25 October 2011

මැස්සකු මැරූ අකුසලය

                           ත්වගාතනය ගැන කිසියම් දිනයකට හෝ සුවිශේෂී දවසක් ගෙන පොර ටොක් දෙන වකවානුවක මට අදහසක් අවා ඉතිහාසයේ රහත් වුවත් කල කීදේවල් පසුපස හබා විත් විපාක දෙන බව දැන් ජීවත් වන මිනිසුන්ට දැනෙන්නට සලස්වන්නැයි මාගෙ වැයම.මෙය මගින් කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකෙරෙත්වා යන්නයි.මෙය මා දක්වනුයේ කර්මය පලදීම ගැන කතා කිරීමක් පමණකි,           

                       මෙම විස්තරයට අදාල වූ තෙරුන් වහන්සේ  එවකට කැලණිය වෙහෙරෙහි විසු අතර කැළණි තිස්ස රජ බිසව හා උත්තිය නම් යුවරජ සමග නොමනා සම්බන්දයක් පවතී අතර මෙය දැනගත් රජු ඔහුව මරන්න සොයනවිට පැනගොස් සගවා සිටමින් තරුණයකු හා හිතවත් වී ඔහු පැවිදි වෙස්ගන්වා රජ දේවියට හසුන්පතක් එවන ලදී.මෙම හොර පැවිදි තෙම කැළණි තෙරුන් දැන් වළදා වඩින මග පසු පස විත් දේවියට පෙනෙන සේ හසුන් පත බිම හෙළිය.මෙය දුටු රජතුමා කැළණි තෙරුන් ලිය පොඩිනම අත බිසවට දෙන ලද්දක් සේය සිතා  කැළණි තෙරුන් වහන්සේව තෙල් කටරමකට තෙල් දමා මරවන්නට නියෝග කලේය.එවිට කැළණි තෙරුන් රහත් වූ බැවින් එහි බද්ද පර්යන්කයෙන් සිට මෙසෙ වීමට කල අකුසලය සොයා බැලුසේක. කැළණි තෙරුන් එක් ආත්මයක ගොපලු දරුවකු සිටියදී කිරි උණු කරනවිට මැස්සකු අල්ලා දමා කකාරා මැරූ අකුසලය දැක මෙය නොනැවැත්විය නොහැකි බව දැන එහිම පිරිනිවුනි.මෙය දුටු දෙවියන් කිපී මුහුද ගොඩගලන්නට සැලැස්වීය..
                                                         එසේ නම් සැදැහැවත් මිනිසුනි මැස්සකු මැරූ අකුසලය මෙසේ විය..වෙනකෙකු මැරිමෙ අකුසලය කෙබදුදැයි ඔබ මනසට වැටහේවා..!සත්වගාතනය ආදීනව ගෙනහැර දැක් වූයේ සද්දර්මලංකාරය හි 446 වන පිටුව ඇති කරුණු මතය                               

No comments:

මාසය තුල සිත්ගත් ලිපි