12 September 2012

කඨින චීවර පූජාව

                                       සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පින් කෙතක් වූ අපේ මහා සංඝරත්නය වස්කාලය තුළ තමනට සිව්පසයෙන් ඇප කැපව උපස්ථාන කරන අනුගාමිකයන්ගේ චිත්ත සන්තානය ශුද්ධාදී උතුම් චේතනාවලින් පුරවා දෙලොව අභිවෘද්ධිය ඇති කරලීමට උනන්දුවන්නේ නම් එය ගිහි පැවිදි දෙපක්‍ෂයටම අපමණ ශාන්තියකි. බණ දහමට පුරුදු කරවීම පන්සල් ආරාම පවිත්‍ර කිරීම පුරාණයේ පැවති ග්‍රන්ථධූර විදර්ශනා ධූර පුරුදු පුහුණු කිරීම යනාදී ආගමික, ජාතික , කාර්යයන්ට වස් කාලය අපතේ නොයවා කාලය, ශ්‍රමය, බුද්ධිය , වීර්ය පිළිවෙත් වෙනුවෙන් ආයෝජනය කරන්නේ නම් ලාංකික සමාජය තුළින් මෙයට වඩා දහස් ගුණයෙන් කුශලතා වර්ධනය වේ.
                                  වසරේ අවසාන භාගයේ ඉල්මාසය තුළ සිදු කරන කඨින චීවර පූජා පින්කම ගම් නියම්ගම් නගර රාජධානි වල වෙහෙර විහාර, ආරාම , පිරිවෙණ්, විද්‍යායතනයන්හි සිදු කරන්නේ ආගමික , ජාතික , සංස්කෘතික පුණ්‍ය මහෝත්සවයක් වශයෙනි. බෞද්ධ අබෞද්ධ ජනයාගේ සිත් සතන් ප්‍රබෝධවත් කරන ශ්‍රද්ධාව පෝෂණය වන ජාතික අභිමානය, සමගිය වර්ධනය කරන මෙම කාලය තුළ ගිහි පැවිදි සම්බන්ධය තහවුරුවීමෙන් සම්බුද්ධ ශාසනය පිළිබඳ ඉමහත් අපේක්ෂා රාශියක් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ භාග්‍යය උදාවේ.

කඨින චීවර පූජා පින්කමක් අර්ථාන්විත කර ගැනීමට ප්‍රධාන කාරණා කීපයක් අවශ්‍යවේ.
01. උපසපන් භික්ෂුවක් වස් කාලය තුළ එය ආරක්ෂා කරගෙන සංඝයා මැද පවාරණය කිරීම
02. දායකයන් විසින් ධාර්මික කඨින වස්ත්‍රයක් සපයා ගෙන සංඝයාට පැවරීම
03. කඨින චීවරයක් වශයෙන් මසා පඬුපොවා මහා සංඝරත්නයට පූජා කිරීම
04. මහා සංඝ රත්නය විසින් විනයනය ලෙස භික්‍ෂුවකට පැවරීම
05. ධර්ම විනය විශාරද භික්‍ෂුවක් විසින් කඨින චීවර පූජාවේ ආනිසංස පිළිබඳ ධර්ම දේශනාව
                                                          කෙනෙත්‍ථන කඨිනං ? ථිරෙත්‍ථන කඨිනං සංගණත්ථෙන කඨිනං “ යනාදී නයින් අනාමන්තචාරාදී ආනිසංස ස්ථිර වශයෙන්ම විපාක දෙන බැවින්ද වෙනත් සාමාන්‍ය අකුසල ධර්ම අභිබවා විපාක දෙන බැවින් ද තවද වෙනත් කුසල ධර්මවලට වඩා හැකි ඉක්මනින් තිර වශයෙන්ම ප්‍රතිවිපාක දෙන නිසාද එමෙන්ම ධර්ම විනය වශයෙන් මෙම චීවර පූජාව කරගැනීමේ දුර්ලභ කම වශයෙන්ද ‘කඨින’ යැයි ව්‍යවහාරවේ.
                                සම්බුද්ධ ශාසනයේ දැක්වෙන අට මහා කුසල් වලින් කඨින චීවර පූජාව ප්‍රධානතම කුසලය වන අතර එය භික්‍ෂු, සාමණේර, භික්‍ෂුණී, සාමණේර , ශික්‍ෂමානා යන අයට යෝග්‍ය කාලයෙහි පූජා කළ හැකි බව කඨිනානිසංසයේ දැක්වේ.
                                         වස්ත්‍රය කඩකැපීම, මැසීම, පඬුපෙවීම, කප්බිංදු තැබීම යන කාර්ය සම්පූර්ණ කොට මහා සංඝරත්නයට පූජා කළ පසු කඨින චීවරය ලැබූ භික්‍ෂුව විසින් අධිෂ්ඨානකොට එය පරිහරණය කරනු ලැබේ.
                                              අප බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද කඨින චීවර පූජාවේ ආනිසංස අප්‍රමාණ වේ. අඳනය, තනිපට සිවුර , දෙපට සිවුර , සකසා ගැනීම , පූජා කිරීම , අධාරදීම , අනුමෝදනය , ධර්මවිනායනුගතව පරිහරණය අතිශ්‍රේෂ්ඨ කුසල් ලබා ගැනීමේ මහාපින්කම් වන අතර එයින් සසර සැරිසරන භවයක් පාසා දුගති නිවාරණය දේව මානුෂිකාදී සැප සම්පත් ආදිය ලබමින් මතු මත්තෙහිද දානමානාදී කුසල් කිරීමේ භාග්‍යය ධ්‍යාන, විදර්ශනා මාර්ගඵලාදී උතුම් මිනිස් දහම් ලැබීම, අවසන නිවනින් සැනසීම යනාදී සම්පත් ලැබීමේ වාසනාව උදා වේ.
                          අප ගෞතම සර්වඥයන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහ වෙහෙර වැඩ වසන සමයෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් නාගිත නම් කුමාරයෙක් සියලු සැපතින්, පිරිපුන් සුවයෙන්, දෙමවුපිය සෙනෙහස ලබමින් වැඩෙන්නේ පෙරභවයන්හි කරන ලද චීවර පිරිකර පූජාදී මහාකුසල බල මහිමයෙන් ඤාතීන් පිරිවරා දෙව්රම් වෙහෙර වෙත ගොස් උතුම් බුදු ගුණ අසා ශ්‍රද්ධාදී කුසල චේතනාවෙන් පැවිදිව අර්ථ, ධර්ම , නිරුක්ති, ප්‍රතිභාන යන සිව් පිළිසිඹියා පත් රහත් බව ලැබූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අතර විරාජමාන වූ සේක.
දිනෙක සර්වඥයන් වහන්සේ නාගිත බුද්ධ පුත්‍රයන් වහන්සේගේ විශේෂ කුසල කර්මය ප්‍රකට කරනුවස් ආනන්ද තෙරුන් කැඳවා “ අද අනෝතත්තවිලට යාම සඳහා එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ පන්සීයක් රහතන් රැස් කරවයි” වදාළ සේක. ක්‍ෂණයකින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සීයක් මහරහතන් වහන්සේ හිමාල වනය හාත්පස හා අනෝතත්ත විල්තෙර එක පැහැර බබුළුවමින් වැඩ උන්හ.
                                     බුදුරජාණන් වහන්සේද “මහණෙනි” තොප අතුරෙන් පෙර ජාතියෙහි බුදු පසේ බුදු මහරහතන් උදෙසා කළ විශේෂ කුසලයක් ඇත්නම් ප්‍රකාශ කරවයි වදාළ සේක. මේ අසා වැඩ හුන් රහතන් වහන්සේ අතරින් නාගිත මහ රහතන් වහන්සේ පූර්ව ජන්මය ආවර්ජනා කරමින් මාගේ මේ ආශ්චර්යවත් කුසල බල මහිමය ප්‍රකාශ කිරීම මතු සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හේතුවන බවත් ජනයාගේ ශ්‍රද්ධාව ප්‍රවර්ධනය වන බවත් දිවැසින් බලා, හුනස්නෙන් නැගී බුදුන් වැඳ අවසර ගෙන තමන් කළ පින්කම් ගෙනහැර දක්වා වදාළසේක.
මෙකපට ඒකානුවන කපින් යට විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළව දහම් අමා වැසි වස්වා කෙලෙස් ගිනි නිවාලන සමයෙහි බන්ධුමතී නම් නුවර කුල පුත්‍රයකුව බුදුරදුන් වෙත පැමිණ බණ අසා පැහැද බුදු පාමොක් මහ සඟනට දන් දුන්නෙමි. තවද වස් විසූ ශ්‍රාවකයන් වහන්සේට සියලු පිරිකර සහිත කඨින චීවරයක් පූජාකොට මවිසින් කළ මේ කුසලය මතු අර්හත් ඵලයෙන් ලබන නිවන් සුවයට උපනිශ්‍රය වේවායිද ප‍්‍රාර්ථනා කළෙමි.
                         මේ මහා කුසලයේ බලයෙන් නරකාදී සතර අපායේ නොඉපිද , දෙව් මිනිස් සැප විඳිමින් මහා කල්ප තිහක් සසර සැරිසරා යන්නේ , අටළොස් කල්පයක් දිව සැපත් වින්දෙමි. සිව් තිස් වරක් සක් දෙව් රජව දිව්‍යරාජ්‍ය සම්පත් ලබා ගත්තේද මේ කඨින දානයේ අනුසස් වශයෙනි. දෙව් මිනිස් දෙගතියෙහි රාජ්‍ය සම්පත් භුක්ති විඳිමින් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ උසස් කුලවල ඉපිද යථාපරිදි සියලු සැප සම්පත් ලබමින් සියලුදෙනා අතර ශ්‍රේෂ්ඨව පි‍්‍රයමනාපව දීර්ඝ කාලයක් සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් පැවිදි බව ලබා රහත් බව ලැබ ඉර හඳ සේ සසුනඹර ප්‍රකට වූයේ ඒ මේ කඨින චීවර දාන මහා කුසලයේ ප්‍රති විපාක වශයෙනි. යනුවෙන් නාගිත රහතන් වහන්සේ , තම අතීත කුසල කර්ම හා විපාක ගෙනහැර දක්වා වදාළ සේක.
                       බක්කුල මහරහතන් වහන්සේ මෙන් නීරෝගී සුව ලැබීමට, සීවලී, නිග්‍රෝධාදී රහතන් වහන්සේට මෙන් ප්‍රත්‍යලාභීවීමට සැරියුත් , නාගසේන ආදී රහතන් වහන්සේ සෙයින් තීක්‍ෂණ ප්‍රඥාව ලැබීමට , මුගලන් , පිණ්ඩෝල භාරද්වාජ ආදී රහතන් වහන්සේ සෙයින් ඍධි බල මහිමයෙන් දුටුවන් වශී කිරීමේ වාසනා භාගී වීමට මහා මන්දාතු ආදී රජවරුන් සෙයින් මහායුෂ, මහාබල ලැබීමට උපනුපන් ආත්මවලදී සතර මහා නිධාන ලැබීමට ආදී මේ උතුම් පැතුමක් සමෘද්ධ කරගැනීමට කඨින චීවර පූජාව ප‍්‍රබල අනුබලයක් විය හැකිය.

                                               කඨින පින්කම ගමේ පළාතේ දක්‍ෂ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ කෞශල්‍ය ප්‍රකට කිරීමටද උපයෝගී කර ගනු ලැබේ. වස් කාලය තුළ සූවිසි විවරණ පූජා සත් සති පූජා ආලවක දමන , යුගාසන ධර්ම දේශනා, ආදී පූජා , සංදර්ශන නර්තන, කවිබණ , විරිදු බණ, පන්සාළිස් බණ , සල්පිල් , මල්වට්ටි වෙන්දේසි , පෙරහර යන සියල්ල ක්‍රියාත්මක කරන විට පන්සල හා ගම අතර ඇති සම්බන්ධය , ආගමික අවබෝධය බෞද්ධ කලාවේ උන්නතිය , ආර්ථික , සාමාජික , අභිවෘද්ධිය ඇතිවේ. මේ නිසා වස්සාවසානයේ සිදු කරන කඨින මහා පින්කම බෞද්ධ ජනතාවට කැමැති කැමැති සම්පත් ලබාදෙන කප්රුකක් හා සමානවේ.

 උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. 

10 September 2012

නිවන

අගනා ලිපියක් ලැබුන මෙය පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි විසින් කරවූ මෙම ලිපිය තවත් සොයුරන් වෙත ලබාදෙන්නට සිත්වුන එය මෙසේය
 


                      නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?
                            සාමාන්‍යයෙන් ලොව ඕනෑම ආගමක් පහළ වන්නේ සත්ත්වයා පවතින තත්ත්වය තුළ පීඩාකාරීව ජීවත් වනවා යන හැඟීම නිසාය. මෙය අප ‘දුක්ඛ’ යනුවෙන් හඳුන්වමු. හැම ආගමකම අවසාන ඉලක්කයක් වේ. මේ ඉලක්කයේ දී අවසන් වශයෙන් අරමුණු කරන්නේ දුකින් තොර බවයි. දෙවියන් වහන්සේ වේවා, මහා බ්‍රහ්මයා වේවා, ඊශ්වරයා වේවා කිනම් පදාර්ථයක් විශ්වාස කළ ද සියලුම ආගමිකයෝ අවසානයේ දී දුකින් තොර බව අපේක්‍ෂා කරති. බුදු දහම එසේ නැවත දුක ඇති නොවන තත්ත්වයට පත්වීම, නූපදින තත්ත්වයට පත්වීම “නිබ්බානය” යනුවෙන් හඳුන්වයි. එය සුඛ හෝ දුක්ඛ යන ව්‍යවහාරයන්ට හෝ අප සම්මුති ලෝකයේ භාවිතා කරන කිසිදු නිර්ණායකයකට ඇතුළත් තත්ත්වයක් නොවේ.
දුක්ඛක්ඛය – දුක නැති කිරීම
තණ්හක්ඛය – තෘෂ්ණාව නැති කිරීම
විරාග - රාගය නැති කිරීම
නිබ්බාන - කෙලෙස් නිවා දැමීම



       ආදී වචන රාශියක් නිවන හැඳින්වීම සඳහා යොදාගෙන තිබේ. මුලුමනින්ම ඇති නොවන පරිදි සසර අත්හිටුවීම, නතර කර ගැනීම හෝ නැතිකර දැමීම නිවන ලෙස බුදු දහම සඳහන් කරයි.
“තෙ ඛීණ බීජා අචිරුල්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායම්පදීපො” යනුවෙන් බීජ නැති වූ පසු යළි නොම ලියලන තෘෂ්ණාව ඇති ඒ රහතුන් පහන් මෙන් නිවී යන්නාහු යැයි රතන සූත්‍රය පෙන්වා දෙයි. එසේ වන්නේ නික්ලේෂී උතුමන් වහන්සේලාට ය. ඉන්පසු නැවත ඇතිවීමක් නැත. එවන් තත්ත්වය නිබ්බාන යන වචනයෙන් බුදු දහම පැහැදිලි කරයි.

               නිර්වාණය අපට තේරුම්ගත හැකි ද? නිවන අපට අත්දැකීමක් නොවන නිසා එය අර්ථකථනය කිරීම අපහසු ය. ඉබ්බා ගොඩබිම හා මුහුදේ දෙකේ ම ඉන්නා සතෙකි. ගොඩබිම ඇවිද වතුරට යන ඉබ්බාට මාළුවෙක් හමුවේ. එහිදී ඉබ්බා මාළුවාට ගොඩබිමේ ස්වභාවය විස්තර කරයි. ඒ මෙසේය. ගොඩබිම බොහෝ රළු පෘෂ්ඨයකි. මෙහි බියකරු රළ නැත. මෙහි කිමිදෙන්නට බැරිය. එහෙත් මෙම විස්තරය පිළිගැනීමට මාළුවා සූදානම් නැත. එයට හේතුව මාළුවාට ගොඩබිම පිළිබඳ අත්දැකීමක් නැති හෙයිනි. එහෙයින් මිනිස් බස ගොඩනැගී ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් ග්‍රහණය කර ගන්නා දේවල් විස්තර කිරීමට ය. නිවන වැනි සංස්කරණය නොවූ, අසංඛත වූ අපේ අත්දැකීමක් නොවූ දෙයක් විස්තර වන භාෂාත්මක ව ප්‍රකාශ කළ හැකිද යන්න ගැටළුවක් සේ දැනේ. එහි දී අපි බොහෝ විට අභාවාර්ථ පද භාවිතා කරමු. දුක්ඛක්ඛය, ව්‍යාපජ්ජ, විවට, ඛේම, කෙවල, අපවග්ග, විරාග, නිරෝධ, අසංඛත, සිව,අමථ, සුදුද්දස, සරණ, පරායණ, අනීතික ආදී වශයෙන් නිවන හඳුන්වන වචන වලින් වැඩි වචන ගණනක ඇත්තේ අභාවර්ථය යි. අභාවර්ථ යනු නැත යන්නයි. දුක නැති තැන, තෘෂ්ණාව නැති තැන, කෙලෙස් නැති තැන යනුවෙන් ය. එසේ නම් අප නිවන පිළිබඳ කථා කිරීම යනු ඇති කම හෙවත් පැවැත්ම ඇති තැන සිට නැතිකම හෙවත් නැවැත්ම ගැන කථා කිරීම යි. ඇති තැන යනු දුකෙහි, කෙලෙස්වල, උපතෙහි ඇති බවයි. නිබ්බානය අර්ථකථනයේ දී අපට කළ හැකි දේ අපට ඇති අත්දැකීම් තුළ සිට සාකච්ඡා කිරීම විනා අන් කළ හැකි යමක් නොමැත. සසරට අයත් අත්දැකීම් මත සිට නිවනට අයත් ස්වභාවය තේරුම් ගැනීම පහසු කාර්යයක් නොවේ.
                               බුදුහාමුදුරුවෝ දේශනා කර ඇති පරිදි පෘථග්ජන හැම කෙනෙකුගේ ම හිත ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. පෘථග්ජනයෝ නිරන්තරයෙන් ම මානසික වශයෙන් කිසියම් රෝගයකින් පෙළෙති. යම් විටෙක කය රෝගයකින් නො පෙළුනත් මනස නිරන්තරයෙන් ම රෝගයකින් පෙළෙන බව පෙනේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, මානය වැනි කාරණා නිසා අප මනසින් ලෙඩ වී සිටිමු. මෙසේ මානසික ප්‍රපඤ්චවල ගැලී ඉන්නා අපට විමුක්තිය ලබාගන්නා තුරු, කෙළෙස් අවසන් කරන තුරු දුක තුළ වේදනාව තුළ පීඩාව තුළ ජීවත් වීමට සිදුව ඇත. ස්කන්ධ යන සංකල්පයට අනුව බලන කල්හි මේ පංචස්කන්ධය බුදුදහමේ හඳුන්වන්නේ සසරට හේතුවන කරුණක් ලෙසින් නොවේ. පඤ්ච උපාදානස්කන්ධය සසර පැවැත්මට බලපාන සාධකය යි. පඤ්චස්කන්ධය බුදුවරයෙකුට ද ඇත. රූප, වේදනා, සංඥා සංඛාර, විඥාණය රහතුන්ට ද ඇත. නමුත් ඒ දේවල්වල නැවත ඇති වීමට හේතුව උපාදානය යි. එල්බ ගැනීමයි. මේ උපාදානස්කන්ධ පඤ්චකය දිගින් දිගට පවතින සත්ත්වයා හඳුන්වන්නේ සංසාර ගත සත්ත්වයා ලෙසයි.
ඛන්ධානං පටිපාටි
ධාතු ආයතනානි ච
අබ්භොච්ඡින්නං වත්තමානං
සංසාරෝති පවුච්චති

ස්ඛන්ධ, ධාතු, ආයතන ආදිය නොසිඳි දිගින් දිගට පැවැත්ම සසර යනුවෙන් හඳුන්වා ඇත. ස්කන්ධ යනු රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණයි. ධාතු යනුවෙන් අට්ඨාරස ධාතු හඳුන්වා දෙයි. එනම්,
චක්ඛු - රූප – චක්ඛු විඤ්ඤාණ
සෝත - ශබ්ද - සෝත විඤ්ඤාණ
ප්‍රාණ – ගන්ධ - ඝාණ විඤ්ඤාණ
කාය - පොට්ඨබ්බ – කාය විඤ්ඤාණ
මන – ධම්ම – මනෝ විඤ්ඤාණ

             මේ අට්ඨාරස ධාතුන් ය. ද්වාදස ආයතන යනු ඉන්ද්‍රිය සහ අරමුණු වශයෙන් වන ආයතන දොළස යි. චක්ඛු ආදී ඉන්ද්‍රියයන් සයක් හා රූපාදී අරමුණු සය මෙහිලා ද්වාදසායතන යනුවෙන් හඳුනා ගත යුතුය. මේවා නොසි දී දිගින් දිගට පැවැත්මට අපි සංසාරය යයි කියමු. සංසාරය යනු ස්කන්ධ පංචකයේ නොනැවැතී පැවැත්ම යි. මේ නොනැවතී පැවැත්මට හේතු වනුයේ උපාදානය යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෘෂ්ණා ත්‍රිත්වය නිවන දුරස් කිරීමට හේතු වෙයි.
                                             මෙම අර්ථකථනය දක්නට ලැබෙනුයේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ ය. බුදුදහම පෙන්වන අයුරු දුක්ඛ යන්න පරිඤ්ඤෙය්‍යෙ ධර්මයකි. එනම් අවබෝධයට හෙවත් තේරුම් ගැනීමට ඇති කරුණකි. ඉන්පසු සමුදය යි, දුකට හේතුව යි. එය පහාතබ්බ ධර්මයකි. හෙවත් ප්‍රහාණය කළ යුතු වේ. එයට අප තෘෂ්ණාව යැයි කියමු. විමුක්තිය සච්ඡිකාතබ්බ ධර්මය කි. එනම් විමුක්තිය සාක්ෂාත් කළ යුතු දෙයකි. එමෙන් ම මාර්ගය භාවෙතබ්බ ධර්මයකි. වැඩිය යුතු දෙයකි. එහි එකක් අවබෝධ කළ යුතුය. තවෙකක් ප්‍රහාරණය කළ යුතුය. තවෙකක් වැඩිය යුතුය. තවෙකක් සාක්ෂාත් කළ යුතුය. චතුරාර්ය සත්‍යය විවිධ ක්‍රියාකාරිත්වයකින් යුතු උපකරණයක් මෙනි. ඒ ඒ අංග හතරට ඇත්තේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් හතරකි.
                                     තෘෂ්ණාවෙහි යථා ස්වභාවය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙන්ම සච්ච විභංග සූත්‍රාදියෙහි ද විස්තර වන්නේ “යායං තණ්හා පොනොභවිකා නන්දිරාසගගතා තත්‍රතත්‍රාභිනන්දිනී කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යනුවෙන් යම් තෘෂ්ණාවක් ඇත් ද පුනර්භවයට පදනම සලසයිද ඇල්මෙන් රාගයෙන් යුක්ත වූයේ ද, ඒ ඒ භවයන්හි අලවන්නා වූ ද, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදිය තෘෂ්ණා ලෙසින් විස්තර වෙයි. කාම ලෝක එකොළහකි. මිනිස් ලොව, දිව්‍යලෝක සය හා සතර අපාය එම කාමලෝක එකොළස යි. මෙම කාම ලෝකයන්හි කාම සම්පත් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තෘෂ්ණාව කාම තණ්හා නම් වේ. භව තණ්හා නම් භවයන් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තාෂ්ණාවයි. මෙය ශාස්වත දෘෂ්ටිය පදනම් කරගෙන ඇතිවන්නකි. එනම් සදාකාලික ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුත් පුද්ගලයාගේ දෘෂ්ටිය යි. විභව තණ්හා යනුවෙන් මරණින් පසු උපතක් නැතැයි පිළිගන්නා උච්ඡේද දෘෂ්ටිකයනට ඇතිවන තාෂ්ණාව පෙන්වා දෙයි. තුන්වැනි කාරණාව ලෙස නිවන දැක්වෙයි. “ යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගියො මුත්ති අනාලයො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං” යනුවෙන් මේ තෘෂ්ණාව මුලිනුපුටා දැමීම, ඇල්ම සම්පූර්ණයෙන් ම අවසන් කිරීම, අත්හැර දැමීම, දුරින් දුරු කිරීම, මිදී යාම, නොඇල්ම නිබ්බාන යනුවෙන් අර්ථකථනය කොට ඇත. ඒ නිසා සසර පැවැත්මට හේතුවන මූලික ම සාධකය ලෙස බුදුදහම තෘෂ්ණාව පෙන්වා දෙයි. තෘෂ්ණාව යනු අප සසරට බැඳී ඇති හේතූන් ය. ඒවා අවසන් කිරීම නිවනයි.
                       නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් මතු කරගත හැකි දෙයක්ද? නො එසේ නම් පාරිභෞතික සංකල්පයක් ද ? “ පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී” නිවන – නුවණැත්තෝ තම තමා විසින් කළයුතු අවබෝධය යි. පච්චත්තං යන්න ප්‍රත්‍යක්‍ෂ යන අරුත නොදේ. පච්චත්තං යනු තම තමන් යන අරුතයි. එනිසා බාහිර ලෝකය තුළ ඇස, කන ආදිය ඉන්ද්‍රියගත අරමුණු ප්‍රත්‍යක්‍ෂ කිරීමට වඩා වෙනත් අරමුණක් බුදු දහමේ ඉගැන්වෙන පච්චත්තං යන්න තුළ පවතී. මෙය අපට අත්දැකීම් ඇති දෙයක් නොවේ. එසේ නම් නිතර ම වචනයට යා හැකි දුරකට ධර්ම දේශනා තුළින් අපට යා හැකිය. නමුත් ඉන් ඉදිරියට පුද්ගලයා තමාගේ මනසින් ඉතිරි කොටස ගොඩනගා ගත යුතුය. නිවන පිළිබඳ තාර්තිකයෝ විවිධ තර්ක කරති. ඉන් අපට විමුක්තිය සලසා ගත නොහැක.
ලෞකික යනු ලෝකයට අයත් යන අරුතයි. ලෝක + උත්තර ) වේ. ලෝකෝත්තර තත්ත්වයට පත් වූ නැවත එල්බ ගැනීමක්, ප්‍රාර්ථනාවක් අපේක්‍ෂාවක් නොමැත. පහනක් නිවුන පසු ඉහළට ගියා ද පහළට ගියා ද යන්න කිව නොහැක. එක දිශාවකට හෝ වෙනත් දිශාවකට ගියේ යැයි කිව නොහැක. තෙල් ඉවත් වූ පසු මුළුමනින් ම පහන නිවේ. තෙල් ඉවර වී නිවුන පහන යලි නොදැල්වේ. දුක නැති කිරීම විමුක්තිය යි. එය මිනිසාට මහත් සහනයකි. මෙය බුදුදහම පෙන්වන්නේ අතිශය සියුම් වින්දනීය තත්ත්වයක් ලෙසිනි. මෙහි වින්දනීය යන්න අප නිතර කථා කරන කාම වින්දනයක් හා සම්බන්ධ කර නොදැක්විය යුතුය. මේ වින්දනීය තත්ත්වය අකලංක වූ, විශ්වාසනීය වූ පිවිතුරු වූ, නිස්කලංක වූ තත්ත්වයකි.
දස සංයෝජනයට අයත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටීඝ යන මේ දේවල් ඕරම්භාගය සංයෝජන ලෙස පෙන්වයි. පුද්ගලයාගේ කාම ලෝකවල ඇලීම සඳහා හේතුවන සක්කායදිට්ඨි විචිකිච්චා, සීලබ්බත පරාමාස යන කරුණු තුන සෝවාන් මාර්ග ඤාණයේ දී ප්‍රහීණ වේ. නමුත් කාමරාග හා පටිගරාග තවදුරටත් ඉතිරිව ඇත්නම් එය සකෘදාගාමී මාර්ගයේ දී ප්‍රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගයේ දී සියල්ල මුළුමණින්ම ප්‍රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගෙය් දී සියල්ල මුළුමනින් ම ප්‍රහීණත්වයට පත් වේ. මෙය ධර්මානුකූල අර්ථකථනය යි. මෙහි දී පැහැදිලි වන්නේ ක්‍රමානුකූලව අදියරෙන් අදියරට පුද්ගලයා සෝවාන් මාර්ග ඥානයේ සිට අරහත් ඵලය දක්වා ඇතිකර ගන්නා සංවර්ධනයක් පවතින බවයි. සෝවාන් මාර්ග ඤාණය ලැබූ තැනැත්තා සත්තක්ඛන්තු පරම නම් වේ. එහි තේරුම යළිත් භවයන් හතකට වඩා ඉදිරියට නොයන බවයි. එවන් පුද්ගලයින් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ,
 
“පථව්‍යා එක රජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලෝකාධිපච්චේන - සෝතාපත්ති ඵලං වරං “


               යමෙක් චක්‍රවර්ති රජ වුවත් සිටින්නේ සංසාරයේ ය. එබැවින් සක්විති රජ වීමටත් වඩා, දිව්‍යලෝකයට යාමටත් වඩා, සෝවාන් ඵලය උතුම් ය. බුදුදහමට අනුව සැප යන හැම සංකල්පයක් ම පෙරළීම නිසා අවසානයේ දුකක් බවට පත් වේ. මෙය විපරීනාම දුක්ඛ නමි. අප සැප යැයි සිතා ළඟා කර ගන්නා දේවල් දිගින් දිගට ගෙන යාමේ දී සැප යැයි සැලකීමට නොහැකි තත්ත්වයකට පත් වේ. එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා ය බුදු දහම විමුක්තිය හඳුන්වා දෙනුයේ. නිවනට කිසිවකු බිය විය යුතු නැත. නිවන තුළ අපට අප ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අත්හැරිය යුතුය යනුවෙන් යමෙක් සිතන්නේ නම් එය වැරදි කල්පනාවකි. අප ඔවුන් හා එක්ව සිටින්නේ තාවකාලික කාලයක් පමණි. එසේ එක් වී සම්බන්ධතා ගොඩනගාගෙන කලක් ජීවත් වී අකැමැති වුවත් ඔවුන්ගෙන් වෙන් වී මේ ජීවිතය අවසන් කරමු.
                   යළිත් මෙවන් ශරීර කූඩුවක් ලබා ගනිමු. මේ අනුව අප වර්ධනය කරණුයේ සොහොන් ය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක්ඛ දෝමනස්සයන්ට උපායාසයන්ට ගොදුරුව දිගින් දිගට ගමන් කළා විනා ඉන් මෙතෙක් නොමිදුනෙමු. එසේ ඉන් මිදීම තුළින් “අවේදයිත් සුඛය” ස්පර්ශ කළ හැකිය. හැම සැපතක් ම වෙනස් වේ. අවේදයිත් සුඛය යනු වින්දනීය සුඛයක් නොව එය සර්ව කාලීනව නො වෙනස්ව ආපස්සට නොපෙරළෙන සැපතකි. විමුක්ති යනු විශේෂයෙන් මිදී යාමයි.
                    ඉහත සඳහන් තත්ත්වය අපට අනුභූතියක් නොවන හෙයින් එම තත්ත්වය පැහැදිලි කර ගැනීම අපහසුය. නමුත් නිවන පිළිබඳව අපි ඇති කරගන්නා නිවැරදි දැනුම යම් මට්ටමකට අපට විමුක්තිය ළඟා කර ගැනීමට උපයෝගී වේ. නිවන ලබා ගැනීම සඳහා පහදා ඇති මාර්ගය අනුගමනය කිරීම පමණකින් ම එය පසක් කළ හැකිවේ.

25 August 2012

බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?-පිළිතුර

                     මෙම ලිපිය මුල බීජය වන්නෙ අප සොහොයුරකුගෙ ලිපියක්,   බහුතරයක් පිරිස මෙන බුදුනෙ මල්,පහන් හා හදුන්කුරු තියල ගිරවකුසේ ගාථ ටික මුමුනල වට්ටිය වනවන ගෙදර එන එක එතන ඊට වැඩ වැඩියමක් ඔබට සිදුකරන්න තිබුන, කලකීදෙවල් සියල්ල සිහියෙන් හා අවබෝදයෙන් යුතුව කලානම් අගනා කුසල කර්මයකි,එය ගැන කතාකරමු වෙලාවක,එ වගෙම වැඩිදුර සෙවීමක් කලා දන්නා නොදන්නා සියලු දෙනාටම තමන් කළ කීදේවල් එය අනුවද සිදුවන්නෙ කියල,මෙය ආරම්බ කරන්නට මුල්වූ මගෙ පිළිතුර  "මාගේ මිතුර පවසන දෑ සත්‍ය බැවින් ලිපිය කියවා ඊට යමක් එක්කරන්නට සිතුන, කියන්නට පෙර දන්නදෙයක් මතක් කරමි     “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” -”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”  (නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය)  පහනක් පුජා කරන්නම්වාලෙ නොකර කාටද පුජා කරන්නෙ කොහොමද පුජා කල යුතුවන්නෙ යනවග සිහියට ගෙන යහපත් සීලයක පිහිටා පහන් පුජා කල යුතුය,එසෙ නම් පහනක් පුජා කරන විට පහන දල්වා ගථා කියන්නට පෙර පහන දල්වන විට ඔබ මෙසෙ කියන්න " මෙම පහන තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුජා වේවා..! " එවිට එම පහනට කිසිවෙකුගෙය් ඇල්මක් බැල්මක් නොවැටෙනු ඇත, තවද පහන් දල්වන්නට පෙර ඊට කපුරු පෙති කීපයක් දමන්නෙ නම් පහන ගිනි ගැනීමෙන් ඇතිවන දුර්ගන්දය නැති කර ගත හැකිය එවිට " ඝනසරාප්ප දිපෙන ..." ගාථාව කියමින් පහන් පුජා කරන්න,පහනෙ කපුරු දැල්වෙන විට දුර්ගන්දයක් ඇති නොවී දැවීයනු ලබයි,මින් පිටවන දුර්ගන්දයට අමුනුෂයන් ආදී කට්ට්යට ඇදීම එම සිදුවනවා.සෑම දිනකම මෙය සිදුවන විට ඔවුන් මෙය දිනපතා බලාපොරොත්තුවෙන් සිටියි.ඔබ එසෙය් පහන පත්තු නොකළ විට ඔබට මතක් කිරීමක් වශයෙන් නොයෙක් කරදර සිදුකරනු ඇත, පහනක් දල්වන්නෙ නම් එය තිලෝගුරු බුදුරජාණන් වහන්සේටම පමණි එය නිවාස තුල හද පිරි බක්තියෙන් යුතුව දල්වන්න, පන්සලක බෝදීන් වහන්සෙ අසල පහන් දැල්වීම සිතට මහත් සැනසිල්ලක් ඇතිකරයි,දෙවියන් සදහා පහන් පුජා කරන්නෙය් නම් පුජා කරන දෙවියන්ගේ නම යොදා පුජා වේවා..! යයි පවසන්න,"
     මගේ දැනුමෙ හැටියට මෙවැන්නක් තමා මෙම පිළිතුරෙන් තව ඉදිරියට යන්නට "චේතනාව කර්මය උනාට , කර්මය වෙන්නේ චේතනාව විතරක්ම නෙමේ."   
                                           බුදුන් දෙසු දේශනය අනුව  “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි. ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත හෝ රහිත  ක්‍රියාවක් බවට පත්වෙන්න පුළුවන්. බුදුදහම අනුව මිනිසා කරන සෑම ක්‍රියාකාරකමක් ම කර්මයක්, සරල උදාහරණයක් මේසයක් උඩ තබා ඇති වීදුරුවක් අත් වැදීමෙන් වැටි බිඳීයන්න පුළුවන්.එලෙසම කිසිවෙකු හිතාමතා වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ දෙකක්.මෙහි වෙනසට මුල වන්නෙ සිතිවිල්ල මම තව හොද උදාහරණයක් දෙන්නම් මදුරුවෙක් ඔබට විදින විට ඔබගෙ සිතිවිලි මෙවැනි වූ කොටස් 5ක් නිරායාසයෙන් සම්පුර්ණවෙ එනම් පණ ඇති සතකු වීම,පණ ඇති සතකු බව දැනීම,මරණ චේතනාව,මරණ උපක්‍රමය හා එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම සිතන්න මොහොතක් ගතවූ ක්ෂ්නිකයකින් පවකට එක්වන්නට ඔබ ආමග, යම්කිසි වැඩක් කරනවිට ඒ කරන ක්‍රියාව පිළිබඳව මනසේ නැගෙන්නා වූ සිතිවිලි සමුදාය තමයි කර්මය

            තවදුර යනවනම් බුදුහාමුදුරුවො කවදාවත්, කාවවත් රවටලා, බොරු කරලා, වංචාවක් කරලා තිබෙනවා කියා ප්‍රශ්නයක් නැගුවොත් අපි කාටත් නැගෙන පිළිතුර නෑ කියන එකයි. එහෙනම් නන්ද කුමාරයාට ජනපද කල්‍යාණිය සම්බන්ධයෙන් කීවේ ඇත්තද? එය රැවටීමක් නෙමෙයිද? රැවටීමක් නෙමෙයි නම් මොකක්ද? ඒ බොරුවක් නෙමෙයිද? බොරුවක් නෙමේ නම් ඒක ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙමේනම් මොකක්ද? කියලා බොහෝ අන්තගාමී,මුලදර්මවාදී අය තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයත් එක්කම සමහරවිට බුදුහාමුදුරුවො පුංචි පහේ රැවටීමක් තමයි නන්ද කුමාරයාට කරලා තිබෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්.එය වුනාට එතන සිදුවූ කාරනය ආදරයෙන් අන්ද වූ මිනිසාට සත්‍යය පෙන්වීමක් මිස විජ්ජාවක් නොවන බව සිහියට ගත යුතුය,                 

                       චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒකෙදි චේතනාව කර්මය කියලා කියන්න අපට පුළුවන්. චේතනාව කර්මය වෙන්නේ කරන වැඩේ අනුව නෙමෙයි සිතිවිල්ල අනුවයි.එසේ නම්  පුංචි දරුවෙකුට බත්ටික කවාගන්න අම්මා නොයෙක් බොරු කියනවා. අම්ම කියන බොරු පව් නම් දරුවගෙ බඩ පිරෙන වේගයටම අම්මටත් පව් පිරෙන්නෙ ඕනෑ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අම්මා සද්භාවයෙන් බොරු කියන්නෙ.මොකද දරුවට බත් කවාගන්න,සද්භාවයෙන් හොරකම කරන්නත් පුළුවන්.පවුලක ස්වාමියා පමණ ඉක්මවා කේන්තියට පත්වන්නෙක් නම් අසල්වැසියන් සමඟ රංඩු සරුවල්වල පැටලෙනවා නම් ස්වාමියා සතුව පවතින දරුණු ආයුධයක් හොරකම් කරමින් සඟවාලන බිරිඳ සිදුකරන්නේ ස්වාමියාටත් සමාජයටත් යහපතක්,එය එසෙ වන විට මෙය කියවන කඩප්පුලි මිතුරකුට මෙවැන්නක් සිතට එන්න පුළුවන් හොරකම් කරලා දරුවන්ට කන්න දෙනඒක,එසෙය් සිතන එකාට  ඔලමොට්ටලකම කියා කියන්නට මා පැකිලෙන්නෙ  නැත

         එසෙ නම් පුජාකරන පහන,මල් හා සුවද දුම් ආදී දෑ පුජාකරන අවස්ථාවෙ දී වල් පල් සිතනවාට වඩා එම පුජාව කාටද? යනවග සිතෙය් රදවා බැතියෙන් යුතුව පුජාව කරන්නෙ නම් මහත්පල ලැබෙනු ඇත    
කියවන්න මේවා:  පංච සීලය  ,විහිලුවට කළවරද,ඛුද්දක නිකාය කීපයක්, නැවත කතා කරමු, අඩුවක් ගෙනහැර දැක්වුවට පවක් නෑ..!

සියලු දෙනාට තුනුරුවන් සරණයි.......!        
  


  

22 August 2012

ඛුද්දක නිකාය

(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරවූ ලිපියකි, උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.)

ඛුද්දක නිකාය
විමාන වස්තු සහ ප්‍රේත වස්තු පාළි

ප‍්‍රස්ථාවනාව
නමෝ බුද්ධාය!
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
(නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය)
කර්මය යනු සකල ලෝකවාසී බොහෝ දෙවි මිනිසුන් හට තවමත් විසඳාගත නොහැකි වූ අද්භූත ප‍්‍රහේලිකාවකි. එනමුදු අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙකී කර්මයේ ස්වභාවයත් එය ලෝක සත්වයා විෂයෙහි බලපවත්වන ආකාරයත් එයින් නිදහස් වන ආකාරයත් අතැඹුලක් සේ සාක්ෂාත් කොට වදාළ සේක. මානව වංශකථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කොට වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ කර්මය කොතරම් මැනැවින් අවබෝධ කොට වදාළ සේක්දැයි කර්මය පිළිබඳව ඉහතින් කරන ලද නිර්වචනය තුළින් මැනැවින් දිස් වේ.
කර්මය හෙවත් චේතනාව හටගන්නේ ස්පර්ශය ප‍්‍රත්‍යයෙනි. ස්පර්ශය යනු අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් සමඟ විඤ්ඤාණයේ කි‍්‍රයාකාරිත්වය තුළින් එක්වීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් හටගන්නේ රූප සංචේතනාවයි. එනම් ඇසින් දුටු රූපය මුල් කොට චේතනාව කි‍්‍රයාත්මක වීමයි. එවිට සිතින් කයින් වචනයෙන් කර්ම කරයි. සෑම කර්මයක්ම සිදුවන්නේ ඔවැනි පසුබිමක් තුළය.
ලෝක සත්වයා ජීවත් වන්නේ කර්මයෙහි දාසයන් පරිද්දෙනි. කර්මයෙන් නිදහස් විය නොහැකි ලෙස ඔවුන් කර්මයටම සිරවී සිටින්නේ කරත්තයේ රෝදය කඩ ඇණයකින් සිර වී පවතින ලෙසිනි. එය කොතරම් බලසම්පන්නද යත් ලෝකයෙහි සැප දුක් තීරණය කිරීමේ ප‍්‍රධානතම බලවේගය වශයෙන් කර්මය ගැන කතා කිරීම වරදක් නැතැයි හඟිමි.
”පින්වත් මහණෙනි, මේ සත්වයෝ කර්මයම තමා අයත් දේ කොට සිටිති. කර්මය දායාද කොට සිටිති. කර්මය උත්පත්ති ස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. කළ්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් කර්මයක් කරයි නම් ඔහුගේ දායාදය බවට පත් වන්නේ එම කර්මයයි.”
(සංසප්පනී පරියාය සූත‍්‍රය – අං.නි. 10 නිපාතය)
මේ අයුරින් බලපත්වන කර්මය විසින් ලෝක සත්වයාව සැපවත් වූ ලෝකවලත් දුක්ඛිත වූ ලෝකවලත් උපදවමින් කර්මානුරූප විඳීම් ලබාදෙන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරණ ලද්දේ මේ අයුරින්ය.
”පින්වත් මහාරාජ, එය මෙවැනි දෙයකි. සිවු මංසලක මහල් සහිත ප‍්‍රසාදයක් තිබේ යැයි සිතමු. එම ප‍්‍රාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස් පෙනෙන පුද්ගලයෙක් පහළ බලයි. එවිට නිවසට ඇතුළුවන්නා වූ මිනිසුන්ද, නිවසෙන් නික්මෙන්නා වූ මිනිසුන්ද දකී. එමෙන්ම මංමාවත්හි ඔබ මොබ ඇවිදයන්නා වූ මිනිසුන්ද දකී. ඒ සිව්මංසල මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන්ද දකී. එවිට ඔහුට මේ අදහස ඇති වේ. ‘මේ මිනිස්සු නිවසට පිවිසෙති. නිවසෙන් නික්මෙති. මේ මිනිස්සු මං මාවත්හි ඇවිද යති. මේ මිනිස්සු සිව්මංසල මැද වාඩි වී සිටිති’ යනුවෙනි.
පින්වත් මහාරාජ, මේ සසුනෙහි භික්ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූ විට, පිරිසිදු වූ විට, දීප්තිමත් වූ විට, බාධක කරුණු නැති වූ විට, උපක්ලේශ නැති වූ විට, මෘදු වූ විට, කි‍්‍රයාවට යෝග්‍ය වූ විට, නොවෙනස්ව පවතින විට සත්වයන්ගේ චුතියත් උපතත් පිළිබඳව අවබෝධ කරගැනීම පිණිස, සිත යොමු කරයි. සිත නැඹුරු කරයි.
එවිට ඒ භික්ෂුව පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී. ‘අහෝ මේ භවත් සත්තවයෝ වනාහි කාය දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. වචී දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද කළාහුය. මිසදිටු වූවාහුය. මිසදිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටිති.
එනමුදු මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය. වචී සුචරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද නොකළාහුය. සම්දිටු වූවාහුය. සම්දිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව ඉපිද සිටිති’ යනුවෙන් පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී.”
(සාමඤ්ඤඵල සූත‍්‍රය – දීඝ නිකාය)
මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ සුගති දුගති ලෝකවල උපත ලබා සැප දුක් විඳීමට මුළුමනින්ම කර්මය බලපාන ආකාරයයි. මෙය සිත දියුණු කළ උතුමන්ට පමණක් අදාළ විෂයක් බව පෙනේ. හතරවන ධ්‍යානයට සමාධිය දියුණු කොට සිත මෙහෙයවා චුතූපපාත ඥානය උපදවා ගත් බුද්ධ කාලීන භික්ෂූන් වහන්සේලා පවා තම තමන්ගේ ප‍්‍රත්‍යක්ෂ ඥානයක් බවට එය පත්කර ගෙන සිටියහ. බෙහෝ දෙනෙකු සිතා සිටින්නේ තම තමා හට සිත් වූ පරිද්දෙන් කර්මයෙන් මගහැර යා හැකි බවයි. එහෙත් අනාවරණ ප‍්‍රඥා ඇති සමන්ත භද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන මෙම විග‍්‍රහය දෙස බලන්න.
”පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි. එම විපාක වනාහී මෙලොවදී පල දෙන්නට පුළුවනි. එසේත් නැතහොත් ඊළඟ ජීවිතයේදී පල දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදිනා තාක් කිසියම් තැනකදී පල දෙන්නට පුළුවනි. එම නිසාම ‘පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි.’
මෙකරුණෙහි ලා පින්වත් මහණෙනි, දොස් සහිත වූ වැරදි සහිත වූ අකුසල සංචේතනාවන්ගෙන් යුතු කායික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත් වැරදි සහිත වුත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද සතරකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත් වැරදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි.
(පඨම සංචේතනික සූත‍්‍රය – අං.නි. 6)
ප‍්‍රාණඝාත කිරීමත්, සොරකම් කිරීමත්, වැරදි කාම සේවනයත් අයත් වන්නේ කායික අකුසල කි‍්‍රයාවන්ටය. බොරුකීමත්, කේලාම් කීමත්, ඵරුෂ වචන කීමත්, හිස් වචන කීමත් අයත් වන්නේ වාචසික අකුසල කි‍්‍රයාවන්ටය. අනුන් අයත් දෙය තමා සතු කරගන්නට ඇති ආශාවත්, ව්‍යාපාදයත්, මිත්‍යා දෘෂ්ටියත් අයත් වන්නේ මානසික අකුසල කි‍්‍රයාවන්ටය.
එමෙන්ම එම දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ කායික වාචසික මානසික කි‍්‍රයාවන්හි ඇති අකුසල් පක්ෂය පිළිබඳව මෙසේ පෙන්වා දෙන සේක.
”මෙකරුණෙහිලා පින්වත් මහණෙනි, සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු කායික කි‍්‍රයාවන් හි ප‍්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු වාචසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද සතරකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු මානසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි.
(පඨම සංචේතනික සූත‍්‍රය- අං. නි. 6)
එනම් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි කාම සේවනයෙහි නොයෙදීම කායික කුසල ක‍්‍රියා වේ. බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම වාචසික කුසල කි‍්‍රයා වේ. අනුන්ගේ සම්පත් තමා අයත් කරගැනීමට නොසිතීම, ව්‍යාපාද නැතිව සිටීම, සම්මා දිට්ඨියෙන් යුතුව සිටීම මානසික කුසල කි‍්‍රයා වේ.
එය ජීවිතය සමඟ පවතින්නේ පෙළොවෙහි සිටුවන ලද බීජයක් පරිද්දෙනි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළේ මෙසේය.
”පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ ඒ දැක්මට අනුරූප වූ යම් කිසි කායික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම් කිසි වාචසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම් කිසි මානසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාර ඇත්නම් ඒ සියල්ලම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතකර වූ සැපවත් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහී සුන්දරය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. උක් බීජයක් හෝ ඇල් වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම් ම වූ පෘථුවි රසයත් ඇදගනිමින්, යම් ම වූ තෙත් රසයත් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද, ඒ සියල්ල ම මධුර බව පිණිස මිහිරි බව පිණිස අතිශයින්ම රසවත් බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, එය සුන්දර වූ බීජයක් බැවිනි.”
(අං. නි. 3 නිපාතය)
මිසදිටු මත ගත් කෙනෙක් ඒ මතයෙහි පිහිටා යම් කර්මයක් කරන විට මෙහි පවතින්නේ පවිටු බීජයක කි‍්‍රයා කාරීත්වයයි. මේ දෙසුම දෙස බලන්න.
”පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ දැක්මට අනුරූප වූ යම් කායික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි වාචසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි මානසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාර ඇත්නම් ඒ සියල්ලම අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අහිතකර වූ දුක් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහි පවිටුය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. කොහොඹ බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම් ම වූ පෘථවි රසයත් ඇදගනිමින්, යම් ම වූ තෙත් රසයත් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද ඒ සියල්ලම තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, එය පවිටු බීජයක් බැවිනි.”
(අං. නි. 3 නිපාතය)
මෙවන් ස්වභාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක් කරා යන විට තම තමන්ගේ යහපත් කි‍්‍රයා කොතරම් උපකාර වන්නේ දැයි අපට සිතාගත හැකිය. මේ දෙසුම දෙස බලන්න.
”පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා ඇතැම් කෙනෙක් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් හට දන් දෙයි. ආහාර පාන වස්ත‍්‍ර ආසන මල් සුවඳ විලවුන් නිවාස පහන් ආදී දෑ දෙයි. ඔහු යමක් දෙයි නම් එය යළි ලබනු කැමති වෙයි. ඔහුට මෙවැනි දෙයක්ද අසන්නට ලැබේ. චාතුම්මහාරාජික දෙවිවරු වනාහි දිගාසිරි ඇත්තෝය. පැහැපත් වූවෝය. සැප බහුලයෝය වශයෙනි. එවිට ඔහුට මේ හැඟීම ඇතිවෙයි. ‘අහෝ, මමද කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් ගේ ස්වභාවයට පත්වන්නෙම් නම් ඉතා මැනවි’යි කියා, ඔහු ඒ සිත තබයි. ඒ සිත එහි පිහිටුවයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ කාම ලෝකයෙහි පිහිටුවාලූ හෙයින්ද මත්තෙහි නොවැඩූ හෙයින්ද එහි ඉපදීම පිණිස හේතු වේ. කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදී. එයද වනාහි සීලවන්තයාහට යැයි කියමි. දුස්සීලයාට නම් නොවේ. පින්වත් මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතින් කරන ලද අදිටන ඉටු වන්නේ පිරිසිදු බව නිසාය.”
(දානුපපත්ති සූත‍්‍රය- අං. නි. 6)
උපතක් පිණිස කෙනෙකුගේ සිතේ ස්වභාවය මුළුමණින්ම බලපාන බව මෙයින් පැහැදිලි වන කරුණයි. ඒ සිත දූෂිත සිතක් වුවහොත් ඔහුට නවතින්නට සිදුවන්නේ නිරයේය.
”පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් දූෂිත සිත් ඇති පුද්ලයෙකුව මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකිමි. මොහු වනාහි මේ වෙලාවේ කලූරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම මොහු නිරයේ උපදින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත දූෂිත වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත දූෂිත වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහුය.
පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් ප‍්‍රසන්න සිත් ඇති පුද්ගලයෙකුව මගේ සිතින් ඔහු ගේ සිත පිරිසිඳ දකිමි. මොහු වනාහි මේ වෙලාවේ කලූරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම ඔහු සුගතියේ උපදන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත ප‍්‍රසන්න වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත ප‍්‍රසන්න වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදින්නාහුය.
(අං. නි. 1 නිපාතය)
කෙනෙක් උපතක් ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. එය තනිකරම කර්ම විපාකයකි. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ගේ කර්මානුරූපව සැප දුක් වේදනා විඳීමටය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව වදාළ මෙකරුණ දෙස බලන්න.
”පින්වත් මහණෙනි, පුරාණ කර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. කණ පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. නාසය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. දිව පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. කය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා වූ දෙයකි. මනස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. පින්වත් මහණෙනි, මේ වනාහි පුරාණ කර්මයයි කියනු ලැබේ.”
(කම්ම සූත‍්‍රය-සං.නි. 4)
මෙම කර්මයෙන් අපට නිදහස් විය නොහැකිද? කර්මය යනු නිත්‍ය වූ දෙයක්ද? නැත, සැබැවින්ම අපට කර්මයෙන් නිදහස් විය හැකිය. කර්මය වනාහී අනිත්‍ය වූ දෙයකි. නිරුද්ධ වන දෙයකි. බුදු ජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
”පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ශ කරයිද, පින්වත් මහණෙනි, මෙය වනාහී කර්ම නිරුද්ධ වීම යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව කුමක්ද? එය වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, පින්වත් මහණෙනි, මෙය වනාහී කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව යැයි කියනු ලැබේ.”
(කම්ම සූත‍්‍රය- සං. නි 4)
කම්ම විපාක යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයකි. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණක් ලැබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රගුණ කිරීමෙන් පමණි.
බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශී‍්‍ර සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.
විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.
පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.
මේ පරිවර්තනය සඳහා උපකාරී කරගත්තේ බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ පෙළ පොතත්, බුරුම ඡුට්ඨ සංගායනාවට අයත් පෙළ පොත හා අටුවාවත් ඒ වගේම එංගලන්ත පාළි පොත් සමාගමේ මුද්‍රිත පාළි ඉංග‍්‍රීසි ශබ්ද කෝෂයත්ය. එම ග‍්‍රන්ථ පිළියෙල කළ සෑම උතුමෙකුටම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය වේවා!
මෙම පරිවර්තනයෙහිලා පරිගණක අකුරු සැකසීමේදී මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේලාගෙන් ලද සහයෝගය වෙනුවෙන් මා මහත් සොම්නසින් පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේලාටද ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!
මේ උතුම් පොත් වහන්සේ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම පිණිස ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් අපට උපකාර කරන සියලූ දෙනාට ද වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!
ඉතාමත් ශ‍්‍රද්ධා ගෞරවයෙන් යුතුව මෙම පොත් වහන්සේ යළි යළිත් කියවුව මැනැව. එම කරුණු මතකයේ රඳවා ගත මැනව. එහි අරුත් වැටහෙන පරිද්දෙන් නුවණින් මෙනෙහි කළ මැනව. අවබෝධ කර ගැනීම පිණිස සිහි නුවණ පිහිටුවා ගත මැනැව. යළි යළි ඉපදෙන ලෝකයේ ස්වභාවය හඳුනාගෙන එහි ඇති භයානකකම තේරුම් ගත මැනැව. සසරින් නිදහස් විය හැකි එකම මාර්ගය නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පමණි. එම නිසා ඔබටත් අපටත් මේ උතුම් ශ‍්‍රී සද්ධර්මය පිළිසරණ කරගනිමින් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උතුම් ශ‍්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන් ලත් මේ කුසල ධර්මය ඒකාන්තයෙන් ම හේතු වාසනා වේවා!
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Other Way: බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?

Other Way: බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?: ජෝතිෂ ලංකා මහත්මයා දින කීපයකට කලින්  පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන් යනුවෙන් ලිපියක් පල කලා. එයට අදහස් දැක්වූ  කිහිප දෙනෙක් ...

17 August 2012

අබියෝග හා ඔබ


උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන්





 

06 August 2012

ජෝර්දානයට නම් යන්න එපා


         ලන්ක්වෙ සම ඓතිවාසිකම් ඉල්ලන කාන්තා සංවිදාන,කුලගන සමිති නානප්‍රකාරයේකාන්තා සංවිදාන අප්‍රමාණය නරකද මෙවැනි වූ කාරණා වෙනුවෙන් එකමුතු වූවානම් හොදයි නේද කියවන්න තවත් එක ගැහැනියකගෙ කතාවක්       
 
ජෝර්දානයේදී
දස වද වින්ද මොරගොල්ල තරුණියගේ කළුඳු කතාව

වැලිමඩ – අර්ලි දඹදෙණිය
මම ජෝර්දානයට ගියේ අපිටම කියලා පොඩි ගෙයක්‌ හදාගෙන අම්මයි තාත්තයි එක්‌ක නිදහස්‌ ජීවිතයක්‌ ගත කරන්නයි.එහෙදි මම කිසිම වරදක්‌ කළේ නැහැ. මුලදී මට එහේ භාෂාව බැරි වුණත් මාසෙන් දෙකෙන් ඒකත් ඉගෙන ගත්තා.මාස දෙක තුනක්‌ ගියාම මම පඩි ඉල්ලූ නිසා තමයි මට මේ අපරාධය කළේ.දැන් බලන්න මම ලංකාවටත් ඇවිල්ලා සති කීපයක්‌ම ගත වුණා.කෝ කාන්තාවන්ගේ විමුක්‌තිය ගැන කාන්තා හිංසනයට එරෙහි වන ඒ ගැන කථාකරන සංවිධාන කවුරුවත් නැහැ.
“දිවයින” පත්තරෙන් විතරයි ඇවිල්ලා ඇයි මොකද වුණේ කියලා හරි ඇහැව්වේ. මම කියන්නේ මට මේ අපරාධය කළ ජෝර්දානයේ නිවෙස්‌ හිමියාටත් මා ඔවුන් වෙත යොමුකළ ඒජන්සිකරුටත් නිසි දඬුවම් ලබාදීලා ආබාධිත මට සාධාරණ වන්දි මුදලක්‌ ලබාදෙන ලෙසටයි.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙත් ජෝර්දාන ලංකා තානාපති කාර්යාලයෙත් අවධානය යොමුවිය යුතුයි කියලත් කියන්න වෙනවා. මේ ඉමක්‌ කොනක්‌ අගක්‌ මුලක්‌ නැති චෝදනා යෝජනා වේදනාවන් අපට අසන්නට ලැබුණේ වැලිමඩ මූලික රෝහලේ කාන්තා රෝගී අංශයේදීය.
ඇය නමින් දේවි මලර්යා. 24 හැවිරිදි සුරූපි තරුණියකි. ද්‍රවිඩ වුවද සිංහල තරුණියකට වඩා චතුර ලෙසට සිංහල භාෂාව හසුරුවන්නීය.
වැලිමඩට නුදුරු මොරගොල්ල ඩවුන් සයිඩ් වතුයායේ වතුකම්කරු පවුලක ඉපදී හැදී වැඩුන ඇය කුඩා කල සිටම කටකාරය දඟකාරය.කිව යුතු දේ කෙලින්ම කියන්නට ඇය නොපැළිකිලි වූවාය.
මම විදේශගත කළේ මරදානේ ආනන්ද රාජකාරුණා මාවතේ දෙවන පටුමගේ අංක 07 දරන ස්‌ථානයේ පිහිටි (අයි. එන්. (1473) ලීඩ්ස්‌ මෑන් පවර් ඒජන්සියෙනුයි.
ඒ සඳහා කිසිම මුදලක්‌ ඔවුන් අය කළේ නැහැ. රට යවන ගාස්‌තු පසුව වැටුප් වලින් අඩුකරගන්නවා කියලා කිසිම දෙයක්‌ කියා තිබුණේ නැහැ.
මට මාසෙකට රුපියල් 24,000/= වැටුප් ගෙවනවා කියලා කිව්වත් මට ගෙව්වේ රුපියල් 10,000/= යි.
මට හිරිහැර කරන්න පටන්ගත්තේ එහේ ගිහිල්ලා සතියක්‌ විතර ගියාට පස්‌සේ ඉඳලයි.
මම මුලින්ම හිතුවේ එහේ වැඩ භාෂාව මට හරියට අල්ල ගන්න බැරිවුණා හින්දා පහර දෙනවා කියලා.
ඒත් මම වැඩත් භාෂාවත් දෙකම හොඳට ටික දිනකින්ම හරි හැටි අල්ල ගත්තා.
ඊට පස්‌සේ පඩි ඉල්ලන කොට තමයි පහර දෙන්නට වුණේ. එතකොට කිව්වා මේ රටේ අයට ආදායම් නැහැ. ඔය ගාන තමයි ගෙවන්න පුළුවන් කියලා 10,000/= දුන්නේ.
ඒ මුදල් අම්මලටයි ගෙදරටයි යෑවුවේ.
මේ ගෙදර හත්දෙනෙක්‌ හිටියා. මට දීලා තිබුණේ උඩු මහලේ තිබුණ කාමරයක්‌.
හැමදාම උදේ පහට ඇහැරිලා රාත්‍රි එක දෙක වෙනකම්ම වැඩ කරන්න ඕනේ. මාසෙකට එක පාරක්‌ ගෙදර අම්මලට කතා කරන්න දුරකථනය දීලා තිබුණා. මම අම්මගෙන් ඇහුවා දැන් මගේ පඩි මාස තුනේම එවලා තියෙනවාද කියලා. එතකොට අම්ම කීවා නැහැ පුතේ තවම රුපියල් 10,000 අපට එවුවේ කියලා.
මම මේ ගැන ගෙහිමියාගෙන් ඇහුවාම මට හොඳටම අල්ලගෙන ගැහුවා. ඒ වගේම ගෙදර අය කාලා ඉතුරුවෙන දෙයක්‌ එක්‌ක සීනියි රොටියි තමයි මට වැඩිපුරම කෑවේ.
ඒක හින්දා මම අම්මට කථා කරන කොට “අම්මේ මම බත් කන්න හරි ආසයි” කියලා කිවුවා.
ඒ එක්‌කම මේ ගෙදර ඉන්න බැහැ මට ගහලා හිරිහැර කරනවා කියලත් කිවුවා. මේ ගේ මාරු කරලා වෙන ගෙයක්‌ හොයලා දෙන්න කියලා. ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියන්න කියලත් මම අම්මලට කිව්වා. අම්මල එය ඒජන්සියට කිව්වම ඒජන්සිය ගෙහිමියන්ගෙන් ඇහුවම එදා මට හොඳටම ගැහැව්වා.
කනේ තිබුණු කරාබු දෙකත් කඩලා දැම්මා.
ඒ ළඟපාත කෙනෙක්‌ මාව පොලිසියට ගෙනිහින් දැම්මා.
මම පොලිසියට කිවුවා මේ ගෙදර මට ඉන්න බැහැ. ගහනවා කෑම දෙන්නේ නෑ, මාව වෙන ගෙදරකට හරි ලංකාවට හරි යවන්න කියලා.
එතකොට පොලිසියෙන් කිව්වා එහෙම යන්න දෙන්න බැහැ කියලා ගෙහිමියා ගෙන්නලා මෙයාට අමාරුයි රෝහලකට ගෙන යන්න කියලා කිවුවා.
රෝහලට රැගෙන යනවා කියලා නැවත සිටි ගෙදරටම අරන් ගියා.
එදා ගෙහිමියාට හොඳටම කේන්ති ගිහිල්ලා තිබුණා.
මාව කාමරේකට දාලා දොර වහගෙන හොඳටම අතින් පයින් පහර දුන්නා. මගේ අත පය ඔක්‌කෝම ඉදිමිලා තිබුණේ.
එදා මාත් එක්‌ක ඒ ඒජන්සියෙන්ම ජෝර්දානයට ගිය යාළුවෙක්‌ හිටියා. “නිලූකා” කියලා. එයා හිටපු ගෙදර අය ඇමරිකාවට ගියා නිවාඩුවකට.
ඒ යනකොට “නිලූකා” නතර කළේ මම හිටිය ගෙදරයි.
ඒත් නිලූකා එනකොට මගේ අතපය කඩලා දාලා ඉවරයි.
නිලූකා මගේ ගෙදර අම්මලට දුරකථන ඇමතුම් ලබාදීලා මේ බව කීවා.
අම්මල නැවතත් ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් මේ සියලුම විස්‌තර කියලා තිබුණා.
ඔවුන් ගෙහිමියාට විස්‌තර ඔක්‌කොම කියලා තිබුණා. එදා ඉඳලා ගෙහිමියා විතරක්‌ නොවෙයි ගෙහිමි කාන්තාවත් මට ගහන්න පටන් ගත්තා. එදා මට හොඳටම ගහල ගහල වැඩ කරපන් උඹ ඔය බොරු කරන්නේ කියලා කිව්වා.
දවස්‌ දෙකක්‌ම කෑම දුන්නෙත් නැහැ. ඔළුවට ගහල ගහලා ඔළුව පුපුරන්න වගේ ආවා. මට නැඟිටගන්නවත් බැරි ගානයි. ඒත් වැඩකරපන් කියලා ඇදලා අරන් ආයෙත් ගහනවා. මම කීවා වැඩ කරන්න බෑ මට අමාරුයි රෝහලට ගෙනියන්න කියලා. ඒ පාර ගෙහිමි කාන්තාව කළේ ටියුබ් බල්බ් එකක්‌ කුඩු කරලා වතුරට දාලා ඒක බොන්න කීවා.
ගෙදර කට්‌ටිය ඔක්‌කොම වටවෙලා බලාගෙන හිටියා. මම කෑගහලා කිව්වා මේවා බොන්න බැහැ මම මැරෙයි කියලා. මම බැරිම තැන කකුල් දෙක අල්ලලා වැඳලා කීවා ඕවා බොන්න බැහැ කියලා. ඒත් ගෙහිමි කාන්තාව මට බලෙන්ම ඒවා පෙව්වා.
ඊට පස්‌සේ මම කෑගහලා කිව්වා මාව රෝහලට ගෙනිහින් දාන්න කියලා. මම මැරෙයි කියලා. රෝහල් ගෙනියන්න සල්ලි නැහැ කිව්වා. දවස්‌ දෙකකට පස්‌සේ ගෙහිමියා පෙති හතරක්‌ දුන්නා බඩ විරේක වන්න. ඒවට වතුරවගේ බඩ එලිය ගියා. දැන් මට කිසිම වැඩක්‌ කරන්න බැහැ. ඇඟපත පණ නැහැ. ඒත් වැඩකරපන් කියලා පහර දෙනවා. දෙසැම්බර් 18 වැනිදා හොඳට මතකයි. මට ගහපු පාරකට යටිබඩ මොනවා වුණාද කියලා මතක නැහැ. ගෙහිමි කාන්තාව අසල කාන්තාවක්‌ එක්‌ක කියලා තියෙනවා දේවිට බල්බ් කුඩු වතුර දීලා හොඳටම අමාරුයි කියලා. මේක ඇහිලා තියෙනවා එතන හිටිය නිලූකාට. නිලූකා මේ බව අම්මලට කියලා තියෙනවා. ගෙහිමියාගේ දුරකථනය හොරෙන් අරගෙන. අම්මල ආයෙත් ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියලා තියෙනවා. ඒජන්සියෙන් ගෙහිමියාට කියලා තියෙනවා මාව රෝහලකට ගෙන යන්න කියලා. ඒත් රෝහලකට රැගෙන ගියේ නැහැ. මේ බව අපේ ගෙදරට කීවේ මම කියලයි සැක කරලා තිබ්බේ. මම එහෙම දෙයක්‌ කීවේ නැහැ කීවා.
එවිට දුරකථන ඇමතුම් ඔක්‌කොම ගෙහිමියා මුල ඉඳලම පරීක්‍ෂා කළා.
ඒ පාර නිලූකාටත් අල්ලගෙන හොඳටම ගැහුවා. නිලූකා වේදනාව ඉවසාගන්න බැරිව වැසිකිළියට දාන විෂබීජ දියරයක්‌ බිව්වා. නිලූකාටත් හොඳටම අමාරුයි කියලා රෝහලට අරන් ගියත් ඊට පස්‌සේ නිලූකාව දැක්‌කේ නැහැ.
මේ අන්තිම දවසෙත් ගෙදර හිටියේ ගෙහිමියා සමඟ ළමයි තුන්දෙනෙක්‌ විතරයි. එදා මම රෑ වෙනකම් බලා ඉඳලා ඇඟට හුඟක්‌ අමාරු නිසා හොරෙන් පැනලා ආවා තානාපති කාර්යාලයට. ඔවුන් මාව රෝහල්ගත කළා. 26 දිනයි මාව පරීක්‍ෂා කළේ. බඩ ඇතුළේ බෝතල් කටු තියෙනවා කීවා. එක්‌ස්‌රේ පිංතූරත් ගත්තා. වෛද්‍ය සහතිකත් ලිව්වා. එහේ ඔපරේෂන් කරන්න බැහැ ලංකාවට යවන්න කීවා. ඊට පස්‌සේ මට තානාපති කාර්යාලයෙන් මාස දෙකක්‌ම බෙහෙත් අරන් දුන්නා. ඒ වෙලාවේ මම තානාපති කාර්යාලයට ලියුමක්‌ ලියලා දුන්නා මාව පොලිසියට ගෙන යන්න නැතිනම් නඩුදාන්න කියලා. එතකොට ඒජන්සියයි තානාපති කාර්යාලයයි එක්‌වෙලා මගේ හිඟ වැටුප් ඉල්ලා දුන්නෙත් නැහැ. මට ඒ ගේ මාරු කරලා දුන්නෙත් නැහැ.
ඒජන්සියෙන් හැම වේලාවෙම කිව්වේ ඔහොම යන කොට හරියයි කියලයි. කොහොම හරි තානාපති කාර්යාලයෙන් මාව පොලිසියට අරන් ගියා පාස්‌පෝට්‌ ගන්න කියලා. ඒ වෙලාවේ ගෙහිමියාටත් පොලිසියට එන්න කියලා තිබුණා. ගෙහිමියා පොලිසියේ යාළුවෙක්‌ එක්‌ක ඇවිත් සල්ලි වගයක්‌ දීලා මාව යළි ඒ ගෙදරටම රැගෙන ගියා. ඒ වෙලාවෙත් දොරවල් ලොක්‌ කරලා හොඳටම ගහන්න පටන් ගත්තා. මට හුස්‌ම ගන්නවත් බැහැ. මේකත් කියන්නම ඕනේ. එදා කිව්වා මට ඔක්‌කොම ඇඳුම් ගලවන්න කියලා. මම ගැලෙව්වේ නැහැ. ඔය කකුල් දෙකෙන් නේද පැනලා ගියේ කියලා කකුල් දෙකට ගැහැව්වා. ඒ ගහපු පාරකට විසිවෙලා ගිහිල්ලා සීතල වේලාවට පත්තු කරපු ගෑස්‌ ලාම්පුවක්‌ උඩට වැටුණා.
මං ඇඳලා හිටිය කලිසමට ගිනි ඇවිලුනා. ඒක ගලවන්න මම වේදනාවෙන් කෑගැහුවා. ඊට පස්‌සේ මට සිහිය ආවේ රෝහලේදී. මගේ තුනටියෙන් පහළ සේරම පිළිස්‌සිලා විරූපී වෙලා. දෙයියනේ මට වුණ අපරාධයක්‌. මම ආබාධිතයි. නැගිටින්න බැහැ.
මේ බව පොලිසියට කියලා පොලිසියෙනුත් රෝහලට ආවා. ගෙහිමියාත් ආවා. ලංකාවට යන්න ඕනේ නම් මම හිතලාම පුච්චා ගත්තා කියලා කියන්න කීවා. නැතිනම් මරාදාලා මෙහෙ වළදානවා කීවා. එතන හිටිය අක්‌ක කෙනෙක්‌ කීවා නංගි මෙහෙන් ගැලවිලා ඔයා පණ බේරාගෙන ලංකාවට යන්න කියලා.
මං පොලිසියට කීවා මගේ හිඟ වැටුප් හා පාස්‌පෝට්‌ එක ඉල්ලලා දෙන්න කියලා. ඒවා අරන් දෙනවා කිව්වත් පාස්‌පෝට්‌ එක විතරයි දුන්නේ.
ඒ රෝහලේදී බේත් පෙති බිව්වෙත් වැසිකිළි වතුර වලින්. ඒත් එහෙ වෛද්‍යවරු හරි කරුණාවන්තයි. ඔවුන් තමයි අම්මලට දුරකථන පණිවිඩ අරන් දුන්නේ. අම්මලා හුඟක්‌ මහන්සිවෙලා ජනාධිපතිතුමාටත් පැමිණිලි කරලා කොහොම හරි මාව ගෙන්වා ගත්තා. ඒජන්සියෙන් ගෙහිමියාගෙන් මගේ හිඟවැටුප් ඉල්ලා ගත්තත් මට දුන්නේ නැහැ. මාස හයක්‌ වැඩකරලා මාස තුනක පඩි ගන්න තියෙනවා.
මාස හයක්‌ රෝහල්වල ගුටිකාලා ඉඳලා තියෙනවා. එහෙම තමයි අවුරුද්දක්‌ ගෙවිලා තිබුණේ. ඒ වගේම මගේ වෛද්‍ය සහතික එක්‌ස්‌රේ කොපිය ඔක්‌කොම රෝහලේ තබාගත්තා. රෝහල් ගාස්‌තු ගෙවලා ඒවා ඒජන්සිය මගින් අරන් යෑයි කීවා.එහිදී මගෙන් ලිපියක්‌ ලියා ගත්තා මම කැමැත්තෙන්ම කකුල් දෙක පුච්චාගත්තා කියලා. නැතිනම් ලංකාවට යවන්නේ නැහැ කීවා.
දැන් මං ඇවිල්ලා කෙලින්ම මේ වැලිමඩ මූලික රෝහලට ඇතුළු වුණා. 18 වැනිදා බදුල්ල මහ රෝහලට යවනවා කීවා. මම නම් කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක්‌ ජෝර්දානයට නම් යන්න එපා කියලයි. එහේ මේ වගේ වද විඳින දුක්‌විඳින ලංකාවේ විශාල පිරිසක්‌ ඉන්නවා. හරියට පඩිදෙන්නෙ නැහැ. කන්න දෙන්නෙ නැහැ. නාන්න බොන්න වතුර නැහැ. හරිම බංකොලොත් වෙච්ච රටක්‌ ඒක.
ලංකාවේ අම්ම කෙනෙක්‌ හිටියා අවුරුදු 28 ක්‌ම හිරකරගෙන වැඩගන්නවා. එයාගේ නම ගම දන්නේ නැහැ. දන්නවනම් එයාව බේරගන්න තිබුණා. මම නැවතත් කියන්නේ වගකිවයුත්තෝ, මට සිදුකළ මේ අපරාධයට නිසි දඬුවම් හා මට සාධාරණ වන්දියක්‌ කඩිනමින් ලබාදෙන ලෙසටයි.
http://www.divaina.com/2012/06/25/news20.html

31 July 2012

අවජාතක ඉතිහාසයක නිර්මාණය















තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය


අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්‍රත්‍යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති.

                                                                            එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්‍යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි. 

                   
ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්‍රත්‍යක්ෂ කරුණකි../// 

එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ‍ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්‍රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්‍රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්‍රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්‍රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ. 
          නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්‍රත්‍යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර ‍තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද?


මෙය ලංකාව තුල එතිහාසික ඉතිහාසයක් නැති උන් අවජාතක ඉතිහාසයක් උන්ටම  නිර්මාණය කරගනීමෙ උත්සාහයකි, ගමේ පන්සලෙන් සිංහල ඉගෙන ගෙන රටවැදුනු පාදිලි හැත්ත ගොඩනගනුයේ කුමක්ද

මාසය තුල සිත්ගත් ලිපි