28 October 2011

ආදර්ශය


                      හත්මා ගාන්ධි, ශ්‍රීමත් නේරු ආදී ජන නායකයන් මෙන් කෙනෙකු උසස් වන්නේ ඇඳුමෙන් නො වේ යැ යි අපේ ජන නායකයනට හොඳ ආදර්ශයක් දිය හැකි ය. එ විට සාමාන්‍ය ජනයා ද ඒ මඟ ගමන් කරනුවා ඇත. උපාසක ඇඳුම, සුදු රෙද්ද හා බැනියම මඟුලටත් මරණයටත් පන්සලටත් සබයටත් රටටත් හොඳ ම ඇඳුම නො වේ දැයි සිතා බලන්න.
                                        ගෑනු ළමයිනට තිබෙන ඇඳුම් අතුරෙන් ලොව ඇති හොඳ ම ඇඳුම, ළමා සාරිය ය යි කිව යුතු ය. එය දුටුවන් ඇස් නොකළඹවන්නාක් මෙන් ම ඉතා අලංකාර ය, ශෝභන ය. ඒ නිසා කුඩා ළමයින් කෙසේ වෙතත් දස දොළොස් විය ඉක්මවා ගිය ළමයින් විසින් ළමා සාරිය ඇඳීම ඉතා යහපත් බව කිව යුතු ය.
                        සිංහල ස්ත්‍රීන් ගේ ඇඳුම් පුරාණ වුවත්, ශෙ‍ා‍්භන වුවත්, මෙ කල එය මුදල් නාස්ති වන ලෙසට යොදාගෙන තිබීම නොමනා ය. පුරාණයේ චාම් ජීවිතය හා අරපරිස්සම පිළිබඳ හොඳ කීර්තියක් දරා සිටි සිංහල කාන්තාවෝ අද ඇඳුම් සඳහා මුදල් නාස්ති කරන පිරිසක් බවට පත්වේ ගෙන යති.අප නායකයන් එසෙ ඇදුම් චාම්ලෙස අදින කල  අද බිහිවී තිබෙන හිපි සමාජ සංස්කෘතිය දෙමපියන්ටවත්  පාලනය කල නොහැක්කකි, මෙය ආරම්බයේදී දෙමාපියන් නොවලක්වීමෙ ප්‍රතිවිපාක දැන් ලබනවා ඇත.පාරට බැහැල බැලුවොත් අම්මයි දුවයි යන විදිහ අම්මගෙ ඇදුමට වඩා හොද තත්වයක් තියනවා දුවගෙ ඇදුම,අම්මගෙ ලැජ්ජාව දුවට දීල කියල හොදට පේනවා(අම්මගෙය් ලැජ්ජාව දුවට දුන්න කියන්නෙ අම්මට ලජ්ජා නෑ කියලනෙ) ,තව එකක් තාත්තයි දුවයි ඇත්ත තාත්තල කැමතියි තමන්ගෙය් දුව ලස්සනට අදිනවා පලදිනවට එ වුනාට අදින ඇදුම තාත්ත සමග යන්නට තරම් ඇදුමක් ඇදිය යුතුයි,එම උනොත් තාත්තට හැකියාවක් තිබෙන්න ඕන ඔක අදින්න එපා කියන්න තරම් හැකියාවක් තිබිය යුතුවනවා,දරුවන්ට ආදරය කියල උන්ව අඩනිරුවතින් පාරට දමන නොවයි කලයුතුවන්නෙ මෙය නගරබද පෙදෙස් වල දක්නට ලැබෙන්නක්දෙමාපියන් විදිහට ඔවුන්ට නිවැරදි ආදර්ශය ලබදෙන්නෙ නම් මෙය  දක්නට නොලැබේවි 
                                                                    ඒ නිසා පිළිවන් කරම් අඩු වියදමෙන් චාම් ලෙස ඇඳුම් පැළැදුම් පිළියෙළ කැරගන්නට සිංහල බෞද්ධ කාන්තාවෝ සිතට ගනිත් වා! එ සේ ම ආගමික වූ ද ජාතික වූ ද උත්සවයනට සහභාගි වන විට ජාතික වූ ද චාම් වූ ද ශිෂ්ටාචාරයට ගැළැපෙන්නා වූ ද ඇඳුමින් සැරැසී යන්නට සෑම බෞද්ධයෝ ම සිතට ගනිත් වා!

No comments:

මාසය තුල සිත්ගත් ලිපි