10 October 2011

පංච ශීලය

මෙම ශික්‍ෂා පද අපට හඳුන්වා දී තිබෙනනේ ගිරවුන් සේ කට පාඩම් කර ගැනීමට නොවන බව මෙහිදී ඔබ සිතට ගත යුතුය. කළ යුතු වන්නේ මනාව අවබෝධ කොට කි‍්‍රයාවට නැංවීමය.
පංච ශීලය සරලව හැඳින්වූ කළ මෙසේය.
1.       මම, සතකු මරන්නේ හෝ, මරවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
2.       මම, අන්සතු දෙය සොරකම් කරන්නේ හෝ, කරවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
3.       මම, කාමයෙහි වරදවා හැසිරෙන්නේ හෝ, හැසිරවන්නේ හෝ ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
4.       මම, බොරු කියන්නේ හෝ, කියවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.
5.       මම, මත්පැන් බොන්නේ හෝ, පොවන්නේ හෝ, ඒ සඳහා අනුබල දෙන්නේ හෝ නැත.

ඒ අනුව පාණාති පාතා වේරමණීපළමු වැනි සිල් පදය ආරක්‍ෂා කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංස විසිතුනකි.

1.       ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුතුවීම,
2.       ජව සම්පන්න වීම,
3.       පොළොවේ සමව පිහිටන පියවර ඇතිවීම,
4.       රන්වන් පැහැති සිරුරක් ඇතිවීම,
5.       මෘදු මොළොක් සිරුරක් ඇති වීම,
6.       නිර්මල ගති පැවතුම් ඇතිවීම,
7.       සූර වීර ගති ඇත්තකු වීම,
8.       මහා බල ඇත්තකු වීම,
9.       නොපැකිළව කිව හැකි වචන ඇත්තකු වීම,
10.    ලෝක සත්ත්වයට පි‍්‍රය මනාප පුද්ගලයකු වීම,
11.    පහ කළ දොස් ඇත්තකු වීම,
12.    බොහෝ දෙනා මෙලොව වැඩිපුරම අසහනයට පත් වී සිටින්නේ තමන් ගේ මානසික ශක්තිය පිළිබඳව නොවේ. මානසික ශක්තියෙහි ඇති දුබලතා හෝ අඩුපාඩු පිළිබඳව නොවේ. පිටතට පෙනෙන ශරීරයෙහි අඩුපාඩු පිළිබඳවය. ඔබ පරපණ නසන්නේ නැති නම් එවැනි අඩුපාඩු ඔබ වෙත ළං නොවන්නේය
13.    කෙනකුට කේලාම් කියා බිඳවිය නොහැකි පිරිවර සම්පත්තියක් ඇත්තකු වීම,
14.          තැති නොගත්තකු වීම,
15.          විනාශ කළ නොහැකි උත්තමයකු වීම,
16.          පර උපක‍්‍රමවලින් අකල් මරණයට පත් නොවීම,
17.          රූපී පුද්ගලයකු වීම,
18.          අල්ප ආබාධ ඇත්තකු වීම,
19.          ශෝක නොකරන්නන් වීම,
20.          පි‍්‍රය මනාප පුද්ගලයන්ගෙන් වෙන් නොවන්නේ වීම,
21.          දීර්ඝායුෂ ලැබීම,
22.          මනාව පිහිටි අඟ පසඟ ඇත්තේ වීම,
23.          කෙනෙක් තවත් කෙනකු ගේ ජීවිතයක් තොර නොකරන්නේ නම් නීතියට හසුවේයැයි බයක් සැකක් නොවී, අසහනයෙන් තොරවී ජීවත් වීමට ලැබෙනවා පමණක් නොව සාංසාරික ජීවිතය පුරාම කායික මානසික නිරෝගී බවට, සුරක්‍ෂිතතාවයට විශාල උපකාරයක් වේ.. එමෙන් ම කායික සහ අධ්‍යාත්මික බලයක් සහිතව, දීර්ඝායු සම්පත්තියෙන්, මුළු ජීවිතය පුරාම යහපත් අය ඇසුරු කරන්නට ඉඩ ලැබෙන්නේ පරපණ නොනසා ගත කරන ජීවිතය තුළිනි.


අනන්ත පිරිවර සම්පත් ඇත්තේ වීම යනාදී ආනිසංසයන් ය.
මෙම ප‍්‍රධාන ආනිසංස පර පණ නැසීමෙන් වැළැකී සිටින්නාට මෙලොව මෙන් ම පරලොව ජීවිතයේ දී ද ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තා හ. 
බොරු නොකීමෙන් එනම් දෙවැනි සිල් පදය ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස එකොළහකි.

1.       මහා ධනවතකු වීම,
2.       බොහෝ ධන ධාන්‍ය ලබන්නේ වීම,
අනන්ත බෝග සම්පත් ඇත්තේ වීම,
3.       නූපන් වස්තුව ඉපැදීමේ පුණ්‍ය ශක්තිය ඇතිවීම,
4.       ඇත්තා වූ බෝග රැක ගැනීමේ වාසනාව සහිත වීම,
5.       කැමැති යම් වස්තුවක් වේද එය ලබා ගැනීමේ වාසනාව තිබීම,
6.       රජු, සොර, ගිනි, ජල ආදියෙන් වස්තුව විනාශ නොවීම,
7.       සාධාරණ ධන වාසනා ඇත්තකු වීම,
8.       ලොව උත්තම බවට පත්වීම,
9.       නැත යන වචනය අසන්නටවත් නොලැබීම,
10.    සැප විහරණ ඇත්තකු වීම යනාදියයි.

කාමය වරදවා නොහැසිරීම තෙවැනි සිල් පදයයි. එය ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස දහ අටකි. පරලොව දී මෙන් ම මේ භවයේ දී ම එහි පල අත්විඳීමට පුළුවන.

1.       සතුරන් නැතිවීම,
2.       සියලු ජනයා පි‍්‍රය කරන්නකු වීම,
3.       ආහාර පාන,
4.       ඇඳුම් පැළඳුම්,
5.       ඉඳුම් හිටුම් අඩු පාඩුවක් නැතිව ලැබීම,
6.       සැපසේ නින්ද යෑම,
7.       සැපසේ අවදි වීම,
8.       අපාය බය නැත්තේ වීම,
9.       කාන්තාවක වීම හෝ නපුංසකයකු වීම සිදු නොවීම,
10.    ක්‍රෝධ අඩු අයකු වීම,
11.    සැක බිය නිසා බිම බලාගත් කෙනකු නොවීම,
12.    පිරිපුන් ඉඳුරන් ඇති වීම,
13.    සැක නැති අයකු වීම,
14.    මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාව ඇත්තේ වීම,
15.    සැප විහරණ ඇත්තේ වීම,
16.    බියට පත් නොවීම,
17.    පි‍්‍රයයන්ගෙන් වෙන් නොවන්නේ වීම
18.    උතුම් මානසික සුවය

යනාදී ආනිසංසයන් එහි දී ප‍්‍රධාන වේ. උපදින සෑම භවයක දීම මානසික සුවය අපේක්‍ෂා කරන්නේ නම් ඔබ තෙවැනි සිල් පදය ආරක්‍ෂා කරන්නකු විය යුතුය.
සිව්වැනි ශික්‍ෂා පදය මුසාවෙන් වැළැකීම ය. ඉන් ලැබෙන ආනිසංස දාහතරකි.

1.       අතිශය ප‍්‍රසන්න ඉඳුරන් ඇත්තකු වීම,
2.       මිහිරි කට හඬක් හිමි වීම,
3.       සමානව පිහිටි සුදෝ සුදුවන් දත් දෙපළක් හිමි වීම,
4.       අශෝභන වූ මහත් වූ ශරීර නොලැබීම,
5.       අශෝභන වූ කෙට්ටු ශරීර නොලැබීම,
6.       අධික ලෙස මිටි වූ ශරීර ඇත්තෙක් නොවීම,
7.       අධික ලෙස උස් වූ ශරීර නොමැති වීම,
8.       සැප ස්පර්ශ ඇත්තේ වීම,
9.       මහනෙල් මල් සුවඳැති මුඛයක් හිමි වීම,
10.    සුවච කීකරු පරිවාර ජනයා ඇතිවීම,
11.    විශ්වාස කළ හැකි වචන ඇත්තකු වීම,
12.    නෙළුම් පෙත්තක් වැනි රත්පැහැ වූ දිවක් ඇත්තේ වීම,
13.    උඩඟª නොවන්නේ වීම,
14.    චපල අදහස් නැත්තේ වීම


යන ආනිසංසයන් ය.එය ඔබට අද පටන් ආරම්භ කළ හැකි උදාර ගුණාංගයකි.

පස්වැනි සිල්පදය සුරාවෙන් මිදීමය. එහි මෙලොවදී මෙන් ම පරලොවදී ද භුක්ති විඳීමට ලැබෙන ආනිසංස තිහකි.

1.       තුන්කල්හි කටයුත්තක් වුවද වහා වැටහීම,
2.       එළඹ සිටි සිහියෙන් යුතු වීම,
3.       උන්මත්තකයකු නොවීම,
4.       ඥානවන්තයකු වීම,
5.       අලස නොවීම,
6.       නොහික්මුණු කි‍්‍රයා නොකරන්නේ වීම,
7.       තරුණ මදයෙන් මත් වු ස්වභාවයක් නැත්තකු වීම,
8.       මෝහයෙන් මුලාවී කටයුතු නොකිරීම,
9.       තැති නොගැනීම,
10.    ඊර්ෂා නොකරන්නේ වීම,
11.    සත්‍ය වචන කතා කරන්නකු වීම,
12.    කේළාම් පරුෂ වචන නොකීම,
13.    දිවා රෑ දෙකෙහිම අනලස්ව කටයුතු කරන්නේ වීම,
14.    කලගුණ දක්වන්නේ වීම,
15.    උපකාර කළ අයට ප‍්‍රති උපකාර දක්වන්නකු වීම,
16.    මසුරු නොවීම,
17.    භාග්‍යවන්ත වීම,
18.    සිල්වන්ත වීම,
19.    ඍජු ගති ඇත්තේ වීම,
20.    ක්‍රෝධ නොකරන්නේ වීම,
21.    සත්පුරුෂයකු වීම,
22.    පවෙහි ලජ්ජාශීලී වීම,
23.    පවට බිය ඇත්තේ වීම,
24.    මහා පුණ්‍යවන්තයකු වීම,
25.    මහා චිත්ත ශක්තියක් ඇත්තේ වීම,
26.    දර්ශනික අදහස් ඇතිවීම,
27.    අර්ථය අනර්ථය වටහා ගත හැකි හසළ බුද්ධියක් ඇති වීම,
28.    එකට එක නොකරන්නකු වීම
29.    මේ ලෝක වශයෙන් නිරෝගී, පි‍්‍රයශීලී විශ්වසනීය කෙනකු බවට පත්වීමට හැකිවනවා
30.    උපදින සෑම භවයකදීම කායික මානසික නිරෝගී, ප‍්‍රසන්න පුද්ගලයකු වීමට වාසනාව උදාවනු ඇත.

                          යනාදී අනිසංසයන්ය.සුරාවෙන් වැළැකී සිටිනවා නම් ඔබට මේ ලෝක වශයෙන් නිරෝගී, පි‍්‍රයශීලී විශ්වසනීය කෙනකු බවට පත්වීමට හැකිවනවා පමණක් නොව උපදින සෑම භවයකදීම කායික මානසික නිරෝගී, ප‍්‍රසන්න පුද්ගලයකු වීමට වාසනාව උදාවනු ඇත.

            මෙවර ලිපිය දෙවතාවක් තුන්වතාවක් හෝ කියවා ඔබේ අවධානයට ගත යුතුය. ජීවිතය පිළිබඳව යහපත් වූ අපේක්‍ෂා තිබෙනවා නම් අනිවාර්යයෙන් ම පංචශීල ප‍්‍රතිපදාව ආරක්‍ෂා කළ යුතුය. ඔබේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද වඩාත් යහපත් කිරීමට එහි විශාල ශක්තියක් බලයක් තිබෙන නිසාය.

සංජය කළුපහන වන මා කල වූ යම් පිනක් වේද.. මා කල පිනට පිහිටවන්නා වූ සියලුම දෙවියන් එම පින් අනුමෝදන් වෙත්වා...නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..දුකින් මිදෙත්වා..!

No comments:

මාසය තුල සිත්ගත් ලිපි