මුගලන් මහරහතන් වහන්සේ පෙර ජාතියෙක දී තම භාර්‍ය්‍යාව ගේ කීම අසා මවුපියන් මරන අදහසින් ඉතා දරුණු ලෙස ගැසූහ, ඒ පවින් ඒ ආත්මභාවයේ දී ම ඉතා දුකින් වාසය කොට ඉන් මැරී අපායෙහි උපන්නහ. ඉනුදු අකුශල කර්‍මය ඉවර නො වී අන්තිම ජාතියෙහි රහත් වීමෙන් පසු ව ද පන්සියයක් පමණ පල්හොරුන් ගෙන් පහර ලැබ හාල් මිටියක් තරමට ඇඟ ඇට කුඩුවී යෑමෙන් ඉතා කනගාටු තත්ත්වයෙකින් පිරිනිවන් පෑහ. මෙයින් ම මවුපියනට වැරැදි කිරීමේ ආදීනව පැහැදිලි වේ. මවුපියන් නොසලකන්නා පිරිහෙන බවත් චණ්ඩාලයකු = අවාසනාවන්තයකු බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මවුපියන් ගේ හිතට දුක් දෙන දරුවෝ පව් සිදු කර ගන්නෝ ය, මරුවෝ ය.
මවුපියනට උපස්ථාන කිරීම උපනුපන් ජාතිවල අනන්ත සැප ලැබීමට හේතු වන මහ පින්කමක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. භික්‍ෂූන් වහන්සේ විසිනුදු මවුපියන් උපස්ථාන කට යුතු යයි වදාරා ඒ සඳහා ඇතැම් විනය ශික්‍ෂා පද ද ළිහිල් කළහ. මවුපියනට සලකන්නට කෙනෙක් නැත් නම් පන්සලට එක්ක අවුත් පිණ්ඩපාතය ගෙන දෙමින් කවමින් පොවමින් නහවමින් සියලු උපස්ථාන කිරීමට භික්‍ෂූනට ද ඉඩ දුන්හ. දෙමවුපියන් ශීලාදි ගුණයන්හි පිහිටුවීම හැමට වඩා උසස් සංග්‍රහය බවත් වදාළහ. බුදුරජාණන් වහන්සේ, සැරියුත් මාහිමියන් වහන්සේ ආදී උතුමෝ ද මවුපියනට උපස්ථාන කිරීමෙන් ලොකයාට වටිනා ආදර්ශයක් දැක්වූහ. එ හෙයින් හැම බෞද්ධයකු විසින් තම මවුපියනට ඉතා ආදරයෙන් වැන්ද යුතු ය, පිදිය යුතුය.
මෑණියන් ගේ ගුණ
“පිළිසුන් දවසැ සිට දස මස මුලුල්ලේ
දරමින් කුසිනි විඳ විඳ දුක් තැවුල්ලේ
තෙරුවන් පිහිට පතමිනි හැම ඇසිල්ලේ
දෙවියන් යදිති රකිනුව බැඳ ඇඳිල්ලේ
දරමින් කුසිනි විඳ විඳ දුක් තැවුල්ලේ
තෙරුවන් පිහිට පතමිනි හැම ඇසිල්ලේ
දෙවියන් යදිති රකිනුව බැඳ ඇඳිල්ලේ
බිහි වුණු දින සිට ම රෑ නිඳි වරා ගෙන
රිහි රිම මිහිරි කිරි කැරැ කැරැ පොවා ගෙන
මිහි රෙව් සියලු කැත කුණු ගතැ වකා ගෙන
සිහි යෙනි නිබඳ සුව දුක රැක බලා ගෙන
රිහි රිම මිහිරි කිරි කැරැ කැරැ පොවා ගෙන
මිහි රෙව් සියලු කැත කුණු ගතැ වකා ගෙන
සිහි යෙනි නිබඳ සුව දුක රැක බලා ගෙන
කවා පොවා සරසා සිඹැ සනස්වතී
ඔවා දිදී සුසිරිත අප හසුරුවතී
ලවා ගුරුන් සිප් සතර ද උගන්වතී
දිවා රෑහි මවුවරු වැඩ සලස්වතී”
ඔවා දිදී සුසිරිත අප හසුරුවතී
ලවා ගුරුන් සිප් සතර ද උගන්වතී
දිවා රෑහි මවුවරු වැඩ සලස්වතී”
(බෞද්ධ ළමයා)
මවුවරුන් ගේ මේ ආදි ගුණ සිහි කරන හොඳ දූ දරුවන් විසින් දිනපතා දෙවරක් නොහැකි නම් නො වරදවා ම එක වරක් වත් වැන්ද යුතු ය. එය මහා පින්කමකි. එ සේ වඳින විට පහත සඳහන් කවිය ද කීම ඉතා මැනැවි.
“දිනේ පටන් මා උපන්න
මවු විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුඳුන් තබා මෙන්න
වදිමි මවුනි පින් ලබන්න”
මවු විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුඳුන් තබා මෙන්න
වදිමි මවුනි පින් ලබන්න”
පියාණන් ගේ ගුණ
“දුරු බැහැරින් වත් දිවෙලක් සොයා යෙතී
මරු කතරින් වත් වෙහෙසී දන සොයතී
බොරු ගරු මන් හැරැ බැළ මෙහෙ වත් කෙරෙතී
මරු මුව වන් නමුදු දරුවන් සුව යොදතී
මරු කතරින් වත් වෙහෙසී දන සොයතී
බොරු ගරු මන් හැරැ බැළ මෙහෙ වත් කෙරෙතී
මරු මුව වන් නමුදු දරුවන් සුව යොදතී
සාපවසින් මිරිකී දිවෙලෙහි යෙදෙතී
බෝසුළුවෙන් යැපෙමින් දරුවන් වඩතී
මේ අයුරින් දිව රෑ පියවරු හිතැතී
දූ දරුවන් පිණිස ම හැම දුක් විඳිතී”
බෝසුළුවෙන් යැපෙමින් දරුවන් වඩතී
මේ අයුරින් දිව රෑ පියවරු හිතැතී
දූ දරුවන් පිණිස ම හැම දුක් විඳිතී”
(බෞද්ධ ළමයා)
පියවරුන් ගේ මේ ආදි ගුණ සිහි කරන හොඳ දූ දරුවන් විසින් දවසකට දෙවරක් නොහැකි නම් නොවරදවා ම එක්වරක් වත් වැන්ද යුතු ය. එය මහා පින්කමෙකි. එ සේ වඳින විට පහත සඳහන් කවිය ද කීම ඉතා මැනැවි.
“දිනේ පටන් මා උපන්න
පිය විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුඳුන් තබා මෙන්න
වදිමි පියෙනි පින් ලබන්න”
පිය විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුඳුන් තබා මෙන්න
වදිමි පියෙනි පින් ලබන්න”
No comments:
Post a Comment