පින්වත් සොහොයුරන් වෙත අද දිනයේ මෙවැනි වූ කාරණාවක් ඉදිරිපත් කරන්නට සිතුනා එනම් අප පන්සලට ගියකළ ගාථා කිවත් හැසිරෙන ආකාරය පොඩි එකෙකුට වඩා අන්තය,බෝමලුවක එකම ඉරියව්වකින් බෝදීන් වහන්සෙ නමස්කාර කරගනුයේ කියෙන් කීදෙනාද එක විදිහකට ඉන්න බැරි බව තමන්ට එවිට වැටහෙනවා ඇත, " පොඩි උන්ටයි අලි පැටවුන්ටයි එක විදිහකට ඉන්නට බෑ " ඔබ මෙවැන්නක් අසා තිබෙන්නට පුළුවන,එහෙත් එය යම්කාල සීමාවකට පමණි,වයසින් මුහුකුරා යනවිට එවැනි ගති වෙනස්වී යනු ඇත එහෙත් පෙර ආත්මවල හුරුගති එසේම පවතිනු ලබයි,එවැන්නක් බුදුන් වැඩසිටි සමයේද සිදුවිය එය මෙසෙ ය,
යම් දිනෙක තථාගතයන් වහන්සෙගෙන් බණ ඇසීම සදහා පස්දෙනකු පැමිණියේය,එම පැමිණසිටි උන්ගෙන් එකෙකු හැර අනෙක් අයවලුන් නානා ක්‍රියාකාරකම් වල යෙදුනි,එක තැනැත්තකු නිදිකිරමින් සිටියේය,අනිකා ගසක අත්තක් සොලවමින් සිටියේය, තවකෙකු බිම ඉරි අදිමින් සිටියේය,අවසන් පුද්ගලයා අහස දෙස බලාසිටියේය අනිකා මනාව බණ ඇසිය,මෙය තථාගතයන් වහන්සෙගෙ අසලම වැඩ සිටි ආනන්ද හිමියන් දුටුවිට ඔවුන් සතර දෙනා බණ නොඅසන්නෙය් මන්දැයි බුදුන්ගෙන් විමසීය, එවිට තථාගතයන් මෙසෙ වදාළ සේක,
"ආනන්දයනි..! හිදගෙන නිදා සිටින්නා පන්සියයක් ජාතියහි සර්පයෙක්ව උපන්නෙකි, ඉරි අදිමින් සිටින්නා පන්සියයක් ජාතියහි ගැඩවීල් ව උපන්නෙකි,අත්තක් සොලවමින් සිටින්නා පන්සියයක් ජාතියහි වදුරෙක්ව උපන්නෙකි,අහසදෙස බලසිටින්නා පන්සියයක් ජාතියහි නැකත් බලන්නෙකි එසේ ම මනා කොට බණ අසන්නා පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව උපන්නෙකි, එකල ඔවුන්ගෙ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසෙ කරති" යි වදාළ සේක. එම පුද්ගලයන් සතර දෙනා එසෙ වන විට ඔබ පන්සලක හැසිරෙන ආකාරය සිතටගන්න,
තවද පිලින්දීවච්ජ මහරහතන් වහන්සෙය් හටද මෙවනි දෙයක් තිබුණි,එනම් මිනිසුන්ට " වසලයා " යයි කියා මිනිසුන්ට කතා කරති, ඉට හේතුවද පන්සියයක් ජාතියහි බ්‍රහ්මනව ඉපිද සිටීමය,තවද රහත් හිමිනමක් මහා මඩ වලෙන් පැනගොස් කුඩා මඩ වලෙන් බැසයාමට හේතුවක් ද විය එනම් පෙර ආසන්නම ආත්ම ගණනාවක වදුරුව ඉපදී ඇති බැවිනි,අකීකරුවීම,ගැහැණුන්ව රැවටීම,මෝඩ ක්‍රියා කිරීම්,කාලගුණ සැලකීම්,නුවණින් කටයුතුකිරීම ආදිය සසර පුරුදුවශයෙන් ගෙන එන දේවල් ලෙසින් ජාතකට්ඨි කතාවලට අනුව දැක්විය හැකිය,බොහෝ ජාතක කතාවල මෙය දක්නට ඇත එනම් මහණෙනි..! දැන් පමණක් නොව මොහු පෙරත් මෙසෙය් කලේය,යනාදී ලෙස දක්වා ඇත,ඔබ තුල ඇති පින්වත් බාවය නිසාවෙන් ලැබූ අසිරිමත් මිනිසත් බාවයට කුසල් සිත් ඇතිවන ආකාරයේ පුරුදු ඇති කරගන්නට සිත් පහල වේවා..තෙරුවන් සරණයි...!