි අයෙකු සිටීනම් ඔහු මේ ලෝකයේ ප්‍රධාන පාලකයා වනු ඇත.ලොකුම ධනවතා බලවතා වනු ඇත.සියලු රාජ්‍ය නායකයන් ඔහු සොයා පැමිණෙනු ඇත.වර්තමානයේ සිදුවන යුධ ගැටුම් නොපවතිනු ඇත.මිනිසුන් අකාලයේ මියනොයනු ඇත.ගුවන් යානා අතුරුදහන් නොවනු ඇත.අතුරු දහන් වූවත් සෙවීමට මහා ශ්‍රමයක් කාලයක් වැය නොවනු ඇත.සුනාමි භූමිකම්පා ඇති වූවත් එය මුලතියා හදුනාගැනීමට හැකිවනු ඇත.
ජ්‍යෙතිෂය මගින් 75% වත් නිවැරදිව අනාවැකියක් කිවහැකිනම් එය සුවිශේෂී හැකියාවකි.කිසියම් කාලසීමාවකට යටත්ව අනාවැකි පවසනවා මිස 100% නිවැරදි දින වකවානු සහිතව අනාවැකි කිවහැකිදැයි මා තවමත් නොදනී.එවැනි අයහමුවී හො එවැනි අය පිලිබ්දව අසාද නැත.
ජ්‍යෙතිෂවේදීන් වර්තමානයේදී ‘ තමා කියූ අනාවැකියක් වැරදී නැති ” බව පවසයි.නමුත් වැරදුන තැන් කොතෙකුත් ඇත.වර්තමානයේ සියල්ල මුදල් මත තීරනයවේ.ජනමාධ්‍ය භාවිතා කිරීම මගින් පුද්ගලික පැවැත්ම උදෙසා තම හැකියාවන් උලුප්පා දැක්වීමක් සිදු කරයි.එය මිස වෙන කිසිවක් නොවේ.සන්නස්ගල ඔබ මාධ්‍යවේදියෙකුදැයි මා නොදනිමි.නමුත් ජනසංනිවේදන විෂයේ මාධ්‍යභාවිතය සහ එහි උපක්‍රම පිලිබදව වෙනම පරිච්චේදයක් ලෙස උගන්වනු ලබයි.ඒ අනුව මාධ්‍ය තුල ජ්‍යෙතිෂයේ හැසිරවීම තේරුම් ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුය.ඔබ මාධ්‍යට උඩින් පාත්වූ අයෙකි.මාධ්‍ය භාවිතයේ මූලික සිද්ධාන්ත ඔබ දැන සිටින්නේ කෙසේද ?
අපල සදහා බෝධිපූජා තැබීම හරිද මෙය බෞද්ධයා මුලාකිරීමක් නේද ?
අපල කාලය යනු කායික මානසිකව පුද්ගලයා දුබල වන අවස්තාවකි.බෝධිපූජාව යනු අනාදිමත් කාලයක සිට ලාංකීය බෞද්ධ ජනතාව අතර පැවත එන ආගමික පිලිවෙතකි.මානසික වශයෙන් සුවයක් ලැබීම සදහා වන පිලිවෙතකි.ආශිර්වාදය යනු මහා බලයකි.කෙනෙකු තවත් කෙනෙකුට හදවතින්ම ආශිර්වාදයක් කරන්නේ නම් ඒය එම පුද්ගලයාට සැනසීමකි.අපලයක් වේවා අන් ඕනෑම හේතුවකින් අඩපනව සිටින පුද්ගලයාට ආශිර්වාදය පවා මහත් සැනසීමකි.හේතු වාදියෙකු වන ඔබ මේවා දන්නේ කෙසේද ? දැන සිටියත් කුහක දේශපාලණික මතවාදයෙන් ඔබ්බට පැමිණීමට ඔබවැනි උගත් නමුත් බුද්ධිමත් නොවූවන් පෙලෙබෙන්නේ නැත.
සදෙහි දරුවෙකු ඉපදුනොත් හදහනක් සෑදිය හැකිද ?
පුලුවන්.අනිවාරයෙන්ම පුලුවන්.සදෙහි ඒ උපත සිදුවන ස්තානය අනුව පිහිටීම සහ ඒවා ගණනයන්ට අනුව සිදුකල හැකියි.නමුත් සදෙහි කිසිදා මිනිස් උපතක් සිදු නොවනු ඇත.සිදුවන්නේ නම්,ඒ මත ගොඩනැගෙන දේශගුණික , සමාජ සංස්කෘතික තත්වයන් අනුව එය තීරණය වනු ඇත.දකුණු ආසියානු රටක් ලෙස ලංකාවේ දරුවෙකු උපත ලැබීමත් එම උපත ලැබූ දරුවාට හදහනක් සකසන ආකාරයටත් බ්‍රිතාන්‍ය වැනි රටක උපත ලබන දරුවෙකු සහ ඒ දරුවාට හදහන සකස් කරන ආකාරයත් තේරුම්ගැනීමෙන් මෙම ප්‍රශ්ණයට පිලිතුරු ලබාගැනීමට හැකිය.ලංකාවේත් බ්‍රිතාන්‍යයේත් පවතින්නේ දේශගුණික තත්වයන් දෙකකි.සන්නස්ගල ඔබට මේවා හාස්‍ය ඇතිකරවන තර්ක වනු ඇත.නමුත් සියල්ලටම ආරම්භයක් සේම අවසානයක් ඇත.ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරක් තිබේ.
මට මතක ඇති ප්‍රශ්ණ මෙපමණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයට වඩා සිරිසේන ජනපති වරයාගේ කේන්ද්‍රය ශක්තිමත් බලවත් බව සුමනදාස අබේගුනවර්ධන පැවසීම.
මෙය සම්පූර්ණ අසත්‍යක් වන අතර මහින්ද මහතා පරාජය වීමෙන් පසුව තම තත්වයට ගෞරවයට සිදුවූ හානිය වසා ගැනීමට සුමනදාස නම් පුද්ගලයා ජ්‍යෙතිෂය පාවදුන් අවස්තාවකි.
සිරිසෙන මහතාගේ කේන්ද්‍රය දුබල බව තරයේ මා ප්‍රකාශ කරමි.එය ශක්තිමත් නම් ඇයි ඔහුට උසස් ඉගනීමක් ලැබීමට නොහැකි උනේ.ඕනෑම අයෙකුගේ කේන්ද්‍ර සටහනක් ගත්විට රාජයෝග දක්නට ලැබෙයි.නමුත් සියල්ලෝ රජ වන්නේ නැත.විශේෂයෙන් දේශපාලනික වශයෙන්.එයට පවුල් පසුබිම සමාජ පසුබිම අවශ්‍යයි.
සිරිසේනගේ හෝ මහින්දගේ කේන්ද්‍ර විග්‍රහ කිරීමට මෙය අවස්තාවක් කරගන්නේ නැත.එයට ඉදිරියේ අවස්තාවක් උදාවනු ඇත.නමුත් සිදුවූ තත්වය පෙන්වා දිය යුතුය.මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය ගෙවමින් ඇත.සිරිසේන මහතා ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් අවස්තාව ගෙවමින් සිටී.
මහින්ද මහතාගේ ඒරාශ්ටකය යෙදී ඇත්තේ ලග්නයෙන් තුන්වැන්නේවේ.එනම් සහොදරයන් අසල් වැසියන් හිතවතුන් පිලිබදව කියවෙන ස්තානයයි.ඒ අනුව ඔහුගේ සහොදරයෙකුගේ ක්‍රියාවන් සෘජුවම මේ අවස්තාවේ අවාසි සහගතලෙස බලපෑවේය.එසේම හිතවතුන් යැයි තමා සිතා සිටි පුද්ගල චරිත මෙන්ම විවිධ රාජ්‍යන්ගේ දේශපාලනික යටි අරමුණුද රාජපක්ෂ මහතාගේ පරාජයට බලපෑවේය.තමාවටා සිටි අයගේ ක්‍රියාවන්ද අවාසි සහගත ලෙස බලපෑවේය.ඔවුන්ගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාකර බැලුවේ නම් එය තහවුරු කරගැනීමට හැකියාව ඇත.අපලයක් යනු පරාජිත කාලයකි.තමන්ටත් අපලයක් යෙදී තමා සමග සිටින අයටද පරාජිත කාලයක් පවතී නම් ප්‍රතිපලය පරාජයයි.
සිරිසෙන මහතාගේ ලග්නයෙන් දෙවැන්නේ සෙනසුරු ගමන් කරයි.එනම් ශරීරයේ කට පිලිබදව කියවෙන ස්තානයයි.සිරිසේන මහතා මැතිවරන සමයේ කොතෙකුත් නොගැලපෙන කතා කීවේද ? ඔබට මතක තිබිය යුතුය.ගුවන් තොටුපල වසාදමන බව එක් අවස්තාවක පැවසූ අතර තවත් අවස්තාවක තමා එසේ නොකිවූ බවත් එසේ කියන්නට තමාට පිස්සුවක් ඇතැයිද ප්‍රශ්න කලේය.එයම ඔහුගේ සිහි බුද්ධිය පිලිබදව ජනතාවට තේරුම් යන්නට ප්‍රමාණවත් විය.නමුත් ඒවාද අමතක කරමින් ජනතාව ඔහුට කැමැත්ත පලකලේය.
ඇයි එහෙම උනේ ….
තමාගේ ග්‍රහ තත්වය දුබල උවත් තමාවටා සිටින අයගේ ග්‍රහ තත්වය ශක්තිමත්ය.එනම් රනිල් වික්‍රමසිංහ මහතා අපල අවස්න්කර තිබුණි.චන්ද්‍රිකා මැතිණියට රාජ යෝගයක් ලබා ශක්තිමත්ව තිබුනේය.මේ හේතුවෙන් තම ග්‍රහ දුබලතාවය දුබල කරවමින් අනෙකුත් අයගේ තත්වයන් තමන් කරා පැමිණියේය.ඒ අනුව මෙම ජය සිරිසේන මහතාගේ නොවේ.මෙය ඔබට පැහැදිලි නොවේ නම් පහත උදාහරනය බලන්න.
ඔබගේ නිවසේ පස් දෙනෙක් ඉන්නව.ඔබට තදබල අපලයක් තියෙනව.අනෙක් හතර දෙනාටම සුබ බලවත් කාලයක් ගෙවෙනව.එතකොට ඔබට තනි පුද්ගලයෙක් වශයෙන් අපලය බලපෑවත් අනෙක් අයගේ ආර්තික ශක්තිය,සමාජයේ ඇති ශක්තිය අනුව ඒ අසුබ බොහෝ දුරට මගහැරෙනව.ඔබ වැරද්දක් කරල පොලිසියට අහුවෙනව.ඔබට අපලය බලපෑව.නමුත් ගෙදර අනිත් අය එනව.පොලිසියෙ ලොක්කට කතා කරනව.සමහරවිට කීයක් හරි අත යටින් දෙනව.ඔබට සහනයක් ලැබෙනව.සමාජයේ දකින්න ලැබෙන තත්වයන්මේ.
අනෙක් අතට ඔබට අපල කාලය පවතිනවිට ගෙනදර සියලුදෙනාටම අපල පවතිනව.එවිට සිදුවන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව වගේ වැඩ.
කෙසේ වෙතත් සිරිසේන මහතාගේ කේන්ද්‍රය දුර්වලයි.අනෙකාගේ කරපිටින් රජ පුටුවට ගියා.මහින්ද මහතාගේ කේන්ද්‍රය බලවත්.දෙදෙනාම සෙනසුරුගේ අපලයට හසුවෙලා.සිරිසේන මහතාට සෙනසුරු 50% මේ මොහොතේ අපල කරනව.50% සුබයි.මහින්ද මහතාටත් එසේමයි.මහින්ද මහතාට 50% ඒ අපලය ක්‍රියාත්මක උනා.සුබ කියාත්මකවීම සිදුවුනේ නෑ.සිරිසෙන මහතාට පලමුව 50% සුබ ක්‍රියාත්මක උනා.අසුබ ක්‍රියාත්මක උනේ නෑ.එහෙනම් ඉදිරියට වෙන්නෙ මහින්ද මහතාට සුබ ක්‍රියාත්මක වන විට සිරිසේන මහතාට අසුබ ක්‍රියාත්මකවීම.මහින්ද මහතාගේ ඉදිරිය පැහැදිලියි.නමුත් බාදා සහිතයි.රජකම උරුමයි,එය නැවතිය නොහැකියි.
රටක් වශයෙන් ගත්කල…
ලංකා කේන්ද්‍රයේ ලග්නය කුම්භ.එහෙම වෙන්නෙ කොහොමද ?
ලංකා කේන්ද්‍රය සැකසෙන්නේ 1948.02.04 වන දින නිදහස හිමිවීම සහ එම වේලාව අනුව.එය දැනට පිලිගැනීම.හරියට වසරේ ලග්න පලාඵල වසර ආරම්බ වන දිනයේ සූර්‍ය උදාව සමග සකසනව සහ පලාඵල කියනව වගේ.
ලෝකයක් වශයෙන් ගත්විට…
ලග්න දොලසයි.එයින් පලමු ලග්නය මේෂ.මේෂ ලග්නය පලමු ලග්නය ලෙස සලකන විට ලෝක කේන්ද්‍රයේ ලග්නය මේෂ වශයෙන් සලකනව.ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්න ඕනෙ නම් එය ඒ විදිහයි කියල සම්මත කල කෙනා හොයාගෙන අහන්න වෙනව.මම දන්නෙ නෑ.නමුත් මේවා සම්මතයන්.
සත්‍යාගාර වැඩ සටහනේ අවසානය , සන්නස්ගල සටහන් කරන්නේ ඉන්දියානු අගමැතිවරයෙකු වන ශ්‍රී ජවහල්ලාර් නේරු පැවසූ වදනකි.එහිදී ඔහු කියනව ජ්‍යෙතිෂයටවත් අහසේ ග්‍රහ තාරුකාවකටවත් කිසිවක් තීරනය කල නොහැකි බව.ජවහල්ලාර් නේරු කියන්නේ හේතුවාදී දර්ශනය අනුගමනට පෙලබුන අයෙකි.ප්‍රකට හේතුවාදීන් අතර ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනි ජූලියා ගිලාඩ් , මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන් යන අය ඔබ දන්නව.හෙතුවාදයේ දෙවියන් නැත.භූතයන් නැත,මලගිය ආත්ම නැත.විශ්වයේ ශක්තීන් නැත.ආගම දහම බොරුය,සිරිත්විරිත් බොරුය,දෙමාපිය දූදරු සබදතා නිශ්ඵලය, මෙවැනි සංකල්ප පවතී.මේවා ඔබට පිලිගත හැකිද ? හේතුවාදයේ තමාම ප්‍රමුඛවේ.මතු ආත්මය පිලිබදව විශ්වාස නොකරන සිරිත් විරිත් සදාචාරය සංස්කෘතිය නොපිලිගන්නා හේතුවාදය මා තරයේ ප්‍රතික්ශේප කරමි.ඔබ එය හදුනාගෙන සිටීම වැදගත්.එවැනි හේතුවාදියෙකු වූ ජවහල්ලාර් නේරු තුමාගේ ඔවදන සන්නස්ගල ප්‍රසිද්ධ මාධ්‍යාක භාවිතා කරමින් අනාදිමත් කාලයක සිට පැවත ආ ජ්‍යෙතිෂ වැනි සාස්ත්‍රයකට අපහාස උපහාස කිරීම සක්කිලි ක්‍රියාවක් ලෙස මා හදුන්වමි.
සන්නස්ගලට සත්‍යාගාරය වැඩසටහන මගින් අවශ්‍ය වූයේ සිය දේශපාලනික මතය ගෙනහැර දැක්වීමත් මහින්ද රාජපක්ෂ මහතා මිත්‍යා දෘශ්ටිකයෙකු ලෙස හැදින්වීමත්ය.එයට ජ්‍යෙතිෂයේ නාමිකව පමණක් ප්‍රසිද්ධ සුමනදාස අබේගුණවර්ධන නම් අවස්තාවාදියා භාවිතා කරන ලදී.මහින්ද රාජපක්ෂ යනු මිත්‍යාදෘෂ්ටිකයෙකු නොව ඔහු රටට මෙන්ම සමාජයට , සමාජ සිරිත්විරිත් වලට ආගම දහමට අසීමිතව ලෙන්ගතු වූ අසහාය නායකයකි,එම නායකයා සහ නායකත්ව ලක්ෂණ බිදදැමීමට සන්නසගල වැනි හේතුවාදීන් ක්‍රියාකරමින් ඇත.නමුදු ඔවුන් අවසානයේ පරාජය වන බවත් ආගමට දහමට සංස්කෘතියට සදාචාරයට නිගාදෙමින් කටයුතු කිරීමේ පාපයට හසුවන බවත් ප්‍රකාශ කරමි.සන්නස්ගල මේ ගයන්නේ ඔහුගේ අවසන් ගීතය වනු ඇත.
- කුමාර ජනක
යුතුකම සංවාද කවය
 

අගනා උපුටාගැනීම :  http://www.jdorg.blogspot.com/

06 February 2015

මාංශ අනුභවය

                         මාංශ අනුභවය යන මේ කාරණය අතීතයේ පටන් ගැටලුවට තුඩු දුන් හා නිසි විසඳුම සහිත ගැටලුවකි. එනමුත් ඒ නිසි විසඳුම පිළිගැනීමට මැලිකමක්‌ දැක්‌වීම නිසා මේ ගැටලුව නැවත නැවත ද සමාජය තුළ කතාබහට ලක්‌වෙයි. එබැවින් අපගේ මේ උත්සාහය පිරිසිදු බුද්ධ දේශනාව අනුව ගැටලුව දෙස බලා අදහසක්‌ දැක්‌වීමයි.
සැබෑවටම මාංශ අනුභවය නොකළ යුතුමද?
මේ ගැටලුවට පිළිතුරු සඳහා පෙළෙහි කථා වස්‌තු දෙකක්‌ දක්‌වමු. පළමු වැන්න මෙසේයි.
”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්Cධායා උපට්‌ඨහන්තා නාසක්‌ ංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’
මෙහි අටුවා අර්ථය මෙසේයි.
‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
දෙවැනි කථා වස්‌තුව නම් සුප්පියා කථා වස්‌තුවයි.
‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය.
ඉන් පසු කතා වස්‌තුව බොහෝ දෙනෙකු දන්නා බැවින් හා මෙයට අත්‍යවශ්‍ය නොවන බැවින් නොදක්‌වමු. කෙසේ වුවද මෙයින් පෙනී යන්නේ යම් රෝගාබාධයන්ට මාංශ ආහාර සුදුසු බවයි. තවද පෙර භවයක බෝසතාණන් වහන්සේගේ මෑණියන්ට ඇතිවූ රෝගයකට ප්‍රතිකර්ම ලෙස සා මස්‌ නියම කිරීමක්‌ද මෙතැන සිහිපත් කරනු කැමැත්තෙමි.
තවද බුදුරජාණන්වහන්සේ විසින් අකැප මස්‌ දසයක්‌ දක්‌වා ඇත. අකැප මස්‌ දසයක්‌ තිබෙනවා යනු ඒ දසය හැර අනෙක්‌වා කැපය යන්නයි. එසේම දෙව්දත් තෙරුන් විසින් ඉල්ලන ලද ඉල්ලීම් පසෙහි වූ දිවි ඇතිතාක්‌ නිර්මාංශ වීම ප්‍රතික්‌ෂේප කොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුදැන වදාරා ඇතැයි දේශනා කළ සේක. ඒ ත්‍රිකෝටික එනම් අන්ත තුනකින් පිරිසිදු වූ මස නම් අදිට්‌ඨ, අසුත, අපරිසංකිත වූ මාංශයයි. අදිට්‌ඨ යනු තමා වෙනුවෙන් මරණ බවක්‌ නොදුටු යන්නයි. අසුත යනු තමා උදෙසා මැරූ බවක්‌ නොඇසූ යන්නයි. අපරිසංකිත යනු තමා උදෙසා මරණ ලද්දේ යෑයි සැක නොමැති වීමයි. මෙසේ තුන් කෙළවරින් පිරිසිදු වූ මාංශය වැළඳීම තුළින් තමන්ට ප්‍රාණඝාත ආදී අකුසලයක්‌ නොවේ. එබැවින් එබඳු මසක්‌ අනුභවය ගැටලුකාරී නොවේ.
මේ ආදී හේතු නිසා බුද්ධ දේශනාව අනුව මාංශ අනුභවය නොකළ යුතුමය කියා පැවසීමට හේතුවක්‌ නොමැත.
වැළකිය යුත්තේ කුමකින්ද?
මේ මාංශ අනුභවය ගැන කතා කරන සියල්ලන්ම පාහේ පවසන්නේ සත්ත්ව හිංසනය පිළිබඳවයි. ඒ ඔවුන්ගේ අනවබෝධය මත සිදු වන්නකි. සැබෑවටම ඝාතනය කරන සෑම සතකුම ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
මඳක්‌ සිතන්න. සත්ත්වයින් අනේකාකාර වේ. අපා දෙපා සිවුපා බහුපා ආදී ලෙසද දිය ගොඩ ආදී ලෙසද මනුෂ්‍ය අමනුෂ්‍ය ලෙසද තිරිසන් ආදී ලෙසද බෙදිය හැකිය. මෙයාකාර සත්ත්වයින් ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
පිස්‌සු හැදිලාය කියා සුනඛයන් මරා දමන්නේ මස්‌ පිණිසද? වගාවන්ට හානි කරනවා කියා කෘමිනාශක ඉසින්නේ කෘමීන්ගේ මස්‌ පිණිසද? නිවසට අලාභ කරනවා කියා මීයන් මරන්නේ මස්‌ පිණිසද? ලෙඩ බෝ කරනවා කියා මදුරුවන් මරන්නේ මස්‌ පිsණිසද? තවද කැරපොතු, උකුණු, මකුණු, කුහුඹු ආදී සත්ත්වයින් වනසා දමන්නේ මස්‌ පිණිසද? හොඳම කාරණාව නම් මහපොළව බෙදා ගැනීමට නොහැකිව රට රටවල් යුද්ධ කරමින් මිනිසුන් මරා දමන්නේ මස්‌ පිණිසද? වැට ඉන්නට, කොස්‌ ගෙඩියට, පොල් ගෙඩියට මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද? මංකොල්ලකරුවන් මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද?
මෙසේ බැලූ කල අවිහිංසාව මුලට දමාගෙන මස්‌ කෑම ගැන කතා කිරීම යනු විහිළුවක්‌ පමණකි. අවිහිංසාව නම් සියලු සතුන් කෙරෙහි විය යුතුය. මස්‌ කන සතුන් ගැන පමණක්‌ අවිහිංසාවක්‌ කුමටද? එසේම එබඳු ඇතැමෙක්‌ ගවයන් වැනි සතුන්ට පමණක්‌ අභය දෙනු පෙනෙයි. ඌරන්, කුකුළන්, මත්ස්‍යයන් නොපෙනෙයි. එබඳු තැනක සැබෑ අවිහිංසාවක්‌ තිබිය හැකිද?
තවද අවිහිංසාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නෙක්‌ඛම්ම සංකප්ප යටතේ එන සංකල්පනාවකි. එය එක්‌ අංගයක්‌ පමණි. එය පරමාර්ථය ලෙස ගනිමින් අවිහිංසාවාදී වීම දෘෂ්ටිගතික වීමකි. එය නිවන් මග නොවන්නේය.
නමුදු අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඉහත ආකාර වූ අනේක සත්ත්වයන්ට අභය දානය දිය හැකිය. අපටද අකුසලයෙන් මිදිය හැකිය. නමුදු මාංශ අනුභවයෙන් වෙන්වී ප්‍රාණඝාතයේ නිරත වනවා නම් මඟ හසර වරදවා ගනිමින් අපාගාමී වනු ඇත.
ඉදින් මේ මාංශ අනුභවය හා ප්‍රාණඝාතය යන කාරණා දෙක දෙස ගැඹුරින් බලන කල වටහා ගැනීමට හැකි වන්නේ මාංශ අනුභව කරන සෑම විටම ප්‍රාණඝාතයක්‌ සිදු නොවන බවත් මාංශ අනුභවයට වඩා ප්‍රාණඝාතය බරපතල බවත්ය. අපි ප්‍රාණඝාතයෙන් වළකින්නේ නම් ඒ හරහා බොහෝ වූ අභය දානයන් කළ හැක. සීලය දියුණු කරගත හැකිය. කරුණා මෛත්‍රිය වර්ධනය කළ හැක. එතුළින්ම නිර්වාණයද සාක්‍ෂාත් කළ හැකිය. ඒ නිවනට මග නම් සීල, සමාධි, ප්‍රඥා මිසෙක අවිහිංසාවාදය නොවන බැවිනි.)
පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි
උපුටා ගැනීමකි  දිවයින

29 January 2015

දහතුන කොහොමත් එපා

දහතුන කොහොමත් එපා
ධර්මසිරි සෙනෙවිරත්න

දෙමල කොටි  ත්‍රස්තවාදී බෙදුම්වාදීන්ටත්  ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තයන්ටත්  තමන් විසින් ලංකාවට  ගෙන ආ  කුලී කාරයන්ට  යන එන මන් සැපයීම ට  අවශ්‍ය   වූ ඉංග්‍රීසින්   උන් තමන්ට බරක් නොවෙනසේ  එහෙත් සිංහලයන්ට බරක් වෙනසේ  පදිංචි කිරීමේකාර්යයට  කල උප්පර වට්ටියක් වුත්  75% ක සිංහලයන්ට  කිසිදා අවශ්‍ය නොවූත් ඔවුන්ගේ අදහස් වලට පට හානි වුත් 13 රටට  අවශ්‍ය වන්නක් නොවේ
 
  මෙය බෙදුම් වාදයට රුකුල් දෙන්නක් මිස  විසදුමක් ද නවේ  වර්ධරාජා පෙරුමාල්  එය ඔප්පු කර පෙන්නුවේය  ජනපති බලතල මගින් එය ව්‍යර්ථ කළා මිස බෙදුම් වාදී න්  පසු බස නැත. උතුරේ  නැගෙනහිර මුස්ලිම් කාරයොත් එකතු වුනොත් එම පලාත්වල ජනමතයක් පමණක් පවත්වා  දෙක එකතුකර ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමේ ඉඩ ක් ඇතිබව  ගෝමින් දයාසිරි  නීති විශාරදයාද පෙන්වාදී ඇත.
පොලිස් බලතල ඉල්ලා උසාවි යාමටද හැක  විනිසුරන් කලින් කලට  ගන්නා තීරණ මත එය අනුමත වීමටද හැක ශිරානි බණ්ඩාරනායක වැනි විනිසුරෝ අලුතෙන් ද ආ හැක.
ත්‍රස්ත පාතාල මදාවියන්ට බියෙන් රටක් පාලනය කල නොහැක  නොකළ යුතුය  75% ක සිංහල ගසේ  එතී ඉන්නට සියයට 10-12 ක සුළු ජනයින්ට නොහැකි නම් එයම  බෙදුම් වාදයකි  තමන් විනාශ කල දෙමල හා මුස්ලිම් වරු නට  මේ සා  වරප්‍රසාද දී  ඇති  වෙනත් ජාතිය ක් මෙලොව නැත . මුස්ලිම් කාරයෝ   බලවත් වූ එකම රටක අනිත් උන්ට යනෙන් මන්  වත් නැත . 13 හා සමගාමීව  ඇතිකළ පළාත් සභා  රටේම ධනය කාබාසිනියා කරනවා පමණක් නොව මදාවියන්ට සනකෙලියක්ද වී ඇත.
එක දිසාපති කෙනෙක්  මගින් කල කීදේ සඳහා මැති ඇමති  සිය ගණනක් යෙදීම අපරාධයකි  ඉඩම් බලතල දුන්නොත් මාස 6 කින්  උතුරේත් නැගෙනහිරත් සියලු ඉඩම් දෙමල හා මුස්ලිම් වරු විසි බෙදා ගෙන අවසන් කරනු ඇත.ඉන්පසු මොන ජගතාටවත් එහි සිංහලයන් පදිංචි කල නොහැක්කේ  ඉඩම්  ”’වද න්නට ” නොහැකි හෙයිනි කොළඹ අවටත්  උඩරටත්   දෙමල හා මුස්ලිම් වරුන්ගෙන් පිරී ඇත.සමස්ථ දෙමල ජනගහනයෙන් අඩක්ම ඇත්තේ කොලම අවටය .
එහෙත් එකද සිංහලයෙකුටවත් උතුරේ ඉන්නට නොහැක  අපේ දේශ පාලුවෝ  එහත් ඉතින්  උතුරට ”””ෆුල් ඔටෝනොමි ”” දිය යුතුයය් කියති  උන් හිතන්නේ රට උන්ගේ අම්මා අප්පාගේ බුදලයක් කියාය  විදේශාධාර ලබාගෙන  උතුර හා නැගෙනහිර  බටහිර ගැ ති විශේෂ ප්‍රදේශ  ලෙස ”’ සංවර්ධනය”””’ කල හොත්  එදා සිට ඔවුන්  මුළු ලංකාවේම සිංහලයන්ට කෙනෙහිලිකම් කරනු ඇත.
සිංහලය න්  මබ්බොද  කිරීම සඳහා බටහිරයෝ එසේ ”’සංවර්ධනය ”” කරනු ඇත  රටේ ඉතිහාසය විකුර්තිකර එම පළාත්  වල  උගන්වනු ඇත  දැනට නීති විරෝධීව එය සිදුවේ එය සිංහල අනාගතය අඳුරු කරවය්  සිංහලයා  බෞද්ධ වීම ඉන්දියානු හින්දුන්ට රුචිකර නොවේ  සිංහලයන්ට ඇති මහාර්ගම සම්පත  නම්   බුදු දහමය්  බුදු හිමියන්ගේ  අභිලාශය අනුව  සිංහලයන් අතර  එම දහම මෙතෙක් අපි පවත්වා ගතිමු
බුදු . දහම උපන්රටෙන් එය අතුගා දැමු හින්දුන්  ගෙන් අපි ප්‍රවේසම් විය යුත්තේ  ඔවුන්ද ආගම වෙනුවෙන් මිනී මරන්නට සුදානම් හෙයිනි  ඉන්දියාව අධිරාජ්‍ය වාදීය  චීනය නැත්නම් මෙලහටත්  ඉන්දියාව  අප විනාශ කර හමාරය  පරිප්පු දැම්මා මතකද රජීව් ට වූ දෙය  රට පාවාදෙන් අපේ දේශ පාලුවන්ටත් කවදා හෝ වෙනු ඇත .
වහා ම පැරණි ගම්සභා ක්‍රමය ස්ථාපිත කර බුධ්ධිමන්දල මගින් ගම්වල  ප්‍රශ්න නිරවුල් කිරීමේ ක්‍රමය ඇරඹිය යුතුය  ගම්සභා අහෝසි කල සු ද්දෝ පසුව එහි වටිනා  කම අවභෝධ   කරගත්හ  . මතකයේ හැටියට නැවත ගම්සභා ස්තාපිත් කලේ  හෙන්රි වෝඩ් ය . පැරණි සාම මණ්ඩල ආදිය වැදගත්ය .
තනතුරු  නිල  බල අවශ්‍ය  දේශපාලු  ආත්මාර්තකාමීන්ට මිස ජනතාවට නොවේ  ගමේ ප්‍රශ්න හැකිතරම් ගම්වසියන්ම එකතුවී විසදා ගන්නාවිට   රටේ මුදල්ද ඉතුරුය  මදාවියන්ට ඉඩද නැතිවේ  එනිසා  පළමුව ගම්සභා  වැනි  ආයතන ඇතිකර  සාමාන්‍ය ජනතාව ට එහි ඇති වදගත් කම අඟවා  පසුව බලලොභීන්ට තැන එන 13 අහෝසි කල යුතුය .
සියලු ජාති හිතය් ශීහු ඒකරාශී වෙත්වා  විධායක ජනපතිත් නැතිකොට  තමන්    ඒකරාශී නොවුනොත්  සිංහ  ලයන් ගේ රටෙන්   ඉතිරි   වනු  ඇත  ත්තේ සොච්ච මකී

30 September 2014

කැමතිම සුත්‍රය



                              මා  කුඩාකාලයේ මට තිබුණු ගැටළුවක් මෙය මා නිතරම අම්මගෙන් අහනවා, අම්මෙ මම කොමද ආවේ කියල,අම්ම අරං ආවා කියනවා, එනම් අම්මා ආවේ ආච්චි ඕම ඔන්න කතාව දුර දිග ගිහිං අම්මට සුපිරි ඇණයක් වෙනවා, මට තාමත් අම්මා ඒගැන කියනවා, ඕකට මුල කාරණය තමා මම ආවේ කොමද?.. මේ සරළ වගේ පේන ගැටළු සහිත පර්ස්නයක්,එයට අගනාම පිළිතුර ලැබුන එය බුදුදහම තුළ මනාව දක්වලා තියනවා මෙය කුඩා දරුවකුට දෙන පිළිතුර ඉක්මවා ගිය අග්‍ර ගණයේ පිළිතුර මට සිතුනා පින්වත් ඔබ සැම බෙදා ගන්න මෙය අසන්නට හා කියවන්නට, තවදෙයක් මෙය මා අසා ඇති සුත්‍ර වලින් කැමතිම සුත්‍රයක් ලෙස දක්වන්නට පුළුවන් 
 

කියවන්න 

 

මාසය තුල සිත්ගත් ලිපි