Showing posts with label කර්මය. Show all posts
Showing posts with label කර්මය. Show all posts

27 September 2014

පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි

අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි..
නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි..
බව දුක දුරු කර ගන්නයි..

කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි  

කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය



තෙරුවන් සරණයි

සංජය කළුපහන

08 March 2013

රහත් වුනත් වෙනස් නොවන පුරුද්ද

                                     දිනක් එක් දිළිඳු මිනිසෙක් තම නිවසෙහි දානයක් දෙනු පිණිස බුදුරදුන් වෙතින් එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග නිවස කරා වඩමවාගෙන ගියේය. උන් වහන්සේ කුඩා හිමිනමකි. මෙසේ යන අතරමගදී, පාරේ තිබූ මඩ වළකින් බේරීම සඳහා උන් වහන්සේ වළට උඩින් පැන්නාහ.
                        මෙයින් කලකිරුණු දායකයාගේ සිත ඊළඟ මොහොතේ වෙනස් කිරීමට මේ හිමියන් සමත් වුවද දායකයා මේ පුවත බුදුරදුන්ටද සැළකළේය. එවිට බුදුරදුන් දෙසුවේ අද රහත් භික්ෂුවක් වුවද මේ තැනැත්තා පෙර ආත්මභාවයන් 500ක් (පන්සියයක් පමණ) වඳුරකු ලෙස උපත ලබා සිටි බවයි. ඒ අනුව පැනීමේ පුරුද්ද රහත්වීමෙන් හෝ අවසන් නොවූ බවත් පෙන්වා දුන් සේක.

                                    මේ කතා පුවත රුපවාහිනිය තුල ඉතා අගන ලෙස කලකදී මා දුටුවා,එය නිර්මාණය වී තිබුනේ පන්සලක වැඩසිටින සාමණේර හිමියන් දෙනමක් හා නායක හිමියන් අතරත් ඇතිවන සිදුවීම ලෙසය,පෙර ආත්මයේ වදුරු ව ඉපදුනු බව හොදින් පෙනෙන්නට තිබුණි,සාමණේර හිමියන් නිතර ගස් උඩ නැග බණ පොත් පාඩම් කරන දසුන් ඇතුලත් වී තිබුන,දිනක් දනකට වඩම්මා ගෙන යන අතරතුර මඩවලකින් පැනීම නිසා දායකයා හාමුදුරුවන්ට පුජා කරන පිරිකර නොදෙන්නට තීරණය කලා, නැවතත් මඩවලක් දුටුවිට මඩවල හරහා ඇවිදින්නට විය දායකයා පුදුම විය,පුදුම වෙලා ඇහුවා ඇයි කියලා එතකොට හිමියන් කියනවා එක වලකින් පැනලා පිරිකර නැතිකර ගත්තා මේකෙන් පැනලා දවල් දානයත් නැතිවෙයි කියලා,එම හිමියනට පරසිත් කියවීමට හැකියාව තියනවා තියන නිසාවෙන් වෙන්නට තියන දෙයක් කලින් දැන ගන්නටත් පරසිත් කියවන්නට හැකියාව තිබිල තියනවා,එය පුර්ව ආත්මවල කරන ලද පින්පව් මත පිහිටන්නකි,
                     මෙය දැන පවින් මිදෙත්වා..........!   

20 June 2012

ආක්‍රෝෂ කිරිමෙ විපාකය 2

                            බ අප කල කී දේවල් ගෙල බැදී කරත්තය සේ ද ,තමගෙ සෙවනැල්ල සේ ද පැමිණෙන බව නොරහසකි,මෙවැනි වූ දෑ ගෙන දක්වනුයේ අප ඇතැම් සමාජ ස්තරවල සිටින්නවුන් එකිනෙක අමතන ආකාරය දකින විට ඔවුන් කොයි තැන වලට යයිද කියා සිතෙන නිසාවෙනි,
                                                     අද දිනයහි පින්වත් ඔබලාට මා ගෙන එනු ලබනුයේ අතීතයේ සිට පෙරුම්පුරා පැමිණි ආනන්ද හිමියන් හා මුගලන් ස්වාමින්වහන්සෙ පිළිබද අතීත කතාවකි මෙය නාරද කාශ්‍යප ජාතකයේ සිටි අඟහි නම් රජුගෙය් රූජා නමින් දියණියක් විය, ඇයට අතීත ජාතින් හතක් ද අනාගත ආත්ම හතක්ද දැකීමේ හැකියාව තිබුණි,මැයට බීජක නම් දාසයකු සිටියේය, දිනක් මෙම දාසයා පැමිණි විට මැය ඔහුගෙය් අතීත ආත්ම පිළිබද විපරම් කළේය, එවිට මෙවැන්නක් විය මෙසෙය් බීජක ලෙසින් දසයකුව සිටින්නට හේතුව නම්  පෙරආත්මයක බික්ෂුන් වහන්සෙය් නමකට අක්‍රෝෂ පරිබව කල පවින් බව කියා සිටියේය, මෙහි දාසයා ලෙස ඉපිද සිටියේ මුගලන් ස්වාමින්වහන්සේය, රූජා නම් කුමරිය වුයේ ආනන්ද හිමියන්ය. මෙය පිළිබද ජාතකට්ට කතාවෙ නාරද කාශ්‍යප ජාතකයේ මනාව දක්වා ඇත,

12 January 2012

සසරක පුරුදු

                 පින්වත් සොහොයුරන් වෙත අද දිනයේ මෙවැනි වූ කාරණාවක් ඉදිරිපත් කරන්නට සිතුනා එනම් අප පන්සලට ගියකළ ගාථා කිවත් හැසිරෙන ආකාරය පොඩි එකෙකුට වඩා අන්තය,බෝමලුවක එකම ඉරියව්වකින් බෝදීන් වහන්සෙ නමස්කාර කරගනුයේ කියෙන් කීදෙනාද එක විදිහකට ඉන්න බැරි බව තමන්ට එවිට වැටහෙනවා ඇත, " පොඩි උන්ටයි අලි පැටවුන්ටයි එක විදිහකට ඉන්නට බෑ " ඔබ මෙවැන්නක් අසා තිබෙන්නට පුළුවන,එහෙත් එය යම්කාල සීමාවකට පමණි,වයසින් මුහුකුරා යනවිට එවැනි ගති වෙනස්වී යනු ඇත එහෙත් පෙර ආත්මවල හුරුගති එසේම පවතිනු ලබයි,එවැන්නක් බුදුන් වැඩසිටි සමයේද සිදුවිය එය මෙසෙ ය,

                                   යම් දිනෙක තථාගතයන් වහන්සෙගෙන් බණ ඇසීම සදහා පස්දෙනකු පැමිණියේය,එම පැමිණසිටි උන්ගෙන් එකෙකු හැර අනෙක් අයවලුන් නානා ක්‍රියාකාරකම් වල යෙදුනි,එක තැනැත්තකු නිදිකිරමින් සිටියේය,අනිකා ගසක අත්තක් සොලවමින් සිටියේය, තවකෙකු බිම ඉරි අදිමින් සිටියේය,අවසන් පුද්ගලයා අහස දෙස බලාසිටියේය අනිකා මනාව බණ ඇසිය,මෙය තථාගතයන් වහන්සෙගෙ අසලම වැඩ සිටි  ආනන්ද හිමියන් දුටුවිට ඔවුන් සතර දෙනා  බණ නොඅසන්නෙය් මන්දැයි බුදුන්ගෙන් විමසීය, එවිට තථාගතයන් මෙසෙ වදාළ සේක,


         "ආනන්දයනි..! හිදගෙන නිදා සිටින්නා පන්සියයක් ජාතියහි සර්පයෙක්ව උපන්නෙකි, ඉරි අදිමින් සිටින්නා පන්සියයක් ජාතියහි ගැඩවීල් ව උපන්නෙකි,අත්තක් සොලවමින් සිටින්නා පන්සියයක් ජාතියහි වදුරෙක්ව උපන්නෙකි,අහසදෙස බලසිටින්නා පන්සියයක් ජාතියහි නැකත් බලන්නෙකි එසේ ම මනා කොට බණ අසන්නා පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව උපන්නෙකි, එකල ඔවුන්ගෙ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසෙ කරති" යි වදාළ සේක.  එම පුද්ගලයන් සතර දෙනා එසෙ වන විට ඔබ පන්සලක හැසිරෙන ආකාරය සිතටගන්න,   

                 තවද පිලින්දීවච්ජ මහරහතන් වහන්සෙය් හටද මෙවනි දෙයක් තිබුණි,එනම්  මිනිසුන්ට " වසලයා " යයි කියා මිනිසුන්ට කතා කරති, ඉට හේතුවද පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව ඉපිද සිටීමය,තවද රහත් හිමිනමක් මහා මඩ  වලෙන් පැනගොස් කුඩා මඩ වලෙන් බැසයාමට හේතුවක් ද විය එනම් පෙර ආසන්නම ආත්ම ගණනාවක වදුරුව ඉපදී ඇති බැවිනි,අකීකරුවීම,ගැහැණුන්ව රැවටීම,මෝඩ ක්‍රියා කිරීම්,කාලගුණ සැලකීම්,නුවණින් කටයුතුකිරීම ආදිය සසර පුරුදුවශයෙන් ගෙන එන දේවල් ලෙසින් ජාතකට්ඨි කතාවලට අනුව දැක්විය හැකිය,බොහෝ ජාතක කතාවල මෙය දක්නට ඇත එනම් මහණෙනි..! දැන් පමණක් නොව මොහු පෙරත් මෙසෙය් කලේය,යනාදී ලෙස දක්වා ඇත,ඔබ තුල ඇති පින්වත් බාවය නිසාවෙන් ලැබූ අසිරිමත් මිනිසත් බාවයට කුසල් සිත් ඇතිවන ආකාරයේ පුරුදු ඇති කරගන්නට සිත් පහල වේවා..තෙරුවන් සරණයි...!  

10 January 2012

ගණිකාව ලෙසින් ආක්‍රෝෂ කිරිමෙ විපාකය

                                   පින්වත් ඔබ මෙම සමාජය තුල ඉතා අගන රුසපුවෙන් පිරිපුන් යුවත්තියන් දැක ඇත,මෙසෙ ලිය ඇති කියවන විට එවනි රුප සම්පත්තිය ඇති ලදුන් සිහි ගැන්වෙනු නොඅනුමානය,එසේ ම ඔවුන් කරන්නා වූ රැකියාව පහත් වුවද තවකෙකුගෙ තෘප්තිමත් බව ඇයගෙ අබිප්‍රාය වන්නේය,කෙසෙ වුවද ඔවුන්ද තම ජීවිතය විදීමක් නොකර රහසෙ කලපවකට විදවීමක් කරන්නේය,ඔවුනට එවන් වූ සිරුරකට හිමිකම් කියනුයේ පෙර ආත්මයන් වල කලකී දේවල් අනුවය,ඔබ අද කියන්නාවූ වදන තව කාලයක් ගොස් වුවද පල දිමෙ හැකියාව ඇත,ඊට නිදසුනක් ලෙසින් මෙම කතාව ඔබවෙත පල කර සිටින්නෙමි.

                                       මෙම කතා නායිකාව වන්නෙ ඉතාමත් සුරූපී කාන්තාවකි, ඇය සිටියේ රජගහ නුවරය රු සම්පත්තිය ඉතාමත් ඉහල බැවින් සියලු රජදරුවන්ට පරිබෝජනය ගැනීමට ගතහැකි ලෙසින් ගණිකාවක් ලෙසින් තබන ලදී,මෙවැන්නක් ඇයට සිදුවන්නෙ පෙර කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර ආරක්ෂා කරමින් වැඩවිසිය,දිනක් ඇය රහත් වූ  භික්ෂුනියකට "ගණිකාව " ලෙසින් ආක්‍රෝෂ කල පවින් නිරයේ පැසුනි පසුව මෙවැනි පරාදීන පහත් ජීවිතයක් ලබන්නට විය,කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර රැකි පිනින් ඉතා ඉහල රුසම්පතියක් ලැබුවේය,දුතෙන උපසම්පදාව ලැබුවෙද මෙතුමියයි අවසානයේ සසුනේ පැවිදිවී රහත් විය.
                                                         (අපදාන පාලිය අඨිඨකාසි ථෙරී අපදානය)

පින්වත් ඔබලාහට පැමිනෙන්නාවූ වචන මනාව පාලනයක් කර අමතන තරමට ඔබ අප ජීවිතය බලපාන අයුරු කෙසෙ දැයි ඔබ නුවනින් ම විමසන්න,සියල්ලෝම වචනයෙන් සංවරවෙත්වා.....! 
තෙරුවන් සරණයි....!           

02 January 2012

මත්සයාගෙ මුවදුගද හමන්නට හේතුව


               පින්වත් සොයුරුසොයුරියන් හට මෙදින සටහන් කරනුයේ බුදුන් වැඩ සිටි සමයේද අප දැන්  දැන් අසන්නට දකින්නට සිදුවන දෑ හා සමාන සිදුවීම් වී ඇත, ගන්නට ඕන වුකල කැප අකැප අමතක කොට "කන්නට ඕන නම් කබරත් තලගොයා කර ගන්නවා"  මෙවැනි කියමන් ගම්බද අනන්තවත් අසන්නට ඇත සිදුවීමද අපමණය,මෙය ලියන විට යම් යම් චරිතයන් සිහියට නැගෙනු නොඅනුමානය, පවතින අපෙකම අබිමානය ලෙසින් ලොවට කියා පනින රිලවුන්ට ඉනිමන් තියන සමාජයක තමන්ගෙ දැ විකුර්ති කර පෙන්වීම කියාදීම පාපකාරී ක්‍රියාවකි,කෙසෙය් වෙතත් විපාකය ඔබට පෙන්වා දෙන්නෙ මින් මතුවට අපතින් මෙයවැනි වූ ක්‍රියාවන් වල යෙදෙන්නට හෝ යෙදෙන අයවලුන්ට උදව් නොකරන මෙන් ඉල්ලසිටිමිනි
              බුදුන් වැඩ සිටි සමයේ සැවැත්නුවර අචිරවති නදියේ කෙවුලන් පිරිසකට රන්වන් මත්සයෙක් දලට අසුවිය,මත්සයා දැක  සතුටට පත්ව කොසොල්රජු වෙත ගෙන ගියහ,පසුව රජතුමා අප තථාගතයන් වහන්සෙ වෙත ගෙනයන ලදී,ගෙන ගොස් තථාගතයන් වහන්සෙ ගෙන් ඔවුන්ගෙය් ගැටලුව ගෙන හැර දැක්විය " මෙම මාළුවා රන්වන් පාටය නමුදු මුව විවර කල විට මහා දුගදක් පිටවෙ " මීට හේතු වූ කාරණාව බුදුන් මෙසේ  වදාළ සේක.
                     "මහරජ මෙතෙම(මත්සයා) කාශ්‍යප බුදුසසුනෙ පැවිදිව අවුරුදු 20000( විසිදාහ)ක් මහනකම් කල කෙනෙකි,එකල මොහු ත්‍රිපිටකදාරී බහුශ්‍රැත දර්ම කථික හික්ෂුවක් වී සිටියේය, එම පරියාප්ති දර්මය දරාසිටි බැවින් පිරිවරද බොහොවිය, පිරිවර නිසාවෙන් බොහෝ ලබා සත්කාරද ලැබෙන්නට විය, හෙතම බහුශ්‍රැත මානයෙන් මත්ව ලබා තණ්හාවෙන් වැඩුනෙ    අතිපණ්ඩිත මානය බැවින් කැප දෑ අකැප ලෙසින් ,වැරදි සහිත දේ නිවැරදි ලෙසින් ද දර්ම විනය වරදවා කිය,එහිදී  ලජ්ජී පේසල හික්ෂුන් ඔහු හැර දැමිය, පසුව හෙතෙම දුරාචාරයේ යෙදෙමින්  කාශ්‍යප බුදුසසුනෙ පරියාප්ති දර්මය පසුබස්වූ බැවින් ද, කෙළසූ බැවින් අවිචිමහා නිරයේ උපන්නේය,
                            එවිට කාශ්‍යප බුදුසසුනෙ  පැවිදිව සිටි ඔහුගෙ සොයුරු සෝදන තෙරුන් වහන්සෙ රහත් වී පිරිනිවිණි, භික්ෂුනී සාසනයේ පැවිදිව සිටියේ සාදිනි(මව) හා තාපති(බාල නැගණිය)ය මොවුන්ද මොහුගෙ දුෂ්ටිය ගෙන මොහුගෙ පේසල හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කොට එම නිරයේම උපන්නීය, බුද්දාන්තරයක්ම හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කොට එම නිරයේම උපන්නේය,බුද්දාන්තරයක්ම අවිචිය පැසී පසුව අවීචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලබා මත්සයකු වී උපන්නේය,පෙර කාශ්‍යප බුදුසසුනෙ දර්ම දේශනා කර බුදුගුණ කී පින තුලින් රන්වන් පැහැය ලැබීය හික්ෂුන්ට ආක්‍රෝෂ පරිබව කල පවින් මුව දුගද හමන්නට වූ " බැව් වදාළ සේක -
                                                                           ( දම්ම පදට්ට කතා -439 පිටුව)

                                      

දරුවන් නැති හේතුව


                   ගෞතම බුදු වැඩ සිටි සමයේ බෝදිරාජ නමින් කුමාරයෙක් විසීය,මෙතුමා කෝකන්ද නමින් මාලිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට අප ගෞතම බුදුරජාණන් වහන්සේට ආරාදනා   කළේය,එම කුමරුන් මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම ඇතිරිල්ලක් යොදා මෙසෙ ප්‍රාර්ථනාවක් කළේය " මට දරුවන් ලබෙනම් බුදුපියාණන් වහන්සෙය් මෙය පාගා වඩින සේක්වා " ලෙසිනි, සුළු මොහොතකින් ගෞතම බුදුරජාණන් වහන්සේ මාලිගයට වඩින්න සැරසුණි මාලිගාව එලිපත්තෙ සිටන්ම දිගටම එලා ඇති ඇතිරිල්ල දුටු තථාගතයන් වහන්සෙ ආනන්ද හිමි ලවා එය ඉවත් කරවා වැඩි සේක,අවසානයේ කුමරුන් ඊට හේතුව කිනම් දැයි ඇසු කල  තථාගතයන් වහන්සෙ ඔබට දරුසම්පත් අහිමි බව වදාළ ඊට හේතුව වූ පෙරකළ කර්මය මෙලෙස පෙන්වාදිනි,

                           මෙම දෙපල පෙර ආත්මයක නැව් නැග යනවිට නැව මුහුදුබත් විය,පසුව මෙය දෙපල අසල වූ දුපතකට ගොඩවිය,එම දුපත තුල බොහෝ පක්ෂීන් සිටිඅතර ඔවුන්ගෙ බිත්තර ද විය,මේ දෙපලට ජීවත් විය යුතු බැවින් කුඩුවල තිබු බිත්තරද පැටවුන්ද මරා අනුබව කරමින් ජීවත් විය,එම ගත කල ජීවිතය තුල කල කර්මයන් පලදීම මෙවන් ආකාරයකට සිදුවූ බව වදාල සේක,

          එබැවින් තම කරන කියන දෙය ගැන මදක් සිතාබලා කටයුතු  කරන්නට සිත් ඇතිවේවා..!
මෑත කාලයේ දරුවන් නොමැතිව දොස්තරලා හොයමින් යන්නට වන්නෙ ඔබ පෙරකළ කෙරුම්කාරකම් දැන් දැන් විපාක දෙන බැවිනි,යහපත් සිතිවිලි වර්දනය කරගන්න තරමට ඔබ සිත පවට බර නොවන්නේය            

මාසය තුල සිත්ගත් ලිපි