31 July 2012

අවජාතක ඉතිහාසයක නිර්මාණය















තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය


අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්‍රත්‍යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති.

                                                                            එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්‍යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි. 

                   
ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්‍රත්‍යක්ෂ කරුණකි../// 

එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ‍ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්‍රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්‍රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්‍රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්‍රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ. 
          නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්‍රත්‍යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර ‍තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද?


මෙය ලංකාව තුල එතිහාසික ඉතිහාසයක් නැති උන් අවජාතක ඉතිහාසයක් උන්ටම  නිර්මාණය කරගනීමෙ උත්සාහයකි, ගමේ පන්සලෙන් සිංහල ඉගෙන ගෙන රටවැදුනු පාදිලි හැත්ත ගොඩනගනුයේ කුමක්ද

30 July 2012

තාත්තා


මෙය දිල්නුවන් කියන සොහොයුරෙක් විසින් එවන ලද email එකක තිබු සිත්ගත් ලිපියක් බැවින් අනෙක් සියලුදෙනාට කියවන්න බෙදාගන්න හිතුන, ස්තුතිය දිල්නුවන් සොහොයුරාට 


මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම කොයිතරම් ආස උනත් තාත්තගේ තුරුලේ දැවටෙන්න ලැබුනේ නැහැ.... කුඩා කාලේ ඉඳලා අපි මුන දුන්න විවිධ පවුල අශ්‍රිත ගැටළු ඒකට බලපෑවා.... තාත්තා නිවාඩු පොඩි අඩියක් ගහනවා... ඒවෙලාව බලලා තාත්තගේ අම්මා තාත්තව ලඟින් වාඩි කරගෙන මොන මොනවදෝ කියයනවා...ඊට පස්සේ තාත්තා වේගෙන් බෝතලේ හිස් කරනවා..... ඊට පස්සේ තාත්ගේ ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ..... තාත්තාගේ උකුලේ හුරතල් වෙන්න බලාගෙන හිටිය මට තාත්තා ලඟට ලංවෙන්නවත් බැරි වෙනවා.....තාත්තා කුමක් හෝ දෙයක් වරදිනකන් බලාගෙන ඉන්නවා.... සමහර විට පයිප්පේ ඇරලා තිබ්බ එකට... එහෙමත් නැත්නම් නංගිට කිරි දෙන්න ගිහින් බත රොස් වෙච්ච එකට... ඔය වගේ කුමක් හෝ දෙයක් අල්ලගෙන තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා.... තාත්තාගේ අම්මා තමයි වැඩේට වැඩ්ට ඕන කරන පොර ටික වතුර ටික දානවා... මොකක් හරි දෙයක් නිසා නිස්කාරනේ අම්මට බනිනවා..... අම්මත් දෙවැනි වෙන්න සුදානම් නැහැ..... අම්මත් අම්මාගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.... කථාව දුර දිග යනවා.... මම මුකුත් නොතේරෙන නංගිව උකුලේ තියාගෙන බලාගෙන ඉන්නවා..... නංගිගේ ඇඬිල්ල නතර කරන්න මගේ ඇඬුම හිරකරගෙන......අවසානය වෙන්නේ අම්මාගෙයි තාත්තාගෙයි වාග් ප්‍රහාරය, ගුටි බැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සෙනවා.... මට මතකයි මම තාත්තාගේ ඇඟේ එල්ලිලා කියනවා තාත්තේ අම්මට ගහන්න එපා කියලා....ප්‍රහාරය අවසන් වෙනවා... අවසාන ප්‍රතිපලය වෙන්නේ අම්මා මගේ අතින් අල්ලගෙන නංගිව උකුලේ ගහගෙන අම්මාගේ මහ ගෙදර යන එක....එහෙදී තාත්තා නිතිඥ සහායක් නැතිවම නඩුවේ චුදිතයා වෙනවා.... සම්පුර්ණ නඩුව අහන ආච්චි අම්මා තාත්තව වැරදිකාරයා කරලා පෝරකේට නියම කරනවා.... ඔය විදියට දින කීපයක් ගතවෙනවා..... තාත්තා අපිව හොයාගෙන එනවා... අපිට කන්න දෙයක් අරගෙන.... ආපු ගමන් අපිව තුරුල් කරගන්නවා..... මෙතුවක් කල් තාත්තා ගැන මගේ හිතේ තිබුන හැඟීම වෙනස් වෙනවා... තාත්තා ගේ තුරුලේ සතුටක්, සනිපයක් දැනෙනවා.....
“තාත්තේ ආයි අම්මට ගහන්න එපා“
මම කියනවා....
මුකුත් නොකියාම තාත්තා මගේ ඔළුව ඉඹිනවා.... අදටත් ඒ දැනුන හැඟිම, සෙනෙහස දැනෙනවා....
ටික දවසක් ආච්චම්මලාගේ ගෙදර ඉන්න අපි තාත්තත් එක්කම තාත්තාගේ ගෙදර යනවා.....
මේ විදියට ටික දවසක් ගත වෙනවා.... අම්මත් තාත්තත් බොහොම සතුටින්.. අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා වෙනදට වඩා කලින් ගෙදර එනවා....
හැබැයි මේ දේවල් නොරුස්සන කෙනෙක් ගෙයි කොනක ඉන්නවා....
මේ විදියට දවස් කීපයක් ගතවෙනවා....
සමහර දවසට ලොකු අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා ගෙට ඇතුල උන ගමන් ලඟ තියන පුටුවෙන් වාඩි කරගෙන මොන මොනවදෝ කුටු කුටු ගානවා.... තාත්තා පුටුවෙන් නැගිටින්නේ මාරයාවේශ වෙලා..... තාත්තා කාමරේට එනකොට අපි හාංගෙනවා..... ඉඟියෙන් වගේ අපි දන්නවා මීලඟට වෙන සිද්ධිය... නැවතත් පුරුදු ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා......
පොඩි කාලේ ඉඳලම මේ දේවල් වලට මුහුන දුන්නු මට තාත්තා කෙරෙහි ඇත්වෙන්නේ ද්වේශයක්..... මේ දෙවල් වලට තාත්තාගේ පවුලේ අය දෙන උල්පන්දම් නිසාම ඒ අය කෙරෙහිත් ඇත්වෙන්නේ ද්වේශයක්.....

“නපුරු තාත්තා“

ඒ මට හිතුන හැටි......

මේ විදියට ජිවිතේ ගත වෙනවා... එතනින් මෙතනට.. මෙතනින් එතැනට.... දාම් ලෑල්ලේ ඉත්තෝ වගේ අපි එහාට මෙහාට ඇදෙනවා...... ටිකෙන් ටික අපි ලොකු වෙනවා... තාත්තා කෙරෙහි තියන ආකල්පය එන්න එන්නම දරුණු වෙනවා.... අම්මාත් නැවෙන්න සුදානම් නැහැ... ඇයගේම ස්ථාවරයේ ඉන්නවා.... පුංචි කාලේ ඉඳලාම අපි අම්මාගේ තුරුල්ලට හුරු උන නිසාම ලොකු වෙන කොටත් අපි අම්මාට ලං වෙනවා......

--------------------------------
කාලෙක මමත් තාත්තෙක් වෙනවා...... මගේ පලවෙනි දරැවා මගේ අතට ලැබුන වෙලාවේ මට ඇතිවෙච්ච හැඟීම අපේ තාත්තාටත් ඇතිවෙන්න ඇති නේද මම කියලා කල්පනා කරනවා...... ඒ හැඟිම කිසිම කෙනෙක්ට වචනයට පෙරලන්න බැරි බව මගේ අත්දැකිටමන් මම දන්නවා..... කොයි තරම් කවියෝ උනත් තාත්තෙක් අතට තමන්ගේ දරුවා ලැබෙනකොට දැනෙන හැඟිම විස්තර කරන්න බැහැ.....  ඒ වගේම ඒ එත්තම ඇතිවෙන වගකීම් සහගතබව.... දරුවගේ අනාගතය ගැන හීන මවන හැටි..... මගේ අතට දරුවා දීපු බිරිඳ ගැන හිතේ ඇතිවෙන හැඟීම..... මේ දේවල් කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම්.... 

මගේ පුතා ලැබුනු දා ඉඳලා මම තවත් පැය කීපයක් අතිකාල වැඩ කරන්න පුරුදු උනා..., ඒ මම වෙනුවෙන් නෙමෙයි මගේ දරුවා වෙනුවෙන්......

ඒ වෙලාවේ මට හිතුනේ මගේ තාත්තත් මෙහෙම කරන්න ඇති නේද කියලා.....
උදේට යන කොට තොටිල්ලේ සැපට නිදියන පුතාගෙ නලලට නොරිදෙන හාද්දක් දීලා කම්මුල අතගාලා යන මට මතක් උනේ මගේ තාත්තත් උදේම වැඩට යනකොට මටත් මෙහෙම කරන්න ඇති නේද කියලා..... ,

වැඩ ඇරිලා ඇවිත් බලනකොට, ඇඳේ වකුටු වෙලා බිරිඳගේ තනඩුපුවේ එල්ලිලා හීනෙන් කිරි උරන හැටි දැක්කාම ඇතිවෙන හඟිම යටපත් කරගෙන වඩාගන්නේ නැතිව හිටයේ නින්ද කැඩෙයි කියලා..., එහෙම හිතනකොට මගේ තාත්තාත් එහෙම වෙන්න ඇති නිද කියලා හිතෙනවා....

මටත් නොදැනිම මගේ පුතා ලොකු වෙන කොට... හුරතල් බලන්න බැරි වෙන කොට හිත ඇතුලේ කීරි ගහන වේදනාව සමනය කරගත්තේ මේ හැමදේම කරන්නේ එයාගේ අනාගතේ නිසා නේද කියලා හිත සනසගන්නකොට මට හිතුනේ අපේ තාත්තත් එහෙම කරන්න ඇති නේද කියලා....

මම වැඩ ඇරිලා එනකොට අපේ අම්මා මුන දික්කරගෙන බලා ඉන්න හැටි....,අම්මා මාව ලඟට කරගෙන බිරිඳ ගැන නොක්කාඩු කියන හැටි....,
ගෙට ගොඩ වෙනකොටම අහන්න ලැබෙන දේ වලින් මම කුපිත වෙන හැටි....
අපි අතර වෙන ඝට්ටන.... හැල හැප්පීම්.....
අම්මාගේ පැත්ත ගන්නද.... බිරිඳගේ පැත්ත ගන්නද... අම්මාව සනසන්නද... බිරිඳව සනසන්නද කියලා හිතාගන්න බැරිව මම රෑට තනියම අඬන හැටි...... මේ දෙවල් දැනනකොට මට හිතුනේ අපේ තාත්තා කොයි තරම් තනියම අඬන්නඇත්ද කියලා....

මගේ ලොකු පුතා සෙල්ලමට ගිහින් දත් දෙකක් කඩා ගත්ත වෙලාවේ මම දොස්තර ඒවා ගලෝනවා බලාගෙන ඉන්න බැරි තැන එලියට ගිහින් ඇඬුවා වගේ, මගේ අත රතිඥ්ඥා වලට පිච්චිච්ච වෙලාවේ තාත්තා මගේ ලඟ නොඉඳ එලියට ගිහින් අඬන්න ඇති කියලා මට හිතුනා....

ඉස්කෝලේ එක්කගෙන යන්න බැරි උනාට.... පුතා ගේ පොත් බෑගය දිහා බලාගෙන සතුටු මම සතුටු වෙන කොට...අම්මා අරගෙන දුන්න අලුත් සපත්තු දෙක ඇදේ මුල්ලෙන් තියාගෙන නිදාගනන කොට මට ඇතිවෙන සතුට... අපේ තාත්තා මහන්සි වෙලා හම්බකරන දෙයින් අපේ අම්මා අපි අරගෙන දේවල් දිහා බලලා අපේ තාත්තා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද කියලා හිතෙනවා...

තාත්තෙක් වෙනකම් මට තාත්තාගේ ආදරේ දැනුනේ නැහැ... තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ........ මගේ තාත්තාට මම වෛර කලා කාලයක්.... ඒත් තාත්තා කොයි තරම් දේවල් උහුලගෙන නොසැලී හිටියද කියලා දැන් මට හිතෙනවා......

27 July 2012

සියවන ලිපිය


සියවන ලිපිය ලෙස අගනා දෙයක් ඔබට ලබා දෙන්නට සිත්විය.සියවන ලිපියෙන් නැත ඔබ හමුවීම සතුටකි..මෙතෙක් එක්වූ සියලු සහෝදරයට තෙරුවන් සරණයි සත්‍ය දකින්නට හැකිවේවා..!      



02 July 2012

සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක්

                     අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව නැවතීමට සලකුණු ලැබෙමින් පවතී, එම නිසාවෙන් ඔබ වෙනුවෙන් හරවත් ලිපි පලකරන්නට මාහට නොහැකිවනවා ඇත,එය ඔබ හට කණගාටුවෙන් දැනුම් දෙමි, නැවත හමුවන තෙක් ඔබලා මා සතුව ඇති අනෙක් ලිපි පරිහරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට ඔබලාගෙ නොමසුරු ප්‍රතිචාර (අදහස් /උදහස් ) දක්වන්න.තවත් මෙවැනිම වූ හරවත් ලිපිපෙළක්  සමගින් නැවත හමුවන්නට බලාපොරොත්තුවක් සිත්හි රදවාගෙන ඉවත්වන්නට අවසර

             සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක් යනවග ඔබට මතක් කරමින් නිහඩවෙමි..සියලු දෙනා යහපත් ලෙස ජීවත් වේවා..! සියලු දෙනාටම තුනුරුවන් සරණයි...!      

ඉඩක් ලදහොත් mahason.brotherhood@gmail.com තුලින් ඔබට මා හා සම්බන්ද වියහැකිය.. 

30 June 2012

සීවලීත් අප සමග ආයේද

                                     පින්වත් ඔබල දැක ඇති රුවක් ගැන කතාකරමු, එනම් පාත්‍රයක දන්වලදන හිමිනමකගෙ රුව ඔබලගෙ නෙත් ගැටී ඇත නමින් සීවලී මහ රහතන් වහන්සෙ වන සම්බුදු සසුනෙ අසූ මහා ශ්‍රාවකයන් අතර අග්‍රලාභීයා විය,සීවලී මහ රහතන් වහන්සේගේ කථාව පටන් ගන්නේ මෙහෙමයි. අප ගෞතම බුදුරදුන් දවස උන්වහන්සේගේ ඥාතීන් වූ කෝලිය වංශයෙහි මහා ලිච්ඡවී රජුට දාව සුප්පාවාසා නම් බිසවගේ කුස තුල පුත් රුවණක් පිළිසිඳ ගත්තා. සත් හවුරුදු සත් මසක් යනතුරු දරුවා මෙලොවට බිහි වුනේ නෑ. එහෙයින් මව පමණක් නොව  දරුවාත් එපමණ කලක්ම මහත් දුක් වින්දා.අන්තිම සතිය වනවිට බිසව වඩාත් දුකට පැමිණ සිටියා.ඒ සෑම මොහොතකම ඇය බුදු රදුන් සිහි කරමින් උන් වහන්සේගේ ගුණ සිතමින් තමයි දවස් ගෙවුවේ.
                                      එම වේදනාවෙන් තමා මියයතැ’යි සිතූ ඇය මියයාමට පෙර බුදුරජාණන් වහන්සේ වැඩමවා දනක් පිරිනැමීමට කල්පනා කොට විහාරයට ගොස් බුදුරදුන්ට දානයට ආරාධනා කරන්නැ’යි ඇය ඇගේ ස්වාමියා ගෙන් ඉල්වා සිටියා. තමන් ප්‍රසූතිය නිසා අපහසුවෙන් මහත් වේදනාවෙන් පසුවන බව බුදුරදුන්ට පවසා ආශිර්වාද ලබාගෙන එනමෙන්ද ඇය කියා සිටියා. ඇගේ ස්වාමියා විහාරයට ගො‍ස් සුප්පාවාසා පිළිබඳ විස්තරය බුදුරජාණන් වහන්සේට කියා සිටියා. මහමෙරක් මෙන් කුළුණු ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේ ඇයට ද දරුවාටද ආශිර්වාද කලා. මහා පුදුමයකි, ඒ ආශිර්වාදයත් සමගම සුප්පවාසාව නිවසේදී නිදුකින් පිරි පින්බර පුතෙකු බිහි කිරීමට හැකි උනා. සියල්ලන්ගේ සිත් සතන් සිසිල් කරමින් උපත ලැබූ හෙයින් කුමරැට "සීවලී" යන නම තැබුනා.ආශිර්වාදයයෙන් ලත් මේ අසිරිමත් සිදුවීම නිසා සුප්පවාසාවගේ සිත දැඩියෙන් බැඳී ගියා.එහෙයින් ඇය සත්දිනක් බුදුපාමොක් මහ සඟරුවනට දන් දුන්නා.

                                                සියලු කටයුතු ඉතා දක්ෂව කරමින් වැඩුණු කුමරු තමන් කුස තුල සිටියදී මවත් තමනුත් ඉතා දුක් ගැහැට විඳි බව නොයෙක් දෙනාගෙන් අසා දැනගත්තා.එම දුක නැවත විඳිය යුතු නැතැයි ඔහු සිතුවා. ඔහු කුඩා කලම දෙමාපියන්ගේ කැමැත්ත ගෙන සැරියුත් තෙරුන් සමීපයෙහි පැවිදි වුනා. පැවිද්ද ලබා ටික කලකින්ම විදසුන් වඩා රහත්ඵලයට පත් උනා.පුණ්‍ය බලයෙන් සීවලී මහ රහතන් වහන්සේට කිසි දිනෙක දානයෙන් නම් හිඟයක් නොවීය. මේ එයට කදිම නිදසුනක්. සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරු තමාගේ විවාහ මංගල උත්සවය අවසන්වී ආපසු යමින් සිටිය දී පැවිදි වන්නට කල්පනා කර අතරමග වනන්තරයේදී සිරුරු කිස සඳහා යාමට උවමනා බව කියා රථයෙන් බැස පලාගොස් වන වාසි භික්ෂුන් සිටින ආරාමයකට ගොස් තමන් සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරා බව පවසා ‘කිහිරි වනය’ නම් ස්ථානයට ගොස් එහි වස් වසා ධෛර්ය උපදවාගෙන වස් අවසන්වත්ම රහත් බවට පත්වුනා. තම සොහොයුරා පැවිදි වු බව අසා දැනගත් සැරියුත් තෙරුන් ඔහු දැක ගැනීමට යාමට සූදානම් වුනා. ඒ බව ඇසු බුදුන් වහන්සේ ද එහි වැඩමවීමට සතුටුව භික්ෂු  සංඝයාද පිරිවරාගෙන ගමනට එක්වුනා.එහි යාමට තිස් යොදුනක් පමන මග ගෙවා වනාන්තරයක් මැදින් ඉතා කටුක වූ ගමනක් යාමට ඇතිනිසා භික්ෂුන් වහන්සේලාට සිවුපසය පිළිබඳ ප්‍රශ්නයක් මතු උනා.

මෙහිදී බුදුරජාණන් වහන්සේ
“සීවලීත් අප සමග ආයේදැ’යි විමසුවා. සීවලී මහරහතන් වහන්සේත් ඒ සමග වඩින බව දැන' එසේ  නම් දන් නොවරදින්නේයැ’යි වද්‍රරා එම වනය මැදින් වැඩම කලා. මුළු තිස් යොදුන් ගමන පුරාම බුදුරදුන් ප්‍රමුඛ සංඝ්‍යාට සීවලී තෙරුන්ට ලැබුන නොයෙක් දානමාන  ගෞරවයෙන් වැළඳු බව සඳහන් වෙනවා.

                                බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය ලද්දේ සීවලි මහරහතන් වහන්සේය. එය විදර්ශී බුදුරදුන් කල ලද ප්‍රාර්ථනයක් සමෘද්ධිවීමක් ලෙසයි විස්තර වෙන්නේ.අතීතයේ විදර්ශී බුදුන් ලොව පහළ වු සමයේ දඹදිව බන්ධුමති නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර රැස්කොට බුදු පාමෙ‍ාක් මහසඟනට මහ දන් පවත්වන්නට වුනා.ඔවුනට එක් දිනෙක කිරි හා මී පැණි සොයා ගැනීම මහත් අසීරු උනා.       
                             එදින එක් ගම්වැසියෙක්
  මුදවන ලද දී කිරි පැසක් ගෙන 'විකුණාගෙන එන්නෙමි' යි නගරයට යන අතරමඟ දඬුවල් බෑ මීයක පැණිද රැගෙන යන්නට විය. වාසනාවකට මෙන් මගදී මී හා දී සොයමින් යන පිරිසට ඔහු හමුවුනා. ඔවුන්ට අවශ්‍ය දේ මගදීම ලැබීම නිසා මහත් සතුටට පත් ඔවුන් කහවනුවක්  දී මී පැනි විකුනන ලෙස මගියාගෙන් ඉල්ලා සිටියා. තමා අතවු මී පැනි එතරම් නොවටනා බව දත් ඔහු වැඩි මුදලකට මෙය ඉල්ලන්නේ යම්කිසි වැදගත් වැදකට යයි සිතා ඒවා දිය නොහැකි බව කිව්වා. ක්‍රමයෙන් මිල වැඩි කොට අවසානයේ  කහවනු දහසකව ද ඉල්ලු පසු මෙතරම් වැඩි මුදලකට මෙය ඔබ ගන්නේ කුමකටදැයි  විමසුවා. එය බුදුරදුන්ට පුදන්නට යැ’යි ඔවුන් කී විට ඉතා සතුටට පත් ඔහු තමන්ම ගොස් සැදැහැ සිතින් බුදුනට මී හා දී සියතින්ම පිදුවා. බුදුන් වහන්සේ බොහෝ භික්ෂුණ් වහන්සේ සමග එක්ව එම දන වළඳනු දැක බොහෝ සතුටට පත්ව “මේ කුසලයෙන් මට යසසින් අගතැන් ලබන්නට හැකි වේවා”යි ප්‍රාර්ථනා කලා. ඒ පින් බලෙන් බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය සීවලි මහරහතන් වහන්සේ හට හිමිඋනා.


ඔබට වෙනත් යම් ගැටලුවක්‌ පැමිණියද මේ ආකාරයට එම ගැටලුවට පිහිට වන ලෙසට ඉල්ලා සිටින්න. ඔබට යම් සහනයක්‌ ලැබෙනු ඇත.


සීවලී මහ රහතන් වහන්සේට වැඳීම

1. පියං දේව මනුස්‌සානං -
බ්‍රහ්මණඤ්ච පියං තථා

පියං නාගසුපණ්‌ණතං - කත කිච්චං අනාසවං


2.
ලාභිං ලාභන්තං සබ්බත්ථ -
වනෙගාමෙ ජලෙ ඵලේ

ලාභීන මග්ගතං පත්තං - කත්වාන කුසලං බහු


3.
ජලඤ්ඤං මහාතෙරං - නමාමි සිරසාදරං
සුසීලං සීවලී ථෙරං - නමාමි සිරසාදරං


පහන් පිදීම
4. පියං දේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - දීපෙන පූජයම" හං


මල් පිදීම
5. පිංයදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - පූඡේමි කුසුමේන" හං


සුවඳ පිදීම

6. පියං දේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - ධූපෙන පූජයාම" හං


ගිලන් පස පිදීම

7. පියංදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - ගිලාන පච්චයං ඉමං


ආහාර පූජාව

8. පියංදේව මනුස්‌සානං - කුසුමංච මනොහරං
සුසිලං සීවලී ථෙරං - පූඡේමි භෝජනං ඉමං



                                                                  
සීවලී පිරිත
1. පූරෙත්වා පාරමී සබ්බේ, සබ්බේ පච්ෙච්කනායකා, සීවලී ගුණතේජෙන, පරිත්තං තං භණාමහෙ
න ජාලිතීති ජාලිතාවි
, ආ ඊ ඌ ආම ඉ සවාහා
බුද්ධසාමි බුද්ධසත්‍යම්


2. නාසාසීමෙචමොසීසං, නානජාලිතී සංජලීථ
සදේවමනුස්‌ස පූජිතං
, සබ්බලාභා භවන්තු මෙ

3. සීවලී ච මහාථෙරෝ, සො" රහො පච්චයාදිනං
පියෝ දේව මනුස්‌සානං
, පියෝ බ්‍රහ්මාණමුත්තමො
පියෝ නාගසුපණ්‌නානං
, පීණින්ද්‍රියං නමාම"හං

4.
පදුමුත්තරෝ නාම ජිනෝ, සබ්බධම්මේසු චක්‌ඛුමා,
ඉතො සතසහස්‌සමහි
, කප්පෙ උප්පඡ්ජි නායකො

5. සත්තාහං ද්වාරමූළෙහා"හං, මහා දුක්‌ඛ සමප්පිනො,
මාතා මෙ ඡන්දදානෙන. එවමාපි සුදික්‌
තා

6.
කෙසෙසු ජිඡ්ජමානෙසු, අරහත්තමපාපුණිං,
දේවා නාගා මනුස්‌සා ච
, පච්චයානු පන්නෙති මෙ

7.
පදුමුත්තරනාමඤ්ච, විපස්‌සීං ච විනායකං,
සමපූජංසිං පමුදිතො
, පච්චයෙහි විසෙසතො

8.
නතො තෙසං විසෙසෙන, කම්මානං විපුලුත්තමං,
ලාභං ලභාමි සබ්බත්ථ
, වනෙ ගාමෙ ජලෙ ථලෙ

9.
තදා දෙවොපනීතෙහි, මමත්ථාය මහාමති,
පච්චයෙහි මහාවීරා
, සසංඝො ලොකනායකො

10. උපට්‌ඨිතො මයා බුද්ධෝ, ගනත්වා රේවතමද්දස,
නතෝ ඡේතවනං ගනත්වා
, ඒතදග්ගේ ඨපෙස මං

11.
රේවතං දස්‌සනත්වාය, යදායාති විනායකෝ,
තිංසභික්‌ඛුසහස්‌සේහි
, සහ ලෝකග්ගනායකෝ

12.
ලාභීනං සීවලී අග්ගෝ, මම සිස්‌සේසු භික්‌ඛවෝ,
සබ්බලෝක හිතෝ සත්ථා
, කිත්තයි පරිසායු මං

13.
කිලෙසා Cධපිතං මය්හං, භවා සබ්බේ සමුහතො,
නාගො ච බන්ධනං ඡේත්වා
, විහරාමි අනාසවො

14.
ස්‌වාගතං වත මේ ආසි, බුද්ධසෙට්‌ඨස්‌ස සන්තිකං,
තිස්‌සෝ විඡ්ජා අනුප්පත්තා
, කතං බුද්ධස්‌ස සාසනං

15.
පටිසම්භිදා වාස්‌සෝ ච, විමොක්‌ඛාපි ච අට්‌ඨ මේ,
ජලභිඤ්
Æ සච්äකතා, කතං බුද්ධස්‌ස සාසනං

16.
බුද්ධපුත්තො මහාථෙරෝ, සීවලී ජින සාවකො,
උග්ගතේජෝ මහාවීරෝ
, තේජසා ජිනසාසනං

17.
රක්‌ඛන්තො සීලතේජෙන, ධනවන්තෝ යසස්‌සිනෝ,
ඒවං තේජානුභාවෙන
, සදා රක්‌ඛන්තු සීවලී

18.
කප්පට්‌ඨායි ති බුද්දස්‌ස, බෝධිමූලේ නිසිදිය,
මාරසේනප්පමද්දන්තො
, සදා රක්‌ඛන්තු සීවලී

19.
සදපාරමිතං පත්තො, පබ්බජී ජිනසාසනේ,
ගෝතම සාක්‍ය පුත්තෝසී ථෙරේන මම සීවලී


20.
මහා සාවකා අසීතිංසු, පුණ්‌ණථෙරෝ යසස්‌සිනො,
භවභොග්ගලාභිසු
, උත්තමෝ තේන සීවලී

21.
ඒවං අචින්තියා බුද්ධා, බුද්ධම්මා අචින්තියා,
අචින්තියේසු පසන්නානං
, විපාකෝ හෝති අචින්තියෝ

22.
තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,
තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බභයවිනාසනං


24.
තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,
තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බදුරෝගවිනාසනං


(
මේ පිරිත භාවිතා කිරීමෙන් වෙළ¹ම ආදියෙන් ලාභයද, අහාරපානාදිය සුලභද වේ. රජ සොර සතුරු භය තුන් දොරින් හටගන්නා අනතුරුද දුරුවෙත්, මෙහි "මෙ" යන තැනට "තෙ" කියාද, ඞ "මං" යන තැනට "ත්වං" කියාද අනුන්ට කියන විට යෙදිය යුතු.)

උදේ හවස දෙකෙහි භාවිත කළ යුතු සීවලී දැහැන


නමො සිද්ධ සීවලීරාජා පඨවියා සබබතොමෙව ආකාසෙ උදකෙන
නෙවිසං සං හසසං තමපිසාරෙමි සබ්බලාභං උපෙනතු මෙ.

නමාමහං මහාලාභිං සීවලීනාම අරහන්තං තසස තේඡේන

සබ්බලාභ උපෙන්තු මෙ.


නමෝ ථෙරසස යතෝ හෝති යසස යනතා පියායති යසස යනති නමො නමඃ

නමෝ ථෙරසසනතියො නාමකිං මෙ සුතං එතං ගබ්භනෙති සීවලී තෙජානං එවං සීවලී නමඃ නවිසසනති නමඃ


නමෝ තෙජං ලොකේන සෙටඨං නරාසභං එතං තෙජෙනෙ සෙටඨං නරාහතිං තේජ නමඃ

නමෝ සොභිස දිසසනති තෙජි පිය දසසති නමඃ

නමො ජාති ජාලා ගාර විසඳන ආකාස අහනතීච ඊවදා හනිති යසස ථෙරස්‌ස තෙ ජයතේ නමඃ

බුද්ධං සිං සං සිද්ධං නමො මුනි මුනි ශ්‍රී මුනි මුනි සවභාඃ

සියලුදෙනාට තෙරුවන් සරණයි....!
අන්තර්ජාලයෙන් උපුටා ගැනුනි
         

මාසය තුල සිත්ගත් ලිපි