14 February 2013

පන්සල් කොයි බටද?

පන්සල් කොයි බටද?                                සිංහල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා නම් දානය හා මළ ගෙදරය මින් එහා ගිය බැදීම් පන්සල වටා ඇතිවිය,ගමේ සිටන ගුණවත් පුද්ගලයා,වෙදැදුරා,ගුරු හාමුදුරුවන්, මහා පුස්තකාලය,පාසල හා උසාවිය ආදී දෑ වෙනුවෙන් පෙනී සිටි තවද සිංහලයාගේ සශ්‍රීකත්වයේ මංගල්‍යය ලෙස දක්වන සිංහල අලුත් අවුරුද්දට පෙර දින නොනගතය ලබන්නට පෙර තම පවුලට හැකි ලෙස සකස් කරගත් කැවිලි වල අග්‍ර කොටස මුලින්ම පිලිගන්වනුයේ ගමේ පන්සලටය,

                      කොල්ල කුරුට්ටනට මහත් කෙළිදෙලෙන් ගතකරන්නට හැකි තැනකි පෙළක් දඩබ්බර අයට විහාරය දං ගෙය ආදී තැන්වල මැරෑටි කම් කරන උන් නායක හාමුදුරුවන්ගෙන් බැට කන දසුන් දරුවන්ගේ කෙළිලොල් දඩබ්බර ගති අඩු නැතිව පෙන්වන තැන්ය, ගල්ලෑල් ලේ ලියන්නට පෙර අකුරේ ඉරක හැඩතලයක දකින්නට ඉඩ දුන්නේ නිසලව සිසිල්සෙවන දෙමින් වැඩසිටිනා බෝධීන් වහන්සෙගේ බෝමලුව හා චෛත්‍ය අවට වැලිමලුවය,ඔය අතරේ දෙමාපියන් සමග ඉන්නවිට වැලි වැඩකරන විට එපා,පව් කියන වචනය ඉවරයක් නැතිව අසන්නට ලැබෙ,තව දෙයක් ඔය ගමේ පන්සලේ තිබුනනෙ දේවාල ඒවා පන්සලේ කොනකට වෙන්න තමා තිබුනේ තව දෙයක් බය ම තැන තමා ඒ අවට තියන නා ගස, පෙළක් පන්සල් වල විහාර තුල දේවාල තියනවා දැකල තියනවා,පඩික්කම සමග හාන්සි පුටුව ලග ඇති කනප්පුව මෙය අප ග්‍රාමීය පන්සලක දකින සුලබ දසුන් අප බ්ලොග් අඩවිය සමග එක්වූ බොහෝ පින්වත් සොහොයුරන් මෙතෙක් දැක්වූ දෑ අත්විදින්නට ඇති කියල හිතනවා, දැන් වුවත් මතක් වෙනකොට සතුටක් සිතට එනවා දුකක්ත් හිතෙනවා එදා වැඩසිටි හිමිවරුන් නැති නිසා,ඔය විදිහට තමා ගමේ පන්සල තිබුනේ, 

                              ඔන්න දවසක් අපේ එකෙකු පන්සලට ගිහිං මම දැන් කියපු කෙනා නමෙයි වෙන එකකට,එකා කියනවා ගියාම ඉන්න හිතනවා,වශී වෙනවා ඔයවගෙ සීන්,ඔන්‍න‍ මටත් පහළවුනා වාරයක් යන්න කොහොම හරි ගියා කියමු,බුදුන්ට පුජාකරන මලත් සිතත් වෙනසක් උනෙ නෑ,පිලිමවහන්සේ මෙතරම් පින්බරනම් සැබෑ බුදුන් කෙතරම් සුපින්බරද කියල හිතුන වාර අනන්තයි,එහි දකුණු පස භාවනා යෝගීන් පිරිසකි මැද හිස්බිමකි එතනම මහා යකඩ කටිං එන බැතිමතුන් පාලනය කරන්නකි, විශාල විහාරයක් සමග තැන තැන ඉදිකළ පිළිම වහන්සේලා,මෙය මේ පන්සල විසින් මහා භුමිභාගයක විසිර තිබෙන්නකි, අවසානයේ එහි ගිය ගමන මෙන්න බුදුනේ  මල් කියා මල් තියල එන්න කියනවා වගේ පන්සල් යන එක මෝස්තරයක් කරගත්ත වුන්ට නම් අගයක් තිබුනට එහි දකින්නට තරම් දෙයක් නෑ මෙවැනි කාලයක මේ වගේ තැන් ඉදිවීම සතුටු වුවත් ඉන් ඉලිප්පි පෙනෙන කාරණය සිත කලකිරවන්නකි, 
                                                                               රත්‍රන් පැහැය ඇති අනෙක් පිළිම දිහා බලන් ලස්සන පිළිම කියනවා ඇරෙන්න සිතට දැනෙන්න දෙයක් නැත, ගමේ පන්සලේ විහාරයට ගියාම ඉන් දැනෙන සිසිලස නහයට දැනෙන දොරණ තෙල් සුවද (මොකද දොරණ තෙල් බොහෝ විට පාවිච්චි කරනවා විහාර චිත්‍ර වලට) ඇයි අපේ බුදුදහම මොකද වෙලා තියෙන්නේ..පන්සල් වල තියන කලා නිර්මාණවලට මොකද ඒවා කැත ද මහනුවර යුගවල කල  චිත්‍ර ගොඩක් පන්සල්වල තියනවා, මට බුදුපිළිමය දුටුතැන සිතුනු දේවල් සියල්ල එලියට ආ විගස මසිතින් තුරන්වන්නට තරම් එහි කිරියාවන් සමත්විය(අවසනාවක මහත) අනෙක් තැන අත්තනගල්ල මහා විහාරය ගිහින් බලන්න පන්සලක හැටි පන්සල දියුණුවෙනවා කියන්නේ ථෙරවාද බුදු දහමේ මලගමද,මා පෙර ගෙන දැක්වුයේ මා කුඩාකළ සිට මේ වනතෙක් දුටු ග්‍රාමීය පන්සල්වල සිදුවන දේවල්ය අනෙක ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න එම හිමියන්ගේ ඉගැන්වීමයි එම හිමියන් "ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට"කියනවදන අමතක කර ක්‍රියාකරන්නෙක් වුවද එම පන්සල තුල කෙලෙස්වාර්දනය වීමක් හා නොදැන පව්කර ගැනීමකි, මා සිතනුයේ මගේ සතුරෙකුවත් එතැනට නොගොස් කැළණි විහාරය ආදී තැනකට යන ලෙසය,
                     ගමේ පන්සලට යන්න එහි හිමියන් බැහැදකින්න එය වටිනවා අසපුවකට වඩා.. බෝමළුවක් වැලිමළුවක් අතුගාන්න මල් අසුනක් පිරිසිදුකරන්න ඔබ විසින් පන්සලට යමක් කරන්න,පල්ලි යන්න වගේ වාහනයෙන් බැහැල පාරේ තියන මල් අරන් පොලිමේ ගොස් රටේම තියන විච්චුරන බලන් බුදුන් වැදලා එන්න ඒවා Ready Made බුදුන් වැදීමේ Package, සාමාන්‍ය පන්සලකට ගොස් මලක් පහනක් තම අතින් පුජාකර හෝ බෝදි පුජාවක් කරනවා වගේ ඔය තැන්වල කරන්න පුලුවන්ද ඕව රත්‍රන් පැහැය ගැ හිස් කලගෙඩි නුබලට පිනක් පින් සිතක් පහළවන්නට ඉඩක් දෙන්නෙ නැ.. බුද්ධාගම තුලින් කෙලෙස් වැපිරීමක් සිදුකරන්නෙ නෑ..
එක මේ උන්නාන්සේලා ගිහියන්ට දෙන්නෙ නෑ,කෙලෙස් වැපිරීම රන්වන් දෙයක් පෙන්වල සිත රවටල ගෙදර යවනවා,, අසපු නිර්මාණ කරන මිනිසුන් බුදුදහම කෙසේ වැළද ගත්ත උන්ද යනවග ගැටළුවක්,මා දන්නාලෙස තිබුයේ අරණ්‍ය සේනාසන හා පන්සල් පමණි දැන් පෙනෙන ලෙස මෙය හරියට (අසපු)පන්සලුත් පුද්ගලීකරණය වෙලාද මන්දා.. මම තවත් තැනකට ගියා හොදට හදල තියනවා පන්සල මතක නෑ කෙරන වැඩ මතකයි එහි කියනවා ත්‍රිපිටකය ශිලලේකන ගත කරනව කියනවා.. පහනක් මලක් අරන් යන්න නෑ.. මිනිසුන් එනවා පන්සලට ආධාර අරන් එන මිනිහව හූරන් කන්න හදනවා ඔන්න බුධගමිකයගේ ශ්ද්රාව පෙරටු කොටගත් වංචනික වැඩ ඕකට කියනවා වංචක ධර්මයෙන් ක්‍රියා කිරීම කියලා,ඔන්න ඔහොම තමා දැන් කාලේ පන්සල් ගියේ..අපේ පන්සල් කොයි බටද? කියල හිතනවා,හැබැයි මෙය ලොකු (වංචක ධර්ම) මාතෘකාවක් වෙලාවක අරන් එන්නම් දැනට ඇති,මේ ගැන ඔබ අදහස දක්වන්න     

08 February 2013

ජයසිරි මහා බෝධීන් වහන්සේගේ අධිගෘහිත දේවතාව

                               බුදු දහමේ දක්වන ප්‍රදාන විරුද්දවාදියා මාරයා ය අන්‍ය අගමිකයන්ගේ සාතන්/යක්ෂයා  ලෙස දක්වන මොහුව පරදවන්නට මෑතකාලයේ කිසිවෙකු සමත් නොවින,මාරය,සාතන්,යක්ෂයා ආදී ලෙස හදුන්වන අනෙක් ආගමික නායකන් පවා මොහුව පරදවන්නට නොහැකිවිය,ගමේ ඉන්න වැඩකාරයා පවා වේලාව ආ කල දනින් වැටෙනු නිසැකය,මේ මාරයාගෙන්  බුදු පියානන්වහන්සේට හා පෙර විසු බුදු රජුන්ටත් නොයෙක් පීඩා ඇතිකරඇත තවද  සංයුක්ත නිකායේ ඝොධික ස්වාමින් වහන්සේගේ කථාවස්තුවෙන්ද ඡන්න ස්වාමින්වහන්සේගේ කථාවස්තුවෙන්ද  මාරයා නම් නිකම් කතාවට කියන්නාක් නොව සත්‍ය හේතුමත පදනම් වූ දෙයකි,අපිබලමු බළංගොඩ හාමුදුරුවෝ නම් පොතින් උපුටාගත් අගන ලිපියක් මාරයා කවුද කියල දැනගන්නට   
 
          වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.
                             වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.

ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
                    මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

                            ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි. මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා. ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

07 February 2013

තමාට තම මිස අන්සරණක් නැත

                             ප ජීවිතය ගතකරන කාල සිමාව තුල නොයෙක් චරිත මුණගැසෙනවා "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" මෙම වදන හි අර්ථය පසක් කරදෙන මිනිසුන් ඔබටහමුවී ඇත,හිතෙන්න පුළුවන් අමුතු ම්නිහෙක් ආදී කියන අවස්ථා ඇසෙන්නට දකින්නට ඇත,මා පුද්ගලිකව සිතන පතන ආකාරයට තවකෙකුගේ සිතිවිලි ක්‍රියාකාරකම් තමා හා සමාන ලෙස බලාපොරොත්තුවීම ගැටළු මතුවීමකට මුලය, ඒ ඒ මිනිසා කලාවූ කර්මයන් මත පදනම්වූ චරිතයක් ඔවුනට ලැබෙ තව දෙයක් කර්මය කෙසෙය් වුවත් විචාරශීලී මනසින් යුක්තනම් තම දිවියට නිසිමග පෙන්විය හැකිය,එම නිසා එයට " තමාට තම මිස අන්සරණක් නැත " ලෙසින් ද  "  අත්තාහි අත්ත නො නාතෝ  කොහි නාතෝ පරෝසියා " ලෙසින් ධම්මපදයේ දක්වා ඇත,අපි බුධාගමිකයන් ලෙස ඉපිද නිකම්ම බුධාගමිකයකු ලෙස මැරෙනවට වඩා බුධාගමිකයකු ලෙස ජීවත් වී මියැදෙන එක වටිනවා,කෙසෙය් වුවත් තොල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති යක්කලමුල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී උඩුමලගල ශ්‍රී ආදිච්ච වංස පරිවේනාධිපති ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හාමුදුරුවන් කල ලිපිය මහසෝන් පත්ඉවුරට උපුටා දක්වන අත‍ර ඒ අසිරිමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසුවේ ජෝති ජෝති පරායණ ජීවිතයයි. එනම් ආලෝකයෙන් ආලෝකය කරා ගමන් ගන්නා ජීවිතයයි. ඒ සඳහා අපි අපේ වැරැදි අඩු පාඩු හොඳින් විමසා බලා සකසා ගන්නට වීර්ය කරමු.

                    ආරභථ, නික්ඛමථ, ආරම්භ කරන්න, නික්මෙන්න, මොනවද ආරම්භ කළ යුත්තේ? හොඳ වැඩ වෙයි. නික්මිය යුත්තේ වරදින්, අකුසලයෙන්, යුඤ්ජථ බුද්ධ සාසනෙ යෙදිය යුත්තේ බුද්ධ ශාසන යෙහි ය. සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි ය. ලියලන බට පඳුරක් මෙන්, කෙලෙසුන් වැඩෙන බැවින් ඤාණවන්ත මිනිසා ඇතෙකු බට පඳුර යම් සේ විනාශ කරනසේ කාමච්ඡන්දාදි නිවරණ ධර්ම විනාශ කරයි.එවිට සැපය සතුට ඇති වෙයි. එසේ නොවන්නේ නම් ගොදුරු සොයන සතෙකු මෙන් ඇස් කන්, නාසාදිය පිනවන්නට ගිය විට සසර දුක ඇතිවෙයි. කාමච්ඡන්දය යනු ඇස් කන් නාසාදී ඉඳුරන් පිනවීමයි. කාම සම්පත් විඳීම කාම ලෝක වල ස්වභාවයයි. ව්‍යාපාදය යනු ක්‍රෝධයයි. වෛරී සිතිවිලි නටන උණු වතුර භාජනයකට උපමා කර ඇත. වෛරය ක්‍රෝධය සන්සිඳුවන්නට මෛත්‍රීය පුහුණු කළ යුතු ය. එය විශාල සුවයක් ශාන්තියක් ගෙන දෙයි.
 සුඛි භවෙය්‍යං නිද්දුඛො අහං නීචචං අහං විය 
                                                       යන්නෙන් විස්තර කරන අයුරු තමන්ට තම හිතවතුන්ට අහිතවතුන්ට මුළු විශ්ව ධාතුවටම මෛත්‍රීය පැතිරවිය යුතු ය. එමඟින් ලෝක සාමයට පවා මඟ පෑදෙයි. තීන මිද්ධ ගතේසිතේ ඇතිවන්නා වූ මැලි බවයි. මැලි බව නිවනට බාධාවකි.

 උද්දච්ච කුක්කුච්ච යනු සිතේ ඇති වන නොසන්සුන් බව සහ විපිළිසර බවයි. සිත ගොඩ දමන ලද මාළුවකු මෙන් නොසන්සුන් වන අතර විපිළිසර බව යනු තමාට පිනක් දහමක් කර ගත නොහැකි වූවායැයි ඇති වන කනස්සල්ලකි. විචිකිච්ඡාව යනු සැකයයි. එය ලෞකික ජීවිතය පවා අසාර්ථක කරන්නට හේතු වන අතර බුද්ධාදි අට තැන සැකය ඇති වීම සසර දුක ඇති කරවයි.
                                                                                   භාග්‍යවත් බුදුන් වහන්සේ දවසක් බමුණෙක් තමාගේ දියණිගේ මංගල උත්සවයේ දී කවුරුවත් නොපළඳ වන ලද මල් මාලාවක් තම දියණියට පළඳවන්නට අදහස් කොට මල් සොය සොයා ගයේය. මල් කඩා ගෙන විත් බැමිණියට සහ දියණියට දුන් පසු ඔවුන් එය අසවල් උත්සවයට ගත්තා ආදී වශයෙන් කියයි. බමුණා තවත් මල් සොය සොයා යන විට කපටි බමුණෙකු මුණ ගැසුණා ඔහුට මේ අදහස කී විට මේ බමුණා අමාරුවේ දමන්න තීරණය කළා. ජේතවනාරාමය අසලින් නර්මදා ගඟ ගලා බසිනව ඒ අසළ අට්ටික්කා උයනක් තිබෙනවා. එහි අට්ටික්කා මල් තිබෙනවා එය කිසිවෙක් පළඳවා නැති නිසා ඔබට හොඳයැයි ප්‍රකාශ කළා. 

                                      එයට සතුටු වූ බමුණා එම අට්ටික්කා උයනට ගොස් අට්ටික්කා මල් සොයන්නට පටන් ගත්තා.නමුත් අට්ටික්කා මල් සොයන්න ඔහුට බැරි වූහ. අට්ටික්කා ගෙඩි තිබේනම් අට්ටික්කා මල් නැති විය නොහැකියි මල් පිපෙන තුරා මෙහි සිටිනවා යැයි සිතා උයනේ බිම දිග ඇදුණා.මෙහි වැඩ සිටි යෝගාචාර්යයන් වහන්සේ නමක් පැමිණ මේ බමුණාගෙන් ඒ පිළිබඳව විමසූ විට කීවේ අට්ටික්කා මල් සොයන බවයි. බමුණ ඔබට කදාවත් අට්ටික්කා මල් සොයන්න ලැබෙන්නේ නැහ. කවුරු හරි ඔබ රවටා තිබෙනවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ මෙය දැක විශේෂ දේශනාවක් කළහ.
                                  
                            එනම් ධර්මය ඥානවන්තයන්ට බවක් නීවරණ දුරු කර ලීම සඳහා වීර්ය කළ යුතු බවත් පැහැදිලි කළහ.එමෙන්ම කාමච්ඡන්දාදී කෙලෙසුන් ඇතෙකු බට පදුරු විනාශ කරන්නාක් මෙන් විනාශ කළ යුතු ය. උරග සතුන්ට තම පරණ හැව ඉවත් කරන්නට එහි පිළිකුල් බවක්, ආධාරකයෙකුත් වීර්යයකුත් තිබිය යුතු මෙන් අපට ද මේ සසර දුකින් මිදීමට අපේ ජීවිතය පිළිබඳ කල කිරීමක් ඉන් මිදීමට ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මීමක් ඒ සඳහා වීර්යයත් තිබිය යුතු වේ.එවිට සියලු කෙලෙසුන්ගෙන් මිදී සසර දුකින් මිදී නිවන් සුවයෙන් සැනසෙන්නට හැකි වනු ඇත.එමෙන්ම ලෞකික ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා මෙම ධර්ම අනුගමනය කිරීම උපකාර වේ. ඔබ සැමට ධර්මයේ අනන්ත ගුණ බලයෙන් සැපත සතුට සැනසීම නිවන ළඟ වේවා.ඔබ සැමට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සැපතක්ම වේවා.

05 February 2013

අශෝක දහම ලෙස එළිදැක්වූයේ කුමක්ද

                  පෙර රජවරු ගැන කියන කොට බුදුදහම ප්‍රචලිත කිරීම ආදිය ගැන කතා කරන කොට මෙම රජුගැන කතා නොකර සිටීම මහා ගුණමකුකමකි, නිකන්ම රජකෙනක් නොවූ තෙද-බලයෙන් කෙල පැමිණියෙකි,මෙම රජුගේ පෙර ජීවිතය ගැන මා පෙර ලිපියක  තුන් සොහොයුරු පුවත ලෙස දක්වා ඇත, නමින් අශෝක රජු බුදුදහම ට මහත් සේවයක් කළ රජෙකි,කාලයත් සමග බුදුදහම තම දර්ශනයක් ලෙස එළිදැක්වීමක් සිදුවිය එය අශෝක දහම ලෙස එළිදැක්වූයේ කුමක්ද සොයාබලමු, මෙම ලිපිය ශාස්ත්‍රපති කපුරු බණ්ඩාර ජයතිලක මහතා විසින් ලියුලිපියක් මහසෝන් පත්ඉවුරහි උපුටා දැක්වීමකි,                                                            
                                       දහම් නාදය පැතිරූ ලොව පහළ වූ පාලකයා ධර්මාශෝක නම් වූ භාරත පුත්‍රයා ය. කිසිදු ප්‍රාණියෙකු දුකට පත්වීම නොඉවසු සියලු රට වැසියා තම දරුවන්සේ සැලකූ තම සද් අභිප්‍රායයන්ගෙන් ජනතාව සංවේදී කළ පාලකයාද ඔහු ය. හෙතෙම මෙතෙක් ලොව පහළ වූ සප්ත මහා පුරුෂයන් අතර ලා සලකන්නට එච්.ජී. වෙල්ස් නමැති බටහිර ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙළඹී ගියේ ද ඒ නිසා යයි සිතිය හැකිය.සිය රටවැසියන් ධර්මානුකූල පැවැත්මකට යොමු කොට යහපාලනයක් ගොඩ නැඟීමේ අරමුණ ඇතිව නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ එම ප්‍රතිපත්ති රාජ්‍යයේ තැන තැන ගල්වල ලියා ජනතාව දැනුවත් කළ පාලකයාද ඔහු ය. ඒ ධර්මය අශෝක රජුටම ආවේණික වූ ධර්මයක් සේ සලකන නූතන ඉතිහාසඥයෝ එය අශෝක ධම්ම නමින් හඳුන්වති. අශෝක රජුට තම ධර්ම ප්‍රතිපත්ති සකසා ගැනීමේ ලා එවක භාරතයේ පැවති හැම ආගමකම සංකල්ප උපකාරි වී ඇති බවට සමහර ඉතිහාසඥයන් පවසන නමුත් එහිලා බුදු දහමේ එන සද්චරියා බෙහෙවින් පාදක වී ඇති බව පෙනී යයි. අශෝක රජු බුදුසමය වැළඳ ගත්තෙකු බව ඇතැම් උගතුන් කියන නමුත් ඔහු අධ්‍යාත්ම විද්‍යාඥයෙකු වූ බවක් සෙල්ලිපිවලින් නොපෙනෙන බව කියන මහාචාර්ය බෂාම් ඒ නිසාම ඔහුගේ මතාන්තරවල පැහැදිලි බෞද්ධ බවක් නොපෙන්වන බවද කියයි. හෙතෙම නිර්වාණය පටිච්ච සමුප්පාදය වැනි බුදු දහමේ ගැඹුරු සංකල්ප ඉදිරිපත් නොකරන නමුත් සෙල්ලිපිවල සඳහන් බොහෝ දේ බුදු දහමට අනුගත බව පෙනී යයි. අශෝක ධර්මයේ ඇති බෞද්ධ ස්වරූපය හඳුනා ගැනීමේ දී මූලික කරුණු කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වුවමනා ය.

අශෝක අධිරාජයා, තෙරුවන් සරණගිය බැතිමත් බෞද්ධයෙකු බව සෙල්ලිපි වලින් පෙනේද?
බුදු දහමේ බෞද්ධ භික්‍ෂුන්ගේ ආරක්‍ෂාව හා සංවර්ධනය වෙනුවෙන් දායක වීද,
හෙතෙම පාලනයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් බෞද්ධ ප්‍රතිපදාවක් අනුගමනය කළේ ද,
බුදු දහම හා අශෝක දහම අතර ඇති සබඳතාව කෙබඳුද?
චන්ද්‍රගුප්ත රජු විසින් ගොඩනගන ලද මෞර්ය අධිරාජ්‍යය ඉන්දියාව පුරා ව්‍යාප්ත කළේ අශෝක රජු ය. හෙතෙම චන්ද්‍ර ගුප්ත රජුගේ පුත් බින්දුසාර රජුගේ පුතාය. බින්දුසාර රජු විවාහ කරගෙන සිටි ගී‍්‍රක කුමරියගේ පුතා ලෙසද සැලකේ. හෙතෙම සොහොයුරන් විශාල පිරිසක් විනාශ කොට සිහසුන අත්කර ගත් බවද අපේ වංශ කතාවලින් පෙනේ. අශෝක රජ වූ අලුතම කාලිංග දේශය අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටියේ ය. බිහිසුණු සටනකින් පසුව කාලිංගය යටත් කළේ ය. අධිරාජ්‍යය සුරක්‍ෂිත කළේ ය. නමුත් කාලිංග යුද්ධය රජුගේ සිතිවිලි පරම්පරාව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ ය.

“ අඨි වෂාභිෂිත ෂ දේවානං පි‍්‍රයෂ පි‍්‍රයදෂිනෝ ලාජිනෙ කාලිංගා විජිතා දියඨමිතෙ පාන ශතෂහෂේ තතො අපවෘයේ ෂත ෂහසමිතෙ තත හතේ බාහු තාවතකේ වාමේ,” යන කාලිංග ගිරි ලිපියේ සඳහනට අනුව අශෝක රජු අභිෂේකයෙන් අටවන වසරේ කළිගුරට දිනාගත් බවත් එකසිය පණස් දහසක් මරණයට ද එකසිය පණස් දහසක් ජනයා සිරකරුවන් බවටද පත් වූ බව පෙනේ. මෙපමණක් නොව එහි විසුවන්ට, මහණ බමුණනට, පිදිය යුත්තන්ට, දෙමාපියන් රැක බලා ගත් අයට, වැඩිහිටියන්ට, හිතවතුන්ට ආදී වශයෙන් බොහෝ දෙනාට ඇති වූ පීඩාවන් පිළිබඳ තමා දැඩි සෝකයට පත් බව එම ලිපියේම මෙසේ කියයි. “යෙ තතො වෂති බාහනාචා ෂමණ මා අනේවා පාශංඩ ගිහිථා වා යේෂු විහිතා එෂ අපහති ශුශුෂා මාතා පිති ශුශුෂා ගලුපුෂා මිතෂංථු හායනාති කේෂු දාෂ භට කෂි ෂම්‍යා ජටිපති දිඨභතිතා තේෂං තතා හෝති උපඝාතෙ වා වධෙවා අභිලතාතං වා විනිඛමනේ....”

                                             මෙතැන් සිට රජු යුද්ධය නවත්වා ධර්මානුකූල ප්‍රතිපදාවකට යොමු විය. මේ කාලිංගයුද්ධයෙන් කළකිරීමට පත් අශෝක රජු බුද්ධාගම වැළඳ ගත් බව මහාචාර්ය බෂාම් කියයි. රජු බුදු සමය වැළඳ ගෙන බුදුන්, දහම්, සඟුන් සරණ ගියේ න්‍යග්‍රෝධ සාමණේරයන්ගෙන් ධර්මය අසා බව ලක්දිව වංශ කතා කියයි. මහායාන බෞද්ධ ග්‍රන්ථයක් වන දිව්‍යාව දානයට අනුව රජු බුදු සමය වැළඳ ගත්තේ උපගුප්ත හිමියන්ගේ ධර්මය අසා ය. කෙසේ වූවද අසෝක රජු එතෙක් ඇදහූ හින්දු දහමින් බැහැර වෙමින් බෞද්ධයෙකු වූ බව මේ තොරතුරු වලින් පෙනේ. මෙය අසෝක රජුගේ ශිලාලිපි වලින් ද තහවුරු වේ. “ සාත රොකානි අඩතියානි වසාතියං සුමි උපාසකෙ නොවූ බාධං පකංතෙ සංච්ඡරේ සානිරේකේයං මෙ සංඝෙ උපෙතෙ බාධංච මෙ පකංතෙ” ආදී වශයෙන් බ්‍රහ්මගිරි ලිපියට අනුව අවුරුදු දෙකකට වැඩි කාලයක් උපාසකයෙකුව සිටියත් කිසිදු දියුණුවක් ඇති නොවූ බවත් සංඝයා වෙත එළඹ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මහත් දියුණුවක් ලද බවත් කියයි.
                        මෙහි එන ‘සංඝෙ උපෙතෙ’ යන්න විමසුමට ලක් කරන ආචාර්ය රාධ කුමුද් මුඛර්ජි අශෝක භික්‍ෂූන් සමීපයේ කලක් විසූ බව කියයි. ක්‍රි.ව. 7 වැනි සියවසේ ඉන්දියාවට පැමිණි චීන භික්‍ෂුවක වූ ඉන්සිං අශෝක රජු සිවුරු පෙරවූ භික්‍ෂුවක මෙන් නිරූපිත කැටයමක් සාංචියේ දී ද වූ බව සඳහන් කරයි. මෙහි සත්‍යතාව නිශ්චිත නැති නමුත් අශෝක රජු ඉතා සමීපව භික්‍ෂූන් වහන්සේ ඇසුරු කළ බව මේ තොරතුරුවලින් ගම්‍ය වේ. අනෙක් අතට රජු බුදුන් වහන්සේගේ, උපත බුදුවීම හා පිරිනිවීම යන පුණ්‍යභූමි වැඳ පුදාගත් බව සෙල්ලිපිවලින් පෙනේ. රුමින්දේස ලිපිය මේ බව සනාථ කරයි. අශෝක අධිරාජයා, තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෙකු සේ දිවි ගෙවූ බව එම තොරතුරු වලින් පෙනේ. ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ධර්මය අසෝක ධර්මය බුදු දහමින් පෝෂණය වූවක් සේ සිතීම අරුමයක් නොවන බව මෙයින් පෙනී යයි.
                                                                   අශෝක අධිරාජයා බුදු සසුනේ ආරක්‍ෂාව හා සංවර්ධනය උදෙසා ද මහත් සේවයක් කළේ ය. මිත්‍යාදෘෂ්ටිවලින් අපවිත්‍රවෙමින් පැවැති සත්‍ය දහම පවිත්‍ර කොට ස්ථාපිත කිරීමේ අරමුණින් 3 වැනි ධර්ම සංගායනාව සිදු වූයේ අශෝක රාජ්‍ය සමයේ ය. අශෝක අධිරාජයා එහි පූර්ණ අනුග්‍රහකයා ලෙස අපේ වංශ කතාවල සඳහන් වේ. මේ පිළිබඳව පරස්පර අදහස් නැත්තේද නොවේ. 3 වැනි ධර්ම සංගායනාවට අශෝක රජුගේ දායකත්වය පිළිබඳව පමණක් නොව සංගායනාව පිළිබඳව ද මත වාද ඇත.
මෙම සංගායනාවේ මූලිකත්වය ගත් බවට වංශ කතාවල සඳහන් මොග්ගලිපුත්ත තිස්ස හිමියන් එම කාර්යයේලා සුවිශේෂ වූ බව කියන ආචාර්ය රොමිලා තපාර්, අශෝක රජුගේ දායකත්වය ලඝු කොට සලකයි. 3 වන සංගායනාවේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මොග්ගලි පුත්ත තිස්ස හිමියන්ට බව කියයි. ඇතැම් ඉතිහාසඥයන් මෙය සංගායනාවක් ලෙස සැලකීමට ද මැලිකමක් දක්වන බව පෙනේ. එය විධිමත් වූවක් නොවන බවත් විභජජවාදී භික්‍ෂූන්ගේ සංඝ සම්මේලනයක් පමණක් බවත් කර්න් පඬිවරයා කියයි. මෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ බුදු දහමේ එන සරළ දහම් කරුණු බවද හෙතෙම කියයි.
                                            ධර්මාශෝක රජු විසින් ඉන්දියාවේ තැන තැන පිහිටුවා ඇති සෙල්ලිපිවලින් ප්‍රකාශයට පත් කොට ඇති අශෝක ධර්මයද ලෞකික ජීවිත සමෘධියට අත්‍යවශ්‍ය සරල කරුණු හෙයින් ද පෙනී යන්නේ 3 වැනි ධර්ම සංගායනාවත් අශෝක රජුත් අතර සමීප සබඳතාවක් ඇති බවයි. අනෙක් අතට රජු බුදු සමයේ සංවර්ධනය උදෙසා මහත් සේවයක් ඉටු කළේ ය.හෙතෙම තම පුත්‍රයා වූ මහින්ද හා දියණිය වූ සංඝමිත්තා සසුනට පූජා කළේ ය. පසු කාලයේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ බුදු දහම ප්‍රචාරයේ සමාරම්භකයා වූ අතර ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වඩමවා ගෙන ආවේ සංඝමිත්තා මහරහතන් තෙරණිය විසිනි. ධර්මස්කන්ධය අසූහාර දහසක් වන බව මොග්ගලි පුත්ත තිස්ස හිමියන්ගෙන් දැන ගත් රජු දඹදිව නොයක් තැන අසූහාරදාහක් විහාර ඉදිකොට ඇත. මේ පිළිබඳව මහාවංසය මෙසේ කියයි.
                                             “ ශාස්තෘන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය තෙම කෙතෙක්දැයි විචාළේ ය. මොග්ගලි පුත්ත තිස්ස තමා ස්ථවිර තෙම එකළ ඕහට ඒ ප්‍රශ්නය විසදා වදාළේ ය. අසූහාර දහසක් ධර්මස්කන්ධය අසා ඒ රජ තෙම මමත් ධර්මස්කන්ධයත් එකක් වශයෙන් විහාරයෙන් පුදමැයි කීවේ ය. රජතෙම එකල්හි සයානුකෙළක් වස්තුව දී මිහිතලයෙහි අසූහාර දහසක් පුරයන්හි ඒ ඒ තැන්හි රජුන් ලවාම විහාරයක් ආරම්භ කරවීය.මොග්ගලි පුත්ත තිස්ස හිමියන් විසින් ආරම්භ කළ ධර්මදූත ව්‍යපාරය වඩාත් ශක්තිමත් වූයේ රජුගෙන් ලද නොමද අනුග්‍රහය නිසා ය. ඉන්දීය දේශ සීමා ඉක්මවා යමින් බටහිරින් ගී‍්‍රසිය දක්වාද නැගෙනහිරින් බුරුමය දක්වාද දකුණින් ශ්‍රී ලංකාව දක්වාද බුදු දහම ව්‍යාප්ත වූයේ අධිරාජයාගේ අනුග්‍රහය යටතේ ය. “චෝඩා පාඩා සතිය නො කෙතල පුතො ආ තම්බපණ්ණි යෝන රාජා...” ආදී වශයෙන් තම දහම ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව අසෝක සෙල්ලිපි සඳහන් වලින් පෙනී යන්නේ බුදු දහම පැතිරී ගිය අයුරු යයි සිතිය හැකි ය.භික්‍ෂූන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්ත වූ රජු භික්‍ෂූන් වහන්සේගේ සුපේෂල ශික්‍ෂාකාමී පැවැත්මත් ආරාමයේ සමගියත් පැවැත්මත් ඉත සිතින් අපේක්‍ෂා කළ බව කෞශම්භී හා සාරානාත් ලිපිවල සඳහන් වලින් පෙනේ.
                                   කිසිවකු විසින් සංඝයා බේද නොකළ යුතු බවත් යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක එසේ කළහොත් ඔහු හෝ ඇය ආරාමයෙන් පළවා හැරිය යුතු බවත් කියයි. අශෝක රජු බුදු දහමත් බුදු සමයත් භික්‍ෂූන් හා ආරාමත් ආරක්‍ෂා කොට සංවර්ධනය කිරීමට පියවර ගත් බව මේ තොරතුරුවලින් පෙනේ.අශෝක අධිරාජයා රාජ්‍ය පාලනයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් බුදු දහමින් උකහා ගන්නා ලද දහම් පිළිවෙත් රාශියක් අනුගමනය කරන ලද බව පෙනේ. හෙතෙම තෙරුවන් වෙත බැදුණු බැතිමත් සිත් ඇති නරපතියෙක් විය. රාජ්‍ය පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දස රාජ ධර්ම, සතර සංග්‍රහ     වස්තු හා සතර බඹ විහරණ අනුව තම පාලනයත් පෞද්ගලික ජීවිතයත් හැඩගසා ගත් බව දක්නට ඇත.
                                    සියලු රට වැසියා තම දරුවන් සේ සැලකූ රජු සියලු දෙනාගේම යහපත උදෙසා කටයුතු කිරීම හැර වෙනත් සතුටක් තමාට නැති බව කියයි. තමා මේ හැම කාර්යක්ම කරන්නේ ප්‍රාණීන් කෙරෙහි ඇති ණය ගැති බවින් මිදීමෙන් මරණින් පසු ඔවුන්ට සුගතිය අත්කර දීමේ අපේක්‍ෂාවෙන් බවත් කියයි.
රජුට දොස් කීම විරුද්ධ වීම මහා රාජ අපරාධයක් සේ එකළ සැලකිණ. නමුත් තමාට කවරකු දොස් කීවද ඔහුට සමාව දෙන බව රජු කියයි. තමා කුමන කාර්යයක නිරතව සිටියද පැමිණිල්ලක් පණිවුඩයක් කීමේ අවශ්‍යතාව ඇති කවරෙකුට වූවද හමුවිය හැකි බව පැවසී ය.හැම ජන වර්ගයක්ම ආගමිකයෙක්ම රජුගේ සැලකිල්ලට ලක්විය. ආගමික සහනශීලිතාව රාජ්‍යයක යහපැවැත්මට හේතුවන ධර්මයක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සප්ත අපරිහානි ධර්ම අතර එන්නකි. ඒ බුදු වදන ප්‍රායෝගිකව ක්‍රියාවට නංවාලුවකු වශයෙන් අසෝක රජු හැඳින්විය හැකිය. සියලු නිකායන් තමන්ගේ ප්‍රජාවට පාත්‍රවෙතියි රජු පැවසූ බව 6 වැනි ටැම් ලිපියේ එයි. මේ සියලු දෙයින් පෙනී යන්නේ රජු පාලනයේදීත් තම පෞද්ගලික චරිත සංවර්ධනයේදීත් බුදුදහම අනුගමනය කළ බවයි. 

                             රජු සියලු ආගම්වලට සැලකීමත් තුන්වැනි සංගායනාවට රජු දැක්වූ අනුග්‍රහය පිළිබඳ ඇති මතවාදත් නිසා අශෝක ධර්මය බුද්ධ ධර්මයම නොවන බව කීමට ඇතැම් උගතුන් පොළඹවා ඇති බව පෙනේ. 3 වැනි සංඝායනාවට අසෝක රජුගේ සහභාගීත්වය පිළිබඳව ලක්දිව වංශකතාවල සඳහන් වන නමුත් වෙනත් කෘතිවල එවැන්නක් සඳහන් නොවීමත් විශේෂයෙන්ම ස්ථවිරවාදී ධර්ම ග්‍රන්ථයක් වන චුල්ල වග්ගයේ සඳහන් නොවීමත් ඒ පිළිබඳව සැක උපදවන්නක් ලෙස ඊ.ජේ.තෝමස් පඬවරයා පවසයි. 1 වැනි හා 2 වැනි සංඝායනාවක් ගැන සඳහන් නොකිරීමද විශේෂ හේතුවක් කොට ඔවුහු සලකති.
එසේම ඒ සංගායනාවට තමාගේ සම්බන්ධතාව කිසිදු සෙල්ලිපියක සඳහන් නොවන බවද ඔවුහු කියති. අසෝක ධර්මය බුද්ධ ධර්මය නොව එකළ ඉන්දියාවේ පැවති සියලු ආගම්වල යහපත් දේ ඇතුළත් රාජධර්මයක් ලෙස ඔවුන් හඳුන්වන්නේද ඒ නිසා ය.නමුත් අශෝක ධර්මයේ බොහෝ සංකල්ප සෘජු ලෙසම බුදු දහමින් උකහා ගත් බව පෙනේ. “දානං සීලං පරිච්ඡාංග - අජ්ජවං මජ්ජවං තපං අකෙකාධො අවිහිංසාච – ඛන්තීච අවිරෝධනා” ආදී ලෙසින් බුදු දහමින් පැවසුන ජනහිත කාමී සක්විති රජෙකු විසින් පැවත්ම යහපත් බව අනුව ගිය ප්‍රථම අධිරාජයාද අසෝක රජුය. අන් සියලු විජය ග්‍රහණයන්ට වඩා ධර්ම විජයම උතුම් බව සිතන සේ 13 වැනි ගිරිලිපියෙන් තම දරුවන්ටත් මුණුඹුරන්ටත් අවවාද කරයි.
                                                     ගිහි බෞද්ධයන් විසින් නිතර භාවිතා කිරීමට යොග්‍ය සේ බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද පංචශීලයේ ප්‍රථම සිල්පදය අශෝක රජුගේ ජීවන චරියාවට එකතු වූයේ ය. කාලිංග යුද්ධයෙන් විනාශ වූ මිනිස් ජීවිත පිළිබඳ ලෙහි පිරුණු ශෝකයෙන්ද දයාවෙන්ද යුතු වූ රජු මිනිසුන් පමණක් නොව සතුන් මැරීමෙන් ද වැළකිණ. රජ මාලිගයේ පරිභෝජන අවශ්‍යතා සඳහා එතෙක් බොහෝ සතුන් මරණ ලද නමුදු එය මොනරුන් දෙදෙනෙකු හා මුවෙකු දක්වා අඩු කළේ ය. රජු මාංශ භක්‍ෂණයෙන් වැළකී නොසිටියේ යයි මෙයින් අදහස් කළ යුතු නැත.මානුෂික ආශා හා අවශ්‍යතා පිළිබඳ සැලකිළිමත් රජු මාංශ ලොබ කළ මාලිගයේ සෙස්සන් සඳහා මේ ප්‍රාණඝාතයට ඉඩ දෙන්නට ඇතැයි සිතිය හැකි ය.ආරෝග්‍යා පරමා ලාභා, යන ධම්ම පද පාඨයට අනුව යමින් ජනසුව සෙත උදෙසා රටේ නොයෙක් තැන ආරෝග්‍ය ශාලා ඉදි කළේ ය. මිනිසුන් සඳහා පමණක් නොව සතුන් සඳහාද රෝහල් ඉදිකළ බව සෙල්ලිපිවල සඳහන් වේ. රටේ නොයෙක් තැන ඔසු උයන් සිහිල් දියපිරී පොකුණු මහ දෙපස සෙවන දෙන රුක් ආදියෙන් අලංකාර කළේද ජනහිත සුව සඳහාමය.
                             කලාවක ජාතකයේ මගමානවක කුමාරයා තම ගම් පෙදෙසේ ජන අවශ්‍යතා ඉටු කිරීමට ගත් වෙහෙසට සමානය. 11 වැනි ගිරි ලිපියේ එන තොරතුරු ද රජු බුදු දහම කෙරෙහි දැක්වූ, අසීමිත ගෞරවය පෙන්වයි. දෙමාපියන්ට සැලකීමත්, මහණ බමුණන්ට ගරු කිරීමත්, හිත මිතුරන්ට හා ඥාතීන්ට දයාබරවීමත් රජු අගය කරන බවත් ලිපියෙන් පැවසේ.අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කර ඇත්තේ අමුතු ධර්මයක් නොව පාලන ප්‍රතිපත්තිමාලාවක් බව එය රාජ ධර්මයක් බවත් පලීට් පඬිවරයා කියන අතර එය සදාචාර ධර්මයක් විනා බුද්ධ ධර්මය නොවන බව රීස්ඩේවිස් පඬිවරයා කියයි. එසේ වූවද අශෝක රජු සිය ධර්මය ගොඩ නැඟීමේ දී බුද්ධ ධර්මය ආශ්‍රය කරගෙන ඇති බව ඉතා පැහැදිලි ය. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන් දැනගත යුතු ප්‍රගුණ කළ යුතු ධර්ම කාරණා හතක් බාහෘ ලිපිය දක්වයි. ඒ අතර විනය සමුකස්ස අලිය වස අනාගත භය මුත්ගාථා මෝනේය සුභ උපතිස පසින හාලාහුලෝවාද යන දහම් කොටස් ගැන සඳහන් වේ.මේ හැම ධර්මයක්ම සුභාෂිත බවත් යහපත් බවත් හෙතෙම කියයි. මේ සියල්ල බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයෝ ය. 13 වන ගිරි ලිපියේ සඳහන් වන මවුපියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, ප්‍රාණීන්ට කරුණාව, මෛත්‍රීය දැක්වීම, සතුන් නොමැරීම, ඥාතීන්ට සැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කිරීම ආදිය සිඟාලෝවාද, පරාභව හා මංගල සූත්‍ර ආශ්‍රයෙන් ගෙන ඇති බව පෙනීයයි. එසේම ධම්ම පදය විමාන වත්ථුව සුක්ත නිපාතය හා අංගුත්තර නිකාය ආදී ධර්ම ග්‍රන්ථවලින් උපුටාගෙන ඇති බවද පෙනේ.
                                           රජුගේ ලිපියක සඳහන්වන අව්‍ය රථ විමාන පිළිබඳ සංකල්පය විමාන වත්ථු ප්‍රකරණයෙන් ගන්නයි සිතිය හැකිය. 7 වැනි කුලුණු ලිපියේ සඳහන් වන ප්‍රමාදය පිළිබඳ අදහස් ධම්ම පදයේ අප්පමාද වග්ගය සිහිපත් කරයි. එසේම පාපය, කුසල් රැස් කිරීම, දානය, සත්‍යවාදී බව හා පවිත්‍රත්ත්වය පිළිබඳ දැක්වෙන තොරතුරු ධම්ම පදයට සමීප වේ.තමන්ගේ වැරදි තමන්ට නොපෙනීමත් අනුන්ගේ වැරදි පෙනීමත් පිළිබඳව ධම්ම පදය කියන තොරතුරු 3 වැනි ගිරිලිපියට අන්තර්ගතව ඇත. හැම ආගමකම පූජකයන් සුවසේ විසිය යුතු ය යන අදහස දෙන සබ්බ පාසණ්ඩ පූජා යන සඳහනක් 2 වන ගිරි ලිපියේ එයි.රජු සියලු ආගම්වලට සැලකූ බව මෙයින් පෙනේ. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කළ අන්‍ය මත ඉවසීමේ ගුණය රජු අගය කළ බව මෙයින් ගම්‍ය වේ.මේ තොරතුරු පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ අශෝක දහම අන් දහමක් නොව බුදු දහමම බවය. බුදු දහමේ එන මිනිසාගේ ලෞකික ජීවිතයේ යහ පැවැත්ම සඳහා වූ දහම් කොටස් උකහාගෙන අශෝක රජු සිය දහම සකසා ගත් බව මෙයින් පෙනේ.

01 February 2013

පැවිදිකමේ වටිනාකම

                             ම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ.එක් කලෙක සැරියුත් තෙරුන් මගධ දනව්වේ නාලගම වැඩ සිටින විට ජම්බුඛාදක පිරිවැජියා උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ අසන ලදී.
“කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්ම විනයෙ දුක්කරන්ති.”
“සැරියුත් හිමියනි, මේ ධර්ම විනයෙහි (සසුනෙහි) දුෂ්කර කාර්ය මොනවාද?”
මේ ප්‍රශ්නයට සැරියුත් තෙරුන් පිළිතුරු සපයන්නේ මෙසේය.
“පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්සිං ධම්ම විනයේ දුක්කරන්ති.”
මේ සම්බුදු සසුනෙහි පළමු දුෂ්කර කාර්යය වන්නේ පැවිදිවීමයි.
                        ගිහි ගෙය අත්හැර දමා සසුනෙහි පැවිදිවීම ඉතාම දුෂ්කර කාර්යයකි. කුඩා කල මවුපිය සෙනෙහස අත්හැර දැමීම, කෙළිලොල් ජීවිතය අමතක කිරීම, සම වයස යහළුවන්ගෙන් ඈත්වීම කෙතරම් අපහසුද? ඊටත් වඩා සුපුරුදු සමාජය අතහැර අලුත්ම සමාජයකට බැස ගැනීම කෙතරම් අසීරුද? ගිහි බැඳීම් අත්හැර දැමීම, පැවිදිවීමත් සමග සිදු වෙයි. ගිහි අය සමහර විට මේ බව එතරම් සිතන්නේ නැතිව ඇති. ඇතැම් අය ඉතා පහසු සරල දෙයක් ලෙස මෙය සළකති. එහෙත් එවන් අත්දැකීමක් ලදහොත් ගිහි ඔබ පුදුම විය හැකිය. අද සසුන්ගතවීම සඳහා ඉදිරිපත් වන දරුවන් ඉතා අල්පයි. අපේ බෞද්ධ මවුපියන් දරුවන් පූජා කිරීමට අද ඉදිරිපත් වන්නේ නැත. මේ නිසා සසුන භික්ෂූන් වහන්සේගෙන් හිස් වෙමින් පවතියි. මෙය ශාසනික වශයෙන් විශාල පරිහානියකි. බෞද්ධ කුළ නිවෙස්වල දරුවන් අඩුයි. සසුන රකින්නට දෙන්න දරුවන් නැත. සමහර විට දරුවන් සිටිතත් මේ දුෂ්කර පැවිද්දට අකැමැති වෙති.
                             මේ අති දුෂ්කර කාර්යයට බැස ගන්නා ඉතා සුළු පිරිස දෙස බෞද්ධ මහජනතාව විශාල බලාපොරොත්තු තබා ඇත. කුඩා කල පැවිදි වන සාමණේර නමකගෙන් එදා රහතන් වහන්සේ ළඟ තිබුණු වීතරාගී ගුණ අපේක්ෂා කරති. සර්වතෝභද්‍ර පුද්ගලයකු එමගින් ඔවුහු අපේක්ෂා කරති. මේ නිසා කුඩා සාමණේර නමකගෙන් සිදුවන වරද විශාල වරදක් කොට විවේචනය කරති. භික්ෂුවකගේ වරද පමණක් දකිමින් රෝෂාරෝපණය කරති. බොහෝ අය භික්ෂුවගෙන් සිදුවන ඉමහත් පරාර්ථ සේවාව ගැන ඇගැයීම් නොකරති. මේ නිසාම සමහර භික්ෂූහු කළකිරී අවතීර්ණ වූ දුෂ්කර කාර්යය පසෙක ලා නැවත ගිහි සමාජයට සංක්‍රමණය කරති. එම නිසා බෞද්ධ ඔබ දුටු වරද පුන පුනා විවේචනය නොකොට, පැවිද්ද ලැබීමේ දී ගිහි බැඳීම් වලින් ඈත්වීමට සිදුවීම, මවුපිය ඤාති සෙනෙහස අහිමිවීම ආදිය ගැන අවධානය යොමු කොට එම දුෂ්කර කාර්යය අගය කරන්නේ නම්, භික්ෂුවගෙන් සිදුවන කුඩා වරද පිළිබඳ උපේක්ෂා සහගත වනවාට කිසිම සැකයක් නැත. එසේ වූ විට පමණකි, භික්ෂුව රැක ගැනීමට උත්සුක විය හැකි වන්නේ. එය සම්බුදු සසුන රැකීමයි.ඊළඟට ජම්බුඛාදක සැරියුත් තෙරුන්ගෙන් මෙසේ අසයි. “පබ්බජි තෙන ඛො ආවුසො ඉමස්මිං ධම්ම විනයෙ කිං දුක්ඛරන්ති.”
පැවිදිවීමෙන් පසු තිබෙන දුෂ්කර කාර්ය කුමක්ද? මේ පැනයට සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති.
“පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරාති” පැවිදිවීමෙන් පසුව මුහුණ දෙන දුෂ්කරතාව මෙම සසුනෙහි ඇලීීමයි. ආශාව ඇතිකර ගැනීමයි.

                         අද බොහෝ අය පැවිදි වන්නේ ඒ පිළිබඳ අවබෝධයකින් නොවෙයි. මවුපිය පෙළඹවිම, කුඩා සිතට දැනෙන ආශාව හෝ පවුලේ අසරණ භාවය සමහර විට මේ සඳහා මුල් වෙයි. තවත් සමහර අය සසුන පිළිබඳ ඇල්මක්, ආශාවක්, ශ්‍රද්ධාවක් මුල් වීමෙන් සසුන් ගත වන බව කිව යුතු ය. එවැනි අය ගිහි ගෙය කළකිරී දිවියේ ඇති තතු මනාව වටහා ගෙන සසුන්ගත වෙති. ඒ අය සසුනෙහි ඇලෙති. සසුන ආරක්ෂා කර ගැනීමට උත්සුක වෙති. කුඩා කල පැවිදි වූ අය තුළ සසුනෙහි වටිනාකම ගැන අවබෝධයක්, ශ්‍රද්ධාවක් ඇති කළ යුතු ය. ඒ සඳහා ගැළැපෙන ශාසනික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ශාසනික අභිරතිය ඇති වන ලෙස ආරාමික පරිසරය හා විහාරස්ථාන කළමනාකාරිත්වය සැකැසිය යුතුයි. විහාරවාසී භික්ෂූන්ගේ මෙන්ම දායක පිරිසගේ කාරුණික අවධානය ඒ සඳහා තිබිය යුතුයි. එසේ වුවහොත් මෙම ශාසනික ඇල්ම ඇති කළ හැකිය. එවැනි ශාසනික හැඟීම් නොමැති වුවහොත්, අභිරතිය ඇති නො වුවහොත් විශාල ශාසනික පරිහානියක් සිදු වෙයි. භික්ෂූ ශාසනය පිරිහීමට පත් වෙයි. එම නිසා ශාසනාවතීර්ණ භික්ෂුවගේ ශාසනිකාභිරතිය ඇතිකරලීමට එම භික්ෂූවක් සසුනෙහි වගකිවයුතු මහා නායක අනු නායක ආදී ශාසන භාරධාරී තෙරුන් වහන්සේලාත්, සියලු බෞද්ධ මහජනතාවත් වගකීමෙන් සහ අවදියෙන් යුතුව කටයුතු කළ යුතු කාලය උදා වී ඇත.
ඊළඟ ප්‍රශ්නය ජම්බුඛාදක පිරිවැජියා මෙසේ අසයි.
                                       “අභිහරතෙන පන ආවුසො කිං දුක්කරන්ති” සසුනෙහි ඇලීම් ඇති භික්ෂුවට ඊළඟ අභියෝගය කුමක්ද? මේ සඳහා සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති. “අභිරතේන ඛො ආවුසො ධම්මානුධම්ම පටිපත්ති දුක්කරානි,” එසේ ශාසනික ඇලීම් ඇති භික්ෂුවට ඊළඟට ඇති දුෂ්කර කාර්යය වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පිරීමයි.සසුන්ගත වූ භික්ෂුව ගේ මූලික අරමුණ, “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය” යනුවෙන් පෙන්වා දී ඇත. සියලු සසර දුක් නැති කොට නිවන් දැකීමයි එයින් අදහස් වන්නේ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පිරිය යුතු වත් පිළිවෙත් රැසක් සඳහන් වෙයි. එය ස්වාර්ථය පිණිසම හේතු වන අතර, පරාර්ථය සඳහා ද භික්ෂුව කටයුතු කළ යුතුව ඇත. මේ උභයාර්ථ සාධනය සඳහා විශාල කාර්ය භාරයක් භික්ෂුව විසින් ඉටු කළ යුතුව ඇත. භික්ෂුව සසුන්ගතවීමත් සමගම මෙම දුෂ්කර කාර්යයට අවතීර්ණ වෙයි. පොදු උත්තම ගණයේ වස්තුවක් වන භික්ෂුව ග්‍රාමවාසීවීම තුළින් අභියෝ රැසකට මුහුණ දෙමින් අභීතව ඉදිරියට යයි. ඉගෙනුම, ශාසනික වත් පිළිවෙත්, විහාරාරාම පවිත්‍රතා කටයුතු දායක කාරකාදීන්ගේ කුදු මහත් ආගමික කාර්ය, ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක සද්ධිවිහාරිකාදී යුතුකම් යන මේ සියල්ල සපුරාලිය යුතු ය. මෙවැනි විශාල කාර්ය භාරයක් ඉටු කරන බෞද්ධ භික්ෂූව “චරථ භිකඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය” යන අනුශාසනාවට අනුව පරාර්ථයේ ප්‍රතිමුර්තියකි.
                                   එහෙත් සමහර බෞද්ධයෝ භික්ෂුව සැහැල්ලුවට ගණන් ගෙන ඇත. බෞද්ධයාගේ දානයට, බණට, මරණයට පමණක් සීමා වූ කෙනකු ලෙස සළකති. කිසි රාජකාරියක් නොමැති පූජකවරයකු ලෙස පිළිගනිති. ඒ සියල්ල ඇතැම් බෞද්ධයන්ගේ වැරැදි තක්සේරු වෙයි.අතීතයේ සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ය. මේ බව මනාව වටහා ගත් භික්ෂුව තම ජාතිය ආගම වෙනුවෙන් කැප වෙමින් බෞද්ධ ජනතාවගේ විමුක්තිකාමියා වෙමින් තම ආත්ම විමුක්තිය සඳහා ද කැප වී කටයුතු කරයි.ඊළඟට අපේ අවධානය යොමු වන්නේ මෙම සූත්‍රාගත හතර වන (අවසාන) ප්‍රශ්නය ගැනයි.

“කිව චිරං පනාවුසො ධම්මානුධම්ම පටිපන්නො
භික්ඛු අරහං අස්සාති”
ඒ ධර්මානුධම්ම පටිපන්න භික්ෂුව කොපමණ කලකින් රහත් වන්නේද?
   “න චිරං ආවුසො’ති” ඉතාම කෙටි කලකින් මේ තත්ත්වයට පත්වන බව සැරියුත් හිමියෝ පැහැදිලි කරති.
මේ අනුව ඉහත සඳහන් කළ පරිදි සසුන් ගත භික්ෂුවගේ අරමුණ නිවන් දැකීමයි. නිවන ලැබීමට ධම්මානු ධර්ම ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. ශීල ප්‍රතිපත්ති භාවනා මාර්ග අනුගමනය කිරීමෙන් නිවන් මඟ පාදා ගත හැකිය.අද මේ අරමුණ අමතක වී ඇති බව පෙනෙයි. “අඤ්ඤාහි ලාභප්‍රතිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ උපයන මඟත්, නිවන් මඟත් දෙකක් බව බුදුරජුන් විසින් දක්වා ඇත. ඒ අනුව භික්ෂුව ගිහි සමාජය සමග ජීවත් වුණත් ඔවුන් සමඟ නොගැටී, ඒ මඟ නොගොස් නිවන් ලබන මඟ දැන ගමන් කළ යුතුය. එවිට භික්ෂූ ජීවිතයේ ප්‍රධාන අරමුණ ඉටු කර ගත හැකිය.

                        මෙම ලිපිය කියවන කල අප භික්ෂු ශාසනය ගැන නොයෙක් සිතිවිලි වලින් පිරුණ ඇයි මෙහෙම කියනා තැනට ඇවිත් නතර උනා.. මගතකරන ජීවිතය තුල හමුවූ මිනිසුන්ගෙන් බහුතරයක් කතාවනුයේ සුළුතරයක් හිමිවරුන් කරනා වූ යම්යම් අකටයුතුකම්ය, අප දායකයන් ලෙස සිව් පසයෙන් ඇප උපස්ථාන කරන්නෙ නම් මෙවැනි ගැටළු පැන නගින්නෙ නැත,තව දෙයක් අපි ගරුතර භික්ෂුන් වෙත ඇගිල්ල දිගුකරන්නට ම පෙළ ගැසී සිටීම කිසිසේත් ම හොද කාරණයක් නොව,ඔබට ඔබ පවුලහි සාමාජිකයකු වැරද්දක් කල කළ එයට පියවර ගත හැකිය නමුත් භික්ෂුවක්ගෙ වැරදි හික්මීමක් තුළ ගිහියන් ලෙස කෑකොගසමින් විලාප තැබීම සිදුකිරීම නොකලයුතුය මන්ද එය භික්ෂු ශාසනය තුලින් එය පාලනය වන නිසාවෙනි, එලෙස දඩුවම් ලද හිමිවරු ප්‍රකටය ඔබට සිහියට නැගෙනු ඇත..හිමිනමකට බැනවැදීම නොකළ යුතු යයි ම පවසනුයේ මෙවැනි කරන නිසාවෙනි එනම් දාහකුත් සිල්  ආරක්ස කරමින් භික්ෂු ශාසනය තුල සිටින නිසා මොකද ගිහියන් වන අපට පංච සීලයවත් ආරක්ස කරගන්නට බැරිව පොය දිනකටවත් පන්සලකටවත් නොයා මෙලෝ පිනක් නොකර අපි වැරදි කරන්නෙය් නෑ කියන්නේ ම පෙර කිවූ බහුතරයක් මිනිසුන්ය..මිනිසුන් පවට බරය..පවට පින්දිය නොහැකිය ලෙස කියනුයේ නිකමට නොවේ,ඉහත ලිපිය බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, ගා/ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම ශාසනාක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති, බලගොඩ සිරිනිවාස හිමියන් විසින් ලියන ලද ලිපිය අද දින මෙසේ මහසෝන් පත්ඉවුරට උපුටා ගැනුනි                                        

18 January 2013

නයි කතා

                                 ද නයි ගැන නාගයන් ගැන කතාකරමු,මෙය බුදුන් දවස සිටි නාග ගෝත්‍රික පුද්ගලයන් හා නාග දිව්‍ය ලෝක  ආදිය මෙලිපිය පුරවන්නට සිතුවා,මෑත කාලයේ කස්ටියම නයා යවන විට බුදුන් දවස සිටි ඇත්ත නයි කෙසේද කියල අපේ මිනිසුන්ට දැනගන්න දෙන්න දයා අංහෙට්ටිගම මහතා කළ ලිපියක් මෙලෙස අප සමග එක්වන වගයි.      
                                            සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ප්‍රධාන වශයෙන් නයින් දෙකොටසකි. පේ‍්‍රතාදීන්ට මේ මනුෂ්‍ය ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. දිව්‍ය නාගයින්ට නාග ලෝකයක් වෙනම ඇත. එය දිව්‍ය ලෝකය හා සමාන සම්පත් ඇති ස්ථානයකි. නාගයන් පිළිබඳ මේ තත්ත්වය නිසා මනුෂ්‍යයන් අතර සාමාන්‍ය නයින්ට ද විශේෂ ගෞරවයක් ඇත. පොළඟුන්, තෙලිස්සන් කුණකටුවන් ආදී විෂ සහිත සර්පයෙක් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ උගේ අවසානය වෙයි. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනා වැළකී සිටිති. ඒ නාගයින්ට ඇති ගෞරවය හා බියපත්කම නිසා ය. නාගයන් වෛර බඳීති යි යන්න, ජන වහරෙහි එන මතයකි. ‘නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා’ යැයි ආප්තෝපදේශයක් ද ඇත. ඒ හිරිහැරයක් වූ විට ක්ෂණයෙන් කුපිත වී දෂ්ට කරන නිසා ය.සමහර මළගියවුන් නයින් වී පැමිණෙන බව ඇතැම්හු විශ්වාස කරති. කාලාන්තරයක් ගතවන විට නයින්ගේ පුරුක් ගැල වී පිහාටු විත් හිමාලය පර්වතයට පියාඹා යන බව ද ඔවුන් ‘කොබෝ නයි’ නමින් හැඳින්වෙන බව ද ජනවහරෙහි එයි. සමහර පූජනීය ස්ථාන දේවාල නිදන් ආදියට අරක්ගත් නයින් සිටින බව විශ්වාස කෙරේ.
                            පැරැණියෝ නයාට ගෞරව පිණිස ‘නයිහාමි’ යැයි කීහ. ඔවුහු නයෙක් ගෙදර අසලකට පැමිණියහොත් සූ, සූ යැයි නොකියා ‘නයිහාමි කිලි කිලි -වෙන තැනකට යන්න’ යැයි කියති. සමහර නාගයින්ට මාණික්‍යයක් ඇති බවත්, ගොදුරක් අසු වූ විට එය වමාරා පසෙක තබා ගොදුර ගන්නා බවත් එය දුටුවෙක් ගොම පිඩකින් මාණික්‍යය වැසුවහොත් නයා මරණයට පත්වන බවත් මිනිසුන් අතර කතාවක් පවතී.
                                          නාග යනු ඇතාට ද නමෙකි. බුදුරජාණන් වහන්සේට ද නාග නාමය ව්‍යවහාර කෙරෙති. නාලාගිරි දමනය අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදෙනකුගේ සංග්‍රාමයක් ලෙසය. නාග නාමයෙන් රහතන් වහන්සේ ද හඳුන්වා ඇත. මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකයේ එන වම්මික සූත්‍රයට අනුව තුඹස හාරාගෙන හාරාගෙන යනවිට අන්තිමට මතුවන්නේ නාගයෙකි. ඒ නයාට පිදීමට ගරු කිරීමට කියයි. ඒ නාගයා නම් රහතන් වහන්සේ යි. උපසම්පදා විනය කර්මය කිරීමේදී උපසම්පදාපේක්ෂකයා හඳුන්වන්නේ නාග නාමයෙනි. (නාගෝ සංඝං උපසම්පදං යාචති - සුණසි නාග) ආසිවිසෝපම සූත්‍රයෙහි කට්ටමුඛ - පූතිමුඛ- අග්ගිමුඛ - සත්ථමුඛ යැයි නාගකුල සතරක් දක්වා ඇත. කට්ටමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි. පූතිමුඛ නාගයා දෂ්ට දළ විට ශරීරය කුණු වෙයි. අග්ගිමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය කැඩි කැඩී යයි. සත්ථමුඛ නාගයා දෂ්ට කළ විට ක්ෂණයකින් මරණයට පත්වෙයි.බෝසතාණන් වහන්සේ උඩුගං බලා පා කර හැරිය පාත්‍රය, නාග ලෝකයෙහි පිහිටියේ ය. එය නාගයින්ට අතිපූජනීය වස්තුවකි. සත් සති ගතකළ බුදුරජාණන් වහන්සේ සත්වන සතිය ගතකළ සේක් මුචලින්ද නා දරණ තුළ ය. එම නා දරණය ඇතුළත සතර කොනෙහි පහන් හතරක් දැල්වීමට ඉඩ තිබිණි. බුදු සිරුරෙහි නා දරණ නො ගෑවිණි. එතරම් ම එම නා දරණය තුළ ඉඩකඩ තිබිණි.
                                ඒරක පත්‍ර නාග රාජයා බුදුවරයෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට අඩ මසකට වරක් සිය දියණිය ද සමඟ මනුෂ්‍ය ලෝකයට පැමිණ ගංගා නම් නදී තීරයෙහි ගීතයක් ගයමින් තම විශාල පෙනය මත ඈට නටන්නට සලස්වයි. එයට නිවැරැදි පිළිතුරු ගීතය ගයන තැනැත්තාට සිය දියණිය පාවාදෙන බව ද ඔහු ප්‍රසිද්ධ කළේය. දිනක් උත්තර නමැති මානවකයෙක් එයට පිළිතුරු ගීයක් තනාගෙන ගංඟා ගං තීරයට යන අතර, බුදුරදුන් මුණ ගැසිණි. උන්වහන්සේ එයට නිවැරැදි ගීතය කියා දුන්සේක. එය ඇසූ නා රජු බුදුරදුන් උපන් බව දැන බුදුරදුන් වෙත පැමිණ නිවන් මඟට පිවිසියේ ය.
                                         රහතන් වහන්සේ සැටඑක් නමක් ලොව පහළ වූ විට උන්වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත්කොට බුදු පියාණෝ උරුවෙල කාශ්‍යපයන් වෙත වැඩියහ. එහි නාරපෙත් අධිගෘහිත ගිනිහල් ගෙට රාත්‍රිය ගතකිරීමට වැඩම කළ විට නා රජු කිපී විෂ ධූමයක් පිට කළේය. බුදුපියාණෝ ද විෂ ධූමයක් පිට කළහ. නා රජු ගිනිජාලා පිටකළ විට බුදු හිමියෝ ද ගිනිජාලා පිට කළහ. අවසානයේ දී නා රජු දමනය විය. බුදුරජාණන් වහන්සේ ඌ පාත්‍රයෙහි බහා ගත්තේ ය. එළිවුණු පසු ගිනහල් ගෙය වටකර ගෙන සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නයා පෙන්වූහ.සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය. දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.
                    දිනක් දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයට පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ශිෂ්‍ය සත් හැවිරිදි සුමන සාමණේරයන් සමඟ හිමාලය ප්‍රදේශයෙහි ආරාමයකට වැඩියහ. එහිදී උන්වහන්සේට උදරාබාධයක් හට ගැනිණි. සාමණේරයෝ එය දැන එයට කළ යුතු ප්‍රතිකර්මය කුමක්දැයි විමසූහ. අනවතප්ත විලෙන් පැන් ස්වල්පයක් පානය කළ විට බඩේ රුජාව සුවවන බව අනුරුද්ධ හිමියෝ කීහ. එවිට සාමණේරයෝ පාත්‍රය රැගෙන පැන් ගෙන ඒමට යෑමට සූදානම් වූහ. අනුරුද්ධ තෙරුණුවෝ එහි පන්ථක නම් නාරජකු සිටින බවත් ඔහුට මා ගැන කියා පැන් ගෙන එන ලෙසත් කීහ. එදින නා රජු ජල ක්‍රීඩාවෙහි යෙදී සිටියේ ය. ඈත තියාම පාත්‍රයක් රැගෙන අහසින් එන පොඩි හිමියන් දුටු නා රජු නොඑන ලෙස තර්ජනය කළේ ය. එහෙත් සාමණේරයෝ පැමිණ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධයක් වශයෙන් පැන් ස්වල්පයක් දෙන ලෙස ඉල්ලූහ. නා රජු පැන් නො දෙමි. හැකිනම් ගනුවයි විශාල පෙන ගොබයෙන් විල වසා ගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුන් උස සිරුරක් මවාගෙන අතින් නා රජුගේ පෙනය ඉවත් කොට පැන් රැගෙන ආපසු වැඩියහ.කෝපාවිෂ්ට වූ නා රජු සාමණේරයන් ලුහුබැඳ අවුත් බලහත්කාරයෙන් ගෙන ආ පැන් අකැප යැයි අනුරුද්ධ තෙරුන්ට කීය.එවිට සුමන සාමණේරයෝ ‘නැත’ ස්වාමීනි, පුළුවන් නම් ගනුවයි මේ නා රජු මට සමච්චල් කළේය. මම පෙනය ඉවත් කොට පැන් ගෙන ආවෙමි. එහෙයින් කැප ය. වැළඳුව මැනවැ’යි ඉල්ලා සිටියහ. අනුරුද්ධ තෙරුණුවෝ පැන් වැළදුහ. ඒ සමගම උදරාබාධය සුව විය. තමන් නොදැනුවත්කමින් සිදු වූ වරදට සමාව ගත් නා රජු මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස ඉල්ලා වාසභවනයට ගියේ ය.
                                           පසු දිනෙක අනුරුද්ධ තෙරුණුවෝ සාමණේරයන් ද කැටුව බුදුරදුන් දැකීමට පැමිණියහ. කුඩා සාමණේරයන් දුටු පුහුදුන් භික්ෂුව උන් වහන්සේට සමච්චල් කළහ. බුදුපියාණෝ භික්ෂූන් රැස් කරවා හැකි කෙනෙක් පා දෙවීමට අනවතප්ත විලෙන් පැන්ගෙන එන්නැයි කීහ. සියල්ලෝ ම තූෂ්ණිම්භූතව බලා සිටිය හ. සුමන සාමණේරයෝ බුදුරදුන් වැඳ අවසර ගෙන විශාල කලයකුත් රැගෙන පැන් ගෙන ඒමට අහසින් ම පිටත් වූහ. සාමණේරයන්ගේ මේ ප්‍රාතිහාර්යය බැලීමට විශාල සෙනගක් රැස්වූහ. සාමණේරයන් එනු දුටු නාරජු පෙරගමන් කොට කළය රැගෙන පැන් පුරවාගෙන අහසින්ම සාමණේරයන් පසුපස පැමිණියේ ය. නාරජුගෙන් පැන් කළය ඉල්ලා ගත් සාමණේරයෝ බුදුරදුන්ට එය පිළිගැන්වූහ. ඒ අවස්ථාවේ සත් හැවිරිදි සුමන සාමණේරයන් උපසම්පදා සීලයෙහි පිහිට වූ බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට දම් දෙසූහ.
අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදුරදුන්ගේ අනුදැනුමෙන් ඔහුගේ ආරාමයට වැඩම කළ මුගලන් තෙරුණුවෝ නාගයෙක් අධිගෘහිත වැලිගොඩක් මතට රාත්‍රිය ගතකිරීමට වැඩියහ. නයා කුපිත වී විෂ ධූම ගිනි ජාලා පිට කළේ ය. මුගලන් හිමියෝ ද ඒවා මැඩ විෂ ධූම ගිනි ජාලා පිටකළහ. රාත්‍රියේ දී සිදු වූ මේ සටන බලා සිටි තාපසවරුන්ට එළිවුණු විට දකින්නට ලැබුණේ තෙරුන් වහන්සේ සුළඟින්, පින්නෙන් ආරක්ෂා කිරීමට දරණ ගසා ගෙන හිසට පෙනය අල්ලාගෙන සිටින නා රජු ය. පසුව බුදුපියාණෝ ද එතැනට වැඩම කොට අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිසට දම්දෙසා නිවන් මගෙහි පිහිට වූ සේක.
මහාමේරු පර්වතයෙහි විසූ නන්දෝපනන්ද නාග රාජයා ද මහත් බලවතෙකි. බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ දෙව්ලොව වඩින විට පා දූවිලි වැටීමෙන් නා රජු කුපිත විය. පසු දිනෙක වඩින විට මහමේරුව අතුරුදන් කළේය. භික්ෂුහු මහාමේරුව නො දැක බුදුරදුන්ගෙන් විමසූහ. නන්දෝපනන්ද නාගරාජයා කුපිත වී නො පෙනෙන්න සලසා ඇති බව උන්වහන්සේ වදාළහ. එවිට නාග දමනයට රහතුන් වහන්සේ කීප නමක් ම ඉදිරිපත් වුවත් එය වළක්වා එම කාර්යය මුගලන් තෙරුන්ට පැවරූහ. සටන පවතින විට ද නාග වේශයෙන් සිටි මුගලන් හිමියන්ට සිහි උපදවා ගන්නැ’ යි බුදුන් වහන්සේ වදාළහ. නන්දෝපනන්ද නා රජු එතරම් ම බලවතෙක් විය.
                         රුවන්මැලි මහ සෑයෙහි ධාතු නිදන් කිරීම සඳහා ධාතු ගෙන ඒමට සෝනුත්තර සාමණේරයෝ නා ලොවට වැඩිය බවත්, වාසුලදත්ත නම් නා රජු සාධාතුක කරඬුව උදරයේ සඟවාගත් බවත්, සෝනුත්තර සාමණේරයෝ සියුම් අතක් මවා එම දා කරඬුව රැගෙන ආ බවත් ථූපවංසයෙහි දක්වා ඇත.දන්ත කුමරු හා හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවා වැලිගොඩක සැඟ වූ විට, පණ්ඩුභාර නම් නා රජු ගත් බවත් පසුව තෙරනමක් ගුරුළු වෙස් මවාගෙන නාගයා බිය ගන්වා දමනය කොට දළදා වහන්සේ නැවත ඔවුන්ට ම ලබාදුන් බවත්, දළදා සිරිතෙහි සඳහන් වෙයි.
                                                      දිනක් මිහින්තලයේ ගිලන්ව සිටි තෙර නමක් බැලීමට නා රජෙක් පැමිණියේ ය. එකල එහි තිස් දහසක් පමණ භික්ෂූන් විසූහ. නාගයා දුටු ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට වේගයෙන් පාත්විය. එහි වැඩ සිටි බුද්ධරක්ඛිත නමැති තරුණ භික්ෂුවක් පර්වතයක් මවා නා රජු අතින්ගෙන පර්වතය තුළට පිවිසියේ ය. එහෙයින් නා රජු ගුරුළගෙන් ගැලවිණි. බුද්ධ රක්ඛිත නො සිටියේ නම්, අප සැම ලජ්ජාවට පත්වන්නේ යැ ‘ යි මහතෙරුන් පවසා ඇත. විශුද්ධි මාර්ගයෙහි එන මේ කතා පුවතින් දිව්‍ය නාගයන් ද ගුරුළන්ගේ ගොදුරට පත්වන බව පෙනේ.නාගයන්ගේ ස්වභාවය ක්ෂණයකින් කුපිත වීම යි. දිව්‍ය නාගයන් තුළ ද එම ස්වභාවය අඩුවක් නැතිව පිහිටා ඇති බව ඉහත සඳහන් සමහර නාග කතාවලින් පෙනේ. නාගයන් පිළිබඳ කතාන්තර ත්‍රිපිටකය පුරා ම විසිරී ඇත. නාගයන් කීප දෙනෙක් ඒ ඒ අවස්ථාවල දී සංඝයා වහන්සේට විරුද්ධ වුවත්, සමස්තයක් වශයෙන් ගත් කල නාගයෝ බැතිමත්හු ය.

11 January 2013

සුනියම් දේවතාවා - 04



                                       න්න එනම් අත්හැරුණු වැඩකරන්නට ඉඩක්ලැබුණ තවදෙයක් හොයාගත් දේවල් ලගතියන්වැඩක් නෑ මොකද තව කෙනෙක්ටදැනගන්නටදෙනඑකත්පිනක්නේ, මා මෙ ලිපිය කරන්නට සිතුවේ පෙර ලිපි වලින් අහවර කරන්නට බැරි උනා කවුරුත් දන්නා
තෙදබල වරම් ලද - සක්වල භාර හිමිසද
සමන්කුළු පව්වද   - කුජලාට සත් මුහුදුමැද
ලදවිවරණ තෙදින්- මුරබාරවූ නියතින්
මතු බුදුවනඋතුම්   - වදිමි තෙද සුනියම්දෙවිදුන්
එක්ලක්ෂඅටසැට - දහසක් දෙවොල්  ඝනකඩ
බුද්ධාලබෝමැඩ - සදරකිමින් රකින
සෑම අණවිනයට - යන්ත්‍රමන්ත්‍ර අදුනට
බැල්මලුහැමවිට -  වඩින් ඔඩ්ඩ්ස කුමරු හැමවිට             
                          මේ කවි වලින් මා පෙර කී දෑ නොඅඩුව දක්වා ඇත,පෙර ගම්වල ඇති පන්සල්වලදේවාලනොතිබුණානොවේ,මොකදමේකාලයවගෙ දෙවියන් බහුලව හිටියේනෑ දැන්හරි සුලබ දසුනක් බැවින්මිනිසුන්තුළ ඇති භක්තියක්‍රමයෙන් හිනවෙලා, කල පන්සල් වල ආරක්ෂාවට වැඩ සිටියේ මේ දෙවීවරුන්ය, සුනියම්දෙවියන් සතු බලය කවියෙන් මේසේය.
තෙද අසුර ඔඩ්ඩ්ස - සදෙව්නා බඔතලය අසදිස
නරකය යතිස්රැස  -සැනෙන් වඩිනා බලය ඇතියස
තෙද හස්ති පාලය -යම දේවතා ඔබය
පසකුරුහිමි ඔබය - එමෙන් යමපිම්ම ඔබේමය                
                        මෙවැනි බල සහිත දෙවියනට පුජාකරන අයවලුන් දන්නා දෙයකි කිලි අපි දැන් බලමු මොනාද මෙය කිල්ලකියලා
1.කොටහළු කිල්ල- මෙය ප්‍රධාන කිල්ලකි එනම් දැරිවියක් වැඩිවියටපත්වුකළඑයමාසතුනක්යනතෙක්එම නිවසෙහිපවතී
2.දරුකිල්ල-පෙර කාලයේ ඉස්පිරිතාල චැනල් වෙද්දු හිටියෙ නැ,තම ගෙදරම තමාතම දරුවන් ප්‍රසුතකලේ එය කිල්ලක්වේ
3.මරණකිල්ල- තම පවූලේ ලේ නෑයකු මියගිය විටත් කිල්ලක් ඇතිවේ
                
ඉහත සදහන් කිල්ලක් ඇති වුන කල තුන් මසක් ගතවෙන තුරු දෙවියන් වෙත පහන් තබෙ මෙන් වලකිනු ලබයි, ලංකාවටම සක්රජු ලෙස සීතාවක රාජ්‍යසමයේ වැඩසිටියේය එම රාජ්‍යසමයේ පරිහානිය සමගින් මෙම දෙවියනට කුඩම්මගෙ සැළකිලිද වලට බාජනය විය,එය ක්‍රමයෙන් නුවර සමයේ සුනියම් දෙවියන් ලෙස පෙරට පැමිණ මහනුවර වඩිගරජුගේකාලයේ සුනියම් දෙවියනට දැඩිවිස්වාසයකින් මිනිස් සිත ඇදබැද ගත්තා, රජ පවුලේ අසනීපයක් වු කල මහනුවර රජගෙදර “ සුනියම් ශාන්තිය ” අනිවාර්යය පිළියමකි,එවකට තිබු යාග ශාන්ති ක්‍රම අතර ඉතා ඉහල තැනක් හෙබවීය එය කබලෑ පටුනෙහිමෙසේ සදහන් වේ,

ඇතුන් හලට ගිය - සිහ රජ වාගේ
යකුන්හැමට බල - විජලිදු වාගේ
කුසුම් හැමට වන්  - දනමල වාගේ
මේසිහළට ඔබ - සක් රජ වාගේ

පුරවටකර සක් මනේ වඩින්නේ
හිරකර බන්දන වින පිපිරෙන්නේ
දුරුකර හැමවිට දෝස හැරෙන්නේ
කරවිට සිට වැව් එළිය බලන්නේ
          තව දෙයකි  විටෙක කබලෑ දෙවියන් සුනියම් දෙවියන් හා සැසදීම ගැටළු සහගත් වුවද පසුබිම් පුරාවුර්ත මත අවසාන වශයෙන්මා මෙවැනි වූ නිගමනයකට පැමිණියා එනම් මහනුවර සමය අවසානය තෙක් සුනියම් ශාන්තිය පැමිණියේ කබලෑ දෙවියන් මුසු කැරගෙන හූනියම් කැපීම ආදී යාග පැවත්වින එය ක්‍රමයෙන් සුනියම් දෙවියන්ගෙ බලය හාපසුබිම් සමාන වු නිසාවෙන් කබලෑ දෙවියන්ට සුනියම් දෙවි ආදේශ කිරීමක් සිදුවුවා කියා සිතට එනවා, කෙසෙ  වුවද මෙම දෙවියන් දෙපල තවමත් සිරිලක ඔබට අපට පිහිටවනවා ඇත.එනම් රාහු අපලවලට පිළියම් ලෙස ශාන්ති කර්මලෙස පුජ පවත්වනවා ඇත මින් බලපුලුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර ශ්‍රී සිද්ධසුනියම් දෙවි වෙළුම අවසානය දකිනවා ඇත,

        මෙය මහසෝන් පත්ඉවූරේ සටහනටඋදව්කල කතරගම ශ්‍රී සිද්ධසුනියම් දේවාල තේවා භාරකපු ධුරන්ධර කේ.ඩි. දේවප්‍රිය මහතා හා සටහනට එක්වූ සංජය කළුපහන ඇතුළු මෙම ලිපි පෙළ සමග සිටි 
ඔබ ඇතුළු සියලූ දෙනාට තෙරුවන් සරණයි....ගම්බාර දෙවි පිහිටයි..!      

අදහස්/යෝජනා මට යොමු කරන්න

මාසය තුල සිත්ගත් ලිපි