මේ කතාව අරබන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අම්මාවරු හා පියවරුන් වෙනුවෙන්මය...
ලෝක ළමා දිනයත්; ලෝක වැඩිහිටි දිනයත් පසු දිනක යෙදී තිබුනී.යතාර්තය නම් දෙමාපියන් අපව හදාවඩාගෙන අපට නිසි අධ්‍යාපනයක් දී අපට නිසිමග පෙන්වීමක් කරන්නේද අපේ අම්මා හා තාත්තාය නමුත් දරුවන් උස්මහත්වී තනියෙන් ජීවිතය ගතකරන විට තමන් ඒ තත්වයට ආවේ කෙසේද යන්න අද වන විට දරුවන්ට අමතක වන සමාජයකි,සින්හලයගෙ සෝඩා බෝතල් පත්තර කතා හැම තැනම සුපුරුදු පරිදී ලොකු ටොක්ස් වලින් දවස ගෙවිල ගිහින් දැන් මතකවත් නෑ,මෙවට දිනයක් වැඩක් නෑ ජීවිත කාලයම දරුවන් වෙනුවන් කැපකරපු අයට ඔව්න් මත හැදුනු වැඩුනු උන් වෙන් කරන්නෙ 1 දවසක් මොන තරම් විහිළුවක් ද.. පිළිතුරු මෙවැනී සංකීර්ණ සමාජයක 1 දවසක් උනත් වැදගත් කියන අය ඇති.. එය උනාට ඔවුනුත් දාහකුත් එකක් වැඩ අතරෙ තමා දරුවන් ඇතිදැඩි කර තිබුනෙ.අපට ඔවුන්ගෙ ආදරය නොඅඩුව ලැබුණී ලැබුන නිසාවෙන් ඔබ අප මෙවැනී වූ රක්ෂාවක් ලබා මෙලස ඉන්නෙ ඔවුන් නිසාමය අද එමනිසා ඔබ අප යානවාහන තුලින් යන්නට දේපල වලට කිසියම් හෝ හිමිකම් කියන්නට තරම් හැකියාවක් ලබා දුන්නෙ ඔවුන්,ඔවුන් දෙස හැරී බලන්නට කාලය
කුඩා දරුවන් වියපත් වෙද්දී ඔවුන් තුලම එම කුඩා අවදිය හැන්ගෙනු ලබයි නැවත මහලුවියට පාතබන විට නැවත එලිබසී.. තවකෙකුගෙ අවදානය ගන්නට ආදරය විදින්නට ලබන්නට ඔවුන් මානසිකව කරුණා, මෛත්‍රිය සොයයි.. අප දරුවන් ලෙසින් නොමසුරුව එය දිය යුතුමය. නැතිනම් ඔවුන් මානසිකව කරුණා, මෛත්‍රිය හී යාචකයන් කර වැඩිහිටි නිවාසයක සිරවන්නට සිත් ඇතිකරයි. දෙමාපියන් අපට දුන් ආදරය පෙරලා ඔවුන්ට නොදෙන්නට තරම් ඇයි අප ලොබ කොහෙවත් යන කෙකුට සුදු,රත්තරන්,මැණික,බබා ආදී පැණි වචන දානවට වඩා අම්මා තාත්තා ගාවට ගොස් කොහොමද අම්මෙ තාත්තේ..? කියල ආගිය තොරතුරු විමසන්න,තමන්ගෙ දියුණුව කල පින්කම්,දෙමාපියන් වෙනුවෙන් කල සෙත් ශාන්තී, ඔවුන්ට කරන සාත්තු වල තත්වය කතා කරන්න නිමක් නැතිසතුට ඔවුන් බුක්ති විදිනුලබයි.මා යම් තැනක දුටුවා දෙමාපියන් අහස පොලොව වගෙ කියා.. දරුවන් ලෙසින් කරන ඕනෑම දෙයක් විදදර ගන්නට තරම් කෙනෙක් සීටි නම් ඔබගෙ අම්මා තාත්තාමය..
අප වපුරන ලෙසින් අස්වැන්න ද ලැබේ..අප ජීවිත සාරවත් කරන්නට නොයකුත් දෑවල යෙදෙයි..පිටරට පදිංචියට ද යයි.. එතුල දරුවන් සමග වැඩෙත්ම ඔවුන් එම සමාජයට සම්බන්ද වනවිට නැවත උපන් ගම නගරය මතක්වෙ.. ඉන්පසුව තමුන් මහලුවෙද්දී නිසැකවම උපන් ගම නගරය වෙත සිත යයි.. එවිට තමාගෙ දෙමාපියන්ට අත්වූ ඉරණම ඔව්න්ට අත්වුන බව කෙමෙන් කෙමෙන් සිහියට නැගෙමින් ජීවත්වෙ,එම දෙමාපියන්ට එදින හැකිපමණ හොදින් සලකුවනම් ඔබගෙ මහලු වයස දුක්වන්නට ඉතිරිවන්නෙ ඔබෙ ම දරුවන් ගැන පමණි.අද දින ඔබ දෙමාපියන් වෙනුවෙන් අරන් යන කිරිපිටි,බිස්කට් පැකට්ටුව මල දා දාන තරූ පහෙය් ඔප මට්ටම් වලට වඩා වටී. අම්මා කෙනෙකු තම දරුවකු වෙනුවෙන් මගබලා සිටින හැටි මා අත්විද ඇත..ඔවුන්ගෙ අතපය වාරු නැතිවුනත් දරුවා දුටුවිට නැවත මානසිකව ශක්තිමත් වී මා බලන්නට මගට පැමිණී වාර අනන්තය..එවිට මගෙ දුරස් වීම දාරගත නොහැකිබව මගේම ඇස මට දන්වයි.තම අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතය තිබෙන කල් කිසියම් වියදමක් නොදරා.. මල ගෙයට ලක්ෂ ගනම් වියදන් කරන අයවලුන් ඇත.. එසෙ මියයන දෙමාපියන් ලක්ෂවාරයක් වැළපෙනු ඇත, ඒ මුදල ජීවත්ව සිටිකාලයේ වියදම් කර ඔවුන්ට සුවසෙ ඉන්නට දුන්නනම් ඔබ කොටිවාරයක් සතුටුවන අතර දෙමාපියන්ද අප ජීවිතවලට නොමසුරුව ආශිර්වාද කරනු ඇත..
අපට තප්පර කීපයක් ඔවුන්ට වැය කරන්නට මසුරු වනවිට ඔවුන් අපවෙනුවෙන් වැයකළ ජීවිත කාලය අපමණය, ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෙදර බුදුන්මය.. මුදල් පසුපස හැල්මෙ දුවන කාලයක ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් දීනයක් හොදටම ඇතිද? ඔවුන් අපගැන සිතු තරමට අපි ඔවුන් ගැන බලනවද? වැඩිහිටි නිවාස වල ඕනෑකම තියනවා ද?වැඩිහිටි නිවාස ඕනා වුනේ ඇයි? වැරැද්ද කොතනද? කළගුණ නොදන්නා කමද? අමතක වීමද ? ඇති තරම් පාටි වලට වෙලා තියන රටෙ ඇයි වෙලාවක් හොයාගන්න බැරි දෙමාපියන් වෙනුවෙන්? සමාජය පිරිහිලද ? ඔබට මට අපට හිතන්නට කරන්නට යමක් තිබෙද?
ලෝක ළමා දිනයත්; ලෝක වැඩිහිටි දිනයත් පසු දිනක යෙදී තිබුනී.යතාර්තය නම් දෙමාපියන් අපව හදාවඩාගෙන අපට නිසි අධ්‍යාපනයක් දී අපට නිසිමග පෙන්වීමක් කරන්නේද අපේ අම්මා හා තාත්තාය නමුත් දරුවන් උස්මහත්වී තනියෙන් ජීවිතය ගතකරන විට තමන් ඒ තත්වයට ආවේ කෙසේද යන්න අද වන විට දරුවන්ට අමතක වන සමාජයකි,සින්හලයගෙ සෝඩා බෝතල් පත්තර කතා හැම තැනම සුපුරුදු පරිදී ලොකු ටොක්ස් වලින් දවස ගෙවිල ගිහින් දැන් මතකවත් නෑ,මෙවට දිනයක් වැඩක් නෑ ජීවිත කාලයම දරුවන් වෙනුවන් කැපකරපු අයට ඔව්න් මත හැදුනු වැඩුනු උන් වෙන් කරන්නෙ 1 දවසක් මොන තරම් විහිළුවක් ද.. පිළිතුරු මෙවැනී සංකීර්ණ සමාජයක 1 දවසක් උනත් වැදගත් කියන අය ඇති.. එය උනාට ඔවුනුත් දාහකුත් එකක් වැඩ අතරෙ තමා දරුවන් ඇතිදැඩි කර තිබුනෙ.අපට ඔවුන්ගෙ ආදරය නොඅඩුව ලැබුණී ලැබුන නිසාවෙන් ඔබ අප මෙවැනී වූ රක්ෂාවක් ලබා මෙලස ඉන්නෙ ඔවුන් නිසාමය අද එමනිසා ඔබ අප යානවාහන තුලින් යන්නට දේපල වලට කිසියම් හෝ හිමිකම් කියන්නට තරම් හැකියාවක් ලබා දුන්නෙ ඔවුන්,ඔවුන් දෙස හැරී බලන්නට කාලය
කුඩා දරුවන් වියපත් වෙද්දී ඔවුන් තුලම එම කුඩා අවදිය හැන්ගෙනු ලබයි නැවත මහලුවියට පාතබන විට නැවත එලිබසී.. තවකෙකුගෙ අවදානය ගන්නට ආදරය විදින්නට ලබන්නට ඔවුන් මානසිකව කරුණා, මෛත්‍රිය සොයයි.. අප දරුවන් ලෙසින් නොමසුරුව එය දිය යුතුමය. නැතිනම් ඔවුන් මානසිකව කරුණා, මෛත්‍රිය හී යාචකයන් කර වැඩිහිටි නිවාසයක සිරවන්නට සිත් ඇතිකරයි. දෙමාපියන් අපට දුන් ආදරය පෙරලා ඔවුන්ට නොදෙන්නට තරම් ඇයි අප ලොබ කොහෙවත් යන කෙකුට සුදු,රත්තරන්,මැණික,බබා ආදී පැණි වචන දානවට වඩා අම්මා තාත්තා ගාවට ගොස් කොහොමද අම්මෙ තාත්තේ..? කියල ආගිය තොරතුරු විමසන්න,තමන්ගෙ දියුණුව කල පින්කම්,දෙමාපියන් වෙනුවෙන් කල සෙත් ශාන්තී, ඔවුන්ට කරන සාත්තු වල තත්වය කතා කරන්න නිමක් නැතිසතුට ඔවුන් බුක්ති විදිනුලබයි.මා යම් තැනක දුටුවා දෙමාපියන් අහස පොලොව වගෙ කියා.. දරුවන් ලෙසින් කරන ඕනෑම දෙයක් විදදර ගන්නට තරම් කෙනෙක් සීටි නම් ඔබගෙ අම්මා තාත්තාමය..
අපට තප්පර කීපයක් ඔවුන්ට වැය කරන්නට මසුරු වනවිට ඔවුන් අපවෙනුවෙන් වැයකළ ජීවිත කාලය අපමණය, ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෙදර බුදුන්මය.. මුදල් පසුපස හැල්මෙ දුවන කාලයක ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් දීනයක් හොදටම ඇතිද? ඔවුන් අපගැන සිතු තරමට අපි ඔවුන් ගැන බලනවද? වැඩිහිටි නිවාස වල ඕනෑකම තියනවා ද?වැඩිහිටි නිවාස ඕනා වුනේ ඇයි? වැරැද්ද කොතනද? කළගුණ නොදන්නා කමද? අමතක වීමද ? ඇති තරම් පාටි වලට වෙලා තියන රටෙ ඇයි වෙලාවක් හොයාගන්න බැරි දෙමාපියන් වෙනුවෙන්? සමාජය පිරිහිලද ? ඔබට මට අපට හිතන්නට කරන්නට යමක් තිබෙද?
මෙය හුදෙක් කතාවක් නොව නොදුටු බුදුන් වදින්නට පෙර වැඩසිටින ගෙදර බුදුන් බැහැදකින්න....!
ඇසක් ලෙස රැකගත් මා පුතුගේ ඇසක් උදුරා ගත්තා!
සංචිතගේ වයස අවුරුදු අටයි. ඔහු ඉගෙන ගන්නේ රදාවාන මහගමසේකර විද්‍යාලයේ දෙවැනි වසරේ. සංචිතගේ ඇසට ගල් පහරක් වැදිලා. ඒක පාසලේදී ඇති වූ පුංචි රණ්‌ඩුවක් නිසා වෙන්නත් පුළුවන්. එහෙත් ඒකෙන් සිදුවී ඇති හානිය නම් බරපතලයි. කාටවත් මේ ගැන කෙලින්ම ඇඟිල්ල දිගු කරන්න බැරි වුනත් ඉගෙන ගන්න ගියාම ඒක අමතක කරලා වෙන දේවලට සිත යොමුකිරීම නම් කනගාටුවට කරුණක්.
ගල් පහර එල්ල කළ ළමයා වුණත් ඒක සංචිතගේ ඇස නැති කරන්න හිතාගෙන කළ වැඩක් වෙන්න බැහැ. වෙලාවෙ හැටියට වැඩිය නොසිතා ගල් පහරක් එල්ල කරන්නට ඇත. ඒත් පහර ලොකු හානියක් කරලයි තියෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලටත් වගකීමෙන් මිදෙන්නට බැහැ. තමා වෙත එන දරුවෙකු ඇහැක් වගේ බලාකියා ගන්න එක උගන්නනවා වගේම පාසලට ඇති භාරදුර වගකීමක්. දරුවකුට විපතක් වුණාම අපට කරන්න දෙයක් නෑ. අරයා තමයි ඒකට වග කියන්න ඕන" කියලා ඇඟ බේරා ගන්න පාසලට බෑ.
ගල් පහර වැදීමෙන් දරුවගේ ඇසෙහි දෘෂ්ටි ස්‌නායුවට හානි වී ඇති බවයි එය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් කියන්නේ, දෘෂ්ටි ස්‌නායුව ඇසෙහි ඉතාමත් ප්‍රබල කොටසක්. ඇසෙහි කාචය හරහා ඇසට ඇතුළු වන රූපවල දත්ත මොලය කරා ගෙන ගොස් ඒවා සංජානනය කරන්නට උදව් වන්නේ මේ දෘෂ්ටි ස්‌නායුවයි.
ඉතින් කොහොම හරි සංචිතගේ ඇස නැති වුණොත් ඒක එයාගේ මුළු ජීවිතයටම බලපාන කරුණක් වෙන්න බැරි නෑ. තමාගේ රූප සොබාවටත් ඇතැම් විට ඉගෙනීමට අයහපත් ලෙස ඒක බලපාන්න තියෙන ඉඩ වැඩියි. දැනට මේ සිදුවීම අධිකරණය දක්‌වා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සිදුවීමෙන් මහත් සේ අගතියට හා කම්පාවට පත් වූ කෙනෙක් මේ ඇස පිටුපස ඉන්නවා. ඒ සංචිතගේ අම්මා සුභාෂිණී ඉන්ද්‍රමාලි මහත්මියයි. ඇය තම දරුවාගේ ඇස සුව කර ගැනීම සඳහා නොකරන දෙයක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් සඳහාම තමාට ලක්‍ෂ ගණනක් (දැනටම ලක්‍ෂ තුනක්) වියදම් වී ඇති බවයි ඇය කියා සිටින්නේ. තව එහි අවසානයක් නැහැ. දැන් ඇය දේශීය වෛද්‍යවරයකුගේ පිහිට බලාපොරොත්තු වෙනවා. තමාගේ මුළු සේසතම වුනත් දරුවාගේ ඇස පාදා ගැනීම සඳහා වියදම් කරන බව කීමෙන් ඇගේ සිත තුළ තෙරපෙන දරු සෙනෙහසෙත් මානසික පීඩාවෙත් දිග පළල ලොවට කියනවා. අම්මලාගේ හැටි එහෙම තමයි. ඒත් මේ කාරණය ගැන බොහොම වේදනාත්මක සිත්තැවුලක් ඇයට තිබෙනවා. මීට මාස කිහිපයකට ඉහත තම එකම දරුවා බස් රථයකට යට කළ රියෑදුරා ගැන මාතර බණ්‌ඩාරමුල්ලේ අම්මා නන්දනීටත් ඇති වුණේ ඒ සිත්තැවුලයි.
එනම් මේ වරදට සම්බන්ධ දෙවැනි පාර්ශ්වය දක්‌වන සිල්ලර ගණයේ අඩු තක්‌සේරුව හා සදාචාරාත්මක නොවන හැසිරීමයි. ඔවුන් තම දරුවාට සිදුවූයේ කුමක්‌ද කියාවත් සොයා බලා නැති බවය ඇය කියා සිටින්නේ. ඒක සාධාරණ චෝදනාවක්. මන්ද අපරාධකරු වගේම ඔහු සඟවන්නේද අපරාධකරුවන් වන නිසයි.
ඇසක් ගැන කියන විට අම්මා කෙනකු ඇසක් හා පුතකු ගැන අපූරු කතාවක් විදේශයකින් අහන්න ලැබෙනවා. ඒ මෙසේයි.
එක්‌තරා පුතෙක් තම මව එක් ඇසක් ඇති ගෘහණියක නිසා ඇය පිළිකුල් කරනවා. එහෙත් ඒ අම්මා ඔහුව හැදුවේ ලොකු මහත් කළේ නොවිඳිනා දුක් විඳිමින්. දවසක් අම්මා පුතා බැලීමට ඔහුගේ පාසලට යනවා. අම්මා තමා බලන්නට ඇවිත් තමා ලැඡ්ජාවට පත් කරන බව කියමින් පුතා අම්මාට දොස් කියනවා.
පාසලේ ළමයි ඔහුට "පොට්‌ට ගෑනිගෙ පුතා" යනුවෙන් විහිළු කිරීම නිසා ඔහු මහත් සේ කෝපයට පත් වෙලයි සිටියේ. ඉගෙනීම අවසන පුතා ඉහළ රැකියාවකට පත් වෙනවා. ඒ සිංගප්පූරුවේදී.. ඔහු එහි පදිංචි වී විවාහ වී දරුමල්ලන් ලබනවා. ඔහු එහි ගතකරන්නේ ඉතා සැපවත් ජීවිතයක්. මේ අතර අම්මාට තම පුතා දැක ගන්නට සිතෙනවා. ඇයට වඩාත් උවමනා වන්නේ තම මිනිබිරී මුනුබුරන් දැක ගැනීමටයි. ඇය පුතාගේ නිවස සොයා යනවා. අවසානයේ එහි දොරට තට්‌ටු කරනවා.
ඇරුණු දොරින් මේ එකැස් ගැහැනිය දුටු ඇගේ මිනිබිරි මුනුබුරන් බියවී කෑගසනවා. පුතා එතනට විත් තම දරුවන් බිය ගැන්වීම ගැන ඇයට දොස් පවරමින් ඇය එතැනින් පන්නා ගන්නවා.
මට සමාවෙන්න සර්ෘ මම වැරදි ගෙදරකටයි ඇවිත් තියෙන්නේ කියමින් ඇය ආපසු යනවා.
ඊට අවුරුදු කිහිපයකට පසු ඔහුට තම පාසල් උත්සවයකට ආරාධනාවක් ලැබෙනවා. ඒ ආදි ශිෂ්‍ය සංවිධානයෙන්. ඔහු එහි යනවා. තම මව ළඟදී මිය ගිය පුවත එහිදී ඔහුට දැනගන්නට ලැබෙනවා.
එහිදී එක් කුඩා ළමයෙක් ඔහු වෙත එනවා.
සර් ඔබ වින්සන්ට් මහත්තයාද? දරුවා අසනවා.
ඔව්!
ඔබට ලියමනක් තිබෙනවා. මේක ඔබේ අම්මා ගෙන් වෙන්න ඕනෑ. මේක ඔබට දෙන්නැයි අපට කියා තිබුණා.
පුතා ලියුම කියවා බැලුවා. එහි සඳහන් වූයේ ඔහු මෙතෙක් නොදැන සිටි රහසක්. ඒ මෙසේය.
පුතා ලංකාවට එන බව මට ආරංචි වුණා. මට ඇති වූ සතුට අප්‍රමාණයි. එදාට එතනට ඇවිත් ඈත සිට හෝ පුතා දැක ගන්නට සිතා සිටියත් දැන් මා හුඟක් දුබල බැවින් එය ඉටුකර ගන්න බැරි වේවි. දැනටමත් මා සිටින්නේ මරණයේ එළිපත්ත ළඟයි. කොහොම වුනත් නුඹට කිවයුතු කාරණයක් මා මෙහි සඳහන් කරනවා. එය ඔබ දැන සිටීම හොඳ යෑයි මට සිතුණා. පුතා කුඩා කාලයේ හදිසි අනතුරක් වෙලා පුතාගේ දකුණු ඇස ඉවත් කරන්නට සිදු වුණා. පුතේ අම්මා කෙනෙකු හැටියට මම එදා මගේ යුතුකම ඉටු කළා. මම මගේ එක් ඇසක් ගලවා පුතාට දෙන්නට වෛද්‍යවරුන් කැමති කරවා ගත්තා. පුතා ඇස් දෙකම ඇතිව සිටිනු දැකීමයි මගේ ආශාව වුණේ. ඉතින් පුතේ නුඹ ඔය ඇසින් ඔයිට වඩා කරුණාවන්තව ලෝකය දිහා බලනවා නම් තමයි මගේ ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙන්නේ. නුඹට බුදු සරණයි. මම නුඹේ අම්මා.

No comments:
Post a Comment