අපි කවුරුත් කැමතිවෙන්න ඕනැ අකුසල් දුරුකරගන්ටත්, කුසල් දියුණුකරගන්ටත්. එතකොටයි අපේ ජීවිතයට සැප ඇතිකරගන්ට පුළුවන්කම තියෙන්නෙ. සමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි, අකුසල් වැඩෙනව කුසල් වැඩෙන්නෙ නෑ.
අපි ඒ සාමාන්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒකට ඉඩ දෙන්ට හොඳ නෑ. අප කලයුත්තේ අකුසල් දුරුකරමින්, කුසල් දියුණුකරගන්ට වෑයම් කිරීමයි. ඒ සඳහා අපි කැමතිවෙන්න ඕනැ.සාමාන්‍ය කෙනාට අකුසල් වැඩෙන්නෙත්, කුසල් වඩන්ට බැරි වෙන්නෙත් ඇයි? ඒ මොකද එහෙම වෙන්නෙ? එහෙම වෙන්නේ එයා එයාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය දන්නෙ නෑ. ඉතින් අපි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගත්තොත් අපිටත් කුසල් දියුණුකරගන්ට බෑ.අකුසල් දියුණුවෙලා යයි. අපි පුරුදුවෙලා තියෙන්නෙ, අකුසල් දියුණුකරන ස්වභාවයට. ඒ නිසා ජීවිතයෙ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න. ඇත්ත ස්වභාවය තේරුම් ගත්තොත්, ඒ වැටහීම මුල් වෙලා.අකුසල් දුරුවෙන්න පටන්ගන්නව. කුසල් වැඩෙන්ට පටන්ගන්නව. එතකොට අපිට කුසල් වඩන්න පුළුවන්. ඉතින් අපි වෑයම් කල යුත්තේ, කැමති විය යුත්තේ තම තමාගේ ජීවිතය ගැන තම තමා ම කල්පනා කරන්ට. එතකොට ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න පුළුවන්. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට ආර්ය සත්‍ය කියල කියා දුන්නේ.
ජීවිතයේ ඇත්ත ස්වභාවය. ආර්ය සත්‍ය කල්පනා කිරීමෙන් අපේ හිත කැමතිවෙනව අකුසල් බැහැර කරන්න. ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමෙන්ම අකුසල් බැහැරවෙන්න පටන්ගන්නව.ජීවිතයෙ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමෙන් ම කුසල් දියුනුවෙන්ට පටන් ගන්නව. ඉතින් අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගන්නා තාක් අපිට කුසල් වඩන්ට බැරිව යනව. කුසලයේ වේශයෙන් අකුසල් මයි වඩන්නෙ. ජීවිතයේ ඇත්ත නොදන්න කෙනා, සිල් ගත්තත් ඒ ඔස්සේ අකුසලයකුත් වඩා ගන්නව.සීලය මුල්කරගෙන ආඩම්බරකම හදා ගන්නව. ඒ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගැනීම නිසා. ඒ වගේම ධර්මය ඉගෙන ගන්නව, ඒ මගිනුත් ආඩම්බරය මාන්නය ඇතිකරගන්නව, ඒක දියුණුකරගන්නව. ඒ ඇයි ? ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම් නොගත්ත නිසා. බණ භාවනා කරනව ඒ තුළිනුත් ආඩම්බරය මාන්නය ඇතිකරගන්නව.ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම් නොගන්න නිසා. සමාධිය උපදව ගන්නව ඒ තුළිනුත් ආඩම්බරය මාන්‍ය ඇතිකරගන්නව, දියුනුකරගන්නව. ඒ ඇයි? ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගන්න නිසා. අපි අන් අයට උපකාර කරන්ට පටන්ගන්නව. ධර්මය කියනව, කරුණු කියල දෙනව, එමඟිනුත් ආඩම්බරය මාන්නය ඇතිකරගන්නව, දියුනුකරගන්ව. ඇයි ඒ? ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගන්න නිසා.
ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගත් කෙනා මොන දේ කළත් කුසල් දියුණුකරන්න බැරිව යනව. ඒ හැම එකක් ම මුල් කරගෙන එයා දන්නෙ ම නැතුව කුසලයේ වේෂයෙන් අකුසල් දියුණුකරගන්නව. ඉතින් ඒ වගේ භයානක ස්වභාවයක් තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගන්න කෙනාට තියෙන්නෙ.
ඒ ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට, දුක්ඛ ආර්ය සත්‍යය යටතේ, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යටතේ කියාදෙන්නේ. අපි ඒ ආර්ය සත්‍යය ඉගෙනගෙන, අපේ ජීවිතයේ තුළයි මේ ආර්ය සත්‍ය තියෙන්නෙ කියල කල්පනා කළොත්, අපි අපේ ජීවිතයේ ඇත්ත තේරුම්ගන්නව.
එසේ තේරුම්ගැනීමෙන් ම එයා තුළ අකුසල් දුරුවෙන්ට පටන්ගන්නව, කුසල් වැඩෙන්ට පටන්ගන්නව. එනිසා අපි කළයුත්තේ ඒක. ඒනිසා ධර්මය ඉගෙන ගෙන ඒ ඉගෙනගත් ධර්මයට අනුව අපේ ජීවිතය තේරුම්ගන්න බලන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
No comments:
Post a Comment