13 December 2012

ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියන් (II)

                              පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක්මයි. මේ උපතිස්ස තරුණයාගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුමයි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීවද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. තේරුම විදිහටම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුනේ නෑ. තරම්ම විශ්මිත හැකියාවක් තිබුනා. ධර්මය අහපු ගමන් අවබෝධ වුනා. උපතිස්ස තරුණයා බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න රාවකයෙක් බවට පත් වුනා. උපතිස්සට ඉතාමත්ම සතුටුයි. මුව නොසෑහෙන සේ අස්සජි මහරහතන් වහන්සේට රශංසා කළා. උන්වහන්සේගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුනා. සෑහීමකට පත් වුනා. රටක් රාජ්යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයගරාහී ලීලාවෙන් තම මිත කෝලිතයන් සොයා පිටත් වුනා. දුරින්ම පැමිණෙන උපතිස්සයන්ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අලූත් යුගයක ආලෝකයක් දිස් වුනා. දෑස්වලින් උදාර සොයා ගැනීමක අනුභාවය පැතිරුනා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලා සිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජි මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහුගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදුරජුන්ගේ ධර්මය සදහටම පිහිටියා. ඔහුත් සෝතාපන්න රාවකයෙක් බවට පත් වුනා.දෙදෙනාම කෙලින්ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයාගෙනයි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනාම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළාපින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේදී අපි මෙතැනින් නැවතුනා. ඔබතුමා අපගේ ගුරවරයෙක් ලෙස අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිනුනා. අප මෙතෙක් කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුනා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ජීවිතාවබෝධයයි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ රඥාවකින් යුතු කිසිවකින් වසාලිය නොහැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන් වූ ඉර්ධි බලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වී සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අපගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේගේ රාවකභාවයයි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.”
                             ලාභසත්කාර වලින් වසඟ වූ සිත් ඇති අවසනාවන්ත සංජය පිරිවැජියා දුර්ලභ අවස්ථාවෙන් රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා.ඔව්, ඥානවන්ත උදවිය රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියලූ දෙනාටම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැල මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. දෙසිය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වෙව්ලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නොපෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.වේළුවනාරාමයෙහි දම්සභා මණ්ඩපයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලිත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේකපින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග වූ රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊළඟ අග වූ රාවකයා වන්නේය. මේ දෙදෙනා මගේ අග රාවකවරුය.”  මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා රමුඛ සියලූ දෙනා බුදුරජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියාස්වාමීනී, භාග්යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබවහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳුරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබවහන්සේ ආලෝකය වන සේක. රෝගපීඩා වලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණෝ වන සේක. ස්වාමීනී, භාග්යවතුන් වහනස්, අපගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේය. අපි වනාහි රාවකයෝ වෙමු. අපගේ හිරු මඬල ඔබවහන්සේය. අපි වනාහී තරු කැළ වෙමු. ස්වාමීනී, භග්යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබාදෙන සේක්වා.”
උපතිස්ස කෝලිතයන් රධාන සියල්ලෝම ඒහිභික්ෂු නම් වූ ඇති උත්තම වූ පැවිදිභාවයක් ලැබුහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිදි බවයි. එය එක්තරා හාස්කමකින් සිදුවෙන දෙයකි. එනම්, බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක.පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ සියලු දෙනාගේ කෙස් රැවුල් අතුරුදහන් වුනා. ගිහි වස්ත අතුරුදහන් වුනා. කණකර අභරණ අතුරුදහන් වුනා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුනා. මේක මහා පුදුමයක්! කොහොමද මෙය වෙන්නෙ කියලා අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි!
නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියලූ දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලකදී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත්වුනා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත්වුනා. සංජය පිරිවැජියාගේ පිරිහීම ගැන හැමතැනම පැතිරුනා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කරගෙන ගිය පුහු වර්ණනාවේ නිෂ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුනා. මෙය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.
අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා
ලොවේ නිසරු දේවල් ගැනසිතනා විට සරු දේ ලෙස
සාරවත් දහම් මාවතදකිනා විට නිසරු විලස
වැරදි අදහසට ගොදුරුවඇත්ත නොදකිනා ඔවුනට
සරු වූ අමා නිවනනැත කිසිදා හමුවන්නේ
සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡුන්ති සම්මාසංකප්පගෝචරා
සරු දෙය සරු ලෙස දැනගෙනනිසරු දෙයද හඳුනාගෙන
සාරවත් දහම් මාවතදකිනා විට සරු විලසින්
නිවැරදි දැකුමෙන් යුතු වීඇත්ත දකින විට ඔවුනට
සරු වූ අමා නිවනහමු වෙනවාමයි නිසැකව
                                  පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් අදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැුවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබාගනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදාගැනීම පිණිස, කෑම වේලක් පිරිමසා ගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුකයි. තාවකාලික ලාභ රයෝජන පිණිස ආගම් අදහන අය කිසිසේත්ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික රයෝජනය විතරයි සලකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන්ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත්ම ආගමක් ඇදහිය යුතු නෑ.
                                              පින්වතුනේ, පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන්ම අනුවණ මෝඩයෙක්මයි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමාව රවටා ගන්නා පුද්ගලයෙක්මයි. විදිහට තමන්ගේ තාවකාලික වාසිය විතරක් ලබන පුද්ගලයා එ් ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. නමුත් වැටුණු වළෙන් ගොඩ එන්න බැරිව අන්තිමේදී එ් නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. කියන්නේ අපි උපදින්නේ කොහොමද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලටද? මොන වගේ කරදර කම්කටොළුවලටද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරිද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරිද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරිද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතවද? ඔය වගේ දේවල් අපට රශ්න හැටියට තියෙන බව ඇත්තෙන්ම අපි දන්නේ නැහැ.
                           බොහෝ දෙනෙක් හිතන්නේ නොපෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන් කියලයි. නමුත් අපට පැහැදිලිවම පේනවා රමයෙන් විසඳුම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. එහෙත් පැහැදිලිවම මේ සියලූම රශ්න විසදාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ, සියලූම රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නොවී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සරවත් දේ කියලා කියන්නේ එයටයි. සාරවත් දේ නම් චතුරාර්ය සත්යය ධර්මයයි.පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්යය අවබෝධය කරාම යනවා.

Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි