18 January 2013

නයි කතා

                                 ද නයි ගැන නාගයන් ගැන කතාකරමු,මෙය බුදුන් දවස සිටි නාග ගෝත්‍රික පුද්ගලයන් හා නාග දිව්‍ය ලෝක  ආදිය මෙලිපිය පුරවන්නට සිතුවා,මෑත කාලයේ කස්ටියම නයා යවන විට බුදුන් දවස සිටි ඇත්ත නයි කෙසේද කියල අපේ මිනිසුන්ට දැනගන්න දෙන්න දයා අංහෙට්ටිගම මහතා කළ ලිපියක් මෙලෙස අප සමග එක්වන වගයි.      
                                            සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ප්‍රධාන වශයෙන් නයින් දෙකොටසකි. පේ‍්‍රතාදීන්ට මේ මනුෂ්‍ය ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. දිව්‍ය නාගයින්ට නාග ලෝකයක් වෙනම ඇත. එය දිව්‍ය ලෝකය හා සමාන සම්පත් ඇති ස්ථානයකි. නාගයන් පිළිබඳ මේ තත්ත්වය නිසා මනුෂ්‍යයන් අතර සාමාන්‍ය නයින්ට ද විශේෂ ගෞරවයක් ඇත. පොළඟුන්, තෙලිස්සන් කුණකටුවන් ආදී විෂ සහිත සර්පයෙක් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ උගේ අවසානය වෙයි. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනා වැළකී සිටිති. ඒ නාගයින්ට ඇති ගෞරවය හා බියපත්කම නිසා ය. නාගයන් වෛර බඳීති යි යන්න, ජන වහරෙහි එන මතයකි. ‘නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා’ යැයි ආප්තෝපදේශයක් ද ඇත. ඒ හිරිහැරයක් වූ විට ක්ෂණයෙන් කුපිත වී දෂ්ට කරන නිසා ය.සමහර මළගියවුන් නයින් වී පැමිණෙන බව ඇතැම්හු විශ්වාස කරති. කාලාන්තරයක් ගතවන විට නයින්ගේ පුරුක් ගැල වී පිහාටු විත් හිමාලය පර්වතයට පියාඹා යන බව ද ඔවුන් ‘කොබෝ නයි’ නමින් හැඳින්වෙන බව ද ජනවහරෙහි එයි. සමහර පූජනීය ස්ථාන දේවාල නිදන් ආදියට අරක්ගත් නයින් සිටින බව විශ්වාස කෙරේ.
                            පැරැණියෝ නයාට ගෞරව පිණිස ‘නයිහාමි’ යැයි කීහ. ඔවුහු නයෙක් ගෙදර අසලකට පැමිණියහොත් සූ, සූ යැයි නොකියා ‘නයිහාමි කිලි කිලි -වෙන තැනකට යන්න’ යැයි කියති. සමහර නාගයින්ට මාණික්‍යයක් ඇති බවත්, ගොදුරක් අසු වූ විට එය වමාරා පසෙක තබා ගොදුර ගන්නා බවත් එය දුටුවෙක් ගොම පිඩකින් මාණික්‍යය වැසුවහොත් නයා මරණයට පත්වන බවත් මිනිසුන් අතර කතාවක් පවතී.
                                          නාග යනු ඇතාට ද නමෙකි. බුදුරජාණන් වහන්සේට ද නාග නාමය ව්‍යවහාර කෙරෙති. නාලාගිරි දමනය අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදෙනකුගේ සංග්‍රාමයක් ලෙසය. නාග නාමයෙන් රහතන් වහන්සේ ද හඳුන්වා ඇත. මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකයේ එන වම්මික සූත්‍රයට අනුව තුඹස හාරාගෙන හාරාගෙන යනවිට අන්තිමට මතුවන්නේ නාගයෙකි. ඒ නයාට පිදීමට ගරු කිරීමට කියයි. ඒ නාගයා නම් රහතන් වහන්සේ යි. උපසම්පදා විනය කර්මය කිරීමේදී උපසම්පදාපේක්ෂකයා හඳුන්වන්නේ නාග නාමයෙනි. (නාගෝ සංඝං උපසම්පදං යාචති - සුණසි නාග) ආසිවිසෝපම සූත්‍රයෙහි කට්ටමුඛ - පූතිමුඛ- අග්ගිමුඛ - සත්ථමුඛ යැයි නාගකුල සතරක් දක්වා ඇත. කට්ටමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි. පූතිමුඛ නාගයා දෂ්ට දළ විට ශරීරය කුණු වෙයි. අග්ගිමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය කැඩි කැඩී යයි. සත්ථමුඛ නාගයා දෂ්ට කළ විට ක්ෂණයකින් මරණයට පත්වෙයි.බෝසතාණන් වහන්සේ උඩුගං බලා පා කර හැරිය පාත්‍රය, නාග ලෝකයෙහි පිහිටියේ ය. එය නාගයින්ට අතිපූජනීය වස්තුවකි. සත් සති ගතකළ බුදුරජාණන් වහන්සේ සත්වන සතිය ගතකළ සේක් මුචලින්ද නා දරණ තුළ ය. එම නා දරණය ඇතුළත සතර කොනෙහි පහන් හතරක් දැල්වීමට ඉඩ තිබිණි. බුදු සිරුරෙහි නා දරණ නො ගෑවිණි. එතරම් ම එම නා දරණය තුළ ඉඩකඩ තිබිණි.
                                ඒරක පත්‍ර නාග රාජයා බුදුවරයෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට අඩ මසකට වරක් සිය දියණිය ද සමඟ මනුෂ්‍ය ලෝකයට පැමිණ ගංගා නම් නදී තීරයෙහි ගීතයක් ගයමින් තම විශාල පෙනය මත ඈට නටන්නට සලස්වයි. එයට නිවැරැදි පිළිතුරු ගීතය ගයන තැනැත්තාට සිය දියණිය පාවාදෙන බව ද ඔහු ප්‍රසිද්ධ කළේය. දිනක් උත්තර නමැති මානවකයෙක් එයට පිළිතුරු ගීයක් තනාගෙන ගංඟා ගං තීරයට යන අතර, බුදුරදුන් මුණ ගැසිණි. උන්වහන්සේ එයට නිවැරැදි ගීතය කියා දුන්සේක. එය ඇසූ නා රජු බුදුරදුන් උපන් බව දැන බුදුරදුන් වෙත පැමිණ නිවන් මඟට පිවිසියේ ය.
                                         රහතන් වහන්සේ සැටඑක් නමක් ලොව පහළ වූ විට උන්වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත්කොට බුදු පියාණෝ උරුවෙල කාශ්‍යපයන් වෙත වැඩියහ. එහි නාරපෙත් අධිගෘහිත ගිනිහල් ගෙට රාත්‍රිය ගතකිරීමට වැඩම කළ විට නා රජු කිපී විෂ ධූමයක් පිට කළේය. බුදුපියාණෝ ද විෂ ධූමයක් පිට කළහ. නා රජු ගිනිජාලා පිටකළ විට බුදු හිමියෝ ද ගිනිජාලා පිට කළහ. අවසානයේ දී නා රජු දමනය විය. බුදුරජාණන් වහන්සේ ඌ පාත්‍රයෙහි බහා ගත්තේ ය. එළිවුණු පසු ගිනහල් ගෙය වටකර ගෙන සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නයා පෙන්වූහ.සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය. දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.
                    දිනක් දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයට පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ශිෂ්‍ය සත් හැවිරිදි සුමන සාමණේරයන් සමඟ හිමාලය ප්‍රදේශයෙහි ආරාමයකට වැඩියහ. එහිදී උන්වහන්සේට උදරාබාධයක් හට ගැනිණි. සාමණේරයෝ එය දැන එයට කළ යුතු ප්‍රතිකර්මය කුමක්දැයි විමසූහ. අනවතප්ත විලෙන් පැන් ස්වල්පයක් පානය කළ විට බඩේ රුජාව සුවවන බව අනුරුද්ධ හිමියෝ කීහ. එවිට සාමණේරයෝ පාත්‍රය රැගෙන පැන් ගෙන ඒමට යෑමට සූදානම් වූහ. අනුරුද්ධ තෙරුණුවෝ එහි පන්ථක නම් නාරජකු සිටින බවත් ඔහුට මා ගැන කියා පැන් ගෙන එන ලෙසත් කීහ. එදින නා රජු ජල ක්‍රීඩාවෙහි යෙදී සිටියේ ය. ඈත තියාම පාත්‍රයක් රැගෙන අහසින් එන පොඩි හිමියන් දුටු නා රජු නොඑන ලෙස තර්ජනය කළේ ය. එහෙත් සාමණේරයෝ පැමිණ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධයක් වශයෙන් පැන් ස්වල්පයක් දෙන ලෙස ඉල්ලූහ. නා රජු පැන් නො දෙමි. හැකිනම් ගනුවයි විශාල පෙන ගොබයෙන් විල වසා ගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුන් උස සිරුරක් මවාගෙන අතින් නා රජුගේ පෙනය ඉවත් කොට පැන් රැගෙන ආපසු වැඩියහ.කෝපාවිෂ්ට වූ නා රජු සාමණේරයන් ලුහුබැඳ අවුත් බලහත්කාරයෙන් ගෙන ආ පැන් අකැප යැයි අනුරුද්ධ තෙරුන්ට කීය.එවිට සුමන සාමණේරයෝ ‘නැත’ ස්වාමීනි, පුළුවන් නම් ගනුවයි මේ නා රජු මට සමච්චල් කළේය. මම පෙනය ඉවත් කොට පැන් ගෙන ආවෙමි. එහෙයින් කැප ය. වැළඳුව මැනවැ’යි ඉල්ලා සිටියහ. අනුරුද්ධ තෙරුණුවෝ පැන් වැළදුහ. ඒ සමගම උදරාබාධය සුව විය. තමන් නොදැනුවත්කමින් සිදු වූ වරදට සමාව ගත් නා රජු මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස ඉල්ලා වාසභවනයට ගියේ ය.
                                           පසු දිනෙක අනුරුද්ධ තෙරුණුවෝ සාමණේරයන් ද කැටුව බුදුරදුන් දැකීමට පැමිණියහ. කුඩා සාමණේරයන් දුටු පුහුදුන් භික්ෂුව උන් වහන්සේට සමච්චල් කළහ. බුදුපියාණෝ භික්ෂූන් රැස් කරවා හැකි කෙනෙක් පා දෙවීමට අනවතප්ත විලෙන් පැන්ගෙන එන්නැයි කීහ. සියල්ලෝ ම තූෂ්ණිම්භූතව බලා සිටිය හ. සුමන සාමණේරයෝ බුදුරදුන් වැඳ අවසර ගෙන විශාල කලයකුත් රැගෙන පැන් ගෙන ඒමට අහසින් ම පිටත් වූහ. සාමණේරයන්ගේ මේ ප්‍රාතිහාර්යය බැලීමට විශාල සෙනගක් රැස්වූහ. සාමණේරයන් එනු දුටු නාරජු පෙරගමන් කොට කළය රැගෙන පැන් පුරවාගෙන අහසින්ම සාමණේරයන් පසුපස පැමිණියේ ය. නාරජුගෙන් පැන් කළය ඉල්ලා ගත් සාමණේරයෝ බුදුරදුන්ට එය පිළිගැන්වූහ. ඒ අවස්ථාවේ සත් හැවිරිදි සුමන සාමණේරයන් උපසම්පදා සීලයෙහි පිහිට වූ බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට දම් දෙසූහ.
අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදුරදුන්ගේ අනුදැනුමෙන් ඔහුගේ ආරාමයට වැඩම කළ මුගලන් තෙරුණුවෝ නාගයෙක් අධිගෘහිත වැලිගොඩක් මතට රාත්‍රිය ගතකිරීමට වැඩියහ. නයා කුපිත වී විෂ ධූම ගිනි ජාලා පිට කළේ ය. මුගලන් හිමියෝ ද ඒවා මැඩ විෂ ධූම ගිනි ජාලා පිටකළහ. රාත්‍රියේ දී සිදු වූ මේ සටන බලා සිටි තාපසවරුන්ට එළිවුණු විට දකින්නට ලැබුණේ තෙරුන් වහන්සේ සුළඟින්, පින්නෙන් ආරක්ෂා කිරීමට දරණ ගසා ගෙන හිසට පෙනය අල්ලාගෙන සිටින නා රජු ය. පසුව බුදුපියාණෝ ද එතැනට වැඩම කොට අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිසට දම්දෙසා නිවන් මගෙහි පිහිට වූ සේක.
මහාමේරු පර්වතයෙහි විසූ නන්දෝපනන්ද නාග රාජයා ද මහත් බලවතෙකි. බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ දෙව්ලොව වඩින විට පා දූවිලි වැටීමෙන් නා රජු කුපිත විය. පසු දිනෙක වඩින විට මහමේරුව අතුරුදන් කළේය. භික්ෂුහු මහාමේරුව නො දැක බුදුරදුන්ගෙන් විමසූහ. නන්දෝපනන්ද නාගරාජයා කුපිත වී නො පෙනෙන්න සලසා ඇති බව උන්වහන්සේ වදාළහ. එවිට නාග දමනයට රහතුන් වහන්සේ කීප නමක් ම ඉදිරිපත් වුවත් එය වළක්වා එම කාර්යය මුගලන් තෙරුන්ට පැවරූහ. සටන පවතින විට ද නාග වේශයෙන් සිටි මුගලන් හිමියන්ට සිහි උපදවා ගන්නැ’ යි බුදුන් වහන්සේ වදාළහ. නන්දෝපනන්ද නා රජු එතරම් ම බලවතෙක් විය.
                         රුවන්මැලි මහ සෑයෙහි ධාතු නිදන් කිරීම සඳහා ධාතු ගෙන ඒමට සෝනුත්තර සාමණේරයෝ නා ලොවට වැඩිය බවත්, වාසුලදත්ත නම් නා රජු සාධාතුක කරඬුව උදරයේ සඟවාගත් බවත්, සෝනුත්තර සාමණේරයෝ සියුම් අතක් මවා එම දා කරඬුව රැගෙන ආ බවත් ථූපවංසයෙහි දක්වා ඇත.දන්ත කුමරු හා හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවා වැලිගොඩක සැඟ වූ විට, පණ්ඩුභාර නම් නා රජු ගත් බවත් පසුව තෙරනමක් ගුරුළු වෙස් මවාගෙන නාගයා බිය ගන්වා දමනය කොට දළදා වහන්සේ නැවත ඔවුන්ට ම ලබාදුන් බවත්, දළදා සිරිතෙහි සඳහන් වෙයි.
                                                      දිනක් මිහින්තලයේ ගිලන්ව සිටි තෙර නමක් බැලීමට නා රජෙක් පැමිණියේ ය. එකල එහි තිස් දහසක් පමණ භික්ෂූන් විසූහ. නාගයා දුටු ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට වේගයෙන් පාත්විය. එහි වැඩ සිටි බුද්ධරක්ඛිත නමැති තරුණ භික්ෂුවක් පර්වතයක් මවා නා රජු අතින්ගෙන පර්වතය තුළට පිවිසියේ ය. එහෙයින් නා රජු ගුරුළගෙන් ගැලවිණි. බුද්ධ රක්ඛිත නො සිටියේ නම්, අප සැම ලජ්ජාවට පත්වන්නේ යැ ‘ යි මහතෙරුන් පවසා ඇත. විශුද්ධි මාර්ගයෙහි එන මේ කතා පුවතින් දිව්‍ය නාගයන් ද ගුරුළන්ගේ ගොදුරට පත්වන බව පෙනේ.නාගයන්ගේ ස්වභාවය ක්ෂණයකින් කුපිත වීම යි. දිව්‍ය නාගයන් තුළ ද එම ස්වභාවය අඩුවක් නැතිව පිහිටා ඇති බව ඉහත සඳහන් සමහර නාග කතාවලින් පෙනේ. නාගයන් පිළිබඳ කතාන්තර ත්‍රිපිටකය පුරා ම විසිරී ඇත. නාගයන් කීප දෙනෙක් ඒ ඒ අවස්ථාවල දී සංඝයා වහන්සේට විරුද්ධ වුවත්, සමස්තයක් වශයෙන් ගත් කල නාගයෝ බැතිමත්හු ය.

11 January 2013

සුනියම් දේවතාවා - 04



                                       න්න එනම් අත්හැරුණු වැඩකරන්නට ඉඩක්ලැබුණ තවදෙයක් හොයාගත් දේවල් ලගතියන්වැඩක් නෑ මොකද තව කෙනෙක්ටදැනගන්නටදෙනඑකත්පිනක්නේ, මා මෙ ලිපිය කරන්නට සිතුවේ පෙර ලිපි වලින් අහවර කරන්නට බැරි උනා කවුරුත් දන්නා
තෙදබල වරම් ලද - සක්වල භාර හිමිසද
සමන්කුළු පව්වද   - කුජලාට සත් මුහුදුමැද
ලදවිවරණ තෙදින්- මුරබාරවූ නියතින්
මතු බුදුවනඋතුම්   - වදිමි තෙද සුනියම්දෙවිදුන්
එක්ලක්ෂඅටසැට - දහසක් දෙවොල්  ඝනකඩ
බුද්ධාලබෝමැඩ - සදරකිමින් රකින
සෑම අණවිනයට - යන්ත්‍රමන්ත්‍ර අදුනට
බැල්මලුහැමවිට -  වඩින් ඔඩ්ඩ්ස කුමරු හැමවිට             
                          මේ කවි වලින් මා පෙර කී දෑ නොඅඩුව දක්වා ඇත,පෙර ගම්වල ඇති පන්සල්වලදේවාලනොතිබුණානොවේ,මොකදමේකාලයවගෙ දෙවියන් බහුලව හිටියේනෑ දැන්හරි සුලබ දසුනක් බැවින්මිනිසුන්තුළ ඇති භක්තියක්‍රමයෙන් හිනවෙලා, කල පන්සල් වල ආරක්ෂාවට වැඩ සිටියේ මේ දෙවීවරුන්ය, සුනියම්දෙවියන් සතු බලය කවියෙන් මේසේය.
තෙද අසුර ඔඩ්ඩ්ස - සදෙව්නා බඔතලය අසදිස
නරකය යතිස්රැස  -සැනෙන් වඩිනා බලය ඇතියස
තෙද හස්ති පාලය -යම දේවතා ඔබය
පසකුරුහිමි ඔබය - එමෙන් යමපිම්ම ඔබේමය                
                        මෙවැනි බල සහිත දෙවියනට පුජාකරන අයවලුන් දන්නා දෙයකි කිලි අපි දැන් බලමු මොනාද මෙය කිල්ලකියලා
1.කොටහළු කිල්ල- මෙය ප්‍රධාන කිල්ලකි එනම් දැරිවියක් වැඩිවියටපත්වුකළඑයමාසතුනක්යනතෙක්එම නිවසෙහිපවතී
2.දරුකිල්ල-පෙර කාලයේ ඉස්පිරිතාල චැනල් වෙද්දු හිටියෙ නැ,තම ගෙදරම තමාතම දරුවන් ප්‍රසුතකලේ එය කිල්ලක්වේ
3.මරණකිල්ල- තම පවූලේ ලේ නෑයකු මියගිය විටත් කිල්ලක් ඇතිවේ
                
ඉහත සදහන් කිල්ලක් ඇති වුන කල තුන් මසක් ගතවෙන තුරු දෙවියන් වෙත පහන් තබෙ මෙන් වලකිනු ලබයි, ලංකාවටම සක්රජු ලෙස සීතාවක රාජ්‍යසමයේ වැඩසිටියේය එම රාජ්‍යසමයේ පරිහානිය සමගින් මෙම දෙවියනට කුඩම්මගෙ සැළකිලිද වලට බාජනය විය,එය ක්‍රමයෙන් නුවර සමයේ සුනියම් දෙවියන් ලෙස පෙරට පැමිණ මහනුවර වඩිගරජුගේකාලයේ සුනියම් දෙවියනට දැඩිවිස්වාසයකින් මිනිස් සිත ඇදබැද ගත්තා, රජ පවුලේ අසනීපයක් වු කල මහනුවර රජගෙදර “ සුනියම් ශාන්තිය ” අනිවාර්යය පිළියමකි,එවකට තිබු යාග ශාන්ති ක්‍රම අතර ඉතා ඉහල තැනක් හෙබවීය එය කබලෑ පටුනෙහිමෙසේ සදහන් වේ,

ඇතුන් හලට ගිය - සිහ රජ වාගේ
යකුන්හැමට බල - විජලිදු වාගේ
කුසුම් හැමට වන්  - දනමල වාගේ
මේසිහළට ඔබ - සක් රජ වාගේ

පුරවටකර සක් මනේ වඩින්නේ
හිරකර බන්දන වින පිපිරෙන්නේ
දුරුකර හැමවිට දෝස හැරෙන්නේ
කරවිට සිට වැව් එළිය බලන්නේ
          තව දෙයකි  විටෙක කබලෑ දෙවියන් සුනියම් දෙවියන් හා සැසදීම ගැටළු සහගත් වුවද පසුබිම් පුරාවුර්ත මත අවසාන වශයෙන්මා මෙවැනි වූ නිගමනයකට පැමිණියා එනම් මහනුවර සමය අවසානය තෙක් සුනියම් ශාන්තිය පැමිණියේ කබලෑ දෙවියන් මුසු කැරගෙන හූනියම් කැපීම ආදී යාග පැවත්වින එය ක්‍රමයෙන් සුනියම් දෙවියන්ගෙ බලය හාපසුබිම් සමාන වු නිසාවෙන් කබලෑ දෙවියන්ට සුනියම් දෙවි ආදේශ කිරීමක් සිදුවුවා කියා සිතට එනවා, කෙසෙ  වුවද මෙම දෙවියන් දෙපල තවමත් සිරිලක ඔබට අපට පිහිටවනවා ඇත.එනම් රාහු අපලවලට පිළියම් ලෙස ශාන්ති කර්මලෙස පුජ පවත්වනවා ඇත මින් බලපුලුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර ශ්‍රී සිද්ධසුනියම් දෙවි වෙළුම අවසානය දකිනවා ඇත,

        මෙය මහසෝන් පත්ඉවූරේ සටහනටඋදව්කල කතරගම ශ්‍රී සිද්ධසුනියම් දේවාල තේවා භාරකපු ධුරන්ධර කේ.ඩි. දේවප්‍රිය මහතා හා සටහනට එක්වූ සංජය කළුපහන ඇතුළු මෙම ලිපි පෙළ සමග සිටි 
ඔබ ඇතුළු සියලූ දෙනාට තෙරුවන් සරණයි....ගම්බාර දෙවි පිහිටයි..!      

අදහස්/යෝජනා මට යොමු කරන්න

07 January 2013

අවසරයි අපේ හාමුදුරුවනේ

"උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි "


නුතනයේ ථෙරපුත්තාභය ගැන ලිපියක් ලැබුනා,මට හිතුනා පසු ගිය ලිපියක් ඔබලාට මතක් කරන්නට එනම් දසමහ යෝදයන් ගැන ලියැවු එම ලිපියට තවත් දෙයක් එක්කරන්නට,මේ අපේ කාලයේ හිමිනමක් ගැන,ආදර්ශමත් හිමිනමක්,එසේ ම අපි සිංහලු අපට හලාල් එපා ආදිය කියමින් සිටිනා ජාතිමාමක මිනිසුන් වෙත සුළුමතක් කිරීමක් කරන්නට මා කිසිවිට පසුබට නොවන්නෙමි අපෙ අසරණ පන්සල්වලට පුජා භුමිවලට අදාර උපකර කරන්නට පෙළගැසෙව්, අන්තර්ජාලය තුළ නන්දොඩවනවාට වඩා දෙයක්..සුපිරි පන්සල් වලට කරන උපකාරම මේ පන්සල්වලටත් කැපය, අපි අපෙ දේවල් නගාසිටුවන්නට කටයුතු කරන්නට එක්වන්න, මෙම ලිපිය අන්තර්ජාලය තුලින් ලැබුණු ලිපියකින් උපුටාගැනුනි එය  මහසොන් පත්ඉවුරේ සටහන්වූ වගයි.    

                                           ය වස්‌සාන සමයක්‌ නොවීය. අහස නිතර වැහි කඳුළු වගුරුවන්නට සැරසෙන සෙයක්‌ හෝ හඬා වැටෙන්නට අරඅඳින සැටියක්‌ද පළ නොකළේය. උදාවූ දවස හෙමි හෙමින් බඩගා යද්දී හෝරාවක්‌ දෙකක්‌ ගියේය. ඉක්‌බිතිව එළැඹුණු ගිනි මද්දහනයට වැදුණු මිනිසුන්ගේ මුහුණු තැවී දහදිය ගලා හැලෙනු පෙනිණි. නගරයේත්, ගමේත් කා තුළත් දක්‌නට ලැබුණේ සැකයයි බියේ අඳුරු සේයාවයි. ත්‍රස්‌තවාදීන්ගේ සැහැසිකම් අතර රටේ හැම අස්‌සක්‌ මුල්ලක්‌ම වෙලී පැටලී තිබිණි. ඒ එතරම් වැඩි ඈතක නොවේ. දෙදහස්‌ අට තරම් වූ මෑත අතීතයේය. කොටි ත්‍රස්‌තවාදයේ ගිනිදැල් ඇවිලෙන්නට පටන් ගෙන තිබුණේ ගින්නට පිදුරු දැමූ කලක මෙන් බව තවමත් ඔබට මතක ඇතැයි සිතමු. යුද්ධය, හමුදාව..... මිය ගිය ගණන.... නැතිවූ දේපළ,....... අනාථ වූවන්, අනාථ කඳවුරු...... මිනිස්‌ බෝම්බ.......... මරාගෙන මැරෙන කොටි....... රටේ කොතැනිනුත්, ඇසුණේ පෙනුණේ එවැනි ලොමු ඩැහැගැන්වන දෑ නොවේද? මේ නිසාම ත්‍රස්‌තවාදයට සදාතනික වූ නැවතීම් ලකුණ තබන්නට කාටත් තදින් වුවමනා වී තිබිණ. නිදහස්‌ නිවහල් මාතෘ භූමියක නැවුම් අපේක්‍ෂා දැල්වී තිබිණ.

එහෙත් හමුදා කඳවුරුවලට පිවිසී යුද වදින තරුණ තරුණියන් ගැන සිතූ පැතූ ඔවුනොවුන්ගේ මව්පිය ඈ සොයුරු සොයුරියෝ එදා හැඬූ කඳුළෙන්ම දින සති මාස ගෙවී යන්නට ඉඩ හසර විවර කළෝය. එවන් පසුබිමක්‌ තුළ එදා යුද්ධයට යන්නට සිතුණේ කාටද? තම දුව හෝ පුතා එවැන්නක කොටස්‌කාරයන් කරන්නට පවා කවුරුනුදු අකමැති වූයේ රටට ඇති අනාදරය නිසා නොවේ. හද ගැබ කෙරෙන් උතුරා ගලා ගිය අසීමිත දාරක ස්‌නේහය නිසාය.

                                 නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට අයත් වැවතැන්න හැමදාමත් සිරි සිරියවන් මීදුම ඉතිsර පැතිරී තිබෙන පුංචි ගම්මානයකි. මේ කාලය වනවිට ඥනරතන හිමියන් පැවිදි ජීවිතයට පිවිස යාන්තමට අවුරුද්දක්‌ පමණ ගෙවී ගොස්‌ තිබුණේය. නොයෙක්‌ ලෙස ලැබුණු දුක්‌ නම් මහ නියංද, සැප නම් පොඩි පොඩි වර්ෂා ද අතරින් ගලා ගිය ජීවිත ගඟුලෙහි එකල එහිමි පසු වූයේ ස්‌වකීය වූ ජීවනයෙහි විසි හතරවැනි සැතපුම් කණුව අසලය. කෙළවරක්‌ නැති කඳු හෙල්ද, වට වංගු හා වනබූටෑවන්ද අතරින් රිංග රිංගා, හති හල හලා යා ගත හැකි පුංචි වැවතැන්න ගම්මානය නගරයෙන් දුර ඈත දුෂ්කර බිම් පෙදෙසක පිහිටා තිබුණද කොටි ත්‍රස්‌තවාදයේ රළු පරළු ආරංචිවලින් එයද සැළුම් වෙව්ළුම් කා සිටියේය. කුඩා හේන් කෑල්ලක්‌, කුඹුරු අල්ලක්‌ දෙකක්‌ කොටා වී ටිකක්‌, එළවළු වර්ග කිහිපයක්‌ වගා කර ගෙන ජීවත් වූ මෙහි මිනිස්‌සු උදැහැනෙක්‌කෙම ගොවි බිමට බැස රෑ වනතෙක්‌ම එහි දහඩිය මුගුරු වැගුරුවති. එම කටුක වෘතයෙන් පසුව ගල් දෙබොක්‌කාවකින් ගලා හැළුණු දියකඩිත්තකින් ඇඟපත ගිනි නිවා ගත් ඔවුන් බොහෝදෙනා ගුවන් විදුලි යන්ත්‍රය ළඟට හෝ රූපවාහිනි පෙට්‌ටගම ළඟට ළං වූයේ ගත නිවී සිත දොaලනය වන ඒ අවස්‌ථාවේ එයින් කිසියම් වූ කුඩා රසාස්‌වාදයක්‌ ලබන්නටය. එහෙත් ඔවුන්ට ඒවාට සවන්පත් හෝ නුවන්පත් යොමු කරන්නට ලැබුණේ මොහොතක්‌ පමණි. කොළඹ අග නගරයේ හෝ රටේ තවත් කොයියම් තැනෙක හරි පුපුරා ගිය මිනිස්‌ බෝම්බයක තතුවලින් ඔවුන් සිත් බිත් දෙදරා ඉරී තැලී ගියේය. කාටත් පිටුපසින් රිංගාගෙන බස්‌රියකට හෝ දුම්රියකට ගොඩවදින මරාගෙන මැරෙන කොටියා ඊළඟ අවස්‌ථාවේ බිලිගනු ඇත්තේ මගේ පුතු නොවේද? දුවණිය නොවේද? තවත් වටිනා අහිංසක ජීවිත රැසක්‌ නොවේද? අතොරක්‌ නැතිව පැනනැඟුණු සිතිවිලි රටේ හෙට දවස පිළිබඳව ඔවුන් තුළ ඇති කළේ බොඳවුණු සිතුවමකි.

සසර දුක කෙළවර කිරීමේ ඒකායන අරමුණින් පැවිදි දිවියට පිවිසී සිටියද වැවතැන්න සුගතාරාමවාසීව වැඩ විසූ තරුණ ඥනරතන හිමියන්ගේ සිතද මෙම අඳුරු සිතුවම් කෙරෙන් පිරී ඉතිරී තිබිණි.

ජීවිතය නම් කෙතරම් කටුක වූවක්‌ද? පැවිදිවී ගත කරන මේ ජීවිතය වසර ගණනකට ඉහතදී පටන්ගත් අලුත්ම අලුත් ජීවිතයක්‌ නොවේ. අනවරාග්‍ර (කෙළවරක්‌ නැති) මේ සංසාර කතරෙහි දුර ඈත අතීතය තුළ මෙබඳු ජීවිත කොතෙක්‌ නම් ගත කරන්නට ඇත්ද? ඒ හැම ජීවිතයකටමත් උපතක්‌ සේම මරණයක්‌ ද තිබුණේය. ඒ අතරතුර අනුභව කළ නොයෙක්‌ දුක්‌කම්කටොලු පිරිපත නම් කොතෙක්‌ සුවිසල් වන්නට ඇත්ද? ඒත් එක්‌කම තරුණ ඥනරතන හාමුදුරුවන්ට පැවිදිවන්නට පෙර ගත කළ ගිහි ජීවිතයද සිතුවම්පටක්‌ මෙන් මැවී පෙනුණේය. අම්මා මෙන්ම තාත්තා ද ජීවන මන්දිරය අතහැර නොගොස්‌ සිටියද සිව්දරු පවුල නඩත්තු කිරීමට නොවිඳිනා දුක්‌ තැවුල් ඔවුහු අත්වින්දාහ. ගිහිගෙදර ජීවිතය ගත කළ ඥනරතන හාමුදුරුවන්ට එය ඉවසිය නොහැකි විය. ඔහු රස්‌සා හෙව්වේය. ලැබුණ කොයික හෝ රස්‌සාවක්‌ කිරීමට ගමෙන් දුර ඈත ගියේය. කොළඹ කටුනායක රස්‌සාව කළ කාලය ඔහුට සිහිපත් විය. ඒ සියල්ලක්‌ම අත්හැර අවසානයෙහි ඔහු සම්මා සම්බුද්ධ චීවරය හැඳ පෙරව ගත්තේ ඇත්තටම ලෝකයත් ජීවිතයත් යන දෙකම ගැන ඇතිවූ සැබෑම කලකිරීමෙන්ය. එහෙයින්ම වැවතැන්න ගම්මානයේ පුංචි පන්සලේ මහා බෝධිය යට කමටහන් භාවනාවේ යෙදී සිටි උන්වහන්සේට ඉක්‌මනින්ම ඕනෑකර තිබුණේ අමාමහ නිවනට වඩින්නටය.

එතෙකුදු වුවත් රටේ හැම දෙසකම, හැම ගමක හා හැම නගරයකම නීතියක්‌ වශයෙන් පවතින බෝම්බ බියත්, මරණය හා වේදනාවත් දුටු ඥනරතන හිමියන්ගේ නිවන් අරමුණ මොහොතකට එහාට මෙහාට සෙලවිණ. ත්‍රස්‌තවාදීන් කෙරෙහි එහිවී සිත් සිය පතැ තුළ අබමල් රේණුවකවත් වෛරයක්‌, ඇති නොවීය. එනම් සිය එකම අරමුණ වූයේ රට තුළ සිදුවන ලේ වැගිරීම්වලට නැවැත්ම තැබීමයි. පුතුට මව, මවට පුතු ආදී වශයෙන් අපමණක්‌ මිනිසුන්ට අහිමි වන ජීවිත කෙරෙන් නැගෙන දුක්‌ වේදනා සදහටමැ නතර කිරීමයි. ඒ සියල්ලටමත් වඩා පිළිවෙත් පූරණයෙහිලා ද පය ගසා සිටින්නට නිවහල් නිදහස්‌ භූමියක්‌ තිබිය යුතු යෑයිද එහිමි සිත තමාටම මිමිණුවේය. ත්‍රස්‌තවාදයට රට බිලිsවුවහොත් තිලෝගුරු සම්මා සම්බුද්ධ ධර්මයටත්, වෙහෙර විහාර හා මහා සංඝයාටත් සිදුවන්නේ කුමක්‌ද? ත්‍රස්‌තවාදීන් රට අල්ලා ගතහොත් ජාතියේ හදවත වූ රුවන් මැලි මහා සෑයට, ජයශ්‍රී මහා බෝධියට සිදුවනු ඇත්තේ කුමක්‌ද? නිවන් අරමුණ යටින් පළමුව දිවි දෙවැනි කොට රැකගත යුතුවූ බොදු උරුමයක නව සිතැඟි ඥනරතන හිමියන් තුළ ඇවිලී ගියේ මෝසම් සුළං කාලයේ වියළි හේනකට ඇවිළුන ගින්නක්‌ සේය.

ඥනරතන හාමුදුරුවෝ මොහොතක්‌ නිසොල්මන් වී තුෂ්ණීභූතව බලා සිටියහ. නොබෝ දිනෙක තමන් වහන්සේගෙන්ම චරිත සහතික රැගෙන යුද හමුදාවට ගොස්‌ පණ නල සුන්ව ලෑලි පෙට්‌ටි හතර රියනක දිගු නින්දකට වැටී ආ මළ සොහොයුරන් උන්වහන්සේගේ නෙතට ගෙන ආවේ කඳුළකි. වෙන කරන්නට දෙයක්‌ නැත. පොඩි හාමුදුරුවෝ දොර රාමුව අතරින් ඈත මීදුම දෙස බලා සිටියෝය. අනන්තය තෙක්‌ පැතිර ගිය දුර ඈත නිල් අහස දෙස නෙතත්, සිතත් රඳවා සිටි එහිමියෝ කොටි යුද වදින උතුරුකරය ඇත්තේ කොයි හරියෙන්ද දැයි සිතන්නට උත්සාහ කළෝය. එහෙත් අතොරක්‌ නැතිව එක හැටියට පැතිරී තිබුණු ඈත දුර කතරේ මෙතෙක්‌ දුර සිට බැලීමෙන් උතුරුකරය කියා සඳහන් කර ගත හැකි කිසියම් සලකුණක්‌ හෝ සලකා ගන්නට උන්වහන්සේට නොහැකි විය. මඳ සුළඟ නතර වී පන්සලත් මහ බෝ ගසත් හැඳෑ හිරු එළියේ නිශ්චලව පෙනිණි. පසු දිනට පහන් වනවිට ඥනරතන පොඩි හාමුදුරුවෝ තීරණයකට එළඹී සිටියහ. එනම් සිවුර හැරදා ඈත උතුරුකරයේ යුද බිමටය යන්නටය. "මං යුද්ධ හමුදාවට බැඳිල කොහොම හරි ත්‍රස්‌තවාදීන් පරාජයට පත් කරල මගේ රට නිදහස්‌ කර ගන්නව. අනාගතේ ජීවත් වෙන මිනිසුන්ට බුද්ධධර්මය ආරක්‍ෂා කරල දෙනවා" ඥනරතන හාමුදුරුවෝ තමන්ටම මුමුණාගත්හ. උන්වහන්සේගේ එම සිතුම් පැතුම් අතර තවත් එකම එක අහිංසක බලාපොරොත්තුවක්‌ ද ශේෂ වී තිබිණි. උතුරුකරයේ යුද්ධය අවසන් වනවිට තම ජීවිතය යාන්තමකට හෝ ඉතිරි වුවහොත් යළිත් වැවතැන්නේ පන්සලට ඇවිදින් බුදු සිවුර පොරවා මහණ වී මහණදම්

පුරන්නටද ඥනරතන හාමුදුරුවෝ කල්පනා කළහ. මහ නිදහසක අදහස්‌ සමුදාවලියෙකින් අවදි කරවනු ලැබූ හාමුදුරුවෝ ඒ උදෑසනෙහිම හැඳ පෙරව සිටි සිවුරු ගලවා නමා ඊට වැඳ ලැගුම් ගෙයි තැබුයේ කියා ගන්නටවත් බැරි අඳුරු දුක්‌ වේදනා කැටියකින් සිත හඬා වැටෙද්දීය. එයින් අනතුරුව සුදු කමිසයකුත්, කළු දිග කලිසමකුත් හැඳ ගත් ඥනරතන ඉක්‌බිතිව කෙළිsන්ම ගියේ වැවතැන්න පන්සලේම වැඩ විසූ තලගංවත්තේ සද්ධාසාර ගුරු හාමුදුරුවන් අභිමුවටය. වියපත් සද්ධාසාර හාමුදුරුවන්ගේ දෑස පවා හරි හැටි පෙනෙන තත්ත්වයක නොවීය. ඈත සිට තමන් වහන්සේ අභිමුවට එන තරුණ මිනිස්‌ රුව කවරකුගේදැයි හඳුනා ගැනීමට උන්වහන්සේ වෑයම් කළහ. තමන් අභියසට පැමිණි ඒ මිනිස්‌ රුව වෙනත් කවරකුගේවත් නොව ගෝල ඥනරතන පොඩි නමගේ බව සද්ධාසාර හාමුදුරුවන් හඳුනා ගත්තේ උන්වහන්සේගේ සුපුරුදු කටහඬිනි.

             "අවසරයි අපේ හාමුදුරුවනේ, මම සිවුරු ඇරල ආමි එකට බැඳෙන්ට තීරණය කළා. මම යන්නෙ ගිහියෙක්‌ වෙලා ජීවත්වෙන්ට රස්‌සාවක්‌ කරන්ට නෙමෙයි. රටයි බුද්ධාගමයි බේරගන්න." යුද්දෙ ඉවර වෙනකොට ජීවිතේ රැකිල තිබුණොත් මං ආයෙත් ඇවිත් ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. මට යන්ට අවසර දෙන්ට හාමුදුරුවනේ" යි ගිහි බවට පත්වී සිටි ඥනරතන වියපත් සද්ධාසාර හාමුදුරුවන් අභියස ආයාචනාකර සිටියේය.

                             උදෑසනින්ම වැවතැන්නෙන් පිටිවී ගිය ඥනරතන හාමුදුරුවන් පිළිබඳ පුවත ගැමියන් දැන ගන්නා විට මද්දහනයද පසු වී තිබිණ. උන්වහන්සේගේ සුපේශල ශික්‍ෂාකාමී පැවිදි ජීවනයට ආදරය කළ ගෞරවය කළ දායක දායිකාවන් සිය ගණනකටත් වඩා වැවතැන්න පන්සලට පැමිණ සිටියේ ඉහින් කණින් දාඩිය පෙරාගෙනය. හිමි වෙහෙර අතහැර යුද බිමට ගිය කතා පුවත ඇසූ ඔවුන්ගේ නෙත්a කෙවෙණි තුළින් ගලා හැළුණු කඳුළු දිය එම දහඩිය කඳුළු කඳුවලට සම නොවීය. සියල්ල සිදුවී මසක්‌ පමණ ගෙවී ගිය පසු වැවතැන්න යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වූ බව පෙනිණි. පන්සල් බිත්තියේa ගසා තිබුණු ඥනරතන හාමුදුරුවන්ගේ පින්තූරය අතරේ දායක දායිකාවන්ගේ කඳුළින් බොඳවුණු දෙනෙත් පියවිණ. ඒ බොඳවුණු කඳුළු දෙකොපුල් ඔස්‌සේ රූරා වැටෙද්දී හෙමින් හෙමින් කාලය ගලා ගියේය. ගිහි බවට පත් ඥනරතන පොඩි හාමුදුරුවන්ගේ ජීවිතය මේ කාලය තුළම ගෙවුණේ ඔඩ්ඩුසුඩාන්, පුදුමාතලන් වැනි දරුණු ලෙස යුද ගිනි ඇවිලෙමින් තිබූ කොටි කටවල් අතරය. නයාරූවලදී ඔහු අත්දුටු සාහසික අත්දැකීම් පෙර කිසිදු දිනෙක දුටු විරූ දේ නොවීය.

"කැකිරාවෙ මාස තුන හමාරක විතර පුහුණුවක්‌ ලබල නයාරුවලට ගිය කාලෙ මට මතකයි. එදා ත්‍රස්‌තවාදීන් බෝට්‌ටුවලින් ආව. ඒ මදිවට නාකපන වැස්‌ස. ඔවුන් පළමු ආරක්‍ෂක වළල්ල බිඳගෙනම ඉදිරියට ආව. දෙවැනි ආරක්‍ෂක වළල්ලත් බිඳගෙන ආවොත් පහර දෙන්න අපට ඉහළින් අණලැබිල තිබුණ.

                                 කෙබඳු ගණයේ දරුණු යුද ගැටුම් තිබුණද සෙබළ ඥනරතන අතින් එදා ඒ යුද බිමෙහිදී කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු වූයේ නැත. යුද බිමේදී වුණත් පණක්‌ නසන්ට නොයෙදීම පෙර පිනක්‌ කියල මට හිතෙනව. හමුදාවට බැඳුන කියල නෑ. මම හිතින් ඒ හැමතැනෙකදීමත් තෙරුවන් මෙනෙහි කළා. මල් පහන් පූජා කළා. රට රැක ගන්නට බුදු සිවුර හැරදා උතුරුකරයට ගිය සෙබළ ඥනරතනගේ ජීවිතය ද රැගෙන යළිත් උපන් ගම බලා එන්නට ලැබුණේ මාස නවයක්‌ පමණ ගෙවී ගිය පසුවය. "අනේ මගෙ බුදු පුතේ........ මෙච්චර කාලයක්‌ සිවුර දරාගෙන හිටපු උඹට අවි අතට ගන්නට හිතුණෙ කොහොමද? ඔය ගමන යන්ට එපා..... විසිහතර හැවිරිදි වියේ පසුවූ ඔහු යුද බිමට යනවිට දියෙන් ගොඩලූ මසුන් මෙන් හඬා වැලපුණු මව්පියන්ට ඥනරතන හාමුදුරුවන්ගේ පුනරාගමනය කිසිසේත්ම අදහාගත නොහැකි වී ඔවුහු හාමුදුරුවෝ දෙස බලා සිටියහ. මේ යුද බිමට යන්නට පෙර සිවුරු පොරවාගෙන සිටි සන්සුන් පොඩි හාමුදුරුවෝම නොවේද? ඔවුන්ගේ ගත සිත වෙලා ගෙන තිබූ සැකයද බිය හා ප්‍රිය විප්‍රයෝගයේ අනන්ත වේදනාවෝ ද ඉබේම දියවී ගියේ වක්‌කඩෙක සඟවා තිබූ හකුරු මුලක්‌ මෙන්ය. නුවරඑළිය වලපනේ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දොඩම්කුඹුරේ ධීරානන්ද නාහිමියන්ගේ අභිනව ශිෂ්‍යයකු ලෙස ඥනානන්ද නමින් යළිත් පැවිදි බවට පත් යුද බිමට ගිය ඥනරතන වැවතැන්න පන්සලට එනතෙක්‌ම ගැමියෝ දැන නොසිටියහ. අහස්‌ කෙත වර්ණවත් කරමින් විසිතුරු පුංචි තරුමල් යායට පූදින සැඳෑ භාගය ළං වෙමින් තිබිණ. ගැල් සකක්‌ පමණට වටැති සැඳෑ හඳ මඩල වැවතැන්න සිප වැළඳ ගත්තේය. දියවී ගලා හැලී බෝපත් නැහැවුණු සඳකත් පිණිදිය ගමට ශාන්තිය පැමිණි බව කීවේය. ඉරගල වැටී අඳුර ගලා හැලෙද්දී ගම්මු පන්සලට දිව ගියේ "යුද බිමට ගිය ඥනරතන පොඩි හාමුදුරුවන් යළිත් මහණ වී පන්සලට ඇවිල්ලා" යනුවෙන් පැතිර ගිය ආරංචි මාත්‍රයෙනි. එය බොරුවක්‌ නොව සැබෑවක්‌ ම බව වැල නොකැඩී වැවතැන්න පන්සලට ගිය ගැමියන්ට දැක ගත හැකි විය. ඥනරතන හාමුදුරුවන්ගේ කලු ගැහී ගිය සිරුර උන්වහන්සේ යුද බිමේ ගත කළ ජීවිත කතාව ලියූ පත්ඉරුවක්‌ මෙන් විය. කාගේත් නෙත් කෙවෙණි තුළින් රූරා වැටුණු කඳුළු සතුටට උපන් කඳුළු ද නැත්නම් ශෝක සන්තාපයක්‌ නිසා උපන් කඳුළු යෑයි නිශ්චයකර ගත නොහැකි වී කෙසේ වෙතත් "අපේ බෝසත් හිමියන් අපට ආයෙත් ලැබුණා" යන හැඟීමෙන් වැවතැන්න ගම්වාසීන්ගේ හැම හදවත් සදාකාලිකවම නිවී සැනහී ගිය බවක්‌ පෙනිණි.

                         මේ පොඩි හාමුදුරුවෝ පන්සලට ආපු කාලේ ඉඳන්ම මං අඳුරනවා. පුදුමාකාර සිල්වත්කමක්‌ තිබුණෙ. මං නං හිතුවෙ හමුදාවට ගිහින් ආයෙත් පැවිදිවෙලා පන්සලට මේ විදිහට නොඒවි කියල. එවැනි තැනකට ගියහම මිනිස්‌සු පුදුම විදිහට වෙනස්‌ වෙනව. ඔවුන් ට රස්‌සා ලැබෙනවා. පරස්‌සා ලැබෙනව. "ඒ අතින් ආයෙත් පැවිදිවුණු මේ හාමුදුරුවන්ගෙ ජීවිතේ අසිරිමත් කියල අපට හිතෙනවායි මාහේන වැවතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරයා වූ එච්. ඩී. එම්. නිමල් ධනපාල මහතා මෙන්ම වැවතැන්න ගම්මානයේ තවත් ගැමියකු වූ ඩී. එම්. විඡේරත්න මහතා ද අප හා කතා කරමින් පැවසූහ.

                          යුද බිමෙන් යළිත් පැවිදි බිමට පැමිණි නිවන් දහම් පුරන ඥනානන්ද හාමුදුරුවන්ගේ දැන් මූලික අරමුණ වී තිබෙන්නේ සංසාර කතරින් එතෙරවීමය. එමෙන්ම එහිලා සිය පන්සල පිහිටි දුෂ්කර ගම්මානයේ ජීවත් වන අහිංසක ගැමියන්ටද උන්වහන්සේ අත්වැල් සපයති. එම අරමුණ ද තමාට හැකි පමණින් ඔවුන් විෂයෙහිලා ඉටු සිදු කර දෙනුවස්‌ ඥනානන්ද හිමියෝ මේ වනවිට තම ගමේ පන්සල ගොඩනැඟීමෙහිලා තවත් යුද්ධයක නිරත වී සිටිති. එහි අභිනවයෙන් ඉදිවන ලැගුම් ගෙවල්, බුදු මැදුරු දාගැබ් දුටු අපට එක වරම සිහි වූයේ අනුරාධපුර, පොළොන්නරු නටබුන්ය. නැති බැරිකම් අගහිඟකම් විසින් ඒ සියලු ගොඩනැගීම් ඒ තරමටම අඩපණ කර තිබෙනු පෙනිණි. එහෙයින් නැති බැරි ඇති හැකි කවුරුහුද උන්වහන්සේ වැඩ වසන පන්සල ගොඩනඟා ගැනීමටද පිළිසරණයේ දෑත් දිගු කළ යුතු යෑයිද අපට හැඟිණි.

                               0714858656 යනු ඒ සඳහා එහිමියන් අමතනු පිණිස ඔබට දන්වනු වස්‌ අප උන් වහන්සේගෙන් ඉල්ලා ගත් දුර ඇමතුම් අංකයයි.කේ. ඥනානන්ද හිමි, ශ්‍රී සුගතාරාමය, වැවතැන්න, අඹන්වෙල යනු උන්වහන්සේ වැඩවසන අගහිඟකමින් පිරුන විහාරයට ඔබත් හැකිපමනින් උපකාර කරන්නට පෙළගැසෙන්න... 

01 January 2013

තමන් කල දෑ විමසන්න කාලයයි

ඔං සියලුදෙනාට තවකෙක් තවකෙකුට වල නොකපන සහයෝගයෙන්
            එකමුතුව වැඩකරන  2013 සුබම සුබ නව වසරක් වේවා
අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…
නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…
දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…
මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ…

                            
  අලුත් අවුරුද්දේ ඕන්න එනම් ධර්ම දානය සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි.මෙය වේවැල්දෙණියේ මිල්ලවල ශ්‍රී බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති කහවනුගොඩ විමලධම්ම හිමියන් විසින් කරවුවක් මහසෝන් පත්ඉවුරට මෙසේ සටහන් (උපුටා දක්වන)වන වගයි ,මෙය මා පින්වත් සහෝදරයන්ට යොමුකරනුයේ ගතකල කාලය තවදුරටත් වෙනස් කළයුතුද නැද්ද යන්න ඔබ සිතට දැන්වීමටය,     

අත්තනාවෝද යත්තානං - පඨිමාසෙ අත්තමත්ථනා
සො අත්තගුනෙනා සතීමා ගුතේතා -  සුඛං භික්ඛු විහාසසි”

හි අදහස තමන් තමන් කළ වැරැදි දෙස විමසා බලා එම වැරදි වලට චෝදනා කරගන්නා භික්ෂුව (තැනැත්තා) සැපසේ ජීවත් වෙනවා යන්නයි. පින්වතුනි, අප අප දෙසම බැලිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. එකක් කායික පැත්ත . අනික මානසික පැත්ත. කායික වශයෙන් ඇස, දත්, ලේ ආදී ශරීරයේ විවිධ කොටස් ගැන පරීක්‍ෂා කර බැලීම තුලින් එම කායික රෝගවලට පිළියම් යොදලා ලෙඩදුක් සුව කරගෙන සැපසේ ජීවත් වන්න පුළුවන්. ඒ අංශය පිළිබඳ අපේ සමාජයේ බොහෝ දෙනෙක් පරීක්‍ෂා කර බලනවා . රෝග ගැන බලනවා වගේම කයින් කෙරෙන වැරැදි මොනවාද? ඒවා මා තුලින් කොතරම් දුරට කෙරෙනවාද? වචනයෙන් කෙරෙන වැරැදි කොතරම් දුරට කරනවාද? කියලා පරික්‍ෂා කර බලා ඒ කෙරෙන වැරැදි අඩුකරගන්න ඕනෑ.
                                                       අපේ ඇතැම් දෙනෙක් මානසික පැත්ත ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. හිතේ ඇතිවන රෝග තමයි, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම , මානය. මෙවැනි රෝග සිත් තුළට ඇතුළු වුණාම සිත රෝගී වෙනවා. ක්‍රෝධය සිතට ඇතුළු වුණාම තමන් ඉන්නේ කොහේද ? කරන්නේ මොනවාද? ආදී සියල්ලක්ම අමතක වෙනවා. එම ක්‍රෝධයෙන් ක්‍රියාකිරීම නිසා නොසිතූ කරදර ගොඩාක් කරගෙන පසුතැවිලි වනවා. අර ඉස්සර එක බමුණෙක් තමන්ගේ කුඩා දරුවාත් සමඟ ගෙදර ඉන්න ගමන් සුරතලයට මුගටි පැටියෙක් හදාගෙන හිටියනෙ. එක දවසක් දරුවා තොටිල්ලේ නිදි කරවා බමුණා ගමනක් ගියා. මුගටියා දරුවා ඉන්න අසල පැත්තක බලාසිටියා. එක පාරටම නයෙක් ආවා. දරුවා ලඟට යන්න යනවා. මුගටියා පැනලා නයා කෑලිවලට කඩලා දැම්මා. කටේ ලේ පෙරාගෙන තමාකල හපන්කම කියන්න බමුණා එන පෙරමඟට ගියා. බමුණා දරුවාට කරදරයක් කරලා කියලා සැක සිතලා කෝපයට පත්වෙලා අතේ තිබු සැරයටියෙන් ගහලා මැරුවා. පසුව සිද්ධිය දැකලා අපරික්‍ෂාකාරී කමත් ක්‍රෝධයත් ගැන හිතලා පසුතැවිලි වුනා.
වෛරය සිතට ඇතුළු වුන නිසා එකිනෙකාගෙන් පළිගන්න හිතනවා. එම වෛරය මුල්කරගෙන කාලියක්‍ෂනීගේ කතාවේ දැක්වෙන විදියට භවයෙන් භවයට මැරී මැරී උපදින්න (ගමන් කරන්න ) සිදුවෙනවා. වෛර කිරීම නිසා තමන්ගේ සිතට නිතරම වේදනාව ගෙන දෙනවා. එම නිසා එය ඉවත් කලයුතු දෙයක්.
                                                              
                                 ඊර්ෂ්‍යාව මිනිසුන් අතර පමණක් නෙවෙයි. තිරිසන් සතුන් අතරත් පවතිනවා. ඔබේ ගෙදර බලු පැටියෙක් හදාගෙන ඌ ටිකක් ලොකු වුනාම ගෙදරට තව කුඩා පැටවෙක් ගෙන ආ විට බලන්න අර ලොකු සතාගේ හිතේ ඊර්ෂ්‍යාව ඇතිවනවා. එනිසා සමහර විට එයා ගේ අතඇරලා යනවා. නැතිනම් පැටියව හපනවා. චූටි දරුවෙක් ගෙදර ඉන්න විට එයාට තව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ලැබූණම දෙමාපිය සෙනෙහස ඇල්ම බැල්ම කුඩා කෙනාට සමහර විට ටිකක් වැඩිපුර ගියාම ලොකු දරුවාට ඊර්ෂ්‍යාව ඇති වීමට ඉඩ තිබෙනවා. අල්ලපු ගෙදර දරුවා ටිකක් හොදට ඉගෙන ගන්නවා නම් ඒ ගෙදරට තව කෑල්ලක් එකතු කර ගත්තනම් බයිසිකලයක් වාහනයක් ගත්තනම් කුඩා දියුණුවක් පෙන්නුම් කලා නම් මෙහාගෙදර අයට එය බලා ඉන්න බැරිව විවිධ ඇතැම් විට අරියාදු කරන්නේ ඔය ඊර්ෂ්‍යාව නිසා තමයි. ඇයි අපට තව කෙනෙකුගෙ සතුට දිහා බලල සතුටු වෙන්න බැරි. මේ ගැන හිතන්න.
                                                              ලෝභ කමත් ඒ වගේම විනාශයට බලපාන දෙයක්. අධික ලෝභකම , මසුරුකම නිසා පුද්ගලයා අපකීර්තියට පත්වනවා. අදින්න පුබ්බක බමුණා අධික ලෝභයෙන් මසුරුකමින් කටයුතු කරලා ඔහු දැඩි ලෝභියෙක් මසුරෙක් ලෙසට අපකීර්තියට පත් වුනා. ඒ අධික ආශාව මුල්කරගෙන විවිධ සත්ව ආත්මවල උපදින බව ජාතක කථාවලින් පැහැදිලි වෙනවා.තවත් එවැනිම දුර්ගුණයක් මානය එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වගේ. වැඩිපුර නෑවත් ටිකක් නෑවත් , දූවිලි ටිකක් ගියත්, පිනිබෑවත් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. ඒවගේ තමයි රැකියාවක් ලැබුණත් , හොඳට ඉගෙන ගන්න පුළුවන් වුනත්, රූපය ටිකක් ලස්සන වුනත් සල්ලි ටිකක් තිබුණත් හොඳ ගෙයක් දොරක් ඉඩකඩමක් තිබුනත් මේ හැම දෙයින්ම ඇතැම් විට කෙනකු මානයට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට කිසිම දෙයක් නැහැ කියලා කෙනෙක් හීනමානයට පත්වනවා. මානයෙත් කොටස් තුනක් තියෙනවානෙ. සෙය්‍යමාන , සදිසමාන, හීනමාන “ මම අනෙක් අයට වඩා උසස් කියා සිතා ඇතිකරගන්නා මානය සෙය්‍යමානය “ මම අනෙක් අය හා සමානයි කියා ඇතිකරගන්නා මානය සදිසමානය. මම අන්සියල්ලටම වඩා පහත් කියලා ඇතිකරගන්නා මානය හීනමානයයි. මේ කොයි එකෙකුන් පුද්ගලයා පිරිහෙනවා.
                                                පින්වතුනි , නව වසරක් උදාවුන මේ අවස්ථාවේ ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි නිදහස් තැනකට වෙලා තමන් පසුගිය වසරක කාලය තුළ තමන් කළ කී හොඳ නරක මොනවද කියලා විමසල බලන එක කොපමණ සත්තු මැරුවද ? කොපමණ මත්පැන්වලට මුදල් යට කළාද? දුම්වැටියට කොපමණ වැයකළාද? බොරුවෙන් අන් අය රවටන්න උත්සාහ කලාද, පරුෂ වචන, හිස්වචන , අනුන් බේදකිරීමට බලපාන කේළම් කෙතරම් දුරට ඔබේ මුවින් පිටවුනාද? කෙතරම් දුරට මම ඉගෙනීමට , මගේ රාජකාරි කටයුතු කරගෙන යාමට කම්මැලි වුනාද? මේවා ගැන විමසා බලා ඔබේ අඩුපාඩු වලට චෝදනා කරගන්න. ඔබට ගිය වසරේ පෝය දොලහෙන් කීයක සිල් ගන්න බැරි වුනාද? පන්සිල් වලින් කීයක් කඩකලාද? විමසලා බලා මේ වසර තුල අඩුපාඩු දුරුකර ගන්න. අඩුම තරමින් නව වසර තුල පංචශීලයෙන් එකක්වත් නොකඩවා රකින්න පුළුවන්. ඇතැම් අයකු සමාජයේ පුරුදුවෙලා තියෙන්නේ හැම වරදක්ම තවකෙනෙක් පිට පටවන්න . තමන් කරන වරද තමන්ටම පේන්නේ නෑ. පෙරහරේ ගමන් කරන කෙනාට පෙරහර පේන්නේ නෑනේ. එහි අඩුපාඩු පේන්නේ බලාඉන්න අයට පමණයි. ඒ වගේම තමයි තමන්ගේ වැරැදි අඩුපාඩු තමන්ට පේන්නේ නෑ . තව කෙනෙක් වරදක් පෙන්නුවාම උරන නොවී එම වරද පිළිගැනීමට තරම් නිහතමානි වන්න. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිල් ආරක්‍ෂා කරලා භාවනාවට සිත යොමුකරලා මේ වසර අවසානයේ තමන්ටම තමන් ගැන හිතලා සතුටු වන්න පුළුවන්. තමන්ටම ප්‍රශංසා කරගන්න පුළුවන් ස්වභාවයක් ඇතිකර ගැනීමට සිතට ගන්න .

සත්‍යය දකින්නට සිත්පහල වේවා... සියලු දෙනාට තුනුරුවන් සරණයි....!

මාසය තුල සිත්ගත් ලිපි