Showing posts with label උතුරුසලු ආනිසංස. Show all posts
Showing posts with label උතුරුසලු ආනිසංස. Show all posts

12 October 2011

උතුරුසලුව පැලදී ඔබට ලැබෙන ආනිසංස

පෝයදින අට/දස සිල්සමාදන් වුන ඇත්තන් ඔබ ඇසගැටේ ,එවැනි සිල්වතකු දරා සිටින උතුරුසලුව නොපෙනෙන නොදැනෙන ආශිර්වාදයක්මය.අර්ථය දැන/නොදැන උතුරුසලුව පලදවූ පසු සංවරව සිටින්නෙ කීයෙන් කීදෙනාද..පෝය දිනය නිකම්ම හද පායන දිනයක් කරනොගන්නා තරමටම ඔබට යහපතක් ම වන්නේය,එදින යහපත් සිතුවිලි  වඩන්නට ඉතාම යහපත් දවසක් වෙයි,ඔබ උතුරුසලුව පළදවිට ඔබ උපාසක රත්නයක් වන්නෙ සමාදන් වන සීලයත් සමගිනි.එතුලින් ඔබ තුල මනා පාලනයක් සිදුකරනු ලබයි.උතුරුසලුව පැලදී ඔබට ලැබෙන ආනිසංස
1.කයේ සංවරය ඇතිකිරීමට හෙතුවෙ.
2.ඔබ සිල්වතකු බව නිතර සිහිගන්වනු ලබයි                
3.ඔබ තුලින්උතුරුසලුව ගිලිහෙන විට නැවත සිහිනුවනින් පොරවන වාරයක් පාසා විදසුන් නුවන පහලවෙ
4.මෙම උප්පතිය තුල චීවරයක් දරාසීටීම පුහුණුවක් ඔබතුල ඇතිකරනු ලබයි

මෙවන් කරන නිසාවෙන් ඔබට පවත්නා සීලය ඔබටම යහපතක් සිදුකරනු ඇත,කුඩදරුවන් කටු ගසා උතුරුසලුව පලද සිටිමුත් වැඩිහිටියන් එසෙ නොකළ යුතුමය.මන්ද ඔවුන් කුඩාකල පසුකර පැමිණ සිටින්නවුන් බව සිහියට ගතයුතුය,පසුගිය පොහොය දින එසෙය් ගත කරන්නන්ට නොහැකිවුනිනම් ලබන පෝය ඔබට එසෙය් සිටින්නට වාසනාව ලැබේවා.. තෙරුවන් සරණයි...!      

මාසය තුල සිත්ගත් ලිපි