Showing posts with label අප කොතැනද. Show all posts
Showing posts with label අප කොතැනද. Show all posts

17 November 2011

අප කොතැනද? - 02


                                                     මහාවංශය ආදී වංශ කථාවන්හි සිංහල ජාතියේ ආරම්භය විජය රජතුමා ගෙන් වී යයි කියතත් හැම ඉතිහාසඥයකු ම එය පිළිගන්නේ නැත. ඇතැමුන් සිංහලයා ගේ මුල රාවණා රජු තෙක් ඈතට ගෙන යන්නේ ද කරුණු ඇති වැ ය. ආරම්භය කාගෙන් කවදා සිදු වුවත් සිංහලයා ආර්ය වංශයට අයත් මනුෂ්‍ය ජාතියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නට පෙරැ ද සිංහලයා සෑහෙන තරම් දියුණු ප්‍රෙ‍ෟඪ ජාතියක් හැටියට වැජඹුණු බව පණ්ඩුකාභය රජතුමා ආදීන් ගේ පුවත්වලින් පැහැදිළි වෙයි. සිංහලයා බෞද්ධ වූවාට පසු එවකට ලොවැ කිසි ම ජාතියකට දෙවැනි නොවන තරම් දියුණුවකට පත්වී ය. සිංහලයාට විශිෂ්ට ආගමක්, භාෂාවක්, කලාවක්, ඉතිහාසයක්, සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් ද ඇත. සිංහලයා ආගමට සේවය කෙළේ ය; භාෂාවට සේවයක් කෙළේ ය; ජාතියට සේවය කෙළේ ය‍.
                                                                               සිංහලයා ගේ ආගමික සේවාව විශිෂ්ට ය. සිංහලයා බුද්ධාගමය පිළිගත්තේ මහාපරිත්‍යාගයෙකිනි. එනම් තමන් එතෙක් කල් අදහාගෙන ආ ආගම හා ආචාර ධර්ම ස්වල්ප වශයෙන් වත් මිශ්‍ර නොකොට ඉතා පිරිසුදු වැ ය. සිංහලයා ආගමට කළ සේවාව අනුරාධපුර පොළොන්නරු ආදි ප්‍රදේශයනට ගිය කෙනෙකුට වහා ම අවබෝධ වනු ඇත. බුද්ධ ධර්මය පහළ වූයේ භාරතයෙහි ය. එහෙත් එය ආරක්‍ෂා වූයේ ලංකාවෙහි ය. කට පාඩමින් ගෙනා බුද්ධ ධර්මය බැමිණිටියා සාය කාලයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට වළගම්බා රජු ගේ උපකාරයෙන් ග්‍රන්ථාරූඪ කළෙ‍ා‍් සිංහල භික්‍ෂූන් වහන්සේ ය. අටුවා, ටීකා, අනුටීකා සකස් වූයේ ද සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමීත්වයෙනි. පාලිය භාෂාවක් හැටියට ඉගෙනීමට උවමනා නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී සියල්ල ම සම්පාදනය වූයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ම ය. මේ කරුණු නිසා බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම හා පාලි භාෂාව වර්ධනය කිරීම පිළිබඳ වැ මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිංහලයා තමා ගේ යයි කිව යුතු කලාව, සාහිත්‍ය, භාෂාව, ආදි හැම දෙයක් ම බුද්ධාගමයෙන් පෝෂණය කැරැගත්තේ ය. සිංහලයාට බුද්ධාගමයෙන් වෙන් වූ කිසිවක් නැතැ යි කිව යුතු තත්ත්වයකට පැමිණියේ ය. ‘බුද්ධාගමය නැතිදාට සිංහල ජාතියක් නැත්තට ම නැතැ’යි ශ්‍රීමත් රාමනාදන් තුමා කීවේ ද එහෙයින් ම ය.
                               සිංහලයාගේ භාෂා සේවාව ද විශිෂ්ට ය. පුරාණ ලංකා‍ෙව් අද ‍ෙමන් ඉ‍ෙගනී‍ෙම් පහසුක‍ම් ‍ෙනාවී ය. එ‍ෙහත් උගතුන් ගෙන් අඩුවක් නොවී ය. සිංහල සාහිත්‍ය දෙස බලන්න. හතුරන් විසින් වාර ගණනකට ගිනි තබා ඉතිරි වී තිබෙන පොත් ටික වුවත් කොපමණ වටිනවා ද? මේ ගත්කරුවන් අතර භික්‍ෂූන් වහන්සේ පමණක් නොවැ රජවරු ද වූහ. අද රජවරුනට කරන්නට වැඩ නැත. එදා රජවරුනට නිකම් ඉන්නට ඉඩ නැත. ඒ තරම් කටයුතු ය. ඒ දහසක් කටයුතු මධ්‍යයෙහි දී සිංහල රජවරුන් විසින් පවා ‍ලියන ලද පොත් දෙස බැලූ විට සිංහලයා ගේ භාෂා සේවාව මැනැවින් වැටැහෙනවා ඇත. මේ තරම් වටිනා පොත් ලියූ රජවරු සිංහලයන් අතර හැරැ අන් ජාතීන් අතර ඇද්දැ යි නොදනිමි.
                                                           ජාතීන්ගේ ආරක්‍ෂාව සඳහා ලක්‍ෂ ගණනින් දිවි පිදූ සිංහලයෝ ජාතික සංවර්ධනය ද ඉතා ඉහළින් ම සිදු කළ හ. සිංහලයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන යි. අහසින් වැටෙන හැම වතුර බිඳක් ම මහජනයා ගේ ශුභ සිද්ධිය සඳහා යොදවනවා යැ යි ඇතැම් රජවරුන් කී කීම වැනි උදාර කියුම් ලෝක ඉතිහාසයෙන් සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇත. ඔවුහු උද‍ාර ලෙස කීවාක් මෙන් ම උදාර ලෙසට ක්‍රියාවෙහි ද යෙදුණෝ ය. අපේ මුතුන් මිත්තන් විසින් කරවන ලද වැව් ගණන තිස් දහස ඉක්මවා ගොස් තිබෙන්නේ එහෙයිනි. කෝටි පහකට නොඅඩු ජන සංඛ්‍යාවක් හොඳට කා බී අතිරේක ආහාර පිටරට යැවූ බව වාර්තා ගත වී ඇත්තේ ද එහෙයිනි.
                                                               සිංහලයා විසින් රෙදි කර්මාන්තය ද හොඳින් දියුණුකැරැ තුබුණු බව නොයෙක් වාර්තා කියයි. විශේෂයෙන් කාශ්මීර රටෙහි රජ බිසෝවරුන් ඇන්දේ ලංකාවේ වියන රෙදි යයි කාශ්මීර ඉතිහාසය වන රාජතරංගනියෙහි සඳහන් වේ. මහාවංශයෙහි තරම් ගිලන් හල් සූතිකාගාර ගැන සඳහන් වන අන් ඉතිහාසයක් නැතැ යි උගත්තු කියති. පොළොන්නරු මහාරෝග්‍යශාලාව තරම් උසස් ගිලන් හලක් එවකට ලොවැ කොහි වත් තුබුණේ නැත යනු උගතුන් ගේ පිළිගැනීම යි. වාරිමාර්ග ඉන්ජිනේරු ශිල්පය පිළිබඳ එවකට සිංහලයා පරදවන්නට සමත්හු ලොව නොවූහයි කියති. මේවා සිංහලයා කෙබඳු දැයි වටහාගැනීමට බින්දු මාත්‍ර සාධක ය. මේ කරුණු නිසා සිංහලයා විශ්ව කීර්තියට පත් වූ බව නොයෙක් දෙස් විදෙස් වාර්තාවලින් පැහැදිළි වේ.
                                               ලංකාව සිංහලයන් ගේ රට යි. මෙහි නෙ‍ායෙක් ජාතීන් අ‍ැතත් මහා ජාතිය සිංහල යි. එහෙත් සිංහලයා මහාජාතිය වී ඇත්තේ ජනගහනයෙන් පමණි. අනෙක් හැම කරුණෙකින් ම සිංහලයා දුර්වල කොටසක් වී ඇත. එයට ප්‍රධාන හේතුව සිංහලයාගේ අලසකම, අදූරදර්ශී භාවය හා අසමඟිය යි. අප්‍රධාන හේතුව විදේශීන් ගේ පාලන කාලයන්හි මහ ජාතිය වන සිංහලයා දුර්වල කරන්නට උපක්‍රම යෙදීම යි.
             සිංහලයා දුර්වල කොට තැබීමට යෙදූ උපක්‍රමවලින් ප්‍රධාන දෙකක් පමණක් සඳහන් කරන්නෙමි. කෙනෙකුට දියුණු වන්නට හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු ය. එහෙත් සිංහලයාට විශේෂයෙන් සිංහල බෞද්ධයාට උසස් අධ්‍යාපනය ලබන මං අවුරා තිබිණි. උසස් අධ්‍යාපනයක් ලබන්නට උසස් අධ්‍යාපනායතන එනම්, පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිබිය යුතු ය. ලංකාවට නිදහස ලැබී කාලයක් යන තුරු ම පළමු වැනි ශ්‍රේණියේ පාසල් තුබුණේ හැට පහක් ය. එයින් තිස් දෙකක් තුබුණේ යාපනය දිස්ත්‍රික්කයේ ය. යාපනය හැර මුළු ලංකාවට ම තුබුණේ තිස් තුනකි. දැන් පළමු වැනි ශ්‍රේණියේ පාසල් වැඩි වී ඇතත් තවමත් ලංකාවේ උතුරු කෙළවරෙහි යාපනේ දිස්ත්‍රික්කයේ සියයට අනූනමයක් අසිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිස් තුනක් ඇතත් ලංකාවේ දකුණු කෙළවරෙහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට අනූ නමයක් සිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ එක ද පාසලක් වත් නැත.
                             ශිෂ්‍යයනට අධ්‍යාපනය හොඳින් දිය හැක්කේ පුහුණු ගුරුවරුනට ය. අභ්‍යාස විද්‍යාලය අතිනුත් සිංහලයාට බලවත් අසාධාරණයක් කැරැ තිබිණි. 1958 පමණ වන විට ද සිංහල මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් පනස් තුන් දහස් ගණනක් සිටි අතර දෙමළ මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු දහතුන් දහස් ගණනක් ගණනක් සිටිය හ. ඒ දහතුන් දාහට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය අටක් තුබුණු අතර සිංහල මාධ්‍යයෙන් උගන්වන පනස් තුන් දහසක් ගුරුවරුනට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය තුබුණේ නවයෙකි. සිංහලයන් දූරදර්ශී වැ සමඟියෙන් කටයුතු කළා නම් මේවා නිසි පරිදි යොදාගන්නට තිබිණි. මේ කරුණු නිසා රජයේ හා පෞද්ගලික ආයතනයන්හි ද උසස් තනතුරක දක්නට ලැබුණේ අසිංහලයෙක් ම ය. සිංහලයෙක් වී නම් හෙද අබෞද්ධයෙක් ම ය.
                                උපකෘත පාසල් රජයට ගැනීමෙන් පසු මේ තත්ත්වය තරමකට වෙනස් වී ඇත. එහෙයින් සිංහලයන් ගේ අසමඟිය නිසා විශේෂයෙන් පක්‍ෂ දේශපාලන භේදය නිසා සිංහලයා තව තවත් පිරිහෙන ලකුණු පහළ වී ඇත. දැනට රැකීරක්‍ෂා නැතියවුන් ගේ සංඛ්‍යාව අති විශාල ය. එයින් සියයට අනූපහක් පමණ සිංහලයන් විය යුතු ය. දුප්පත් ජනතාව ගෙන් සියයට අනූවක් පමණ සිංහලයෝ ය. සිංහලයාගේ මේ දුප්පත්කම අසරණකම තව තවත් උග්‍ර වන ලකුණු යි පෙනෙන්නට ලැබෙන්නේ. කවුරු කවුරුත් සිංහලයාගේ කර පිටින් රජකම් කරන්නට සූදානම් වෙති.
                                                                                                   ඉන්දියානුවනට පුරවැසිකම දෙන්නට පටන් ගත් කාලය පටන් මේ වන තුරු පුරවැසිකම් දී ඇත්තේ එක් ලක්‍ෂ පනස්දහසකට පමණ ය. එ තරම් සුළු ගණනකට ඡන්ද බලය තිබිය දී උඩරට කඳුකරයේ එක ද ආසනයක් ඉන්දියානු කම්කරු නායකයනට හිස නමන්නේ නැති වැ සිංහලයකුට දිනාගත නොහැකි ය. තව අවුරුදු කිහිපයෙකින් ඡන්ද බලය ඇති ඉන්දියානුවන් ගේ සංඛ්‍යාව ලක්‍ෂ පහක් පමණ විය හැකි ය. එවිට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? මැතිවරණයක් පැමිණි විට සිංහලයාගේ භේද නිසා සිංහල දෙන්නකු තුන්දෙනකු තරඟයට ඉදිරිපත් වනු ඇත. ඔය අතරට ඉන්දියානුවකු ඉදිරිපත් වී ජය ගන්නටත් පිළිවන.
                                                                         මීට ප්‍රථම එබඳු වාරයක් තුබුණු බව අමතක කරන්න එපා. එසේ ඉන්දියානුවකු ඉදිරිපත් නූණොත් දිනන්නට පිළිවන් වන්නේ ඉන්දියානු කම්කරු නායකයනට වැඳ වැටුණු කෙනෙකුට ය. ඉන්දියානු කම්කරු නායකයන් මහ ආඩම්බරයෙන් සිටිනු ඇත. ඡන්දාපේක්‍ෂක සිංහලයා දෙකට තුනට නැමී ඇඹැරි - ඇඹරී ඔහු වෙත ළඟා වනු ඇත. ඔහු එක වරට ම “පෝඩා පෝ” කියා නොඑළවන්නට පිළිවන. එහෙත් යක්‍ෂයන් ගේ ප්‍රේතයන් ගේ හෝ ඡන්දය ලබාගෙන දිනන්නට බලාපොරොත්තු වන සිංහලයාට ඉන්දියානු කම්කරු නායකයන් ගේ දස පනතට ම යටත් වන්නට සිදුවනු ඒකාන්ත යි.
               සිංහලයන් පක්‍ෂ භේද අමතක කොට සමඟි වැ එක සිංහලයකු ඉදිරිපත් කළොත් සිංහ විලාසයෙන් ජය ගන්නට පිළිවන.සිංහලයන් සමඟි නොවුව හොත් නුදුරු අනාගතයෙහි උඩරට සිටින සිංහලයන් සුන් වනු ඇත. පහත රට සිටින සිංහලයනට පාත්තයා කියා බැණ - බැණ ඉන්දියානු ද්‍රවිඩයනට පාත් වෙල‍ා ඉන්නට සිදුවනු නිසැක ය.මුළු මහත් සිංහල ජනතාවට සිදු වන විපත ඊ ළඟට සිතා බලන්න. උඩ රට කඳුකරයේ ආසන ටිකක් අසිංහලයනට ගියොත් පාර්ලිමේන්තුවේ ආසන එක සිය පනස් පහෙන් පනස් පහක් පමණ අසිංහලයන් සතු වනු ඇත. සිංහලයන් බෙදී තරග කොට ඉතිරි ආසන සීයෙන් පනහකට ටිකක් අඩු වැඩි ගණනක් එක් එක් හවුල් පක්‍ෂය විසින් දිනාගනු ඇත. ඉතින් වැඩි ගණනක් දිනූ සිංහල හවුල් පක්‍ෂය රජ වන්නට අසිංහලයන් ගේ සහාය පතනු ඇත. එදාට අසිංහලයන් කේශර සිංහන් බඳු වනු ඇත. එදාට අසිංහලයන් ගේ සහාය ඉල්ලන සිංහලයනට එකසිය දස පනතක් ඉදිරිපත් කරනු ඇත. බලයට කැමැති සිංහලයා එයට යටත් වී රජකමට පත්වනු ඇත. ඉතින් සිදු වන්නේ කුමක් ද? අවුරුදු පහෙන් පහට සිංහලයන් ගේ අයිතිවාසිකම් අසිංහලයනට විකුණා කෑම යි. සිංහලයන් ගේ අසමඟිය නිසා ඒ තත්ත්වය පැමිණෙන්නට හොඳට ම ඉඩ ඇත. ඉදින් එසේ කළොත් ඔවුන් මැරී අපායට යනව‍ා ඇත. මෙහෙ‍් ජීවත් වන සිංහලයන් අපායක මෙන් වෙසෙනුවා ඇත. එවිට මුළු සිංහල ජාතිය ම අපායේ ය. මේ කාරණා පක්‍ෂ භේදයෙන් තොර වැ මධ්‍යස්ථ වැ නුවණින් සලකා බලන්නේ මැනවි. දැනට සිංහලයා ආර්ථික ආදී හැම අංශයෙකින් ම දුර්වල වී ජනගහනයෙන් පමණක් මහාජාතිය වශයෙන් පෙනී සිටී. එහෙත් පවුල් සංවිධානය නම් වූ අදූරදර්ශී වැඩ පිළිවෙල නිසා අනාගතයෙහි දී සුළු ජාතියක් නැත් නම් සම ජාතියක් වන්නට  ද පිළිවන. අසිංහලයන් ඔවුන් ගේ ජනගහනය වැඩි කරන අතර කල්ලතෝනින් වශයෙන් පැමිණෙන දහස් ගණන් ලක්‍ෂ ගණන් අසිංහලයන් මේ රටෙහි පදිංචි වෙති. සිංහලයෝ ජනගහනය අඩු කෙරෙති. මේ ක්‍රමය දිගට ගෙන ගියොත් අවුරුදු දෙතුන් සියයක දී සිංහල ජාතියේ අනාගතය කෙබඳු වේ ද? ඉදින් සිංහලයන් සමඟි නොවුවොත් අනාගතය අඳුරු යි, අඳුරුයි, අඳුරුයි. සිංහලයෙනි, සමඟි වන්න, සමඟි වන්න.

ශ්‍රී ලංකාදීප 1966.10.28

අප කොතැනද? - 01

                    කාලයට වටිනා ලිපිපෙලක් ඔබවෙත ලබාදෙන්න සිතුන මෙම ලිපි ඉතා පරණ ලිපිපෙලක් වන අතර නුතනයේ සිටින්නවුන්ට මනාව ගැලපෙන තැන්ද ඇත,කෙසෙය් වෙතත් අප සමාජය හැඩගැසී තිබෙනුයේ මෙය අහවල් පුද්ගලයා කලයුතුය කියාය එම නිසාවෙන් පිඩාවට පත්වන අහිංසක මිනිසුන් අප්‍රමාණය,රැකියා ලබාදෙන්නට ලේකන ගතකිරීම්වලට ඇතුලත් කරන්නට රැකියා ලබන්නා විරුද්ද පක්ෂිකයකුනම් ඔහුට රැකියාව ලබානොදීමට තරම් අමානුෂික තත්වයක් ඇත,රැකියාව දෙන්නෙ නම් ඔහුගෙ මුළු සංහතියම එම පක්ෂය වෙනුවෙන් කැප විය යුතුය,බහුතරයක් සිදුවන්නෙ පළමු තත්වයමය,එසේ ම පක්ෂවල බලපෑම් වලට ලක්නොවුන සිවිල් වැසියන් සිටිනුයේ ඉතා සුළු ප්‍රමානයකි,සමහරුන් පක්ෂවල අතකොලු වනතරමට බලය අසීමිතය මීට අදාල චරිත ඔබට සිහිගන්වෙනු ඇත,මෙම ලිපි පෙළ තුල කිසියම් වූ පණිවිඩයක් ඇත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කරන ලද්දකි, 

                                         සිංහල භාෂාව ඉපැරණි ය. පැරැණි තරමට ම ප්‍රාණවත් ය, පොහොසත් ය. මෙකලැ වාග් විද්‍යාඥයන් කියන උසස් භාෂ ලක්‍ෂණයන් සිංහල භාෂාවෙහි නොඅඩුවැ ඇත.බුද්ධ ධර්මය ඉතා ගැඹුරු දර්ශනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් එලෙසින් ම ප්‍රකාශ කිරීම මෙකලැ දියුණු වැ තිබෙන ඇතැම් භාෂාවනටත් දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙත් මෙයට අවුරුදු දෙදහසකට පෙර ද සිංහල භාෂාවට ඒ හැකියාට නොඅඩුවැ ම තිබිණි. සම්පූර්ණ ත්‍රිපිටකය පාළියත් සමඟ හෙළ බසින් හදාරන්නට පිළිවන්කම තුබුණා පමණක් නොවැ, අටුවා සියල්ල ම ද හෙළ බසින් ලියැවී තිබිණ. ඉතා ගැඹුරු දර්ශනයක් ඇති දහමෙක අදහස් පැහැදිළි වැ ප්‍රකාශ කළ හැකි භාෂාවෙකින් රටෙකැ පාලන කටයුතු ගෙනැ යෑම දුෂ්කර කාර්යයෙක් නොවේ. එහෙයින් සිංහලයා රාජ්‍ය භාෂාව කිරීමට පැය විසි හතරෙකින්වත් පමා වීමක් වුවමන‍ා නොකෙරෙයි. එහෙත් රාජ්‍ය භාෂා පනත සම්මත වී අවුරුදු දහයක් ගත වී ඇතත් තව ම සිංහලය රාජ්‍ය භාෂාව වී ඇත්තේ ප්‍රකාශවලින් පමණ ය. නීති රීති සම්මත කිරීම තව ම පමා වී ඇති බැවින් නීත්‍යනුකූල වැ ලංකාව පුරා භාවිතා වන එකම රාජ්‍ය භාෂාව දෙමළ යයි කිව හැකි ය. කාගෙ ක‍ාගේත් මේ කටයුතු තමන් තමන් ගත් පක්‍ෂය හා ඒ මඟින් ලබාගත් බලය තර කැරැගන්නට විනා ජාතියට හෝ භාෂාවට හෝ හිතවත් වැ යයි සිතන්නට තරම් ලකුණු තවම දක්නට නැත.
                                                         යම් කිසි රටෙකැ ඉගැන්වීම කළ යුත්තේ ස්වභාෂා මාධ්‍යයෙන් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලංකාවෙහි අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂා විය යුතු යයි යෝජනා කෙළේ නිදහස ලැබෙන්නටත් පෙරැ ඉංගිරිසීන් විසිනි. එහෙත් මෙයින් සිංහල බෞද්ධයා නැඟී ඒවිය යන බියෙන් හා ඊර්ෂ්‍යාවෙන් උන්මාදයට පත් බෞද්ධ විරෝධී පිරිස එයට විරුද්ධ වූහ. කෙසේ හෝ දැන් ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය දීම ඉතා වැදගත් ක්‍රියාවෙකි.
                                                            අසිංහල අබෞද්ධයෝ දූරදර්ශී වූ බැවින් තම දරුවනට ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාව අත් නොහැරියා පමණක් නොවැ, පෙ‍‍ෟද්ගලිකව වැත් සංවිධානාත්මක වැත් ඉංග්‍රීසි වඩ වඩාත් ඉගැන්වූ හ. සිංහල බෞද්ධයෝ අදූරදර්ශී වූ බැවින් හා සීමාන්තික වැ කල්පනා කිරීමෙන් ද ‘ඉංග්‍රීසි නැති වැ බැරි ද, ඉංග්‍රීසි නැති වැ දොස්තරවරුන් ඉංජිනේරුවන් විද්‍යඥයන් වන සැටි පෙන්වන්නම්’ කියකියා බොරු දොඩවදොඩවා ඉංග්‍රිරිසිය ටිකෙන් ටික අත් හැරිය හ. මෙයින් සිදුවූයේ සිංහල බෞද්ධයා අන්ත ප්‍රපාතයට වැටීම යි. මේ කරුණ නුවණින් සලකා බලන්න.
මතු සඳහන් වන කොටස්වලැ දැනට ද සිංහල බෞද්ධයා සිටින්නේ ඉතා ස්වල්ප වශයෙනි. ඉදිරි අනාගතයෙහි විදේශීය තානාපති සේවාවනට සිංහල බෞද්ධයකු තේරෙන්නේ නැත. වෙනස් කමකට නෙ‍ාවැ ඉංගිරිසි නොදන්නා හෙයිනි. ඉංගිරිසි නොදැනැ ගොස් එහි පොල්ගාන්න ද? විදේශීය ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැත. උසස් දොස්තර මහත්මයකු වන්නට ලැබෙන්නේත් නැත. සිංහල බසින් ඉගෙනැ එම්. බී. බී. එස්. විභාගයෙන් සමර්ථ වන්නට නම් පිළිවන් වේවි. එහෙත් අවරදිග රටවලැ හතු පිපෙන්නාක් මෙන් කරනු ලබන සොයාගැනීම් වත් අලුත් බෙහෙත් හා අලුත් පිළියම් ක්‍රම වත් දැනැගන්නට ලැබෙන්නේ නැත‍. එකී පොත් සිංහලයට පෙරළා අවසාන වන විට ඊට වඩා අලුත් ක්‍රම සොය‍ා ඒවා කුණු කූඩෙට දමා අවසාන ය. අනෙක් අය හොඳින් ඉංගිරිසිත් ඉගෙනැ අලුත් සොය‍ාගැනීම් එදින එදින මැ දැනගෙන බෙහෙත් කරන අතර අනාගතේ දී සිංහල දොස්තර මහත්වරුනට කරන්න සිදු වන්නේ අවරදිග රටවල කුණු කූඩෙට දමන බෙහෙත් ය. මුදල් තිබෙන අය අනෙක් දොස්තර මහත්වරුන් ළඟට ගොස් අලුත් බෙහෙත් හා පිළියම් ලබා ගනිති. ලංකාවේ ධනයෙන් තව කොටසක් අසිංහල දොස්තරවරුන් අතට යයි. සිංහල දොස්තර මහතා කුණු කූඩෙට දමාපු බෙහෙත් දී ලබා ගන්නේත් දුප්පතාගේ තුට්ටු දෙකයි. සිංහල දොස්තර මහතාට ආර්ථික වාසියකුත් නැත. දුප්පත් සිංහල ලෙඩා ගේ ලෙඩ හොඳ වන්නේත් නැත. දුප්පත් සිංහලයා මැරී වඳවී යන්නත් පිළිවන. දැන් සිටින විශේෂඥ දොස්තර මහත්වරුන් ඉගෙන ගන්නා කාලයෙහි අධ්‍යාපනය දුන්නේ ඉංගිරිසි බසිනි. එසේ ද වුවත් විශේෂඥ දොස්තර මහත්වරුන් අතර සිංහලයන්, සිංහල බෞද්ධයන් කී දෙනෙකුන් සිටිනවාදැ යි සිතා බලන්න. එය එසේ නම් අනාගතය කෙබඳු වේද?
                                                            සිංහල මාධ්‍යයෙන් ඉගෙන නීති විභාගයෙන් සමර්ථ වන්නට පිළිවන. එහෙත් උසස් නීතිවේදියකු නම් වන්නට ලැබෙන්නේ නැත. නීති ග්‍රන්ථ හා විශේෂ නඩු තීන්දු පළවී තිබෙන්නේ ඉංගිරිසියෙන් හෙයිනි. දැනට ද අලුත්කඩේ උසාවියට ගිය කෙනෙකුට දක්නට ලැබෙන්නේ සියයට අසූවක් පමණ අසිංහල මුහුණු ය. ලොකු නඩුවල දී සිංහලයා වැරැදිකාරයා කොට හිරේ යවන්නටත් අසිංහලයා නිවැරදිකාරයා කොට හිරෙන් බේරන්නටත් කතා කරන්නෝ අසිංහලයෝ ම ය.
                                                                     දැන් තත්ත්වයත් මෙහෙම නම් සිංහලෙන් නීතිය ඉගෙනැ නීතිවේදීන් වූ දාට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? ඉංජිනේරු විද්‍යාව හා නවීන විද්‍යාවත් සිංහලයෙන් ඉගෙනැ උපාධිධරයන් වන්නට පිළිවන. එහෙත් ඒ පිළිබඳ විශාරදයන් වන්නට ලැබෙන්නේ නැත. කාර්මික ආයතනවල ද ඉඩ ඇහිරෙනු ඇත. ලොකු වෙළඳ ආයතන සියයට අනූවක් පමණ අසිංහල අබෞද්ධයන් අතේ ය. සිංහලයාට ඒ තැන්වල ඉඩ ලැබෙන්නේ ද නැත. දැන් විශ්වවිද්‍යාලයයෙහි ස්වභාෂායෙන් උගන්වන්නේ වී නමුත් ලංකා සමාජ සේවා විද්‍යාලයයෙහි අධ්‍යාපනය දෙනු ලබන්නේ ඉංගිරිසියෙන‍් බව සැළ යි. දැනුත් සිංහල බෞද්ධයා කොන් කැරැ ඇති ඒ විද්‍යාලයයට අනාගතයේ දී සිංහලයකුට ඇතුළු වන්නට ලැබෙන්නේ නැත. අසිංහල අබෞද්ධයනට ඉංගිරිසි දැනුම පමණක් නො වැ කාර්මික හා සාමාන්‍ය රැකී රක්‍ෂා පුහුණුවට ද ස්ථාන ඇත. සිංහලයාට එබඳු ස්ථානත් නැත. යම් කිසි රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට එන විට අසිංහල අබෞද්ධයන් පුහුණුවක් ලබා එන අතර සිංහලයා නිකම් ම ගෙදර සිට පැමිණෙයි. වැඩි සුදුසු කම් හා පුහුණුවක් ඇති අසිංහල අබෞද්ධයාට රැකියාව ලැබන අතර සිංහලයා ගමන් වියදම සඳහා ණයට ගත් මුදල ගෙවන්නේ කෙසේ දැ යි සුසුම් හෙළමින් ආපසු ගෙදර යයි.
                                                                      මේ කරුණ ලියන විට ඔය එන්නේ නැවැතත් ඉංගිරිසියට තැන දෙන්නැයි වරදවා සිතන්නත් එපා. අහිංසක සිංහලයා මුළා කරවන්නත් එපා. අධ්‍යාපනය ස්වභාෂාවෙන් කරන අතර අප ජීවත් වන්නේ විසි වැනි ශත වර්ෂයේ ලෝකයෙකැ යි සිතා වත් ඉංගිරිසි හොඳට ම උගන්වන්නට පිළියෙළ කරන්න. අප ඔය දෙමළගේ භාෂාව ඉගෙන ගන්නේ නැත. එයින් සිදුවන්නේ දැන් තිබෙන තත්ත්වය අනුවැ උතුරු නැගෙනහිර පළාතකට රැකියාවක් වශයෙන් වත් යන්නට නොලැබීම යි.
ළමා කාලයෙහි භාෂා ඉගෙනීම ඉතා පහසු ය. පාසලේ දී භාෂා තුන හතරක් උගන්වන රටවල් ඇත. එහෙයින් සිංහල ළමයිනට සිංහල හා ඉංගිරිසි පමණක් නොවැ දෙමළ ද ඉගැන්වීම වරදක් නොවේ. බුද්ධ ධර්මය අනුවැ විවිධ භාෂා ඥාණය රහත් වන ජාතියෙහි සිවුපිළිසිඹියා  නුවණ ලැබීමට ද උපකාර වෙයි. එය කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුවැ සිංහලයන් සෑහෙන සංඛ්‍යාවක් වත් දෙමළ ඉගෙන ගත්තේ නැත්නම් උතුරු නැගෙනහිර පළාත් නිකම් ම දෙමළ අයට වෙන් වෙනවා ඇත. ඔවුන් බලාපොරොත්තු වන පෙඩරල් රාජ්‍යය ඉබේ ම ලැබෙනවා ඇත.
                            මේ කරුණු හොඳින් නුවණින් සලකා බලන විට අනාගතයේ දී සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර උසස් දොස්තර කෙනෙකු උසස් නීති වේදියකු උසස් ඉංජිනේරුවකු උසස් විද්‍යාධරයකු පහළ වන්නට ඉඩක් නැති බව පැහැදිළි වැ වැටැහෙනවා ඇත. එසේ ම උසස් කාර්මිකයකු රජයේ හෝ අන් සංස්ථාවක හෝ මාණ්ඩලික නිලධරයකු වන්නට ඉඩ නොලැබෙනු ඇත. ජාතියට භාෂාවට වඩා පක්‍ෂය දෙස බලා, ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා ගුරුවෘත්තිය හැර සාමාන්‍ය රැකියාවන් අතරෙනුත් අනාගතයේ දී සිංහලයනට ලැබෙන්නේ සියයට විසි පහක් පමණ ය. ඒ දෙපළාතේ සේවයට එක ද සිංහලයකුත් උවමනා නැත.
                               ලංකාවේ අනෙක් පළාත්වලැ සිටින ද්‍රවිඩයන්ගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. සිංහලයන් දෙමළ ඉගෙනැ ගන්නේ නැති නිසා ඒ සේවය සඳහා දෙමළ සේවකයෝ උවමනා වෙති. කන්ද උඩරට ඌව - සබරගමු යන පළාත්වලැ ද්‍රවිඩයන් සිටින ප්‍රමාණය අනුවැ සමහර විට සියයට හතළිහක් පණහක් පමණ දෙමළ සේවකයන් උවමනා විය හැකි ය. කොළඹට නම් සියය‍ට පණහකට වැඩිගණනක් දෙමළ සේවකයන් උවමනා වනු නොඅනුමාන යි. වවුනියාවෙන් ඉහළට සිංහලයනට බිම් අඟලක් වත් නැතැ යි කීම සත්‍ය ද? එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ද්‍රවිඩයනට ලංකාව පුරා ම ඉඩ කඩම් දේපල ඇති බව නම් සත්‍යයෙකි. ගාල්ල මාතර වැනි ද්‍රවිඩයන් අඩු පළාත්වලැ ද ඉන්නා අයගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. ලංකාවේ එබඳු පළාත් රාශියෙකි. ඒ පළාත්වලැ සිටින ද්‍රවිඩයනට සේවය කිරීම සඳහා දෙමළ සේවකයන් සියයට විස්ස තිහ ගණනේ උවමනා විය හැකි ය. මෙසේ ගණන් හදා බලන්න. ලංකාවේ රැකියාවන් සියයට විසි පහකුත් සිංහලයාට නොලැබෙන්න පිළිවන. මේ ගැන දෙමළ සහෝදරයනට ස්වල්ප වශයෙන් හෝ දොස් කිව යුතු නොවේ. අනුන් ගේ රටකට අවුත් ගුටි බැට කාගෙනැ, වද හිංසා පීඩා විඳ‍ෙගනැ, එසේ ම ඒ සියල්ල ඉවසාගෙනැ, දූරදර්ශී වැ බුද්ධිය මෙහෙයව‍ා, ටිකෙන් ටික රට අල්ලාගෙනැ, අනාගතයේදී රටේ සම්පූර්ණ බලය අල්ලාගැනීමේ මාර්ගයෙකැ ගමන් කරන දෙමළ සහෝදරයනට වැඩේ වැරදි වුවත් කරන පිළිවෙල ගැන ප්‍රශංසා කට යුතු ය.

මාසය තුල සිත්ගත් ලිපි