Showing posts with label කේලම් බසින්. Show all posts
Showing posts with label කේලම් බසින්. Show all posts

14 May 2012

පුනී-මුඛ ප්‍රේත වස්තුව

                   දිගු නිහැඩියාවකින් පසුව නැවතත් පින්වත් ඔබ වෙනුවෙන්ම හඩ අවදි කරන්නට සිත්විය.ඔබ ලබාගත් මනුෂ දිවිය තුල නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන ලද මෙම පාපය මින් පසුව නවතාලන්නට සිත්ගන්නෙ නම් ලැබූ පින්වත් ජීවීතයද මරණින් මතු යහපත්වන්නට රුකුලක්වනු ඇත,එම නිසා පින්වත් ඔබ වෙනුවෙන් අද දින කේලම් කීමෙය් ආදීනව ගෙනහැර දක්වන්නට මෙවැන්නක් ඉදිරිපත් කරමි,
             පෙර කස්හප බුදුසසුනෙ දී මෙම කතා නායකයා කය සංවර කරගත් හික්ෂුවක් විය,කලක් ගතවෙත්ම මෙම හිමියන් ආවාසය ගැන හිත තුල ලෝබය හටගත්තේය, එහි ප්‍රති පලයක් ලෙස ආවාසය තුල වැඩ විසු හික්ෂුන් දෙනමක් කේලම් බසින් බේදකර යවන ලදී, කල කර්මය පලදීම මෙසෙ විය, නොබෝ දිනකින් ගිලන් ව් මියදුනේය,පසුව නිරයේ බුද්දාන්තරයක් පැසී පසුව ප්‍රේතව ඉපදුනි,ඔහු නමින් පුනී-මුඛ ප්‍රේතයා විය මොහුගෙ ශරීරය දෙවියකු මෙන්ය, එය පෙර ආත්මය තුල කය සංවර ගනීමෙ විපාකය විය, එය එසෙය් වුවත් ඔහුගෙය් මුඛය තුලින් දුගද හමන්නට විය තවද මුඛය පුරා සිටින පනුවන් මුඛය සිදුරු කොට කමින් සිටියි,මෙය කේලම් කීමෙය් ප්‍රතිවිපාකයන්වෙ මෙය බැව් අටුවාවෙ සදහන්ව ඇත, බුදුන් දැක තිසරණයේ පිහිටි මෙම හික්ෂුවට මෙවැන්නක් සිදුවුවානම්, දහසකුත් කාර්යන් මැද වැඩකරන අප කෙසෙ විසිය යුතුවන්නේ ද අප තුල කිනම් සංවරයක් පැවතිය යුතුවන්නෙ ද..සිතන්න මොහොතක්  මෙය සිහියට ගෙන පවින් මිදෙන්නට සිත් ඇතිවේවා..!

මාසය තුල සිත්ගත් ලිපි