පින්වත් සොයුරුසොයුරියන් හට මෙදින සටහන් කරනුයේ බුදුන් වැඩ සිටි සමයේද අප දැන් දැන් අසන්නට දකින්නට සිදුවන දෑ හා සමාන සිදුවීම් වී ඇත, ගන්නට ඕන වුකල කැප අකැප අමතක කොට "කන්නට ඕන නම් කබරත් තලගොයා කර ගන්නවා" මෙවැනි කියමන් ගම්බද අනන්තවත් අසන්නට ඇත සිදුවීමද අපමණය,මෙය ලියන විට යම් යම් චරිතයන් සිහියට නැගෙනු නොඅනුමානය, පවතින අපෙකම අබිමානය ලෙසින් ලොවට කියා පනින රිලවුන්ට ඉනිමන් තියන සමාජයක තමන්ගෙ දැ විකුර්ති කර පෙන්වීම කියාදීම පාපකාරී ක්‍රියාවකි,කෙසෙය් වෙතත් විපාකය ඔබට පෙන්වා දෙන්නෙ මින් මතුවට අපතින් මෙයවැනි වූ ක්‍රියාවන් වල යෙදෙන්නට හෝ යෙදෙන අයවලුන්ට උදව් නොකරන මෙන් ඉල්ලසිටිමිනි,
බුදුන් වැඩ සිටි සමයේ සැවැත්නුවර අචිරවති නදියේ කෙවුලන් පිරිසකට රන්වන් මත්සයෙක් දලට අසුවිය,මත්සයා දැක සතුටට පත්ව කොසොල්රජු වෙත ගෙන ගියහ,පසුව රජතුමා අප තථාගතයන් වහන්සෙ වෙත ගෙනයන ලදී,ගෙන ගොස් තථාගතයන් වහන්සෙ ගෙන් ඔවුන්ගෙය් ගැටලුව ගෙන හැර දැක්විය " මෙම මාළුවා රන්වන් පාටය නමුදු මුව විවර කල විට මහා දුගදක් පිටවෙ " මීට හේතු වූ කාරණාව බුදුන් මෙසේ වදාළ සේක.
"මහරජ මෙතෙම(මත්සයා) කාශ්‍යප බුදුසසුනෙ පැවිදිව අවුරුදු 20000( විසිදාහ)ක් මහනකම් කල කෙනෙකි,එකල මොහු ත්‍රිපිටකදාරී බහුශ්‍රැත දර්ම කථික හික්ෂුවක් වී සිටියේය, එම පරියාප්ති දර්මය දරාසිටි බැවින් පිරිවරද බොහොවිය, පිරිවර නිසාවෙන් බොහෝ ලබා සත්කාරද ලැබෙන්නට විය, හෙතම බහුශ්‍රැත මානයෙන් මත්ව ලබා තණ්හාවෙන් වැඩුනෙ අතිපණ්ඩිත මානය බැවින් කැප දෑ අකැප ලෙසින් ද,වැරදි සහිත දේ නිවැරදි ලෙසින් ද දර්ම විනය වරදවා කිය,එහිදී ලජ්ජී පේසල හික්ෂුන් ඔහු හැර දැමිය, පසුව හෙතෙම දුරාචාරයේ යෙදෙමින් කාශ්‍යප බුදුසසුනෙ පරියාප්ති දර්මය පසුබස්වූ බැවින් ද, කෙළසූ බැවින් අවිචිමහා නිරයේ උපන්නේය,
එවිට කාශ්‍යප බුදුසසුනෙ පැවිදිව සිටි ඔහුගෙ සොයුරු සෝදන තෙරුන් වහන්සෙ රහත් වී පිරිනිවිණි, භික්ෂුනී සාසනයේ පැවිදිව සිටියේ සාදිනි(මව) හා තාපති(බාල නැගණිය)ය මොවුන්ද මොහුගෙ දුෂ්ටිය ගෙන මොහුගෙ පේසල හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කොට එම නිරයේම උපන්නීය, බුද්දාන්තරයක්ම හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කොට එම නිරයේම උපන්නේය,බුද්දාන්තරයක්ම අවිචිය පැසී පසුව අවීචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලබා මත්සයකු වී උපන්නේය,පෙර කාශ්‍යප බුදුසසුනෙ දර්ම දේශනා කර බුදුගුණ කී පින තුලින් රන්වන් පැහැය ලැබීය හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කල පවින් මුව දුගද හමන්නට වූ " බැව් වදාළ සේක -

( දම්ම පදට්ට කතා -439 පිටුව)
No comments:
Post a Comment