Showing posts with label අකුසල විපාකය. Show all posts
Showing posts with label අකුසල විපාකය. Show all posts

27 September 2014

පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි

අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි..
නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි..
බව දුක දුරු කර ගන්නයි..

කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි  

කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය



තෙරුවන් සරණයි

සංජය කළුපහන

20 June 2012

ආක්‍රෝෂ කිරිමෙ විපාකය 2

                            ඔබ අප කල කී දේවල් ගෙල බැදී කරත්තය සේ ද ,තමගෙ සෙවනැල්ල සේ ද පැමිණෙන බව නොරහසකි,මෙවැනි වූ දෑ ගෙන දක්වනුයේ අප ඇතැම් සමාජ ස්තරවල සිටින්නවුන් එකිනෙක අමතන ආකාරය දකින විට ඔවුන් කොයි තැන වලට යයිද කියා සිතෙන නිසාවෙනි,
                                                     අද දිනයහි පින්වත් ඔබලාට මා ගෙන එනු ලබනුයේ අතීතයේ සිට පෙරුම්පුරා පැමිණි ආනන්ද හිමියන් හා මුගලන් ස්වාමින්වහන්සෙ පිළිබද අතීත කතාවකි මෙය නාරද කාශ්‍යප ජාතකයේ සිටි අඟහි නම් රජුගෙය් රූජා නමින් දියණියක් විය, ඇයට අතීත ජාතින් හතක් ද අනාගත ආත්ම හතක්ද දැකීමේ හැකියාව තිබුණි,මැයට බීජක නම් දාසයකු සිටියේය, දිනක් මෙම දාසයා පැමිණි විට මැය ඔහුගෙය් අතීත ආත්ම පිළිබද විපරම් කළේය, එවිට මෙවැන්නක් විය මෙසෙය් බීජක ලෙසින් දසයකුව සිටින්නට හේතුව නම්  පෙරආත්මයක බික්ෂුන් වහන්සෙය් නමකට අක්‍රෝෂ පරිබව කල පවින් බව කියා සිටියේය, මෙහි දාසයා ලෙස ඉපිද සිටියේ මුගලන් ස්වාමින්වහන්සේය, රූජා නම් කුමරිය වුයේ ආනන්ද හිමියන්ය. මෙය පිළිබද ජාතකට්ට කතාවෙ නාරද කාශ්‍යප ජාතකයේ මනාව දක්වා ඇත,

10 January 2012

ගණිකාව ලෙසින් ආක්‍රෝෂ කිරිමෙ විපාකය

                                   පින්වත් ඔබ මෙම සමාජය තුල ඉතා අගන රුසපුවෙන් පිරිපුන් යුවත්තියන් දැක ඇත,මෙසෙ ලිය ඇති කියවන විට එවනි රුප සම්පත්තිය ඇති ලදුන් සිහි ගැන්වෙනු නොඅනුමානය,එසේ ම ඔවුන් කරන්නා වූ රැකියාව පහත් වුවද තවකෙකුගෙ තෘප්තිමත් බව ඇයගෙ අබිප්‍රාය වන්නේය,කෙසෙ වුවද ඔවුන්ද තම ජීවිතය විදීමක් නොකර රහසෙ කලපවකට විදවීමක් කරන්නේය,ඔවුනට එවන් වූ සිරුරකට හිමිකම් කියනුයේ පෙර ආත්මයන් වල කලකී දේවල් අනුවය,ඔබ අද කියන්නාවූ වදන තව කාලයක් ගොස් වුවද පල දිමෙ හැකියාව ඇත,ඊට නිදසුනක් ලෙසින් මෙම කතාව ඔබවෙත පල කර සිටින්නෙමි.

                                       මෙම කතා නායිකාව වන්නෙ ඉතාමත් සුරූපී කාන්තාවකි, ඇය සිටියේ රජගහ නුවරය රු සම්පත්තිය ඉතාමත් ඉහල බැවින් සියලු රජදරුවන්ට පරිබෝජනය ගැනීමට ගතහැකි ලෙසින් ගණිකාවක් ලෙසින් තබන ලදී,මෙවැන්නක් ඇයට සිදුවන්නෙ පෙර කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර ආරක්ෂා කරමින් වැඩවිසිය,දිනක් ඇය රහත් වූ  භික්ෂුනියකට "ගණිකාව " ලෙසින් ආක්‍රෝෂ කල පවින් නිරයේ පැසුනි පසුව මෙවැනි පරාදීන පහත් ජීවිතයක් ලබන්නට විය,කාශාප බුදුසසුනෙ පැවිදිවී මනාව බබසර රැකි පිනින් ඉතා ඉහල රුසම්පතියක් ලැබුවේය,දුතෙන උපසම්පදාව ලැබුවෙද මෙතුමියයි අවසානයේ සසුනේ පැවිදිවී රහත් විය.
                                                         (අපදාන පාලිය අඨිඨකාසි ථෙරී අපදානය)

පින්වත් ඔබලාහට පැමිනෙන්නාවූ වචන මනාව පාලනයක් කර අමතන තරමට ඔබ අප ජීවිතය බලපාන අයුරු කෙසෙ දැයි ඔබ නුවනින් ම විමසන්න,සියල්ලෝම වචනයෙන් සංවරවෙත්වා.....! 
තෙරුවන් සරණයි....!           

29 December 2011

චුල්ලපන්ථක රහතන් වහන්සේ

             සොදුරු මිනිසුනි අද දින විහිලුව ආදීනව කියාපන අවස්ථාවක් නැවත දක්වන්නට සිතුන,මෙය සියලුම දෙනා හට සිතට ගන්නට යමක් ඇති සිතමි,මෙම සිදුවීමට මුහුණ පැවේ ගෞතම   බුදුන් වැඩසිටි සමයේ වැඩසිටි චුල්ලපන්ථක හිමිය,උන්වහන්සෙ මහාපන්තකහිමිගෙ බාල සොහොයුරාය, පැවිදි වී සාරමසක් ගතවී ගියද එක ගාථාවක්වත් පාඩම් කරගැනීමට බැරිව අසරණ විය,මෙ අවස්තාවට බුදු කරුණා මහිමය තුලින් චුල්ලපන්ථක හිමිගෙ පෙර පාරමී මතුකරගෙන රහත්වී අසුමහා ශ්‍රවකයන් අතරට පත්විය, මෙය්සෙය් වීමට හේතුව සොයා බැලුකල

            චුල්ලපන්ථක හිමි පෙර කශාප බුදුසසුනෙහි පැවිදව නුවනත්තෙක් ලෙසින් අනුන්ට දර්මය කියාදෙන්නට විය,එම කියාදෙන දර්මය ඉගෙන ගැන්මට අපහසුවූ හිමිනමකට විහිලුවකට ලක්ලෙය, එතුලින් විහිලුවට තුලින් බලවත් ලෙස ලජ්ජාවට ලක්වූ හිමිනම දර්මය තුලින් බැහැරවිය,එම හිමි දර්මයෙන් බැහැරවන්නට තරම් කල විහිලුව අකුසල විපාකය මෙලස විපාක දුනි,(ධම්ම පදට්ට කතා 152 පිටුව)

          මෙය බුදුන් දවස සිදුවුනි අද දින අප සමග ඉන්න ගුරුබවතුන් තම සිසුනට පාඩම් මාලා කියාදෙන ආකාරය බලන විට දුක්කිත තත්වයක් ඇත,පෙර කලනම් ඉගැන්වූ නැති කල කෑලෑ  වැදිණි නමුත් දැන් ඒ කල එලිවී ඇති අතර දැන් බුද්දියෙන් මොටවූ සිසුන් පියමන් කරනුයේ මත්ද්‍රව්‍ය නීතිවිරෝදී ක්‍රියාවන් වෙතය,ඔබ උගන්වන්න දෙය ඔවුනට යහපතක් වන සිතින් කරන්න
තෙරුවන් සරණයි...!  

මාසය තුල සිත්ගත් ලිපි