Showing posts with label විහිලුවට කළවරද. Show all posts
Showing posts with label විහිලුවට කළවරද. Show all posts

25 October 2011

විහිලුවට කළවරද

ශිෂ්ට කෙලිකවටකම් වලට වයස් බේදයක් නැති තරම්ය.හුදු විනෝදයක් විදින අතර පසුකාලීනව කල කීදෑ මත පල විපාක නොඅඩුව ලැබෙනු ඇත.මෙහි ආදීනව සුළුවෙන් ගෙනහැර දක්වන්නට සිතක් පහල විය.එම නිසාවෙන් ඔබලාට විහිලුවට කරන දෙයක නැවත පලදුන් ආකාරය මෙසෙ ය.
පෙරදින එක් වෙළෙන්දෙක් තම කඩපිල සමීපයේ ඇති පාර අසල මඩ වගුරක් විය.මිනිසුන් අපහසුවෙන් ගමන් ගන්න බැවින් ඔහු පාරෙ යන අයවලුන්ට පහසුවෙන් යන්නට ලැබේවා..යයි සිතා මැරී කල්ගිය ගොනුන්ගෙ හිස්කබල් ගෙන්වා,හිස්කබල් යොදා එම මඩවගුර ගොඩකර පාර සකස් කරන ලදී.
තව දිනක දියහි බැස දියනාන විට මොහු මිතුරගෙ වස්තරය විහිලුවට සගවුයේය.එසේම එය පසුව දෙන ලදී.. මා  මෙසෙ දක්වා ඇත්තෙ පුද්ගලයෙක් කල කිසියම් වූ කාර්යයන් දෙකකි.එම දැවල විපාක මෙසෙ විය.
එම පුද්ගලයා මියගොසින් බුමාටු දෙවිකෙනෙකු විය.පොදු පාර සැකසූ පිනෙන් වේගයෙන් යාමට හැකි යාන වාහන ලැබිණි.ගුණවත් පුද්ගලයන් ගුණ වර්ණනා කල කුසලය ශරීරයෙන් සුවද හමන්නට විය නමුත් කෙලිපිනිස වස්තරය සගවා අනුන් වෙහෙස කල නිසාවෙන් ඔහු දෙවිකෙනෙකු වුවත් නග්නව උපතක් සිදුවිය, මෙහි අදාල කරුණු ගෙනහැර දැක්වුයේ අම්ඹ සක්බර ප්‍රේත වස්තුව ඇසුරු කොටගෙනය  

මාසය තුල සිත්ගත් ලිපි