16 November 2011

තෙරුවන් සරණ ගිය උපාසක

                     තෙරුවන් සරණගිය බුද්දාගමිකයට නිත්‍ය ශිලය පන්සිල් බව දනෝ හොදින් දනිති,මෙය අංග පහකින් සමන්විත වන අතර එම අංග පහ සම්පුර්ණවන්නට තවත් කරුණු සම්පුර්න වියයුතුය,පංච දුශ්චරිතයන්ගෙ යෙදෙන්නට අවස්ථානුකුලව කල කි දේවල් පලදෙනුලබයි.එම නිසාවෙන් ලෝකෝත්තර සැපකැමති   සත්පුරුෂයන් පංච දුශ්චරිතයන්දුරුකොට සිල්වත් ජීවතයක් ගතකල යුතුය,අසන්වරකමින් තොරවුවන් අද සමාජය තුල ඔබ දක්නට ඇති බැවින් එම මිනිසුන් පිළිකුලට පත්වනවා ඇත, පංචසීලය තුල ඔබ හැසිරෙන්නෙ නම් ඔබ මෙලොවට අගනා පුද්ගලයක් වන්නේය               

පරපණ නැසීම සිදුවන අයුරු

පණ ඇති සතකු වීම 
පණ ඇති සතකු බව දැනීම
මරණ චේතනාව
මරණ උපක්‍රමය
එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම

සොරකම සිදුවන අයුරු
අන්සතු වස්තුවක්වීම
අන්සතු වස්තුවක් බව දැනීම
එය තමාසතු කරගනීමෙ චේතනාව
සොරකම් කිරීමෙ උපක්‍රමය
තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම   

කාමයන් හි වරදවා හැසිරීම සිදුවන අයුරු
සේවනය නොකලයුත්තකු වීම
 වරදවා හැසිරීමෙ චේතනාව
 වරදවා හැසිරීමෙ උත්සාහය
ආස්වාසය ඉවසීම හෙවත් සේවනය 

බොරු කීම සිදුවන අයුරු
කරුණු අසත්‍යයක් වීම
එතුලින් අනුන් රැවටිම   චේතනාව   
අසත්‍යයකීමට ගන්නා උත්සාහය
එතුලින් අනුන් මුලාවීම

සුරාපානය සිදුවන අයුරු
මතට හේතුවන ද්‍රවයක්වීම
එතුලින් මත්වීමෙ චේතනාව   
මත්වීමට ගන්නා උත්සාහය
මත්ද්‍රවය ශරීරගත වීම

ඉහත කරුණු එක්වීම තුලින් එ ඒ අකුසලය සිදුවීමට හැකියාව ඇතිබැවින් ඉන් වැළකීසිටින්නට අදිෂ්ටාන කරගනිත්වා,මා ඉහත දක්වා ඇති දුශ්චරිතයන්ගෙන් මිදුන තැනැත්තා තෙරුවන් සරණ ගිය උපාසක නැතිනම් ඔහු හෝ ඇය සිල්වතකුවෙ මෙසෙ කල්ගෙවන සිල්වතකුට මෙවැනි දෑ අත්විදින්නට සිදුවෙ.
1.නොපමා බව නිසාවෙන් බොහොබෝග ලබයි
2.සිල්වත් බැවින් මහත් කීර්තියක් අත්වෙ
3.සිල්වත් පුද්ගලයා යම් තැනක යන්නේද පිරිස අතර මහත්දෙ දන්නෙක් වෙයි
4.සිල්වත් පුද්ගලයා මුලාවීමකින් තොරව කලුරිය කරනු ලබයි
5.එසේම මරණින් මතු සුගතිගාමී වෙයි
මෙලෙස දීගනිකායෙ මහාපරිනිබ්බාන සුත්‍රයේ සදහන්වන අතර පන්සිල් රකින සිල්වතුන්ට ලැබෙන ආනිසංස පිළිබද පරමත්ථජෝතිකා නම් වූ බුද්දකපාට අට්ටකතාවෙහි සදහන්වෙ.                           


 

14 November 2011

බුදුගුණ ගැන ඉගෙන ගනිමු

“ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුෙදධා
විජ්ජා චරණ සමපෙනනා සුගෙතො ලොකවිදු
අනුතතෙරො පුරිසධමම සාරථි සත්‍ථා ෙදවමනුසසානං
බුෙදධා භගවාතී’”

ඉතිපි
මේ කාරණෙයන් ද ෙසො භගවා ඒ භාග්‍යවත් වු බුදුරජාණන් වහන්ෙසේ අරහං රාග ද්ෙව්ෂයද මෝහයද යන ෙකෙලසුන් ෙකෙරන් දුරු වු ෙහයින් ද,පාප නැමති සතුන් නැසු ෙහයින් ද,අවිද්‍යා නම් නුණුවන නැමැති නාභි ඇති ජරා මරණ නැමැති නිම්වළලු ඇති සංසාර නැමැති රථ චකෙයහි සංඛාර කුසල් අකුසල් ද,විඤඤාන චින්තනයද,කමරූප සිතත් ඇහද සලායතන චක් ඛුෙසෝතය ද ඝානජිවිහා කායචිතතය යන ආසනුනයද එස්සවවැද ගැනමද ෙව්දනා දුක්ශප විඳීමද තනහා ආසාව ද උපාදාන රන්රිදී ආදි පන්දෙමහි ඇල්මද භෙවෝ නරකයද තිරශ්චීනයද ෙපේතවිවයද අසුරකායද මනුෂ්‍ය ෙලෝකයද,සදිව්‍යෙලෝකයද යන ෙම් පෙලොස් තැන්ද “රතල”ෙසොලසද අරුනල සතරද යන ෙම් විසිතැන්ද ඇතුළු වු එක්තිස් තලෙයහි උපදිනා සිතුවිලිද ජාති ඉපදීමය යන දසයක් නැසු ෙහයින් ද රහසක් පවු ෙනොකරන ෙහයින් ද සියල්ලවුන් කරන පුජාවට නිසි ෙහයින් ද අර්හත් නම් වන ෙසේක.
“අරහං අරෙහොති නාෙමන අරහං පාපනන කාරෙය
අරහනන පලං පෙනනා අරහං නාම නාම ෙත නෙමො”

සම්මා සමබුෙදධ
සමමා -මනාෙකොට යං තමුන් වහන්ෙසේ විසින් ම බුෙදධ-දැනගත් ෙහයින්ද ජාති ඉපදීම දුකවැදී දුකනැසු ෙදයට ෙසෝකදුන අපියන් එක්වීම දුක,සත්පුරුෂයන් එක් වී ෙවන් වීම දුක,කැමැති ෙදයක් නොලැබීම දුක,නාමරූපය ඇතිවීම ,බවදුක මේ සියළු දුක් ඛ සත්‍යය දැනගත් ෙහයින් ද මේ සියළු දුක් උපදින්නට කාරණාව සිටිය ආසාව ඇසු ෙහයින් ද ෙම් දුකුත් දුකට මුලාකාර වු දනාසාවන් ෙදක නසා නිවන් දුටු ෙහයින්ද ෙම් සියළු නිවන් දකින්නට සුදුසු භාවනා කළ ෙහයින් ද සම්මා සම්බුදධනම් වන සේක.
“සමමා සමබුදධ ඤෙනන - සමමා සමබුදධ ෙදසන ා
සමමා සම්බුදධ ෙලොකසමිං - සමමා සම්බුදධ ෙන නෙමො”

විජ්ජාචරණ සම්පෙනනා
විද්‍ය ාචරණ සම්පන්න නම් විද්‍යා අටකින් යුක්ත බවය ෙහද නැසී නැසී තිෙබන්නා වු අනිත්‍ය නැෙසන ෙහයින් නැසි කමමය මාෙග්ය යන ෙදයක් නැතිෙහයින් ද අනාත්මය දැනගන්නා වු විදශ් 􀉠න විද්‍යාවද සිත ඇතුෙලන් රූපයක් මචිත ෙකොට පානා මෙනෝවිද ඉර්ධිවිද්‍යාවද,අන්තර්ධාන වනවාද ෙලොව එක ෙහලිකරනවාද අකාශෙයහි ඇවිදිනවාද දිෙයහිෙස ෙපොලෙව් කිමි දිනවාද,දිෙයහිෙස පොලොෙව්ෙශ ඇවිදිනවාද සිතු ෙදයට දුරලා ෙවනවාද ලංෙදය දුරුකරනවාද,ඉරසඳ අතින් අල්වනවාද,ෙනොෙයක් වර්ණෙයන් බුදුරැස් පිටෙවනවාද යන ෙම් ආදී වු ඉර්ධි විද්‍යාවද සකලෙලෝකවාසීන් කියන බස් එකතැන හිඳ ඇසීමද,පරසිත් දන්නා නුවණය,ෙපරවිසු කඳපිළිෙවල දන්නා නුවනය,ෙලොව ඉපිද මිය යන සත්‍වයන් දන්නා දිවස් නුවන,ෙසෝවාන්,සැදැගැමි,අනාගැමි,රහත් යන සතර මගින් ෙකෙලසුන් නසා නසම්පන්න නම් ෙකෝටියක් සංවරශීලය,පංෙච්න්‍දියන්ෙග් රූප,ශබ්ද,ගන්‍ධ,රස ,ස්ඵශ් 􀉠ය යන ෙමහි ආසා හැරීමය.
පමන දැන වැළදීමය නිදිමරා නුනුවන දුරු කිරීමද,සිත පසන්නව තිබීමද,පාපයට ලැජ්ජා ඇතිවීමද පාපයට භය ඇති වීමද ,ෙලොව ඇති සියළු ශාස්ත දැනීමද,වීර්ය ඇතිවීමද ,සිහි ඇති වීමද,විභාග නුවන ඇතිවීම,විතර්ක විචාර්ය,පියශප ඒකාගතයයන පලමුවැනි ධ්‍යානයද ,විචාර පීතීශප ඒකාගතාය යන ෙදවැනි ධ්‍යානයද පීතිශප එකාගතාය යන තුන්වැනි ධ්‍යානයද ශප ඒකාගතා යන සතර වැනි ධ්‍යානයද,යන පෙලොස්චරණ ධර්මයන්ද ඇති ෙහයින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන් ෙසේක.
“විජජා චරණ සම්පෙනනා තසස විජජාපකාසිනා අනිතානාගත
පපනනා විජජාචරණ ෙන නෙමො....”

සුගෙතො 
යහපත් වු ගමන් ඇති ෙහයින් ද,හයපත් තැනට වැඩිෙහයින් ද,දීපංකරපාදමූලෙය්හි පටන් ෙබෝමැඩ දක්වා සමතිස් ෙපරුම් පුරා අනුන්ට වැඩෙකොට වැඩි ෙහයින් ද සත්‍ය වු වැඩ ඇත්තා වු පිය වු වචනයත් කල්දැක වදාරණ ෙහයින් ද සුගත නම් වන ෙසේක.
“සුගෙතො සුගත තා නාථං සුගෙතො සුඤරමපිච
නිබබානං සුගතිං යනති සුගෙතො නාම ෙන නෙමො”

ලෝකවිදුනි
ෙද්ශනාවක් පරමාත්‍ථයන් දන්නා ෙහයින් ද සංස්කාර ෙලෝකය සත්‍වයන් අතුෙරන් රාගචරිතය ද්ෙව්ෂචරිතය ෙමෝහ සධ් 􀉠චරිතය බුදධිචරිතය විතර්ක චරිතයයි චරිත දන්නා ෙහයින් සත්‍වෙලෝකයද දිගින්,පළලින් ෙදොෙලොස් ලක්‍ෂ තුනදහස් සාරසිය පනස් ෙයොදුන් වටින් සතලිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් ෙයොදුන් සක්වල ගලද ෙදලක්‍ෂ සතලිස් දහස් ෙයොදුන් ඝන ඇති පස්ෙපොෙලොවද,සාරලක්‍ෂ අසුදහස් ෙයොදුන් ඝන ඇති දිය ෙපොෙලොවද ,නවලක්‍ෂ අටදහසක් ඝන ඇති මා පොලොව ද,එක්ලක්‍ෂශට අට දහසක් ෙයොදුන් උස ඇති මහෙමරද යුගන්‍ධරය,හිමාල පර්වතය උසින් සත්සියයක් ෙයොදුන් දිගින් පළලින් තුන්දහසක් ෙයොදුන් කඳවව ඇති පනස් පනස් ෙයොදුන් දිගශාඛා ඇති සියක් ෙයොදුන් පළල සහ උස ඇති මහදඹගසද.. මේ මහත හා උස ඇති අසුරයන්ෙග් ගසින් පෙළොල් ගසද , ගුරුළුන්ෙග් ඉඹුල් ගසද ,අපරෙගෝධානෙයහි කොලොන් ගසද,උතුරුකුරු දිවයින කප්රුකද ,පූර්ව විෙද්හය මහරී ගසද ෙදයාසු දහසක් උත්සව සිටියා වු ෙදයාසුදහසක් සමුදෙයහි ගැලීය සිටියා වු සක්වල ගලද සඳමඩල එකුන් පනස් ෙයොදුෙනක හිරුමඩල පනස් ෙයොදුෙනක තව්තිසා භවනය දසදහසක් යොදුන එසේම අසුරභවනය අච්චි නිරය දඹදිවය යන ෙමකී තැන් දසදහසක් ද දසදහසක් ෙයොදුන් අපජෙගෝධානය හා පුර්විෙදහ සත්දහසක් යොදුන් උතුරුකුරු දිවයින අටදහසක් යොදුන් එකී එකී දිවයින් පන්සීයයක් කොෙදව් පිරිවර කොට ඇත්තා වු පිරිවර කොට ඇත්ෙත් ය.එක්සක්වෙලක විසි එක්ලෝකධාතුය.එක්සක්වල තුනක් වු තැන ලොකන්තරීක නරක නම් ෙවයි.ෙමෙසේ අනන්ත අපරිමාන ලෝකධාතු තැන් අනන්තවු බුදධඤ්ඤාන දැන පු ෙහයින් ලොකවිදු නම් වන සේක.
“ලොකවිදු නාෙමන අතීතනා ගෙත විදු සංසාර සතතෙමොකාෙය
ලොකවිදු නාම ෙන නෙමො...”


අනුතතෙරො....
දිව්‍ය ලෝකෙයහි, බහ්ම ලෝකෙයහි ,මනුෂ්‍ය ලොකෙයහි ,ශීල ,සමාධි,පඤඤා දී ගුණෙයන් තමා හට සරි කෙනකුන් නැති ෙහයින් අනුත්තර නම් වන සේක.
“අනුතතෙරොඤාන සීෙලන යොලොකසය
අනුතතෙරො පුජාලොකසමිං නං නමසසාමි අනුතතෙරො..”
පුරිසධමම සාරථි  
නාලාගිරි ඇතාය.අපලාල නම් නාග රාජයාය චෝලෝදර මෙහෝදර නම් නාගරාජෙයෝදෙදනාය නා දී තිරස්චීන පුරුෂයන්ද,සංන්ඩකය,අමබටඨ මානවකය,ෙපොකබරසාතීය,ෙසෝණදන්ඩය යන දිව්‍ය පුත මනුෂ්‍ය පුර්ෂයන් හා ආෙලෝකය,සුචිෙරෝමය,ඛරෙරෝමය,යනා දී වු යක්‍ෂ පුරුෂයන් හා ශකාධි ෙදවියන් ද දමෙන්ලා වැෙඩහි ෙයදුෙහයින් පුරුෂධමම සාරථි නම් වන ෙසේක.
සාරථි
“සාරථිෙදවා ෙසො ෙලෝකසස සාරථි සාරථි පුජ ෙලොකසමිං නං
නමසයාමි සාරථි “

සත්‍ථා ෙදවමනුසසානං
මෙලොවින් පර ෙලොවින් වන්නා වු අත්‍ථිෙයන් සුදුසු ෙලසට ෙදවියන්ට මනුෂ්‍යයයන්ට අවවාද කල ෙහයින් ද,ගැල්සාත්තුවක් නිරුපදව බූමියට පමුණු වන්නා වු සාත්තු වාහකෙයකුෙස ජාති,ජරා,මරණ නැමැති මහා කතරි◌න ්සත්‍වයන් එෙතර ෙකොට නිවන් නැමැති පුරයට පමුණුවන ෙහයින් සත්‍ථා නම් වන ෙසේක.
“ෙදවයක්ඛා මනුසසානං ෙලෝක අගග පලං දදං
උදිනතං දමයනතානං තං පුරිසාංඤඤ ෙත නෙමො”

බුද්ධො
ගිය කලක් දැන් පවත්නා කලත් ඉදිරි එන කලත් තුන්කාලෙයහි ඇතතා වු දැනගත යුතු යම් ෙදයක් දැනපු ෙහයින් බුද්ධො නම් වන ෙසේක.ශුභශවා ගුණෙයන් සියළු සත්‍වයන්ට උතුම් ව ෙලෝකයා හට ගුරු වු ෙහයින් ද අනනතාපරිමාන සක්වල සියළු සත්‍වයා සියක් සියක් වාරයක් හි කලපින තමන් වහන්ෙසේ කළ ෙහයින් ද ෙලෝභ ද්ෙව්ෂ ෙමෝහ විපරිත මනසිකාර අභීරික අෙනොතපප ෙකොද උපාසථමහක ඉචඡාමචඡය්‍යි මායාසාෙඨය්‍ය ථමහ සාරමහ මාන අතිමාන මදපමානද නව තනහා අකුසල මූල දුචචරිත චතුර්විපරියාස චතුරාශව සතරනහුපපාද පංචෙචෙනො ඛීල ඡවිවාද මුලසතානුසස අඨමිචඡනන නවකනහාමුල දස අකුසල අටඨසත තණහාවි චරිතං...
                          
ලෝභය නම් වදුරාලැෙවහි පස්ගැම්මකින් බැදුනාක් ෙමන් රූපාදිෙයහි පංෙච්න්‍දියන්ෙග් ඇලීම ද දොසනම් දංෙඩන් ගැසුනු යකු කිෙපන්නාක් මේන් කෝපවීමද මෝහය නම් ෙනොදන්නා වනාන්තරයකට වන් පරෙද්ශ පුරුෂෙයකු ෙමන් චතුසසත්‍ය නොදන්නා මෝහයද ඒ චතුස්සත්‍යය නම් නාමරූපය ඇති වන්නා වු ආසාවන් ඒ ආසාව නසන්නා වු නිවනුත් නිවන් දකින්නට කරන්නා වු භාවනාද යන මේ චතුස්සත්‍යය ෙනොදන්නාවු මෝහය ද විපරීත මනසිකාර නම් සැබවින්ම ඇති ෙදතිස්කුනප කොට්ඨාශය නොසිතනා ස්තී පුරුෂයයි වරදවා සිතා ගැන්මද ,අභීරික නම් ඌරා අපවිවාද මායා නම් කලවරද ශභවීමද සාෙඨය්‍ය නම් නැතිගුණ ඇති ෙදය ෙමන් ඇඟවීමද ථම්භ නම් නගුලිය ගිළු පිඹුෙරකු ෙමන් උතුම්තැන්වලට ෙන්න මේ නගුන දසාරම්භ මටත් සරිකෙනක් ඇද්දැයි සිතීමද අතිමාන නම් මම සියල්ලන්ට වැඩිතරමැයි සිතීමද මදනම් ඓසටය්‍ය විද්‍යා ආදිෙයන් මත් වී මද පමාද නම් කලම නැ කීනායට හැනැත්තාෙග් පාපයට ලජ්ජා නැති වීමද අෙනොතප්ප නම් පානට ෙපොලගැටියා ෙනොබා වැෙටන්නාසේ පාපයට බය නැති වීමද කොධය නම් මදක්කෝපවනවාද උපනාහානම්
ෛවරබදිනවාද මක්ඛ නම් කෙලහි ගුණ නොදන්නවාද ඵලාසය නම් මහතුන්ට සරියැයි සිතනවාද ඉසසා නම් අනුන්ෙග් ඇති ගුණ නුගුණ ඓස්චර්යය ෙවනෙකෙනකුන්ට ෙනොෙවවයි සිතන උපදින්ට ආසාවද මම උතුම්ය මන මානය තදවු ෙනෝද මමද යන ෙම් සිෙත්යි වැදෙගන තිෙබන අ◌ුනසය සතද                                                
                                            අංඨමිච්චන්න නම් මිත්‍යා දිෂඨියද තදශ්කයද ගිහිෙගයි ඇල්ම ද අනුන්ට වින ාශය සිතීමද අනුන්ට නිගහ ෙකෙරමි සිතීම ද,ෙබොරුකීමද,රළුබස්කීමද,වැඩනැතිබස් කීමද යන ෙම් මිත්‍යාවාසයන් මිචඡාකමමනන නම් කයින් සිද්ධවන පව්තුනක් කිරීමද යන මේ මිත්‍යා කර්මාන්තයද අධර්මෙයන් ජීවත් වීමච යන මිත්‍යා ජීවයද නූපන් පාපායන් ඇතිකරවන්ටවත්,උපන්පාපයන් වර්ධනය කරන්ටන් නූපන් කුසල් නුපදවන්ටත් උපන් කුසල් නැති කරවන්ටත් උත්සහා කිරීමද යන මිත්‍යාවාදයමද වැඩනැති ෙදයයි සිත තබා ඉපදීමද පර සමයම ඇත්තන්ෙග් භාවනා කිරීමද යන ෙම් අටඨමිචජන්නෙයන් ද තුෂ්නාමූල නාමය නම් ආසාෙවන් වස්තු ෙසවීමද එවස්තු ෙසොයා ලැබ ගැන්මද එලඹගත් ලාභය නිසා විනිශ්චයට පැමිණිමද ඒ විනිශ්චය නිසා ආලය ඇති වීමද ඒ ආය මුල් ෙකොටෙගන ෙමමාෙග් යැයි සිතා කරවවු සිතාගැන්මද එ ෙසේ සිතා තමාකොට ගැන්මද තමා සන්තක ෙව්ෙදෝහෝයි කියා ශැකයි සිතීමද සංඝයා වහන්ෙසේ ෙකෙරහි ෙකෝපවීමද යන ෙම් පංචෙච්ෙනෝඛීලය විවාදයට මුල්ය යන කෝධයද කෙලහිගුණ නොදැන්මද යාපතෙකොට අයාපත වීමකි.මදනැති ගුණ ඇති කොට ඇඟවීමද බොහෝ කැමැතිවීමද සිතා ගත්තාම එෙකකාට සිතා අතනෑරිමද යන මේ විවාදයට මුල්සයද සත්තානුසය නම් ස්තීආසාවද තදෙකෝපයද මිත්‍යාදිෂ්ඨිය ද තද ශැකයද ෙදවැනි මේ සතර අවිෙයහි පටන් භවාශය දක්වා අනන්ත අපරිමාණ සක්වල පවතින ෙහයින් ආශවනම් ෙව්.සතරතනහුපපාද නම් සිවුරුපිළියට ආසාවද පිණ්ඩපාතයට ආශාවද විහාර ආශාවද දිව්‍ය ලෝක ,බහ්ම ලෝක ආදි වු සියළු තැන උපදනා ආසාවදයන සතරතනහුප්පායද පංචෙච්තොඛීල යන මේ පළමු බුදුවරයා ඇද්ද නැද්දයි ශක කිරීමද ,ධර්මය කෙරහි සැක කිරීමද,ෙසෝවාන්,ෙසදගැමි,අනාගැමි,රහතුන් වහ්නෙසේ ,ඇද්ද නැද්දැයි සැක කිරීමද,ශීලභාවනා ය,පඤ්ඤාය යන මේ තුනිනි නිවන් සිද්ධෙව්දෝහෝයි නොවනැත,පරෙලෝනැත,කම්පල නැත,කම්නැත,ෙදවියෝ නැත,බුදුහු නැත යනාදීන් සිතන්නා වු මිත්‍යාදිෂ්ඨිය ද යන කායදුෂ්චරිත,වාග්දුෂ්චරිත,මෙනෝදුෂ්චරිත,තුනද චතුර්ධි පරියාය නම් අනිත්‍යයට නිත්‍යය ෙනොනැෙසයි සිතා ගැන්මද ,සියළු දුකට සැපයැයි සිතා ගැන්මද,මමය යන ෙදයක් නැති නාම රූපයට මම යැයි සිතාගැන්මද ,අපවිත ශරීරයට පවිත යැයි සිතා ගැන්මද ,චතුරාශවය නම් කාමශවය ,බවාශවය,දිෂ්ඨාශවය,අවිද්‍යා ශවය යන නැතිවීමද තණ්හා නම් ලුණු පැන් බීපු එෙකකුට පිපාස බෝවන්නාක් ෙමන් ආශාව මහත් වීමද,ලෝභය,ද්ෙව්ෂය,මෝහය යන අකුසල් මූල තුනද දුෂ්චරිතනම් කයින් සිදුවන පාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන පව් තුනද වචනෙයන් සිද්ද ෙවන පිසුනාවාචා,මුසාවාචා,සම්පප්පලාප යන පව් සතරද සිතින් සිද්දවන අනුන්ෙග් වස්තු උන්ට කුමටද මට ෙව් යැයි සිතන අහිද්දෑවද ,අනුන් නසන්නට හිතන ව්‍යාපාරයද ,මෙලොව ආශාවය සිතින් සිතු ෙදයට ආශාව යන ,ෙම් ආසාසයක් හා එම කිස්මකාතිෂ්ණාෙවන් ,සිතු කල පරෙලොව ඉපදීමක් නැතැයි උෙචඡ්ද වශෙයන් සිතා ගත් සයක් හා ඇතුළුව,දස අටක් හා තමාෙග් රූපාදියට සෙයක එදු රූපයට ඇසුභෙදය විද පුර සයවැද පහසය සිතාපු ෙදයද යන මේ ශාස්වතය නොනැසේ.මිත්‍යාදුෂ්ඨිෙයන් සිතාගත් සයක් හා එෙසේම රූපාදිය දුටු කල ඇසු කල විදිකලයි තුන්කල නැසුණු කල පරෙලොව ඉපදීමක් නැත. කා කොටාගත් කල ෙම් ලාභය ෙවන කෙනකුට නොෙව්වයි සිතීමද,එය සිතා රැකවල් කිරීමද,එරැකවල් මුල්ව දඩුමුගුරු ගැන්මද යන මේ නව තණ්හා මූල නම් ෙව්.
 දසඅකුසලයනම් පාණඝාතය,අදත්තාදානය,කාමමිත්‍යාචාරය,මුසාවාදය,පිසුනාවාචය,පරුෂාවාචය,සම්පප්පලාපය,අභිද්ධ්‍යාව,ෙකෝධය ,මිත්‍යා දුෂ්ටිය යන දසයද

108 තිෂ්ණාවන් නම්
යහපත් වු රූපයට ආසාවද ,යහපත් වු ශබ්ධයට ආසාවද,සුවඳට ආසාවද,රසයට ආසාවද,ස්පර්ෂයට ආසාවද යනාදී දැනගත් ෙහයින් ද,කුසල් අකුසල් නැමැති මාරයාට සහාය වු ආශාව දුරු ෙකොට තමාම නුපදවීෙමන්ද,ෙද්වපුත මාරයාෙග් ශක්තිය හා ෙසේනාව පැරදවීෙමන් ද මූර්ති මාරායාෙග් ආඥාවට එපිට ගිය ෙහයින් ද,ෙම් පංච මාරයන් බිඳ ජයගත් ෙහයින් ද,දිවාතිංසත්වර මහ පුරුෂ ලක්‍ෂණෙයන් අනුනව ජනබ්‍යාමපභාෙයන් ෙක්තුමාලාලංකාරෙයන් ෙශෝබාව බබලන්නා වු රූප ෙශෝබා සම්පත්තියක් ඇති ෙහයින් ද භගවා නම් වන ෙසේක. “භගවා යුෙතනා භග්ගං කිෙලස වහාෙනො භග්ගං සංසාර මුත්තාෙරො භගවා නාම ෙත නෙමො”

11 November 2011

තිකණිකාර පුච්චිය රහතන් වහන්සේ

               පින්වත් ඔබලා අනේක වාරයක් මල් පුජා කරලා ඇති ඔබ දන්නවද ඒ කරපු මල්ජුජවක බලය එය ශාද්‍රව මත අඩුවැඩි වියහැක,කෙසෙ වෙතත් බුද්දලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ කරන්නාවූ මල් පුජාව මෙවැනි වූ අනිසන්සයන් පෙරකළ සිටි අයවලුන්ට විපාක දුනි,එසේ නම් ඔබට මටද ඒම දෙයම සිදුවිය හැක,මෙය අනිසන්සය ඔබට යහපතටම සිදුවන්නකි එමනිසාවෙන් අනිසන්සය බලා කටයුතු නොකරන මෙන් ඉල්ලාසිටිමි,

        තිකණිකාර පුච්චිය හිමි සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරිය මල් තුනක් බුදුන්කෙරෙ පැහැදී සිතින් නුවන යොදා පුජාකළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය,පන්සීය වතාවක් සක්දෙව් තනතුරද ලබන්නාවූ සෑම ජීවිතයකම පහතසදහන් විපාක ලැබිණි
1. මහත් බෝගසම්පත් ඇත්තෙකු විය
2.උසස් කුල වලම උප්පත්තිය ලැබීය
3.සිතට සරිලන ඕනෑම යානවාහන ලැබීය
4.බොහෝ දැසිදස්සන් ලැබීය
5.බොහෝ වස්ත්‍රාබරණ ලැබිණි 
6.සැමවිටම සියලන්ගේම ගෞරවයනට පාත්‍රවිය
7. සැමකල් හි බොහොපිරිවර ජනයා ඇත්තෙක් විය
8.කිසිවෙකුට තම පිරිස බේද කල නොහැකිවිය
9.උසස් කීර්තියක් ඇත්තෙක් විය
10 හිතවතුන් අතර උතුම් පුද්ගලයෙක් විය
11.ශීත උෂ්ණ වලින් පීඩා නැත
12 කායික හා මානසික දහය නැත්තෙක් විය
අවසා ලෙසින් නිවන අවබෝදය සදහා එම පින් උපකාරවිය.
(අපදාන පාලි :501 අපදානය) 

රට ගිය ඇත්තන්

                 ට ගිය ඇත්තන් ගැන හිතුන ලිපියක් කරන්න හොද දෙයක් ලැබුන නිසා කාටත් ලබාදෙන්න හිතුන,මෙම ලිපිය මගින් මා හට වුවමනා වන්නෙ ලංකාව හැරද යන අයට මෙහි ඇති වැදගත්කම දක්වන්නට මිස වෙන කිසිදු අවශයතාවයක් නැත,මෙවන් දෙයක් තව කිසිවෙකුට නොම වේවයන්නයි මගෙය් පැතුම,කියව හැකිනම් ඔබෙය් අදහස් දක්වන්න      

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
                 
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා. මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.

                     මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්. වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට් තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ කාරය වැඩි. ඩාන්ස් ඩෑන්ස් ,… ක්ලාස් ක්ලෑස්.. පාස් පෑස් වගේ. ඒ අනුව මගේ නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා සෑම්කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා. ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාට කියන්නේ රෙස්ට් රූම් නැත්නම් වොෂ් රූම්කියලා. ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්. මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ හෝම්ලස් පීපල්කියල. බෙගර්ස් කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි. ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
 
               දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use your rest room ” කියල මගෙන් ඇහුවා.“rest room only for customers” කියලා මම මිනිහව එළවා ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි. බැල්ම තියුණුයි. පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක් උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.හලෝ.. are you singing ? මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින් සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,” are you sick?” “I am having cold and fever”මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා. ඉන් දෙකක් මම මිනිහට දුන්නා.” Panadol ? are you sri lankan ?” ” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
 
                        මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට ගියා.රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ. කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක. ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම අරයාආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු කෙස්.ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි කියල. ලංකාවෙ කොහේද ?”මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.

මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
                          
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම් මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ්  ගුරුවරියක්. අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා. අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ. මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතර නිතර ලෙඩ වුනා. විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල දෙන්නම මාස්ටර්ස්දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා. ඒව නිකම් නමට විවාහලාස් වේගාස් වල තියෙනව ” drive through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට. ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රත හදන කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
 
                    
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා. ඒ මිනිපිරී නිකෝල් බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්. සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි. සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට කිරි සුදු හාවාඉගැන්නුවා. දවසක් අපේ බෑණා මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what the hell that old man doing here කියල. Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.But this is my house– ඒ බෑණා. OK I will ask them to leave. You can hire a baby sitter for 600 dollars for a week.මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.පද්මිනිමම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්නපුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි. මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල තියෙන්නෙ පිටින්.තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.

                
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත් පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ රටට කරන අගෞරවයක්.පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක් තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත් ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල, පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11 වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර ඇති. සේරටම හොඳටම වෙරි.උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?”
ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක් නෑ. “I too have a life තාත්තෙ
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල. පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා. එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත. කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.“Your son din’t pay rent. You have to pay or leave the apartment” ” Can’t you wait? He will be back in two weeks” ” No he is not coming back. He moved to NewYork” මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස 3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහ. පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් දැක්කද තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
             සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම. මම හලෝකිව්වමආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ? දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.ඇයි පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත් එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.

ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ? ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි. හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස් වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ. මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක් එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල. මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. මටත් වඩා අබලන් මගෙ හැරමිටියකිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?” මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ. මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
                                            
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ. වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?” ඇයි නැත්තෙ ? දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා. එයා ඇස් උඩ තියා ගත්තා.ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?” “පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලටබේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන් ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?” ” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ” ” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්නඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස් වෙලා.
මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව
 
                                   මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි ආයෙ කවදා හමුවෙයිද ? දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින් මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ් බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව. ඒ සපරමාදු. මම 911 කෝල් කළා.ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන් බලා හිටියා.සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන් කොහාටද අරන් ගියා. සපරමාදු මැරිලා. 


 නිමි.



09 November 2011

බුදුරදුන් කුල කාන්තාවනට දුන් අවවාද

                          මෙය බහුතරයක් කාන්තාවන්ට වැරදියයි කීම නොව සිදුවන වැරද්දක් පෙන්වාදීමකි, දන්නා තරමින් කාන්තාවට ඇතිකිරීම,පවතවාගෙනයාම හා නැති කිරීම සිදුකල හැකිබව කවුරුත් දන්නා දෙයකි,මෙය යහපත් ලෙසින් කරගෙන යන්නෙ නම් ඉතා අගනේය නුතනයේ කාන්තාවන්ට නිසි තැන් සොයමින් කාන්ත නිදහස සොයන කාන්තා විමුක්තිය සොයන වකවානුවක මට සිතුන මෙවැනි ලිපියක් ඔබ අතරට පත්කරන්නට එසේම මෙයට ආරම්බයක් ලෙසින් කොසොල් රජු දුටු සිහින වලින් හත්වන සිහිනය මෙය හා උපුටා දක්වන්නමු
එය මෙසෙ ය
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.

                             බුද්ධ ධර්මයෙහි විශේෂයෙන් කුල දූන් හට දෙන ලද අවවාද රාශියෙකි. පුරුෂ පක්‍ෂයට වඩා විශේෂ අවවාද රාශියක් ස්ත්‍රී පක්‍ෂය සඳහා ප්‍රකාශ කළේ යම්කිසි රටෙක යහපත් සමාජයක් ඇති කිරීමට නම් මවුවරුන් සිල්වත් ගුණවත් විය යුතු බැවිනි‍.
                                                                                ස්වාමිපුරුෂයාගේ ප්‍රධානත්වය පවත්නේ ධන සම්පත් ආදී බාහිර කටයුතු සම්පාදනයෙහි ය. ගේ දොර පාලනයත් දූ දරුවන් නිසි ලෙස තැනීමත් අයිති භාර්ය්‍යාවට ය. යම් ගෙදරක භාර්ය්‍යාව සිල්වත්, ගුණවත්, නැණවත් නම් ඒ ගෙදර හැදෙන වැඩෙන දූ දරු පිරිස එ බඳු ම වීම නිරායාසයෙන් ම සිදු වෙයි.
                                        යහපත් භාර්ය්‍යාවනට අවනත නොවන ස්ව‍ාමිපුරුෂයෙක් නැතැ යි කිව යුතු ය. ඉතා නරක ගති පැවැතුම් ඇති පුරුෂයන් පවා යහපත් භාර්ය්‍යාවන් නිසා සුමඟට බැසැගත් අයුරු ප්‍රකාශ වන පුවත් අප රටේ ද දුබල නැත. එසේ ම සමහර ස්වාමිපුරුෂයන් ගේ නොමනා හැසිරීම්වලටත් දරුණුකම් හා අපරාධවලටත් භාර්ය්‍යාවන් ගේ දුර්වල කම් මුල් වන බව හොඳින් විමසා බලන විට මැනැවින් වැටැහෙයි.
භාර්ය්‍යාවනට දේශනා කළ ධර්‍ම කොට්ඨාශයන් සියල්ල සඳහන් කිරීමෙන් ලිපිය දික්වන නිසා මෙහි විවාහයට සූදානම් වන කුලකුමරියන් හට දෙන ලද අවවාද පමණක් සඳහන් කරනු ලැබේ.
උග්ග සිටාණන් ගේ නිවසෙහි තම දූවරුන් විවාහ කරදෙන මංගලයක් එළඹියේ ය. සිටාණෝ බුදුරජාණන් වහන්සේ වැඩම කරවා දන් පිළිගන්වා අවසානයෙහි මෙසේ සැළ කළ හ.
ඉමා මෙ භන්තෙ කුමාරියො පතිකුලානි ගමිස්සන්ති. ඔවදතු තාසං භන්තේ භගවා, අනුසාසතු තාසං භන්තෙ භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති
ස්වාමීනි මාගේ මේ කුමාරිකාවරු - දූවරු විවාහ වී පතිකුලයන් කරා යන්නා හ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔවුනට බොහෝ කල් හිත සුව පිණිස හේතු වන්නා වූ අවවාද දී වදාරන සේක් වා! අනුශාසනා කරන සේක් වා!
                     මේ ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ, උපන්දා පටන් අපමණ දුක් ගනිමින් හැම යහපතක් ම සැලැසූ දෙමවුපියන් අත්හැර, අලුත් ම ජීවිතයකට පත් වී මීට ප්‍රථම කිසි ම සම්බන්ධයක් නොතුබුණු අලුත් තැනකට යන මේ කුමාරිකාවනට එහි දී වාසනාවන්ත ජීවිත ගත කිරීමට උපක‍ාර වන පහත සඳහන් කරන අවවාද රාශිය ප්‍රකාශ කළ සේක.
තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො - පච්ඡානිපාතිනියො - කිංකාරපටිස්සාවිනියො - මනාපචාරිනියො - පියවාදිනියොති. එවං හි කුමරියො සික්ඛිතබ්බං

                        ඉර පායන තුරු නිඳාගන්නේ නැති ව ස්වාමිපුරුෂයාට ප්‍රථම හිමිදිරි පාන්දර නැඟිට ඒ ඒ කටයුතු සංවිධනය කිරීම, රෑ නිඳන විට ද හැමට ම ප්‍රථම නින්දට නො ගොස් පසු දා උදෑසනට වුවමනා දෑ සොය‍ා බලා නියම කොට, ඇතුළත තැන්පත් කටයුතු දෑ එ සේ කර තිබේ ද ආදී කොයි කටයුතුත් විමසා බලා හැමට පසු ව නින්දට යෑම,

                නියම වශයෙන් ස්වාමිපුරුෂයාට කරන උපස්ථානාදිය හැර දිනපතා ම ස්වාමියා වෙතට ගොස්, ස්වාමීනි, තමුන්නාන්සේ ගේ සුව පහසු සඳහා කළ යුතු යමක් ඇද්දැ යි ඇසීම, එසේ ම විශේෂ හැම කටයුත්තක් ම ස්වාමියා ගේ අනුමැතිය ලබාගෙන කිරීම මෙන් ම ස්වාමියා ගේ වචනයට කීකරු වීම, තමන් ගේ හැම කටයුතු ම ස්වාමියාටත් අන් අයටත් කරදර නොවන ලෙස ම කිරීම, හැම විට ම ස්වාමියාගේ සතුට හා ප්‍රේමය වැඩි වන ලෙස ම ක්‍රියා කිරීම,

මහා පුඤ්ඤා නාම මනාපකථා හොන්ති. - මහා පුණ්‍යවන්තයෝ නම් ප්‍රිය මනාප කථා ඇත්තෝ වෙති යි යන්න නිතර ම සිහියේ තබාගෙන, ඇසුවන් මන වඩන මුදු මොළොක් මට සිලිටි වචන ම කථා කිරීම යන මේ කරුණු මැනැවින් පවත්වන්නෙමු ය යි හික්මිය යුත්තේ ය. තව ද නුඹලා විසින් මෙසේ ද හික්මිය යුතු ය.
යෙ තෙ භත්තුගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණ - බ්‍රාහ්මණාති වා තෙ සක්කරිස්සාම ගරු කරිස්සාම මානෙස්සාම පූජෙස්සාම අබ්භාගතෙ ව ආසනොදකෙන පූ‍ෙජස්සාමාති එවං හි වො කුමරියො සික්ඛිතබ්බං
ස්වාමි කුලයට ගිය පසු එහි දී තම ස්වාමියා විසින් මේ මාගේ මෑණියෝ ය, පියාණෝ ය, මහණබමුණෝ ය යි ගරු බුහුමන් කරනු ලබන යම් කිසි කෙනෙක් වෙත් ද ඔවුනට ගරු බුහුමන් කරන්නෙමු. තමන් වෙතට පැමිණි කල සුදුසු ලෙස ඉදුම් හිටුම් දීමෙන් හා කෑම් බීම් ආදියෙන් සංග්‍රහ කරන්නෙමු යි නුඹලා විසින් හික්මිය යුත්තේ ය.
යෙ තෙ භන්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්‍ථ දක්ඛා භවිස්සාම අනලසා තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුන්ති එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං
කුමරියෙනි, ස්වාමියා ගේ එළු ලොම් ය, කපු පුළුන් ය යන මෙයින් ගෙදර තුළ දී කැරෙන යම් කර්මාන්තයක් වේද එහි දක්‍ෂ විය යුතු ය. අනලස ව යෙදිය යුතු ය. නුවණින් විමසා බලා තමන් ද කළ යුතු ය. අනුන් ලවා කැරවිය යුතු ය යි ද නුඹලා විසින් හික්මිය යුත්තේ ය. මෙකී කර්මාන්ත මෙ කල ගෙවල්වල නැතත් හැම ගෙදරක ම තිබෙන ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් ආදී කුදු මහත් කටයුතුවල දක්‍ෂ විය යුතු ය. අනලස ව යෙදිය යුතු ය යනුවෙන් මෙ කලට ගැළැපෙන්නට සිතට ගත යුතු ය.
යෙ සො භත්තු අබ්භන්තරො අන්තොජනො දාසාති වා පෙස්සාති වා කම්මකාරාති වා, තෙසං කතං ච කතතො ජානිස්සාම, අකතං ච අකතතො ජානිස්සාම, ගිලානකානං ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං භොජනීයං චස්ස පච්චයෙන විභජිස්සාමාති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං
කුමරියෙනි, ස්වාමියා ගේ අභ්‍යන්තර වූ දාසි දාසයෝ ය, පණිවුඩ පණත් ගෙන යන මෙහෙකරුවෝ ය, බරවැඩ කරන කම්කරුවෝ ය යන මොවුන් විසින් මේ මේ කටයුතු කරන ලදි, මේ මේ කටයුතු නොකරන ලදී ආදී වශයෙන් මෙහෙකරුවන් ගේ කටයුතු හොඳින් බලා ගනිමු යි ද, ඔවුන් ගේ කාය ශක්තිය අනුව කටයුතු නියම කිරීම ද, ඔවුනට කෑම බීම් ආදියෙන් නිසි ලෙස සංග්‍රහ කිරීම හා ඔවුන් ලෙඩ වූ විට බෙහෙත් සපයාදීම් ආදියෙන් හොඳින් උපස්ථාන කිරීම ද යන මේ කටයුතුවල යෙදෙන්නට ද නුඹලා විසින් හික්මිය යුත්තේ ය.
යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙස්සාම, තස්ස භවිස්සාම අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසී කායොති. එවං හි වො කුමාරියෝ සික්ඛිතබ්බං
                                              (අංගුත්තර - පඤ්චක නිපාතය)
කුමරියෙනි, ස්වාමි පුරුෂයා ධන - ධාන්‍ය හෝ රන් රිදී කහවණු ආදිය හෝ සපයා ගෙනෙන්නේ ද එය රැක බලා ගන්නෙමු, නානා දුසිරිත් සඳහා නොයොදන්නෙමු. සොරසිතින් ගෙන තමන් හට උවමනා දෑහි නොයොදන්නෙමු. විනාශ නොකරන්නෙමු යැ යි නුඹලා විසින් හික්මිය යුත්තේ ය.

දිනමිණ වෙසක් කලාපය 2501 / 1957

මාසය තුල සිත්ගත් ලිපි