15 October 2011

බුදුවරුන්ට,නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද ? පලයක් ලැබේද ?

අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පුජා උන්වහන්සේලා පිළිනොගනී.පරිබෝජනය නොකරනු ලබයි,පරිබෝජනය නොකරන නැති බුදුවරුන්ට,නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද ? පලයක් ලැබේද ? යනු ඇතැමුන් නගන පරස්නයකි.. එයට මුල පවා පින නොදන්නා නිසාවෙනි,ජීවමාන බුදුරජාණන් වහන්සෙට කිසියම් වූ පුජවක් කරන කල පින වන්නෙ තථාගතයන් වහන්සේ පිළිගැනීම හෝ පරිබෝග කිරීම නොව පුජා කරන තැනැත්තා තුල පවත්නා පුජා ද්‍රව්‍ය තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් පිරි සිතමය. පුජාකරන්නාට අනාගතය ඉෂ්ට විපාකය ඇතිකරදෙනු ලබන්නෙ ද තථාගතයන් වහන්සේ විසින් නොව,පුජාකරන්නා තුල ඇතිවුන කුශල චිත්තයෙන්මය.කිසියම් පුජාවක් කරන්නට කුශලය ඇතිවන්නෙ ඒ පුජාව පිළිගැනීමට පෙරය, ප්‍රතිග්‍රාහකයා විසින් පුජාව පිලිගන්නෙය් කුශල චිත්තය ඇතිවුවට පසුවය පරිබෝග කරනු ලබනුයේ ඉන් පසුවය.පිළිගැනීම් පරිබෝග කිරීම දෙක සිදුනොවීමෙන් කලින් ඇතිවුන කුශල චිත්තයට හෝ ඉන් ලබන විපාකයට වන හානියක් නැත.
     
                   මීට ඉතා යහපත් පැහැදීලි කිරීමක් ඇත එනම් :තථාගතයන් වහන්සේ ළමාවිය ගතකර තිබෙනුයේ උන්වහන්සෙගෙ කුඩා මෑණියන්වන මහාප්‍රජාපතී ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙ පැවති මහත් භක්තිය නිසා සිවුරු පිණිස සළු සගලක් පුදනු කැමැත්තෙන් රජමාලිගයේ ගබඩාවල අගන දෑ පසෙක ලා පුළුන් ගෙන්වා සියතින් නුල් තනා සියතින් ම සලුසගලක් වියා කරඩුවක බහා හිසමතින් තථාගතයන් වහන්සේ වෙත පැමිණ " ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මවිසින් නුබ වහන්සෙ උදෙසා සියතින්ම නුල් අබරා සියතින් වියා පිලියල කල මෙ සළු සගළ ම කෙරෙය් අනුකම්පාවෙන් පිළිගන්න සේක්වා..!"යි සැල කළාය. එවිට තථාගතයන් වහන්සේ " ගෞතමිය; සඟයාට දෙව; එව සඟයාට දුන් කල්හී මම පුජා ලද්දෙ වෙමි.සඟයා ද පුජා ලද්දෙ ය" ලෙසින් එතුමියගෙ පුජාව ප්‍රතික්ශේප කරන ලදී..
                          තථාගතයන් වහන්සේ එසෙ කල ක්‍රියාව තව කෙකුට කුකුසක් ඇති කරවන්නකි එහෙත් එහි ඇති සත්‍යය මෙසේය
        මහාප්‍රජාපතී ගෝතමීයනට  අතිරේක වශයෙන් තවත් කුශල කර්මයක් ලබාදීම සදහාවෙනි.පෙරසදහන් කල පරිදි මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා යි කියා තථාගතයන් වහන්සේ ඉදිරිය තැබූපසු ඇයගෙ පින සිදුවී අවසානය.ඇයට බුදුන් කෙරෙ පුර්ව,මුඤ්චන හා අපර චේතනා යන කුශල චේතනාත්රය ඇතිවී අවසානය.තථාගතයන් වහන්සේගෙ නියෝගය තුලින් සඟයාට පිදුකල්හී පෙරමෙන් පුර්ව,මුඤ්චන හා අපර චේතනා යන කුශල චේතනාත්රය ඇතිවීමෙන් කුශල චේතනා හයක් ඇතිවී හමාරය එතුලින් ඇයට වස්ත්‍ර පුජාව අදිකතර මහත් පල මහනිසංසවන්නේය. එබැවින් තථාගතයන් වහන්සේ ඇයගෙ පුජාව ප්‍රතික්ෂේප කරනු ලබුවෙ එම නිසාවෙනි.     
          පුජා කිරීමට බුදුන් නැත සගුන් නැත කියා පසුබට නොවී පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හැකිපමණ පුදා බුද්ඩපුජමය කුශලය අත්පත් කරගෙන සගමොක් සැප ලබා ගනිත්වා...!                        
                                 

No comments:

මාසය තුල සිත්ගත් ලිපි