Showing posts with label කර්මය හා විපාකය. Show all posts
Showing posts with label කර්මය හා විපාකය. Show all posts

27 September 2014

පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි

අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි..
නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි..
බව දුක දුරු කර ගන්නයි..

කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි  

කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය



තෙරුවන් සරණයි

සංජය කළුපහන

27 March 2014

කට පරිස්සම්



                             අද කතා කරමු කට ගැන,ඇස(2) කණ(2) නාසය(පුඩු2)  අනෙක් අගපසගයන් තුලින් කරනා කරුණු කරනා එක් කටකින් පතිචාර දක්වන විට කොතෙක් ප්රෙවේසම් විය යුතුද,එම ප්‍රවේසම් වීමෙන් තමුන්ට නිහඩව කුසල් රැස්කරන්නට හැකියාවක් ලැබෙනවා,එසෙය් නොකිරීමෙන් විපාක ලැබෙනවා, උදාහරණයක් සමගින් අප කට ගැන කරනා කීපයක් දැනගමු
          
කෝකාලික යනු දේවදත්ත හිමියෝ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන් මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ. දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ කෝකාලික හිමියන් සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත් ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනා කළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේ තුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම හිමියෝ බුද්ධ අවවාදය නොපිළිගත්හ. සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත් දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාල මතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.රෑ මැදියම බුදුරදුන් හමුවට පැමිණි සහම්පතිමහා බ්‍රහ්මයා කෝකාලිකහිමියන් මරණයට පත්ව පදුම නරකයේ උපන් බව දැන්වීය.
                     බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදී එම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එම සූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක් තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.
සමාජ සබඳතා පවත්වා ගෙන යාම සඳහා පුද්ගලයා විසින් වචනය ප්‍රධාන මාධ්‍යයක් ලෙස ප්‍රයෝජනයට ගනියි.එසේ භාවිතා කරන වචන සුභාෂිත හා දුභාෂිත හෙවත් යහපත් වචන හා අයහපත් වචන නමින් කොටස් දෙකකට වෙන් කළ හැකිය. බුදු දහමට අනුව අයහපත් වචන යනු වචනයෙන් සිදුවන අකුසල්ය. ඒවා සතරාකාරවෙයි. එනම්, බොරුකීම , කේළාම් කීම, අසභ්‍ය වචන කීම, හිස් වචන කීම යනුවෙනි.
මෙම වැරැදි වචන භාවිතයෙන් පුද්ගලයාට හා සමාජයට සිදුවන හානිය ඉතා විශාලය. අන්‍යෝන්‍ය විශ්වාසය හා සුහදතාවය බිඳ වැටීම, සමගිය සාමය නැතිවීම ගැටුම් ඇතිවීම හා වටිනා කාලය නිකරුණේ විනාශ වී යාම එමගින් සිදුවෙයි. අයහපත් වචන කතා කරන පුද්ගලයා මෙලොවදී විවිධ නින්දා අපහාස වලට ලක්ව මරණයෙන් පසු දුගතිගාමී වීමද වැලැක්විය නොහැකි දෙයකි.

         පුද්ගලයාට සිදුවන මෙවැනි අයහපත් ප්‍රතිඵල නිසා ධර්මයේ දුර්භාෂිතය කෙටේරියකට උපමා කර ඇත. භාවිතා කරන වචන සුභාෂිත වචන වීම සඳහා සම්පූර්ණ විය යුතු අංග හතරක් සංයුක්ත නිකායේ සුභාෂිත සූත්‍රයේ පෙන්වා ඇත.
සභ්‍ය වචනයක් වීම
දැහැමි වචනයක් වීම
පි‍්‍රය වචනයක් වීම
සත්‍ය වචනයක් වීම
               මෙවැනි සුභාෂිත වචන භාවිතා කිරීම , වාචසික කුසල් වර්ධනය කර ගැනිමකි. එය සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයකු වීමට පමණක් නොව සසර සුගතිගාමි වීමටද හේතුවකි. නිර්වාණගාමී මාර්ගයේ සම්මාවාචා අංගය සපුරා ගැනීම සඳහා ද යහපත් වචන කථා කිරීම ඉවහල් වේ.එනිසා බුදුරදුන් වාචසික සංවරය බෙහෙවින් අගය කර ඇත.

පිරිසක් රැස් වූ විට දැහැමි දෙයක් පමණක් කතා කරන ලෙසත් නැතිනම් රහතුන් වහන්සේ සේ නිශ්ශබ්දව සිටින ලෙසත් අවධාරණය කර ඇත. ධම්මීවා කථා අරියොවා තුණ්හි භාවොති “ (අරිය පර්යේෂණ සූත්‍රය මඞන)පින්වත, ඔබ ද මෙම දහම් කරුණු කෙරෙහි අවධානය යොමුකර තම වාචසික සංවරය තුළින් දෙලොව සැනසීම සලසා ගැනීමට උනන්දු වන්න .

මෙය ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමි විසින් බුදුසරණ පුවත් පතට කල ලිපියක් ඇසුරින්

12 January 2012

සසරක පුරුදු

                 පින්වත් සොහොයුරන් වෙත අද දිනයේ මෙවැනි වූ කාරණාවක් ඉදිරිපත් කරන්නට සිතුනා එනම් අප පන්සලට ගියකළ ගාථා කිවත් හැසිරෙන ආකාරය පොඩි එකෙකුට වඩා අන්තය,බෝමලුවක එකම ඉරියව්වකින් බෝදීන් වහන්සෙ නමස්කාර කරගනුයේ කියෙන් කීදෙනාද එක විදිහකට ඉන්න බැරි බව තමන්ට එවිට වැටහෙනවා ඇත, " පොඩි උන්ටයි අලි පැටවුන්ටයි එක විදිහකට ඉන්නට බෑ " ඔබ මෙවැන්නක් අසා තිබෙන්නට පුළුවන,එහෙත් එය යම්කාල සීමාවකට පමණි,වයසින් මුහුකුරා යනවිට එවැනි ගති වෙනස්වී යනු ඇත එහෙත් පෙර ආත්මවල හුරුගති එසේම පවතිනු ලබයි,එවැන්නක් බුදුන් වැඩසිටි සමයේද සිදුවිය එය මෙසෙ ය,

                                   යම් දිනෙක තථාගතයන් වහන්සෙගෙන් බණ ඇසීම සදහා පස්දෙනකු පැමිණියේය,එම පැමිණසිටි උන්ගෙන් එකෙකු හැර අනෙක් අයවලුන් නානා ක්‍රියාකාරකම් වල යෙදුනි,එක තැනැත්තකු නිදිකිරමින් සිටියේය,අනිකා ගසක අත්තක් සොලවමින් සිටියේය, තවකෙකු බිම ඉරි අදිමින් සිටියේය,අවසන් පුද්ගලයා අහස දෙස බලාසිටියේය අනිකා මනාව බණ ඇසිය,මෙය තථාගතයන් වහන්සෙගෙ අසලම වැඩ සිටි  ආනන්ද හිමියන් දුටුවිට ඔවුන් සතර දෙනා  බණ නොඅසන්නෙය් මන්දැයි බුදුන්ගෙන් විමසීය, එවිට තථාගතයන් මෙසෙ වදාළ සේක,


         "ආනන්දයනි..! හිදගෙන නිදා සිටින්නා පන්සියයක් ජාතියහි සර්පයෙක්ව උපන්නෙකි, ඉරි අදිමින් සිටින්නා පන්සියයක් ජාතියහි ගැඩවීල් ව උපන්නෙකි,අත්තක් සොලවමින් සිටින්නා පන්සියයක් ජාතියහි වදුරෙක්ව උපන්නෙකි,අහසදෙස බලසිටින්නා පන්සියයක් ජාතියහි නැකත් බලන්නෙකි එසේ ම මනා කොට බණ අසන්නා පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව උපන්නෙකි, එකල ඔවුන්ගෙ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසෙ කරති" යි වදාළ සේක.  එම පුද්ගලයන් සතර දෙනා එසෙ වන විට ඔබ පන්සලක හැසිරෙන ආකාරය සිතටගන්න,   

                 තවද පිලින්දීවච්ජ මහරහතන් වහන්සෙය් හටද මෙවනි දෙයක් තිබුණි,එනම්  මිනිසුන්ට " වසලයා " යයි කියා මිනිසුන්ට කතා කරති, ඉට හේතුවද පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව ඉපිද සිටීමය,තවද රහත් හිමිනමක් මහා මඩ  වලෙන් පැනගොස් කුඩා මඩ වලෙන් බැසයාමට හේතුවක් ද විය එනම් පෙර ආසන්නම ආත්ම ගණනාවක වදුරුව ඉපදී ඇති බැවිනි,අකීකරුවීම,ගැහැණුන්ව රැවටීම,මෝඩ ක්‍රියා කිරීම්,කාලගුණ සැලකීම්,නුවණින් කටයුතුකිරීම ආදිය සසර පුරුදුවශයෙන් ගෙන එන දේවල් ලෙසින් ජාතකට්ඨි කතාවලට අනුව දැක්විය හැකිය,බොහෝ ජාතක කතාවල මෙය දක්නට ඇත එනම් මහණෙනි..! දැන් පමණක් නොව මොහු පෙරත් මෙසෙය් කලේය,යනාදී ලෙස දක්වා ඇත,ඔබ තුල ඇති පින්වත් බාවය නිසාවෙන් ලැබූ අසිරිමත් මිනිසත් බාවයට කුසල් සිත් ඇතිවන ආකාරයේ පුරුදු ඇති කරගන්නට සිත් පහල වේවා..තෙරුවන් සරණයි...!  

මාසය තුල සිත්ගත් ලිපි